No menu items!

06.02.06 – 18 කාණ්ඩය

18 කාණ්ඩය (ns2np6)

  • මෙම කාණ්ඩයේ ඇත්තේ උච්ච වායූන්වේ.
  • සියලුම මූලද්‍රව්‍ය ඒක පරමාණුක අණු ලෙස පවතී.
  • ජලයේ යන්තමින් ද්‍රාව්‍ය වන අතර කාණ්ඩයේ පහළට යත්ම ද්‍රාව්‍යතාවය වැඩි වෙයි.
  • මෙම වායුන් ප්‍රතික්‍රියාශීලී නොවෙයි. ඊට හේතුව වන්නේ ඒවායේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ අෂ්ඨකය සම්පූර්ණ වී පැවතීමයි.
  • නමුත් Xe (සෙනෝන්) වල ඉහල පරමාණුක අරය නිසා +2, +4, +6 සහ +8 ඔක්සිකරණ අංක සහිත සංයෝග ඔක්සිජන් සහ ෆ්ලෝරින් සමඟ සාදයි.
ඔක්සිකරණ අංකය  සං‍යෝගය  ව්‍යුහය
+2 XeF2
+4 XeF4
+6 XeF6
+6 XeO3
+8 XeO4
  • මෙම කාණ්ඩයේ පහළට යත්ම තාපාංකය ක්‍රමයෙන් වැඩි වේ. එසේ වන්නේ පරමාණුක අරය වැඩි වන නිසා ස්වයං ප්‍රේරිත ද්විධ්‍රැව ඇතිවීමේ හැකියාව වැඩි වන නිසා අණු අතර පවතින අපකිරණ බල ප්‍රබලතාව වැඩිවෙන නිසාය.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.