No menu items!

13.01.00 – විද්‍යුත් රසායනය

ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය

  • ජලයේ දී සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වේ.

උදා :      ප්‍රබල අම්ල –        HCl , HNO3 , H2SO4
             ප්‍රබල භෂ්ම –        NaOH , Ba(OH)
             ද්‍රාව්‍ය ලවණ –       NH4Cl , KCl

  • ලවණ සේතුව සදහා ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍යක් භාවිත කළ යුතු අතර මේ සදහා ප්‍රබල අම්ල හෝ ප්‍රබල භෂ්ම භාවිත නොකෙරේ.

දුබල විද්‍යුත් විච්ඡේද්‍ය

  • ජලයේ දී සම්පූර්ණයෙන් අයන වලට වෙන් නොවේ.

උදා :     දුබල අම්ල
            දුබල භෂ්ම
            H2O

විද්‍යුත් අවිච්ඡේද්‍ය

  • අයන අඩංගු නොවන ද්‍රවමය සංයෝග

උදා :      C6H, C7H16

  • මේවා විද්‍යුතය සන්නයනය නොකරයි.

ද්‍රාවණයක සන්නායකතාවය කෙරෙහි බලපාන සාධක

  1. ද්‍රාවණයේ ස්වභාවය (ප්‍රබල / දුබල විද්‍යුත් විච්ඡේද්‍ය / විද්‍යුත් අවිච්ඡේද්‍ය)
  2. ද්‍රාවණයේ සාන්ද්‍රණය
  3. උෂ්ණත්වය

   සාන්ද්‍රණය

  • තනුක ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය අඩු කරන විට ඒ සමග සන්නායකතාවද අඩුවේ.
  • මීට හේතු වන්නේ තනුක කිරීමේදී ද්‍රාවනයේ අයන අතර ඇති අන්තර් ක්‍රියා ප්‍රමානය අඩු වීමයි.
නියැදිය

සන්නායකතාව / µS cm-1

ආසැත ජලය 1-2
0.01mol dm-3 KCl ද්‍රාවණය 1,480
0.10 mol dm-3 KCl ද්‍රාවණය 12,400
1.0 mol dm-3 KCl ද්‍රාවණය 110,000
ළිං ජලය 100-200
නල ජලය 50-150
මුහුදු ජලය 40,000

උෂ්ණත්වය

  • ද්‍රාවණයක උෂ්ණත්වය වැඩි කරන විට අයන වල වේගය වැඩි වන බැවින් දෙන ලද සාන්ද්‍රණයක් ඇති ද්‍රාවණයක වැඩි කිරීමට එය හේතු වේ.
සාන්ද්‍රණය සන්නායකතාව /µS cm-1
  0°C 13°C 25°C
1.00 KCl ද්‍රාවණය 6.5×104 9.8×104 1.1×105
0.10 KCl ද්‍රාවණය 7.2×103 1.1×104 1.3×104
0.01 KCl ද්‍රාවණය 7.8×102 1.2×103 1.4×103

 

ද්‍රාව්‍යයේ ස්වභාවය

      • සෑදෙන අයන හෝ ආරෝපණ වාහක ප්‍රමානය, ද්‍රාව්‍යයේ ස්වභාවය මගින් තීරණය වේ.
      • ප්‍රභල විද්‍යුත් විච්චේද්‍ය, ජලිය ද්‍රාවණයේදී පූර්ණව අයන බවට විඝටනය වන බැවින් ඒවාට විද්‍යුතය සන්නයනය කල හැකිය.
      • කෙසේ වුවද, මෙම ප්‍රබල විද්‍යුත් විච්චේද්‍ය වල ඝන අවස්ථාවේදී සචල අයන නැති නිසා, ඝන අවස්ථාවේදී විද්‍යුතය සන්නයනය නොකරයි.
      • නමුත් ඒවා විලීන අවස්ථාවට ප්ත් කලහොත් අයනවලට යම් සචලතාවක් ලැබෙන බැවින් විද්‍යුතය සන්නයනය කල හැකිය.

(උදා – NaCl, KCl)

      • දුබල අම්ල හා දුබල භෂ්ම ජලයේදී භාගිකව අයණීකරණය වුවත් එහිදී අයන සෑදෙන බැවින් විද්‍යුතය සන්නයනය කල හැකිය.

මේ සියලු සාධක සන්නායකතාව කෙරෙහි බලපාන්නේ ආරෝපණ වාහක වල සචලතාව, මේ සාධක මත රදා පවතින බැවිනි.

    • දෙන ලද උෂ්ණත්වයකදී හා දෙන ලද විද්‍යුත් ක්ෂේත්‍රයකදී, යම් අයනයක් මගින් ගෙන යන ධරාව, අයන වල සාන්ද්‍රණය හා ඒවායේ වේගය මත රදා පවතී.
    • අයනයක වේගය එහි ආරෝපණ ප්‍රමාණය හා සපයන ලද විද්‍යුත් ක්ෂේත්‍රයේ විභව අනුක්‍රමණය මත රදා පවතී.
    • ජල නියැදියක් ඇති අයන අන්තර්ගතය විශ්ලේෂණය කිරීමේදී ද්‍රාවණයක සන්නායකතාව ඉතා වැදගත් වේ.
    • ප්‍රායෝගිකව ද්‍රාවණයක සන්නායකතාව මනින්නේ සන්නායකතාමීටරය මගිනි.
    • මේ මිනුම් ලවණතාව ප්‍රමානනය කිරීමට, ද්‍රාව්‍යතා ගුණිතය ගණනය කිරීම හා වෙනත් විවිධ භාවිත සදහා යොදා ගනී.
  • ජලීය ද්‍රාවණ වල දී H+ හා OH වලට උපරිම වේගයක් ඇති නිසා එම අයන සන්නායකතාවය සඳහා වැඩිපුර ම බලපායි.
  • තනුක ජලීය ද්‍රාවණ වලදී H+ අයන වලට උපරිම වේගයක් ඇති නිසා සන්නායකතාවයෙන් 80% පමණ සිදුවනුයේ H+ අයන මගිනි.

ඉලෙක්ට්‍රෝඩය

සංයුජතාවය n වන ලෝහයක් එම ලෝහයේම අයන ද්‍රාවණයක් තුල ලෝහය ගිල්වා ඇති අවස්ථාව සලකමු.

  1. ලෝහයෙහි ඇති පරමාණු ඔක්සිකරණය වී ඉලෙක්ට්‍රෝන ලෝහ තහඩුවෙහි රදවමින් අයන ද්‍රාවණගත වේ.

\begin{array}{l}{\mathrm M}_{(\mathrm s)}\;\rightarrow\;{\mathrm M^{\mathrm n+}}_{(\mathrm{aq})}\;+\;\mathrm n\;\mathrm e\\{\mathrm{Mg}}_{(\mathrm s)}\;\rightarrow\;{\mathrm{Mg}^{2+}}_{(\mathrm{aq})}\;+\;2\;\mathrm e\\\end{array}

  • ද්‍රාවණයෙහි ඇති අයන ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් (ඔක්සිකරණය වී) ලෝහ පරමාණු ලෙස තහඩුවෙහි රැදේ.

\begin{array}{l}\;{\mathrm M^{\mathrm n+}}_{(\mathrm{aq})\;\;}\;+\mathrm n\;\mathrm e\;\;\rightarrow{\mathrm M}_{(\mathrm s)}\\\;{\mathrm{Mg}^{2+}}_{(\mathrm{aq})}\;+\;2\;\mathrm e\rightarrow{\mathrm{Mg}}_{(\mathrm s)}\\\end{array}

  • කිසියම් මොහොතකදී ඉහත ක්‍රියාවලි 2 හි සීඝ්‍රතා සමාන වී ගතික සමතුලිතතාවයක් ඇති වේ.

\begin{array}{l}{\mathrm M}_{(\mathrm s)}\;\;\;\rightleftharpoons\;{\mathrm M^{\mathrm n+}}_{(\mathrm{aq})}\;+\;\mathrm n\;\mathrm e\\{\mathrm{Mg}}_{(\mathrm s)}\;\rightleftharpoons\;{\mathrm{Mg}^{2+}}_{(\mathrm{aq})}\;+\;2\;\mathrm e\\\end{array}

  • මෙලෙස ඔක්සිකරනයක් හා ඔක්සිහරනයක් සිදුවිය හැකි පද්ධතියක් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස හැදින්විය හැක.
  • ඉලෙක්ට්‍රෝඩය මත දී ගතික සමතුලිතයක් හට ගනී.
  • ඉලෙක්ට්‍රෝඩයක සමතුලිත ක්‍රියාව ලිවීමේ දී ඉදිරි ක්‍රියාව ඔක්සිකරණයක් වන පරිදි ලිවීම සම්මතය වේ.

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.