රසායන විද්‍යාවදවසට පාඩමක්12.05 - ද්‍රාව්‍යතා ගුණිතය (Ksp)

12.05 – ද්‍රාව්‍යතා ගුණිතය (Ksp)

ද්‍රාව්‍යතා ගුණිතය 

හැඳින්වීම

  • විශේෂිත අවශ්‍යතා 3 ක් සම්පූර්ණ කරන ලද ස්වරූපයේ රසායනික ප්‍රභේදයක සංතෘප්ත ද්‍රාවණයක ( පවතින්නවූ සංඝටක අයන තම උපරිම සාන්ද්‍රණ අගයන් කෙරෙහි ලඟා වූ ස්වරූපයේ ද්‍රාවණයක ) ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලක්ෂණ පිළිබඳ විචල්‍යකි. 

ද්‍රව්‍යතා ගුණිතය වලංගු වන රසායනික ප්‍රභේදයක් තෘප්ත කළ යුතු අවශ්‍යතා 3 :

  1. ඝන අයනික සංයෝගයක් ලෙස පැවතීමේ හැකියාව
  2. ජලයේ අල්ප ලෙස ද්‍රාව්‍ය වීම
  3. පූර්ණ විද්‍යුත් විච්චේද්‍යයක් වීම
  • මෙහිදී පූර්ණ විද්‍යුත් විච්චේද්‍යයක් යන්නෙන් අදහස් වනුයේ ජලයේ දියවූ විට සම්පූර්ණයෙන්ම අයන බවට වෙන්වීම වන අතර , සංතෘප්ත ද්‍රාවණයක් අදාළ ඝන ද්‍රව්‍ය සහ එයින් ද්‍රාවණගත වන අයන අන්තර්ගත සමතුලිත පද්ධතියක් වේ.

ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය 

  • ඉහත මූලික අවශ්‍යතා 3 තෘප්ත කළ An+  හා Bm-  සංඝටක අයන වලින් සමන්විත AmBn  සංයෝගයේ සංතෘප්ත ජලීය ද්‍රාවණයක් සලකමු .

AmBn (s) ⇌ mAn+(aq) + nBm-(aq)

  • සමතුලිතතා නියමය යෙදීමෙන් ,
  • ඝන තත්වයේ වන සංඝටකයක සාන්ද්‍රණය නියත යැයි සලකන බැවින් K[AmBn (s)] යන මුළු ගුණිතයම නියත වනු ඇත.
 

Ksp අගයද සමතුලිතතා නියතයක් මත ව්‍යුත්පන්න වූවක් බැවින් දෙනු ලබන ප්‍රභේදයක් සඳහාවන Ksp අගය උෂ්ණත්වය මත පමණක් රඳා පවති.

  • විඝටන සමීකරණය ඇසුරෙන් දෙනු ලබන ප්‍රභේදයක් සඳහා වන Ksp ප්‍රකාශන ලියමු.

සමතුලිතතා නියමය යෙදීමේදි මෙන්ම මෙහිදීද ස්ටොයිකියෝමිතික සංගුණකය බලයට  නැංවේ.

ජල ද්‍රාව්‍යතාවය

  • ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය රසායනික ප්‍රභේදයක ජලයේ දියවන ප්‍රමාණය ප්‍රකාශ කිරීම පිණිස භාවිතාවන මිනුම ජල ද්‍රාව්‍යතාවයයි. සාමාන්‍යයෙන් ජලය 1 dm3  ට අදාළව ජල ද්‍රව්‍යතාවය මවුල වලින් ගණනය කරන නිසා 
  • ජල ද්‍රාව්‍යතාවයේ ඒකක = mol dm-3

ජල ද්‍රාවයතාවය රඳාපවතින සාධක

  1. උෂ්ණත්වය – උෂ්ණත්වය වැඩි වත්ම ජල ද්‍රාව්‍යතාව වැඩි වේ. උෂ්ණත්වය අඩු වත්ම ජල ද්‍රාව්‍යතාව අඩු වේ.
  2. ද්‍රාවක පරිමාව – ද්‍රාවක පරිමාව වැඩිවත්ම ජල ද්‍රාවයතාව වැඩිශේ.ද්‍රාවක පරිමාව අඩුවත්ම ජල ද්‍රාවයතාව අඩු වේ.
  3. පොදු අයනයක් තිබීම හෝ නොතිබීම – යම්කිසි ප්‍රභේදයක් ජලීය ද්‍රාවණයක් තුළ විඝටනයෙන් ජනිත වන අයනයක් දැනටමත් අන්තර්ගත පද්ධතියක් තුළ එම අයනයේ ද්‍රාවයතාව අඩු වේ. මෙය පොදු අයන ආචරණය ලෙස සැලකේ. 

ජල ද්‍රාව්‍යතාවය ඇසුරෙන් Ksp ප්‍රකාශන  ලිවීම

  • පහත ප්‍රභේද වල ජල ද්‍රාව්‍යතාව x mol dm-3 ලෙස සිතා Ksp ප්‍රකාශන ලියන්න.

Ksp අගය දන්නා විට ජල ද්‍රාව්‍යතාවය ගණනය කිරීම

 

  • Ksp අගය ඉතා අඩු Cr(OH)3, Fe(OH)3 , Mg(OH)වැනි හයිඩ්‍රොක්සයිඩ අවක්ශේප වල ksp මෙම ක්‍රමය මගින් සෙවීමට නොහැක.
  • හේතුව ඒවයේ ජල ද්‍රාව්‍යතාව බොහෝ සෙයින් අඩු නිසා අන්ත ලක්ෂය පාඨාංකය ගැනීම අපහසුය.

අවක්ෂේපණය

  • යම්කිසි රසායනික ප්‍රභේදයක ද්‍රාව්‍යතා ගුණිතයට අදාළ උචිත අයනික ගුණිතය එම උෂ්ණත්වයේදී එම සංයෝගයේ Ksp අගයට වඩා වැඩිනම් අනුරූප ද්‍රාවණය තුළ එම සංයෝගය අවක්ශෂ්ප  වනු ඇත.
https://youtu.be/pJhZU9Q0IDA

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

3 අදහස්

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet