No menu items!
රසායන විද්‍යාව06. අකාබනික රසායනය06.02.07 - s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන...

06.02.07 – s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික නැඹුරුතා

s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික නැඹුරුතා

ඔක්සයිඩ

Na2O ප්‍රබල භාෂ්මික අයනික
MgO භාෂ්මික අයනික
Al2O3 උභගුණී අයනික
SiO2 දුබල ආම්ලික සහසං‍යුජ
P2O5 (P4O10) ආම්ලික සහසං‍යුජ
SO3 ප්‍රබල ආම්ලික සහසං‍යුජ
Cl2O7 ඉතා ප්‍රබල ආම්ලික සහසං‍යුජ
  • භාෂ්මික ඔක්සයිඩ ජලයේ දියවී හයිඩ්‍රොක්සයිඩ සාදන අතර ආම්ලික ඔක්සයිඩ අම්ල සාදයි SiO2 පමණක් ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරයි. Al2O3 උභයගුණී ද්‍රාවණයක් සාදයි.
    • Na2O(s) + H2O(l) → 2NaOH(aq)
    • MgO(s) + H2O(l) → Mg(OH)2(s)
    • P4O10(s) + 6H2O(l) → 4H3PO4(aq)
    • SO3(g) + H2O(l) → H2SO4(aq)
    • Cl2O7(l) + H2O(l) → 2HClO4(aq)
  • භාෂ්මික ඔක්සයිඩ අම්ල සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
    • Na2O(s) + 2HCl(aq) → 2NaCl(aq) + H2O(l)
    •  MgO(s) + 2HCl(aq) → MgCl2(aq) + H2O(l)
  • Al2O3 උභයගුණී වන අතර අම්ල හා භෂ්ම දෙවර්ගයම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
    • Al2O3(s) + 6HCl(aq) → 2AlCl3(aq) + 3H2O(l)
    • Al2O3(s) + 2NaOH(aq) + 3H2O(l) → 2Na[Al(OH)4](aq)
  • SiO2 දුබල අම්ලයක් නිසා ප්‍රබල භෂ්ම සමඟ පමණක් ප්‍රතික්‍රියා කරයි. අනෙක් ආම්ලික ඔක්සයිඩ භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
    • SiO2(s) + 2NaOH(aq) → Na2SiO3(aq) + H2O(l)
    • P4O10(s) + 12NaOH(aq) → 4Na3PO4(aq) + 6H2O(l)
    • SO3(g) + 2NaOH(aq) → Na2SO4(aq) + H2O(l)
    • Cl2O7(l) + 2NaOH(aq) → 2NaClO4(aq) + H2O(l)

හයිඩ්‍රොක්සයිඩ

NaOH ප්‍රබල භාෂ්මික අයනික
Mg(OH)2 භාෂ්මික අයනික
Al(OH)3 උභගුණී අයනික
Si(OH)4 ඉතා දුබල ආම්ලික සහසං‍යුජ
P(OH)5 ආම්ලික සහසං‍යුජ
S(OH)6 ප්‍රබල ආම්ලික සහසං‍යුජ
Cl(OH)7 ඉතා ප්‍රබල ආම්ලික සහසං‍යුජ
  • Si, P, S හා Cl හයිඩ්‍රොක්සයිඩ H2SiO3, H3PO4, H2SO4, HClO4 යන ලෙස පවතියි.

හයිඩ්‍රයිඩ

NaH ප්‍රබල භාෂ්මික අයනික
MgH2 භාෂ්මික අයනික
AlH3 උභගුණී ජල සහසං‍යුජ
SiH4 ඉතා දුබල ආම්ලික සහසං‍යුජ
PH3 උදාසීන සහසං‍යුජ
H2S දුබල ආම්ලික සහසං‍යුජ
HCl ඉතා ප්‍රබල ආම්ලික සහසං‍යුජ
  • භාෂ්මික හයිඩ්‍රයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා කර භාෂ්මික ද්‍රාවණයක් සාදයි.
    • NaH(s) + H2O(l) → NaOH(aq) + H2(g)
    • MgH2(s) + 2H2O(l) → Mg(OH)2(aq) + 2H2(g)
    • AlH3(s) + 3H2O(l) → Al(OH)3(aq) + 3H2(g)
  • PH3 ජලයෙහි දුබල ලෙස ද්‍රාවණය වන අතර උදාසීන ද්‍රාවණයක් සාදයි.
  • H2S හා HCl ජලයත් සමඟ එක්වී ආම්ලික ද්‍රාවණයක් සාදයි.
    • H2S(g) + H2O(l) → HS¯(aq) + H3O+(aq)
    • HCl(g) + H2O(l) → Cl¯(aq) + H3O+(aq)

හේලයිඩ

NaCl උදාසීන අයනික
MgCl2 ඉතා දුබල ආම්ලික අයනික
AlCl3 දුබල ආම්ලික සහසං‍යුජ
SiCl4 ආම්ලික සහසං‍යුජ
PCl5(P4O10) ප්‍රබල ආම්ලික සහසං‍යුජ
SCl2 ඉතා ප්‍රබල ආම්ලික සහසං‍යුජ

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.