No menu items!
රසායන විද්‍යාව12. සමතුලිතතාවය12.04.01 - pH ප්‍රස්තාර හා අනුමාපන

12.04.01 – pH ප්‍රස්තාර හා අනුමාපන

pH ප්‍රස්තාර 

X අක්ෂය =  අම්ල – භෂ්ම අනුමාපනයට අදාළ බියුරෙට්ටුවෙන් එකතු කරන ලද ද්‍රාවණ පරිමාව

Y අක්ෂය =  අනුමාපන ප්ලාස්කුව තුළ වන ද්‍රාවණයේ pH අගය 

අම්ල – භෂ්ම අනුමාපන වර්ගීකරණය.

  1. ප්‍රබල අම්ල – ප්‍රභල භෂ්ම අනුමාපන 
  2. ප්‍රබල අම්ල – දුබල භෂ්ම අනුමාපන
  3. දුබල අම්ල – ප්‍රබල භෂ්ම අනුමාපන
  4. දුබල අම්ල – දුබල භෂ්ම අනුමාපන

ඉහත අනුමාපන වර්ග 4 සඳහාම pH ප්‍රස්තාර අදිනු ලැබේ.

pH ප්‍රස්ථාර ඇඳීමේදි නිර්ණය කළ යුතු ප්‍රධාන pH අගයන් 5 කි.

අම්ල ද්‍රාවණයේ pH අගය

 අම්ලය ප්‍රබල අම්ලයක් වන විට අම්ල ද්‍රාවණයේ pH අගය අම්ලයෙන් ලැබෙන [ H+(aq)] ත්, ජලයෙන් ලැබෙන [ H+(aq)]  ත් සාපේක්ෂ විශාලත්වය මත තීරණය කර අම්ල ද්‍රාවණයේ pH අගය සොයනු ලැබේ.

අම්ලය දුබල වන විට අම්ල ද්‍රාවණයේ pH අගය, pH  = – log10 ( Kac )½  යන සමීකරණයෙන් සොයා ගත යුතුය.

දුබල අම්ලයේ Ka ලබා දී නොමැති විට අම්ල ද්‍රාවණයේ pH අගය ලෙස 4.5 දල අගය ගනී.

භෂ්ම ද්‍රාවණයේ pH අගය

භෂ්මය  ප්‍රබල භෂ්මයක් වන විට භෂ්ම  ද්‍රාවණයේ pH අගය භෂ්මයෙන් ලැබෙන [ OH(aq)] ත්, ජලයෙන් ලැබෙන [ OH(aq)]  ත් සාපේක්ෂ විශාලත්වය මත තීරණය කර භෂ්ම ද්‍රාවණයේ pOH අගය ඇසුරෙන් සොයනු ලැබේ.

භෂ්මය දුබල වන විට භෂ්ම  ද්‍රාවණයේ pOH අගය, pOH  = – log10 ( Kbc )½  යන සමීකරණයෙන් සොයා ගත යුතුය.

දුබල භෂ්මයේ Kb ලබා දී නොමැති විට භෂ්ම ද්‍රාවණයේ pH අගය ලෙස 9.5 දල අගය ගනී.

සමකතා ලක්ෂයේ pH අගය

ප්‍රබල අම්ල – ප්‍රබල භෂ්ම අනුමාපනයේදී සමකතා ලක්ෂයේ pH අගය අදාළ තත්ව යටතේදි ජලයේ විඝටනයෙන් ලැබෙන [ H+]  ට අදාළ pH වේ.(25°C දී pH = 7)

දුබල අම්ල – ප්‍රබල භෂ්ම අනුමාපනයේදී සමකතා ලක්ෂය තුළ පවතින ලවණයේ ඇනායනය අනුමාපනයට සම්බන්ධ දුබල අම්ලයේ සංයුග්මක භෂ්මය බැවින් සමකතා ලක්ෂයේ pH  

pH = ½ { pKw + pKa + log10 [සංයුග්මක භෂ්ම ] }

ප්‍රබල අම්ල- දුබල භෂ්ම අනුමාපනයේදී සමකතා ලක්ෂය තුළ පවතින ලවණයේ කැටායනය අනුමාපනයට සම්බන්ධ දුබල භෂ්මයේ  සංයුග්මක අම්ලය බැවින් සමකතා ලක්ෂයේ pH  

pOH = ½ { pKw + pKb+ log10 [සංයුග්මක අම්ලය ] }

දුබල අම්ල – දුබල භෂ්ම අනුමාපනයේදී සමකතා ලක්ෂයේ pH සෙවීම අපේක්ෂා නොකෙරේ.

සීඝ්‍ර pH විචලන පරාසයේ පහළ අගය

අම්ල ද්‍රාවණයේ pH අගයට ඒකක 2 ක් එකතු කළ විට මෙම pH අගය ලැබේ.

සීඝ්‍ර pH විචලන පරාසයේ ඉහළ අගය

භෂ්ම ද්‍රාවණයේ pH අගයෙන් ඒකක 2 ක් අඩු කළ විට මෙම pH අගය ලැබේ.

සටහන 

සීඝ්‍ර pH විචලන පරාසය

ඕනෑම අම්ල භෂ්ම අනුමාපනයකදී අන්ත ලක්ෂය ආසන්නයේදී බියුරෙට්ටුවෙන් එකතු කරන ලබන ඉතා කුඩා ද්‍රාවණ පරිමාවක් හේතුවෙන් අනුමාපන ප්ලාස්කුව තුළ වන ද්‍රාවණයේ pH අගය ඒකක කීපයක් ඉතා සීඝ්‍ර වෙනසකට ලක්වේ . මෙම පරාසය සීඝ්‍ර pH විචලන පරාසයයි.

ඉහත pH අගයන් 5 හට අමතරව අම්ලය හා භෂ්මය ප්‍රතික්‍රියා කරන ස්ටොයිකියෝමිතිය සලකා අන්ත ලක්ෂ්‍ය බියුරෙට්ටු පාඨාංකය ගණනය කළ යුතුය.

ප්‍රබල අම්ල – ප්‍රබල භෂ්ම අනුමාපන සඳහා pH ප්‍රස්තාර 

0.1 moldm-3   KOH ද්‍රාවණයක 10 cm3 ක් 0.1 moldm-3 HCl මගින් අනුමාපනය සඳහා pH ප්‍රස්තාරය අදින්න.

 

අම්ල ද්‍රාවණයේ pH =1

භෂ්ම ද්‍රාවණයේ pH = 13

සමකතා ලක්ෂයේ pH = 7 

සීඝ්‍ර pH විචලන පරාසයේ ඉහළ අගය =11

සීඝ්‍ර pH විචලන පරාසයේ පහළ අගය=3

KOH + HCl = KCl + H2O

   1    :    1

අන්ත ලක්ෂ බියුරෙට්ටු පාඨාංකය =10cm3

ප්‍රභල අම්ල – දුබල භෂ්ම අනුමාපන සඳහා pH ප්‍රස්ථාර 

0.1 moldm-3 HCl ද්‍රාවණයක 10 cm3 ක් 0.1 moldm-3  NH4OH ( Kb = 1× 10-5 moldm-3 ) මගින් අනුමාපනයට අදාළ pH ප්‍රස්ථාරය අදින්න 

අම්ල ද්‍රාවණයේ pH = 1

භෂ්ම ද්‍රාවණයේ pH =

\begin{array}{c}\begin{array}{rcl}\mathrm{pOH}\;\;\;\;\;&=&\;-\log_{10}\;(\mathrm{KbC})^½\;\\14-\;\mathrm{pH}&=&\;-\;\log_{10}\;(\;1\times\;10^{-5}\;\;\times\;0.1)^½\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;\;&=&\;-\;\log_{10}\;(\;1\times\;10^{-6})^½\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;&=&\;\;-\;\log_{10}\;(\;1\times10^{-3})\\\;&=&\;-\;(-3)\;\\\mathrm{pH}\;\;&=&\;14-3\;\;\\&=&\;11\end{array}\end{array}

සමකතා ලක්ෂයේ pH අගය සෙවීම, 

\begin{array}{lll}\mathrm{pOH}\;&=&\;½\;\{\;\mathrm{pKw}\;+\;\mathrm{pKb}+\;\log_{10}\;\lbrack\mathrm{සංයුග්මක}\;\mathrm{අම්ලය}\rbrack\}\;\\14-\;\mathrm{pH}\;&=&\;½\{\;14\;+\;(-\log_{10}1\times\;10^{-5}\;)\;+\;\log_{10}\;\lbrack\mathrm{NH}_4^+\rbrack\;\}\end{array}

{\mathrm{NH}}_4\mathrm{OH}\;\;+\;\;\underset{\;1}{\mathrm{HCl}\;}\;\;\;\underset:\rightleftharpoons\;\;\;\;\;\underset1{\;{\mathrm{NH}}_4\mathrm{Cl}\;}\;+\;\;{\mathrm H}_2\mathrm O\;

\begin{array}{lll}\mathrm{බියුරෙට්ටු}\;\mathrm{පාඨාංකය}\;&=&\;10\;\mathrm{cm}3\;\\\mathrm{NH}_4^{+\;}\;\;\mathrm{mol}\;&=&\;\frac{0.1\;\times10}{\;1000}\;\\&=&\;1\times10^{-3\;}\\\mathrm{ද්}‍\mathrm{රාවණය}\;\mathrm{තුළ}\;\mathrm{නව}\;\mathrm{පරිමාව}\;&=&\;20\;\mathrm{cm}^3\\\;\mathrm{එම}\;\mathrm{නිසා}\;\lbrack\mathrm{NH}_4^+\rbrack\;\;&=&\;\frac{1\times10^{-3\;}\;\times\;1000}{20}\\&=&\;0.05\;\mathrm{moldm}^{-3\;}//\end{array}

\begin{array}{l}\underset-{\underset{\frac{0.1\times10}{1000}}{{\mathrm{NH}}_4}}\;+\underset-{\underset{\frac{0.1\times10}{1000}}{\;\mathrm{HCl}}}\;\leftrightharpoons\underset{\frac{0.1\times10}{1000}}{\;\underset-{{\mathrm{NH}}_4\mathrm{Cl}}}\;+\underset{}{\;{\mathrm H}_2\mathrm O}\\10\;+\;10\;=\;20\end{array}

\begin{array}{rcl}\left[\mathrm{NH}_{4(\mathrm{aq})}^+\right]\;\;\;\;&=&\;\;\;\;\;\;\;\;\;\frac{0.1\times10}{1000}\;\;\times\;\frac{1\;}{20\times10^{-3}}\\&=&0.05\mathrm{moldm}^{-3}\end{array}

\begin{array}{rcl}\mathrm{NH}_{4{(\mathrm{aq})}}^++\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l\;)}\;&\rightarrow&\;{\mathrm{NH}}_{3(\mathrm{aq})}+\;{\mathrm H}_3\mathrm O_{(\mathrm{aq})}^+\end{array}

\begin{array}{rcl}{\mathrm K}_{\mathrm a}&=&\;\frac{\;\lbrack\;{\mathrm H}_3\mathrm O_{(\mathrm{aq})}^+\;\rbrack\;\lbrack\;\;{\mathrm{NH}}_{3{(\mathrm{aq})}}\rbrack}{\;\lbrack\mathrm{NH}_{3{(\mathrm{aq})}}^+\rbrack}\\\;{\mathrm K}_{\mathrm a}&=&\;\frac{\;\lbrack\;{\mathrm H}_3\mathrm O_{(\mathrm{aq})}^+\;\rbrack^2}{\;\lbrack\mathrm{NH}_{3{(\mathrm{aq})}}^+\rbrack}\;\\{\;\lbrack\;{\mathrm H}_3\mathrm O_{(\mathrm{aq})}^+\;\rbrack}&=&\sqrt{{\;\lbrack\mathrm{NH}_{3{(\mathrm{aq})}}^+\rbrack}{\mathrm K}_{\mathrm a}}\end{array}

\begin{array}{rcl}\;\mathrm{pH}\;&=&\;(-\frac12\;{\mathrm{lgK}}_{\mathrm a})\;+{\;(-\frac12\;\mathrm{lgC})}\\\;\mathrm{pH}\;\;&=&\;\frac12\;\;({\mathrm{PK}}_{\mathrm w}\;–\;\mathrm{PKb}\;)\;–\frac12\mathrm{lgC}\\\mathrm{pH}\;\;&=&\frac12(\;14-5\;)\;+\frac12(\;\lg\;5\times10^{-2}\;)\\\mathrm{pH}\;\;&=&\frac12\;\left(14-5\right)\;+\frac12\;(2-\;0.6990)\\\;\mathrm{pH}\;\;&=&\;\;4.5\;+0.6990\;\\\mathrm{pH}\;\;&=&\;5.1505\\\;\text{ඉහත සමීකරණය මගින් සමකතා ලක්ෂයේ}\;\;\mathrm{pH}\;\;&=&\;5.\;1505\;\text{ලෙස ලැබේ}.\;\;\\\text{සීඝ්‍ර pH විචලන පරාසයේ පහළ අගය}\;&=&\;3.\;1505\\\text{ සීඝ්‍ර pH විචලන පරාසයේ ඉහළ අගය}\;&=&9\end{array}

 

දුබල අම්ල – ප්‍රභල භෂ්ම අනුමාපන සඳහා pH ප්‍රස්ථාර 

0.1 moldm-3 CH3COOH  ද්‍රාවණයක (Ka = 2× 10-5 moldm-3  ) 20 cm3 ක් 0.1 moldm-3  NaOH මගින් අනුමාපනය සඳහා pH ප්‍රස්ථාර අදින්න

CH3COOH(aq)+ NaOH (aq)    ⇌    CH3COONa+(aq )+ H2O(l)

අම්ල ද්‍රාවණයේ pH අගය =

\begin{array}{rcl}\mathrm{pH}\;\;&=&\;-\;\log_{10}\;(\;\mathrm{Ka}\;)^½\;\;\;\;\;\;\\\;\;\;\;\;\;&=&\;-\;\log_{10}\;(2\times\;10^{-5}\;\times\;0.1\;)^½\;\;\;\;\;\;\\\;\;&=&\;2.8496//\end{array}

භෂ්ම ද්‍රාවණයේ pH අගය = 13

සීඝ්‍ර pH පරාසයේ ඉහළ අගය = 11

සීඝ්‍ර pH පරාසයේ පහළ අගය = 4.8496

\begin{array}{rcl}\lbrack\mathrm{CH}3{\mathrm{COO}^-}_{(\mathrm{aq})}\rbrack\;\;&=&\;\frac{0.1\times20}{1000}\;\;\times\frac{1000\;}{40}\;=\;\;\;5\times10^{-2}\;\mathrm{moldm}^{-3}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&&\;\end{array}

\begin{array}{rcl}\mathrm{pH}\;\;\;\;\;\;&=&\;\;-\lg\;(\mathrm{Ka}.\mathrm C)^{1/2\;}\;\;\;\;\;\;\;\;\;\;\;\\\;\;\;\;\;\;&=&\;\;-\lg(\;2\times10\;^{-5}\;\times0.1\;)^{1/2\;\;\;}\;\;\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;\;-\lg\;(2\times10^{-6})^{1/2}\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;\;\;\;&=&\;\;½\;\times\;-\lg\;(-6+\;0.3010)\;\;\;\;\;\;\\\;\;\;\;\;&=&\;½\;\times5.699\;\\\mathrm{pH}\;\;\;\;\;&=&\;\;2.8495\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&&\;\end{array}

සමකතා ලක්ෂයේ pH අගය =

\begin{array}{rcl}\mathrm{pH}&=&½\{{\mathrm{pKw}+\mathrm{pKa}+\log_{10}\lbrack\mathrm{සංයුග්මකභෂ්ම}\rbrack\}\;\;\;}\\\mathrm{pH}&=&½\lbrack14+(\lg2\times10-3)+\lg5\times10^{-2}\rbrack\\&=&½\lbrack14+(5-0.3010)+(-2+0.6990)\rbrack\\&=&½(14+4.6990–1.3010)\\&=&½\times17.3980\\\mathrm{pH}&=&8.6999\approx8.7\\\mathrm{pH}&=&8.7\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&&\;\end{array}

 

දුබල භෂ්ම – දුබල අම්ල අනුමාපන සඳහා pH ප්‍රස්ථාර 

0.1M CH3COOH  ද්‍රාවණයක 25cm3  0.1M NH3 ද්‍රාවණයක්  මගින්  අනුමාපනය සඳහා pH ප්‍රස්ථාරය අදින්න.

CH3COOH(aq) +  NH3(aq)       NH4+(aq)+ CH3COO(aq)

 ඵල වශයෙන්  සෑදෙන  CH3COO   භෂ්මය සහා NH4+ අම්ලය  සමකතා ලක්ෂයේදී  pH අගය තීරණය කරයි.

 NH4+(aq)  +H2O  →  NH3(aq) + H3O+(aq)                    {\mathrm K}_{\mathrm a\;(\mathrm{NH}_4^+)}

 CH3COO(aq)  + H2O →   CH3COOH(aq)  +  OH(aq)  : \begin{array}{l}{\mathrm K}_{\mathrm b\;({\mathrm{CH}}_3\mathrm{COO}^–)}\\\end{array} 

ඵල ලෙස සෑදෙන H3O+ හා OH–  උදාසීනීකරණ වන  නමුත් සෑදෙන H3O+ හා OH–    ප්‍රමාණ සමාන නොවුනහොත්  සමකතා  ලක්ෂයේදී   pH   අගය  7 ට සමාන වේ.

එවිට Ka හා Kb අගය මත  pH   අගය රදා පවතී.

Ka > Kb  →  ද්‍රාවණය ආම්ලික වේ.

Ka<Kb  →   ද්‍රාවණය භාෂ්මික වේ.

මෙවැනි අනුමාපන  වල pH    චක්‍රයේ ශීඝ්‍ර බෑවුමක්  නොමැති බැවින් දර්ශකයක් යොදා  සමකතා ලක්ෂය හදුනා ගෑනීම අපහසුයි.

එමනිසා සාමාන්‍යයෙන්  මේ ආකාරයේ අනුමාපන  සිදු නොකෙරේ.

සටහන:  එවැනි ද්‍රාවණ වල pH ,Pka , Pkb අගයන් නිර්ණය කිරීමට  පහත සූත්‍රය යොදා ගත හැක.

\mathrm{pH}\;=\;7+\;\frac12(\;{\mathrm P}_{{\mathrm k}_{\mathrm a}}-\;{\mathrm P}_{{\mathrm k}_{\mathrm b}})

මෙහි වෙනස,

+ නම් pH >  7

– නම් pH < 7 වේ.

 

Na2CO3/ NaHCO3 පද්ධති අනුමාපනය

සාන්ද්‍රණය 0.1 moldm-3 වන Na2CO3  ද්‍රාවනයකින් 25cm3 ක්  එම සාන්ද්‍රනයෙන් යුතු HCl ද්‍රාවනයක් මගින්  අනුමාපනය කරන අවස්ථාවක් සළකමු.

CO3-2(aq)  අයනය අන්තර්ගත පද්ධතියක  පහත දැක්වෙන ප්‍රොටෝන හුවමරු  සමතුලිත ඇතිවනු  ඇත.       

{\mathrm{CO}_3^{2-}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\overset{{\mathrm{Kb}}_1}{\;\leftrightharpoons}\;\;{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;+\;{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\overset{{\mathrm K}_{\mathrm b2}}{\;\rightleftharpoons}\;\;{\mathrm H}_2{\mathrm{CO}_3^{}}_{(\mathrm{aq})}\;+\;{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

Kb1 අගය හා Kb2  අගය

 CO32(aq) අයන අන්තර්ගත පද්ධතියක ජල විච්ඡේදනයට භාජනය වන CO32–(aq)  අයනය  H2CO3 (aq) අයනයෙහි සං‍යුග්මක භෂ්මය ලෙසත් , HCO3(aq)  අයනය  H2CO3 (aq) දිවි භාෂ්මික අම්ලය සං‍යුග්මක භෂ්මය ලෙසත් සැළකිය හැක.

H2CO3  (aq) යන දුබල ද්විභාෂ්මික අම්ලයේ  ආම්ලික විඝටන නියත පහත පරිදි වනු ඇත.

\begin{array}{l}{\mathrm H}_2{{\mathrm{CO}}_3}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\overset{K_{a1}}{\leftrightharpoons\;}\;\;\;{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\\\end{array}

\begin{array}{l}{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\overset{K_{a2}}\leftrightharpoons\;\;\;\;{\mathrm{CO}_3^{2-}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\\\end{array}

H2CO ට අදාළව Ka1 අගය 4.27×10-7 moldm-3  ට ද  Ka2  අගය 4.68×10-11 moldm-3ද  පමණ වේ.CO32-(aq)  අයනය යනු  HCO3 (aq)   අයනයේ  සං‍යුග්මක භෂ්මය  ලෙසත් , HCO3 (aq)    අයනය යනු  H2CO3 (aq)  යන අම්ලයේ  සං‍යුග්මක භෂ්මය ලෙසත්  සැළකූ විට   Ka×Kb = Kw  සම්බන්දයට අනුව,

\begin{array}{rcl}\mathrm{Kb}1\;&=&\;\frac{\mathrm{Kw}}{\mathrm{Ka}2}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\&=&\frac{1\times10^{-14}\;\mathrm{mol}^2\mathrm{dm}^{-6}}{4.68\times10^{-11}\;\mathrm{moldm}^{-3}}\\&=&2.13\times10^{-4}\mathrm{moldm}^{-3}\\&&\\\;\mathrm{Kb}2\;&=&\;\frac{\mathrm{Kw}}{\mathrm{Ka}1}\\&=&\frac{1\times10^{-14}\;\mathrm{mol}^2\mathrm{dm}^{-6}}{4.27\times10^{-7}\mathrm{moldm}^{-3}}\\&=&2.34\times10^{-8}\mathrm{moldm}^{-3}\end{array}

අන්ත ලක්ෂ බියුරෙට්ටු පාඨාංක

 Na2CO3  අඩංගු පද්ධතියක් අම්ලයක් මගින්  අනුමාපනය කරන විට  එහිවන CO32-(aq)  අයන සියල්ල  HCO3 අයන බවට පරිවරතනය වීමෙදී පළමු අන්ත ලක්ෂය C  ලැබෙන අතර HCO3 අයන තව දුරටත්  අම්ලයක් මගින් උදාසීන වී  CO2 හාH2O බවට පත් වීමෙදී  දෙවන අන්ත ලක්ෂය ලැබේ.

\begin{array}{rcl}{\mathrm{CO}_3^{2-}}_{(\mathrm{aq})}\;+{\mathrm H}_3{\mathrm O^+}_{(\;\mathrm{aq})}\;\;\;\;&\rightarrow&\;\;\;\;\;\;{\mathrm{HCO}_3^–}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

\begin{array}{rcl}{\mathrm{HCO}_3^–}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_3{\mathrm O^+}_{(\;\mathrm{aq})}\;\;\;&\rightarrow&\;\;\;\;\;\;{{\mathrm{CO}}_2}_{(\mathrm g)}\;\;\;\;+\;\;\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

 

0.1M HCl පරිමාව

අන්ත ලක්ෂය1

25cm3

අන්ත ලක්ෂය 2

50cm3

 

ආරම්භක ද්‍රාවණයේ pH අගය

පද්ධතියක CO32-(aq)  අයනවල සිදුවන ජලවිච්ඡේදනය  හේතුවෙන් එම අයන සාන්ද්‍රණයේ  සිදුවන අඩුවීම නොසැලකිය යුතු තරම් කුඩා යැයි උපකල්පනය කළ විට ආරම්භක ද්‍රාවණය සැලකීමෙන්,

\begin{array}{rcl}\mathrm{Kb}1\;&=&\;\frac{\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]^2}{\left[{\mathrm{CO}_3^{2-}}_{(\mathrm{aq})}\right]}\\\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\;&=&\sqrt{\mathrm{Kb}1\times\;\left[{\mathrm{CO}_3^{2-}}_{(\mathrm{aq})}\right]}\;\\&=&\sqrt{2.13\times10^{-4}\times0.1}\;\;\\&=&4.61\times10^{-3}\mathrm{moldm}^{-3}\;\;\\&&\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\mathrm{pOH}\;\;\;\;\;\;\;\;\;\;&=&-\log\;\left(\;4.61\;\times10^{-3\;}\;\right)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;(-0.6637\;+\;3)\\&=&\;\;\;2.3363\\&&\\\mathrm{pH}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;\;\;14\;-\;2.3363\\&=&\;\;\;\;\;11.6637\\&&\\&&\\&&\end{array}

පළමු අන්ත ලක්ෂයේ සමකතා pH අගය

පළමු අන්ත ලක්ෂයට එළඹෙන  අවස්ථාවේ Na2CO3 සියල්ල  NaHCO3 බවට පරිවර්තනය වී ඇති නිස එම අන්ත ලක්ෂය තුළ වන ද්‍රාවණයේ pH අගය ජලීය HCO32අයනයෙහි ජලවිච්ඡේදනය මත  තීරණය වේ.

\begin{array}{lll}{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;\;\;+\;\;\;\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)\;}\;\;\;\;&\overset{{\mathrm K}_{\mathrm b2}}\leftrightharpoons&\;\;\;\;\;\;\;{\mathrm H}_2{{\mathrm{CO}}_3}_{(\mathrm{aq})}\;+\;{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\end{array}

\begin{array}{ccc}\mathrm{Kb}2\;&=&\frac{\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]^2}{\left[{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\right]}\;\;\;\;\\2.34\times10^{-8}\;&=&\frac{\;\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]^2}{\frac{0.1}{1000}\times25\times{\displaystyle\frac{1000}{50}}}\\\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\;&=&\;\sqrt{2.34\times10^{-8}\times\frac{0.1}2}\\\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\;&=&\sqrt{1.17\times10^{-9}}\;\\&&3.42\times10^{-5}\\&&\\\mathrm{pOH}\;&=&\;-\lg\;3.42\times10^{-5}\\&=&\;5\;-\;\lg\;3.42\\&=&\;5-\;0.5340\\&=&\;4.466\\&&\\\mathrm{pH}&=&\;\mathrm{pkw}-\;\mathrm{pOH}\\&=&14\;-\;4.466\\&=&\;4.53\;\\&&\end{array}

දර්ශක

ආම්ලික මාධ්‍යකදී එක් වර්ණයකුත්, භාෂ්මික මාධ්‍යයේ එයින් කැපී පෙනෙන ලෙස වෙනස් වර්ණයකුත් ලබා දෙන රසායනික ප්‍රභේද දර්ශක වේ.

දුබල ආම්ලික දර්ශක සලකා.

\begin{array}{rcl}&&\begin{array}{ccc}&\;\mathrm{KIn}\;\;\;&\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\mathrm{HIn}\;_{(\mathrm{aq})}\;+\;\underset{\mathrm{ආම්ලික}\;\mathrm{වර්ණය}\;(\mathrm{පහළ}\;\mathrm{වර්ණය})}{{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}}\;\;\;\;\;\;&\rightleftharpoons&\;\;\;\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\;\;+\underset{\mathrm{භාෂ්මික}\;\mathrm{වර්ණය}\;(\mathrm{ඉහළ}\;\mathrm{වර්ණය})}{{\ln^-}_{(\mathrm{aq})\;}}\end{array}\\&&\\&&\end{array} \begin{array}{rcl}\mathrm{KIn}&=&\mathrm{HIn}\;\mathrm{ඒක}\;\mathrm{ප්රෝටීන}\;\;\mathrm{අම්ලයේ}\;(\mathrm{දර්ශක})\;\mathrm{සමතුලිතතා}\;\mathrm{නියතය}\;\\&&\\\mathrm{KIn}\;\;&=&\;\;\frac{\lbrack\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\;\rbrack\lbrack\mathrm{In}^-(_{\mathrm{aq})}\;\rbrack}{\lbrack\;\mathrm{HIn}\;(\mathrm{aq})\;\rbrack}\\\mathrm{pH}\;&=&\;\mathrm{pKIn}\;\;+\;\log_{10}\;\left\{\frac{\lbrack{\mathrm{In}^-}_{(\mathrm{aq})}\;\rbrack}{\lbrack\;\mathrm{HIn}\;_{(\mathrm{aq})}\;\rbrack}\right\}\\&&\end{array}

දර්ශක වල pH පරාසය 

කිසියම් දුබල ආම්ලික දර්ශකයක් පහළ වර්ණය පෙන්නන වැඩිම pH අගයත්,ඉහල වර්ණය පෙන්නන අඩුම pH අගයත් අතර් පරාසය වේ.

ආම්ලික වර්ණය ලබාදෙන උපරිම pH අගය, 

pH = pKIn – 1

භාෂ්මික වර්ණය ලබාදෙන අවම pH අගය,

pH = pKIn + 1

සුලබ අම්ල – භෂ්ම දර්ශක

දර්ශකය

pHපරාසය

පහළ සීමාව වඩා අඩු

pHඅගයක වර්ණය

 ඉහළ සීමාව වඩා වැඩි pH අගයකදී  වර්ණය

pkIn

මෙතිල් ඔරේන්ජ්

2.9 –  4.6

රතු

කහ

3.7

මෙතිල් රෙඩ්

4.2 -6.3

රතු

කහ

5.0

බ්‍රෝමයිල් මෙතිල්

6.0 – 7.6

කහ

නිල්

7.1

පීනොප්තලින්

8.3 – 10.0

අවර්ණ

රතු

9.6

තයිමෝල් බ්ලූ

1.2 – 2.8

රතු

කහ

1.7

බ්‍රෝමෝෆිනෝල් බ්ලූ

3.0 – 4.6

කහ

දම්

4.1

ක්ලොරො ෆිනොල් රෙඩ්

5.2 – 6.8

කහ

රතු

6.0

බ්‍රෝමොතයිනෝල් බ්ලූ

6.0 – 7.6

කහ

නිල්

7.1

ක්‍රිසොල් රෙඩ්

7.2 – 8.8

කහ

රතු

8.2

කිසියම් අනුමාපනයක් සඳහා සුදුසු දර්ශකයක් වීමට එම අනුමාපනයේ සීඝ්‍ර pH විචලන පරාසය තුළ අදාළ දර්ශකයේ pH පරාසය පිහිටිය යුතුයි.

 දුබල අම්ල – දුබල භෂ්ම අනුමාපනවල සීඝ්‍ර pH විචලන පරාසය ඉතා කුඩා බැවින් මෙවැනි අනුමාපන සඳහා සුදුසු දර්ශක නොමැත.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.