S – සල්ෆර් – 1s22s22p63s23p4

- සල්ෆර් භෞතික ගුණ වලින් පැහැදිලි ව වෙනස් වන බහුරූපී ආකාර කිහිපයකින් පවතී. ස්ථටිකරූපී S පවතින්නේ S8 අණු වශයෙනි.

- සල්ෆර් ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙසද හැසිරේ.
S වල ඔක්සිකාරක ගුණ
- S වල 0 ඔක්සිකරණ අවස්ථාව -2 ඔක්සිකරණ අවස්ථාව ලබා ගනී.
\begin{array}{l}2\mathrm e+{\mathrm H}_2\mathrm O\rightarrow{\mathrm H}_2+\mathrm S^{2¯\;}\;\\{\mathrm{Mg}}_{(\mathrm s)}+{\mathrm S}_{(\mathrm s)}\xrightarrow\triangle{\mathrm{MgS}}_{(\mathrm s)}\;\;\\{\mathrm{Fe}}_{(\mathrm s)}+{\mathrm S}_{(\mathrm s)}\xrightarrow\triangle{\mathrm{FeS}}_{(\mathrm s)}\;\end{array}
S වල ඔක්සිහාරක ගුණ
- S ගේ -2 ඔක්සිකරණ අවස්ථාව 0 හෝ + ඔක්සිකරණ අවස්ථාව දක්වා ගමන් කරයි.
\begin{array}{l}{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm O}_2}_{(\mathrm g)}\;\rightarrow\;{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\;\;\\{\mathrm S}_{(\mathrm s)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\\{\mathrm S}_{(\mathrm s)}+\text{සා.}\;{{\mathrm{HNO}}_3}_{(\mathrm{aq})}\xrightarrow\triangle{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{{\mathrm{NO}}_2}_{(\mathrm g)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}
S අඩංගු සංයෝග
H2S – හයිඩ්රජන් සල්ෆයිඩ්

- නරක් වූ බිත්තර ගඳකින් යුත් අවර්ණ, විෂ සහිත, ආම්ලික වායුවකි.
- ජලයේ දියවී දුබල ආම්ලික ද්‍රාවණයක් සාදයි .
- ද්‍රවාංක සහ තාපාංක ජලයට වඩා අඩුය. මෙයට හේතුව ජල අණු අතර පවතින බන්ධන වලට වඩා මෙම අණු අතර ඇති වන ද්විධ්රැව ආකර්ෂණ බල දුබල වීමයි.
- ලෝහ සල්ෆයිඩ අම්ල හා ප්‍රතික්‍රියාවෙන් H2S නිපදවයි.
- H2S ඔක්සිකාරකයක්, ඔක්සිහාරකයක් හා අම්ලයක් ලෙස හැසිරේ.
H2S වල ඔක්සිකාරක ගුණ
- H2S වල H +1 ඔක්සිකරණ අවස්ථාව 0 ඔක්සිකරණ තත්ත්වයට පත්වේ.
2\mathrm e+{\mathrm H}_2\mathrm S\;\rightarrow\;{\mathrm H}_2+\;\mathrm S^{2-}\;
- ලෝහ H2S සමඟ රත් කලවිට ලෝහ සල්ෆයිඩ හෝ බයිසල්ෆයිඩය සෑදී H2 වායුව නිපදවයි.
\begin{array}{l}{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+2{\mathrm{Na}}_{(\mathrm s)}\;\xrightarrow\triangle\;{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}\;\;\\2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+2{\mathrm{Na}}_{(\mathrm s)}\xrightarrow\triangle2{\mathrm{NaHS}}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}\;\;\\{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+{\mathrm{Cu}}_{(\mathrm s)}\xrightarrow\triangle\;{\mathrm{CuS}}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}\;\end{array}
H2S වල ඔක්සිහාරක ගුණ
- H2S හි S හි -2 ඔක්සිකරණ අවස්ථාව 0 හෝ ධන ඔක්සිකරණ අවස්ථාව දක්වා ගමන් කරයි.
- ආම්ලික KMnO4 සමඟ ප්‍රතික්‍රියාව,
-
- KMnO4 දම් පැහැති ආම්ලික ද්‍රාවණයකට H2S බුබුලනය කළ විට දම් පැහැය අවර්ණ වී ලා කහ පැහැති කලිල S ද්‍රාවණයක් ලැබේ.
5{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})\;}+2{{\mathrm{KMnO}}_4}_{(\mathrm{aq})}\rightarrow2{{\mathrm{MnSO}}_4}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+5{\mathrm S}_{(\mathrm s)}+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
2. ආම්ලික K2Cr2O7 සමඟ ප්‍රතික්‍රියාව
-
-
- තැඹිලි පැහැති ආම්ලික K2Cr2O7 ද්‍රාවණයකට බුබුලනය කලවිට තැඹිලි පැහැති ද්‍රාවණය කොළ පැහැති පැහැදිලි ද්‍රාවණයකට හැරේ.
-
3{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+4{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm K}_2{\mathrm{Cr}}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Cr}}_2{{\left({\mathrm{SO}}_4\right)}_3}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+3{\mathrm S}_{(\mathrm s)}\;+7{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
3. ආම්ලික Na2AsO4 (සෝඩියම් ආසනේට්) සමඟ ප්‍රතික්‍රියාව
-
-
- Na2AsO4 දුබල ඔක්සිකාරකයකි. එබැවින් මෙය අම්ල කිරීමට HCl භාවිත කළ හැක. නමුත් KMnO4 හා K2Cr2O7 ප්‍රබල ඔක්සිකාරකයක් නිසා ආම්ලික කිරීමට HCl භාවිත කළ නොහැක.
- සිසිල් තනුක අවස්ථාවේ, HCl වලින් ආම්ලික කරන ලද Na2AsO4 ද්‍රාවණයකට H2S බුබුලනය කළ විට ලා කහ පැහැති කලිලයක් සහ කොළ පැහැති අවක්ෂේපයක් සෑදෙයි.
-
2{\mathrm{Na}}_2{{\mathrm{AsO}}_4}_{(\mathrm{aq})}+4{\mathrm{HCl}}_{(\mathrm{aq})}+6{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}\rightarrow3{\mathrm S}_{(\mathrm s)}+{\mathrm{As}}_2{{\mathrm S}_3}_{(\mathrm s)}+4{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
-
-
- උණු සාන්ද්‍ර අවස්ථාවේ ,සාමාන්‍ය කාණ්ඩ හුවමාරුවකදී මෙන් තැඹිලි පැහැති As2S5 සෑදෙයි .
-
2{{\mathrm{NaAsO}}_4}_{(\mathrm{aq})}+4{\mathrm{HCl}}_{(\mathrm{aq})}+6{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}\rightarrow2{\mathrm{As}}_2{{\mathrm S}_5}_{(\mathrm s)}+4{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
4. ආම්ලික FeCl3(ෆෙරික් ක්ලෝරයිඩ්) සමඟ ප්‍රතික්‍රියාව
-
-
- කහ පැහැති Fe3+ ද්‍රාවණයකට H2S බුබුලනය කලවිට ලා කහ පැහණ ද්‍රාවණයකින් මුළු දියරයම වැසී යයි. මෙම අවක්ෂේපය පෙරා ගත් විට ලා කොල පැහැති Fe2+ ද්‍රාවණයක් ඉතිරි වේ.
-
2{{\mathrm{FeCl}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{FeCl}}_2}_{(\mathrm{aq})}+{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\;\;
-
-
- H2S Cu සමඟද මෙසේ ක්‍රියා කර CuCl(s) සුදු අවක්ෂේපය නිපදවයි. නමුත් Cu2+, S2- සමඟ කළු පැහැතු CuS සාදන නිසා සුදු පැහැයක් නිරීක්ෂණය කිරීමට නොහැකි වේ.
-
5. හැලජන සමඟ ප්‍රතික්‍රියාව
-
-
- ජලීය හැලජන ද්‍රාවණයකට H2S බුබුලනය කළ විට හයිඩ්රජන් හේලයිඩ සහ ලා කහ පැහැති S කලිලය සෑදෙයි.
-
\begin{array}{l}{{\mathrm{Cl}}_2}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\;\;\\{{\mathrm{Br}}_2}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm{HBr}}_{(\mathrm{aq})}\end{array}
-
-
- මෙහිදී හැලජන S වලින් හැලජනය ඉලෙක්ට්‍රෝන ලබා ගනියි. එම නිසා කාණ්ඩයේ පහළට යත්ම මෙම ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය අඩුවේ.
-
6. සාන්ද්‍ර HNO3 සමඟ ප්‍රතික්‍රියාව
-
-
- HNO3 ද්‍රාවණයකට H2S වායුව බුබුලනය කළ විටදී ලා කහ පැහැති S කලිලය ඇතිවී දුඹුරු පැහැති NO2 වායුව හටගනී.
-
\text{සා. }2{{\mathrm{HNO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{NO}}_2}_{(\mathrm g)}+{\mathrm S}_{(\mathrm s)}+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
-
-
- මෙහිදී රත් කිරීමට ලක් කළහොත් H2S, SO2 හෝ H2SO4 දක්වාම ඔක්සිකරණය වේ .
-
7. සාන්ද්‍ර H2SO4 සමඟ ප්‍රතික්‍රියාව
-
-
- සාන්ද්‍ර H2SO4 ද්‍රාවණයකට H2S බුබුලනය කළ විටදී SO2 හා S කලිලය ලැබේ .
-
\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}
8. SO2 සමඟ ප්‍රතික්‍රියාව
-
-
- SO2 ජලීය ද්‍රාවණයට H2S බුබුලනය කළ විට ලා කහ පැහැති S කලිලය හා H2O හටගනී.
-
{{\mathrm{SO}}_2}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow3{\mathrm S}_{(\mathrm s)}\;+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
H2S වල ආම්ලික ගුණ
- H2S දුබල ද්විප්‍රෝටික (2H+ පිටකරන) අම්ලයක් වේ. එය පහත ආකාරයට භාගික විඝටනයන් 2කට ලක්වේ.
\begin{array}{l}{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}\;\leftrightharpoons\;{\mathrm H^+}_{(\mathrm{aq})}+\mathrm{HS}¯_{(\mathrm{aq})}\;\\\mathrm{HS}¯_{(\mathrm{aq})}\;\leftrightharpoons{\mathrm H^+}_{(\mathrm{aq})}+\mathrm S2¯_{(\mathrm{aq})\;}\end{array}
- ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර H2 පිට කරයි.
{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}+{\mathrm{Na}}_{(\mathrm s)}\rightarrow{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}
- ක්ෂාර සමඟ ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි.
\begin{array}{l}\;{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)\;}+\;\text{සා.}\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\rightarrow\;{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\;\;\\\text{වැඩිපුර}\;{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+\;\text{ත.}\;{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{NaHS}}_{(\mathrm{aq})}\;+\mathrm H2{\mathrm O}_{(\mathrm l)}\end{array}
SO2 – සල්ෆර් ඩයොක්සයිඩ

- අවර්ණ, කටුක ගන්ධයක් ඇති ජලයේ හොඳින් ද්‍රාව්‍ය වන ආම්ලික වායුවකි. ඔක්සිහාරකයක් හා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක.
SO2 සෑදෙන ක්‍රම
\begin{array}{l}\text{ත.}{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\\\mathrm{Cu}+2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{CuSO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm{SO}_3^{2¯}}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2\mathrm{Cl}¯_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm S}_2{\mathrm O_3^{2¯}}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm S}_{(\mathrm s)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+2\mathrm{Cl}¯_{(\mathrm{aq})}\\2{\mathrm{CaS}}_{(\mathrm s)}+3{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow2{\mathrm{CaO}}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\\3{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+3{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\end{array}
ඔක්සිකාරකයක් ලෙස
- SO2 ප්‍රධාන වශයෙන් ක්‍රියාකරන්නේ ඔක්සිහාරකයක් ලෙසයි ඇතැම්විට ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරයි. මෙහිදී SO2 ,S හෝ S2¯ බවට ඔක්සිහරණය වේ.
\begin{array}{l}2{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow2{\mathrm{MgO}}_{(\mathrm s)}+{\mathrm S}_{(\mathrm s)}\;\;\;\\\text{වැඩිපුර}\;3{\mathrm{Mg}}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow2{\mathrm{MgO}}_{(\mathrm s)}+{\mathrm{MgS}}_{(\mathrm s)}\\{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow3{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}
ඔක්සිහාරකයක් ලෙස
2{\mathrm H}_2\mathrm O+{\mathrm{SO}}_2\rightarrow\mathrm{SO}_4^{2¯\;}+2\mathrm e+4\mathrm H^+
- ආම්ලික KMnO4 සමඟ ප්‍රතික්‍රියාව
-
- දම් පැහැති ආම්ලික KMnO4 ද්‍රාවණයකට SO2 බුබුලනය කළ විට දී දම් පැහැය අවර්ණ වී පැහැදිලි ද්‍රාවණයක් ලැබේ.
2{{\mathrm{KMnO}}_4}_{(\mathrm{aq})}+5{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow2{{\mathrm{MnSO}}_4}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}
2. ආම්ලික K2Cr2O7 සමඟ ප්‍රතික්‍රියාව
-
- ආම්ලික K2Cr2O7 ජලීය ද්‍රාවණයකට SO2 බුබුලනය කළ විටදී තැඹිලි පැහැති ද්‍රාවණය කොළ පැහැති පැහැදිලි ද්‍රාවණයකට හැරේ.
{\mathrm K}_2{\mathrm{Cr}}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})\;}+3{{\mathrm{SO}}_2}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Cr}}_2{{\left({\mathrm{SO}}_4\right)}_3}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
-
- මේ නිසා ආම්ලික K2Cr2O7 පෙඟවූ පෙරහන් කඩදාසියකට SO2 වායුව යැවූ විට පෙරහන් කඩදාසිය පැහැදිලි කොළ පාටකට හැරේ.
3. හැලජන සමඟ ප්‍රතික්‍රියාව
-
- සියලුම හැලජන වල ජලීය ද්‍රාවණ වල SO2 බුබුලනය කළ විටදී ද්‍රාවණය H2SO4 හා හයිඩ්රජන් හේලයිඩ මිශ්‍රණයක් සාදයි.
\begin{array}{l}2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+{{\mathrm{Cl}}_2}_{(\mathrm g)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\\2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}+{{\mathrm{Br}}_2}_{(\mathrm g)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm{HBr}}_{(\mathrm{aq})}\\2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}+{{\mathrm I}_2}_{(\mathrm g)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm{HI}}_{(\mathrm{aq})}\end{array}
4. ආම්ලික FeCl3(ෆෙරික් ක්ලෝරයිඩ්) සමඟ ප්රතික්රියාදී කහ පැහැති ද්‍රාවණය කොළ පැහැයට හැරේ.
\begin{array}{l}2{{\mathrm{FeCl}}_3}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{{\mathrm{FeCl}}_2}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\\{\mathrm H}_2{{\mathrm O}_2}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\end{array}
5. ජලය ඇති විට SO2 හෝ H2SO3 (සල්ෆියුරස් අම්ලය) විරංජකයක් ලෙස ක්‍රියා කරයි. ලොම්, සේද , පිදුරු ආදිය විරංජනය කිරීමට SO2 යොදා ගනියි.
\begin{array}{l}{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H^+}_{(\mathrm{aq})}\;+\;2\mathrm e\\\mathrm X+2\mathrm e+2{\mathrm H^+}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{XH}}_2}_{(\mathrm s)}\end{array}
-
- මෙහි X මඟින් වර්ණයට හේතුවන රසායනිකය අදහස් වේ.
{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+\mathrm X\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm{XH}}_2}_{(\mathrm s)}
-
- SO2 හි විරංජන ක්‍රියාව තාවකාලික වේ. විරංජනය කළ ද්‍රව්‍ය වාතයට නිරාවරණය කළ විට වායු ගෝලීය O මගින් එහි මුල් වර්ණයට ඔක්සිකරණය කෙරේ.
අම්ලයක් ලෙස
- භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm{Na}}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
- එහෙත් SO2 වැඩිපුර වූයේ නම් බයිසල්ෆේඩය ලැබේ.
{\mathrm{NaOH}}_{(\mathrm{aq})}+\text{වැඩිපුර}\;{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{{\mathrm{NaHSO}}_3}_{(\mathrm{aq})}
සල්ෆර් වල ඔක්සො අම්ල

H2SO3 – සල්ෆියුරස් අම්ලය

- දුබල ද්විප්‍රෝටික අම්ලයකි.
- SO2 ජලයේ දියවී H2SO3 සාදයි. ජලීය මාධ්‍යයේදී H2SO3 විඝටනය මෙසේයි.
- මෙම අම්ලය H2SO4 ට වඩා දුබල වේ.
- භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
\begin{array}{l}2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Na}}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;+\mathrm{වැඩිපුර}\;{\mathrm H}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})\;}\rightarrow{{\mathrm{NaHSO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}
H2S2O3 – තයෝසල්ෆේට් අම්ලය

- දුබල අම්ලයකි.
- ජලීය ද්‍රාවණ වල දී S අඩංගු මිශ්‍රණයක් බවට H2S2O3 අම්ලය වියෝජනය විය හැක.
{\mathrm H}_2{\mathrm S}_2{{\mathrm O}_3}_{(\mathrm{aq})}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
- H2S2O3 අම්ලයේ ලවණයද ඔක්සිකරණය මෙන්ම ඔක්සිහරණය වෙමින් S හා SO2 ලබා දෙයි.
{\mathrm{Na}}_2{\mathrm S}_2{{\mathrm O}_3}_{(\mathrm{aq})}+{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}
- S2O32-(තයෝසල්ෆේට) අයනයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ හැක.
{{\mathrm I}_2}_{(\mathrm g)}+2{\mathrm{Na}}_2{\mathrm S}_2{{\mathrm O}_3}_{(\mathrm{aq})}\rightarrow2{\mathrm{NaI}}_{(\mathrm{aq})}+{\mathrm{Na}}_2{\mathrm S}_4{{\mathrm O}_6}_{(\mathrm{aq})\;}
H2SO4 – සල්ෆියුරික් අම්ලය

- ප්‍රබල ද්විප්‍රෝටික අම්ලයකි.
- සංශුද්ධ H2SO4 දුස්ස්රාවී ද්‍රවයකි.
- SO3 ජලය සමඟ ප්‍රතික්‍රියා කර H2SO4 සාදයි. ජලීය මාධ්‍යයේදී H2SO4 මෙසේ අයනීකරණය වේ.
\begin{array}{l}{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm{HSO}}_4¯_{(\mathrm{aq})}\\{\mathrm{HSO}}_4¯_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\leftrightharpoons\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})\;}+{\mathrm{SO}_4^{2¯}}_{(\mathrm{aq})}\;\left({\mathrm{Ka}}_2=1\;\mathrm x\;10^{-2}\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}\right)\end{array}
- H2SO3 ට වසා H2SO4 ප්‍රබල අම්ලයක් වීමට ප්‍රධාන හේතු දෙකකි.
- H2SO3 හා H2SO4 වල දී S පරමාණුවේ ඔක්සිකරණ අංකය පිලිවලින් +4 හා +6 වේ. S පරමාණුවේ ඔක්සිකරණ අංකය වැඩිවනවිට විද්‍යුත් ඍණතාවය වැඩිවේ. එවිට H-O බන්ධන දුර්වල වන හෙයින් H2SO4 වලට H+ අයනයක් ඉවත් කිරීමේ හැකියාව වැඩිය.
- H+ අයනයක් ඉවත් වූ විට ලැබෙන HSO4¯ ඇනායනයේ ස්ථායිතාව HSO3¯ ඇනායනයේ ස්ථායිතාව ට වඩා වැඩිය. එම ස්ථායීතාව සඳහා ඇනායන සම්ප්‍රයුක්ත ව්‍යුහයන් බලපායි, එම සම්ප්‍රයුක්ත ව්‍යුහයන් පහත දැක්වේ.
H2SO4 හි ඔක්සිකාරක ගුණ
- තනුක H2SO4 අම්ලය විද්‍යුත් රසායනික ශ්‍රේණිය H ට ඉහලින් පිහිටි ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර H2 මුදාහැරේ. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔක්සිකාරක ලෙස ක්‍රියා කරන්නේ H3O+ අයනයයි.
\begin{array}{l}{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\rightarrow2{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm{SO}_4^{2¯}}_{(\mathrm{aq})}\\{\mathrm{Mg}}_{(\mathrm s)}+2{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Mg}^{2+}}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;+\;{{\mathrm H}_2}_{(\mathrm g)}\\\mathrm{Mg}(\mathrm s)+\text{ත. }{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{MgSO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm H}_2}_{(\mathrm g)}\end{array}
- සිසිල් සාන්ද්‍ර H2SO4 සමඟද විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉතා ඉහලින්ම වූ සක්‍රීය ලෝහ ඉහත ආකාරයටම ප්‍රතික්‍රියා කරයි
2{\mathrm{Na}}_{(\mathrm s)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})\;}\rightarrow{\mathrm{Na}}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm H}_2}_{(\mathrm g)}
- උණු සාන්ද්‍ර H2SO4 ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර සල්ෆේටයද (SO42-), SO2 ද සාදයි. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහලට යත්ම H2S සෑදීමටද ඉඩකඩක් ඇත.
- අලෝහ සමඟ ප්‍රතික්‍රියාව
- උණු සාන්ද්‍ර H2SO4 අම්ලය මගින් C, S වැනි අලෝහ ඒවායේ ඔක්සයිඩය හෝ ඔක්සො අම්ල බවට ඔක්සිකරණය කරවයි. එහිදී H2SO4 අම්ලය SO2 බවට ඔක්සිහරණය වේ.
\begin{array}{l}{\mathrm C}_{(\mathrm s)}+\text{සා. }2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\;\xrightarrow\triangle2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+{{\mathrm{CO}}_2}_{(\mathrm g)}+2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\\\mathrm S(\mathrm s)\;+\;\text{සා. }2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle3{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)\;}\\{\mathrm P}_4(\mathrm s)\;+\;\text{සා.}\;10{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle\;4{\mathrm H}_3{{\mathrm{PO}}_4}_{(\mathrm{aq})}+4{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+10{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\end{array}
- සංයෝග සමඟ ඔක්සිකරණය
- H2SO4 හේලයිඩ සමඟ ප්‍රතික්‍රියා කර SO2 සාදයි. HI(හයිඩ්රජන් අයඩයිඩ්) සමඟ ප්‍රතික්‍රියාවේ දී H2S දක්වාම ඔක්සිහරණය වේ .
\begin{array}{l}2{\mathrm{HBr}}_{(\mathrm g)}+\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{{\mathrm{Br}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\8{\mathrm{HI}}_{(\mathrm g)}+\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\;\xrightarrow\triangle{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+4{{\mathrm I}_2}_{(\mathrm g)}+4{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm{NaI}}_{(\mathrm s)}+\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle{\mathrm{HI}}_{(\mathrm g)}+{{\mathrm{NaHSO}}_4}_{(\mathrm{aq})}\end{array}
- H2SO4 හි විජලකාරක ගුණය
- සා. H2SO4 අම්ලය H2O කෙරෙහි අධික ලැදියාවක් දක්වන හෙයින් එයට සංයෝගවලින් ජලය ඇද ගැනීමේ හැකියාවක් ඇත.
{\mathrm H}_2{\mathrm{SO}}_4+{\mathrm H}_2\mathrm O\rightarrow{\mathrm H}_2{\mathrm{SO}}_4.{\mathrm H}_2\mathrm O
-
- ග්ලූකෝස්(C6H12O6) හෝ සුක්රෝස්(C12H22O11) යන කාබෝහයිඩ්රේට සමඟ සමඟ ප්‍රතික්‍රියා කර කළු පැහැති කාබන් ඉතුරු කරයි.
\begin{array}{l}{\mathrm C}_6{\mathrm H}_{12}{{\mathrm O}_6}_{(\mathrm s)}\xrightarrow{{\mathrm H}_2{\mathrm{SO}}_4}6{\mathrm C}_{(\mathrm s)}+6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm C}_2{\mathrm H}_5{\mathrm{OH}}_{(\mathrm l)}\xrightarrow{{\mathrm H}_2{\mathrm{SO}}_4}{\mathrm C}_2{{\mathrm H}_4}_{(\mathrm g)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}
වැඩිදුර අධ්‍යනයට ,

