3.05 – වායු කඳන් කම්පනය
වායුවක් තුළ අන්වායාම තරංග වේගය (ධ්වනි වේගය).
V=γPρ
γ-වායුවක ප්‍රධාන විශිෂ්ඨ තාප ධාරිතා අතර අනුපාතය
P – වායුවේ පීඩනය (Nm-2)
ρ-වායුවේ ඝනත්වය (kgm-3)
- γ රඳා පවතින්නේ වායු අණුවක ඇති පරමාණු ගණන මත වේ.
- මේ අනුව දෙනලද වායුවක නියත උෂ්ණත්වයේ දී P/ρ නියත වේ. මේ නිසා වායුවක් තුළ ධ්වනි ප්‍රවේගය උෂ්ණත්වය නියත නම්, වායුවේ පීඩනය, ඝනත්වය, වායු ස්කන්ධය, වායු පරිමාව, වැනි සාධක මත රඳා නොපවතී.
මේ අනුව,
වායු කදන්වල කම්පනය
- විවෘත නල – දෙකෙලවරම විවෘත නල
- සංවෘත නල – එක් කෙළවරක්වත් වැසූ නල
මේ නිසා නලය තුල ස්ථාවර අන්වායාම තරංග ඇති වේ.
- විවෘත කෙළවර – විස්ථාපන ප්‍රෂ්පන්ද ( පීඩන නිෂ්පන්ද )
- සංස්වෘත කෙළවර – විස්තාපන නිෂ්පන්ද ( පීඩන ප්‍රෂ්පන්ද )
එක් කෙළවරක් වැසුණු නලයක කම්පනය
- සංවෘත කෙළවර – විස්තාපන නිශ්පන්ද
- විවෘත කෙළවර – විස්තාපන ප්‍රශ්පන්ද
මූලිකතානය – 1 ප්‍රසංවාදය
පළමු උපරිතානය – 3 ප්‍රසංවාදය
දෙවන උපරිතානය – 5 ප්‍රසංවාදය
- මේ අනුව එක් කෙළවරක් වැසූ නළයකින් ලබාගත හැක්කේ f0, 3f0, 5f0 ලෙස ඔත්තේ ප්‍රසන්වාද පමණි.
දෙකෙළවර ම විවෘත නළවල කම්පනය
මූලිකය – 1 ප්‍රසංවාදය
පළමු උපරිතානය – 2 ප්‍රසංවාදය
දෙවැනි උපරිතානය – 3 ප්‍රසංවාදය
නළයක ආන්ත ශෝධනය
- නළයක් තුළින් ගමන් ගන්නා කැළඹීමක් විවෘත කෙළවර දී නිදහසේ ප්‍රසාරණය වීම නිසා විවෘත කෙලවරේ ඇතිවන ප්‍රශ්පන්ද නිශ්චිතව ම නළයේ විවෘත කෙළවරෙහි ඇති නොවී ස්වල්පයක් ඉදිරියට විස්ථාපනය වේ. නළයේ දිගට වඩා තරංගයේ දිග ස්වල්පයක් වැඩි වේ. එසේ කෙළවරකින් වැඩි වන දිග නළයේ ආන්ත දෝෂය වේ.
- නළයේ ආන්ත දෝෂය රඳා පවතින්නේ නළයේ විෂ්කම්භය මත පමණි. විෂ්කම්භය වැඩිවන විට ආන්ත දෝෂය වැඩිවේ.
දෙකෙළවර ම විවෘත නලයක් මගින් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයක ආන්ත ශෝධනය සෙවීම
- උපකරණ – එක් නළයකට හරියටම ඇතුල් කළ හැකි තවත් නලයක්, මීටර් රූලක්, සංඛ්‍යාත දන්නා සරසුල් කට්ටලයක්, ආධාරකයක්, රබර් කෝට්ටය, විහිත චතුරස්‍රයක්
- එක් නලයක් තුළට අනිත් නළය ඇතුල් කොට ආධාරකය තිරස්ව කලම්ප කරගන්න.
- නලය අවම දිගට සකස් කරන්න.
- පළමුව වැඩිම සංඛ්‍යාතය ඇති සරසුල තෝරාගෙන සරසුල කම්පනය කර නලය ඉදිරියෙන් අල්ලාගන්න. නලේ දිග සෙමෙන් වැඩි කරන්න.
- නළය තුළින් වැඩිම හඬක් ලැබෙන අවස්ථාව හෙවත් අනුනාද අවස්ථාවේ වායු කන්දේ දිග (නලයේ දිග) මැන ගන්න.
- නළයේ දිග අවමයේ සිට ක්‍රමයෙන් වැඩි කරමින් අනුනාද අවස්ථාව ලබා ගන්නේ පළමු උපරිතානයේ දී l සොයාගැනීමට ය.
- සංඛ්‍යාතය අවරෝහණ පිළිවෙලට සියලුම සරසුල් සඳහා අනුනාද දිග ලබාගන්න.
සංඛ්‍යාතය දන්නා එක් සරසුලක් පමණක් භාවිතා කර වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම
- අවශ්‍ය ද්‍රව්‍ය -එක් කෙළවරක් වැසූ දිග වෙනස් කළ හැකි අනුනාද නලයක්, සංඛ්‍යාතය දන්නා සරසුලක්
- f දන්නා සරසුලකින් මුලිකතානයේ අනුනාද දිග l1 වන හා පළමු උපරිතාන දිග l2 සොයාගන්න. වාතේ ධ්වනි ප්‍රවේගය V හා ආන්ත ශෝධනය e වේ.
- දෙකෙළවර ම විවෘත නළයක් මගින් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයක ආන්ත දෝෂය සෙවීම.
- උපකරණ – විවෘත නළයක්, සංඛ්‍යාත දන්නා සරසුල් කට්ටලය, කම්පන කොට්ටය, මීටර කෝදුව, උස සරාවක්, ජලය
- ජල මට්ටමට ඉහළින් ඇති දිග අවම වන නළය සරාව තුළ ගිල්වා ආධාරකයට සවි කර ගන්න.
- වැඩිම සංඛ්‍යාතය ඇති සරසුල කම්පනය කර නළයට මදක් ඉහළින් අල්ලා, නළයෙන් උස් හඩක් නිකුත් වන තුරු නළයේ වාතය අඩංගු කොටසේ දිග වැඩි කරන්න.
- සරසුලේ සංඛ්‍යාතය (f) හා ජල පෘෂ්ඨයේ සිට නළයේ ඉහළ කෙළවර දක්වා දිග (l) මැන සටහන් කරගන්න.
- ආකාරයට සරසුල් වල සංඛ්‍යාතය අඩුවන පිළිවෙළට නළයේ දිග ක්‍රමයෙන් වැඩි කරමින් f හා l සදහා අගයන් යුගල අවම 5 ක් වන සේ පාඨාංක ලබාගන්න.