1.විස්ථාපන කාල ප්‍රස්තාර
- වස්තුවක විස්ථාපනය කාලය අනුව වෙනස් වන ආකාරය දක්වන ප්‍රස්තාර වේ.
- ප්‍රස්තාරයේ අණුක්‍රමණයෙන් ප්‍රවේගය ලැබේ.
2.ප්‍රවේග කාල ප්‍රස්තාර
- වස්තුවක ප්‍රවේගය කාලය සමග වෙනස් වන ආකාරය දක්වනප්‍රස්තාරය වේ.
- ප්‍රස්තාරයේ අණුක්‍රමණයෙන් ත්වරණය ලැබේ.
- ප්‍රස්තාරයේ යටත් වර්ගඵලයෙන් විස්ථාපනය ලැබේ.
3.ත්වරණ කාල ප්‍රස්තාර
- වස්තුවක තවරණය කාලය සමග වෙනස්වන ආකාරය දක්වන ප්‍රස්තාර වේ.
- යටත් වර්ගඵලයෙන් අදාළ කාලය තුළ වස්තුවේ ප්‍රවේග වෙනස ලැබේ.

වැදගත්
- s-t, v-t, a-t ප්‍රස්තාර අදිනු ලබන්නේ රේඛීය චලිත සදහාය.
- විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය දෛශික රාශී නිසා ප්‍රස්තාර ඇදීමේදී කිසියම් දිශාවක් (+) ලෙසද ඊට ප්‍රතිවිරුද්ධ දිශාව (-) ලෙසද සැලකිය යුතුය.
(s-t) ප්‍රස්තාර
විස්ථාපන කාල ප්‍රස්තාරවල විස්ථාපනය වැඩිවීගෙන ගොස් අඩුවන අවස්ථාවලදී චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වේ.එමෙන්ම විස්ථාපනය අඩුවීගෙන ගොස් වැඩිවන අවස්ථාවලදී චලිත දිශාව මාරු වේ.

(v-t) ප්‍රස්තාර

මෙම ප්‍රස්තාර වල ප්‍රවේගයේ ලකුණ (+) සිට (-)හෝ (-) සිට (+) ට මාරු වන අවස්ථාවලදී චලිතයේ දිශාව මාරු වේ.
ගුරුත්වය යටතේ ඉහළට ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක චලිත ප්‍රස්තාරය අදින්න.




ත්වරණ කාල ප්‍රස්තාර වල චලිත දිශාව මාරු වීම හදුනාගත නොහැක.