No menu items!

06.02.02 – 14 වන කාණ්ඩය

14 කාණ්ඩය

  • ns2np2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අයත් මූල ද්‍රව්‍ය මෙයට අයත් වේ.
  • මෙම කාණ්ඩයේ C අලෝහයක් වේ. Ge සහ Si ලෝහාලෝහ වේ. Sn, Pb ලෝහ වේ. ඒවාගේම Sn හා Pb උභයගුණී ලක්ෂණ පෙන්වයි.
  • සහසං‍යුජ බන්ධන ජාල ව්‍යුහයක් පෙන්වීම හේතුවෙන් 14 කාණ්ඩයේ පළමු මූලද්‍රව්‍ය 3 සතුව ඉහළ ද්‍රවාංක පවතියි.
  • Si සහ Ge අර්ධ සන්නායක කර්මාන්තයේදී ප්‍රධාන වශයෙන් භාවිත කෙරේ.
  • කාණ්ඩයේ පහළට යත්ම +4 ඔක්සිකරණ තත්වයේ ස්ථායීතාවය අඩුවී +2 ඔක්සිකරණ තත්වයේ ස්ථායීතාවය වැඩිවේ.

C – කාබන් – 1s22s22p2

  • ප්‍රධාන සං‍යුජතාවය 4 කි.
  • නිදහස් ධන හෝ ඍණ අයන නොසාදයි.
  • අලෝහයක් වුවත් විද්‍යුත් සන්නායක හැකියාව පවතියි.
  • C වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අනුව +4 සිට -4 දක්වා ඔක්සිකරණ අංක පෙන්වයි. ඊට අමතරව +4 සිට -4 දක්වා සියළු සං‍යෝග සෑදිය හැක.
+4 +3 +2 +1 0 -1 -2 -3 -4
CO2 C2Cl6 CO H2C2Cl4 H2CO C2H2 C2H4 C2H6 CH4
  • සාන්ද්‍ර අම්ල හමුවේ ඔක්සිකරණය වේ.

\begin{array}{l}\circ\;\mathrm C\;+\;4{\mathrm{HNO}}_3\;\rightarrow\;2{\mathrm H}_2\mathrm O\;+\;4{\mathrm{NO}}_2\;+\;{\mathrm{CO}}_{2\;}\\\circ\;\mathrm C\;+\;{\mathrm H}_2{\mathrm{SO}}_4\;\rightarrow\;{\mathrm{CO}}_2\;+\;{\mathrm H}_2\mathrm O\;+\;{\mathrm{SO}}_2\end{array}

  • එකම භෞතික තත්වය යටතේ දී එකම මූලද්‍රව්‍යයේ අණු හෝ පරමාණු සැකැස්ම වෙනස් වීම නිසා එකිනෙකට වෙනස් ගති ලක්ෂණ පෙන්වීම බහුරූපිතාවය ලෙස හැදින්වේ.
  • C වල ස්ඵටිකරූපී හා අස්ඵටිකරූපී ලෙස බහුරූපී ආකාර 02 කි.

                          ස්ඵටිකරූපී

අස්ඵටිකරූපී

දියමන්ති

ගල් අඟුරු

මිනිරන්

කෝක් (Coke)

ෆුලරින්

 

 

දියමන්ති

මිනිරන්

ත්‍රිමාණ සහසංයුජ දැලිසකි.

ද්විමාන පැතලි ස්ථර ලෙස පවතී. ස්ථර අතර දුබල ලන්ඩන් බල පවතී.

එක් C පරමාණුවක් තවත් C පරමාණු 4 කට චතුස්තලිකව බැඳීමෙන් දැලිස සෑදී ඇත.

එක් C පරමාණුවක් තවත් C පරමාණු 3 ක් සමඟ තලීය ත්‍රිකෝණාකාරව බැදී C සඩාස්‍ර නිර්මාණය වී ඇත.

sp3 මුහුම්කරණය දක්වයි.

sp2 මුහුම්කරණය දක්වයි.

දෘඪතාවය ඉතා ඉහළයි.

දෘඪතාවය සාපේක්ෂව අඩුය.

ද්‍රවාංකය සාපේක්ෂව ඉහළයි.

ද්‍රවාංකය සාපේක්ෂව ඉහළ අගයක් ගනී.

තාපාංක එකිනෙක සමානයි.

තාපාංක එකිනෙකට සමාන වේ.

ආලෝකය විනිවිද යයි.

ආලෝකය විනිවිද නොයයි.

භාවිත :   වීදුරු කැපීම

            ආභරණ සෑදීම

ස්ථර අතර පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන වලාව නිසා විද්‍යුත් හා තාප සන්නායක ගුණ ඇත.

 

ස්ථර අතර පවතින දුබල අපකිරණ බල නිසා ස්ථර එකිනෙක මත ලිස්සා යාමේ හැකියාව ඇත. එම නිසා ලිහිසි ගුණ ඇත.

 

භාවිත :   ඉලෙක්ට්‍රෝඩ සෑදීමට යොදා ගනී.

            පැන්සල් සෑදීමට යොදාගනී.


CO – කාබන් මොනොක්සයිඩ
C වල ඔක්සයිඩ

  • මෙතනොයික් හෝ ඔක්සලික් අම්ලය සාන්ද්‍ර H2SO4 අම්ලය සමඟ රත් කිරීමෙන් නිෂ්පාදනය කෙරේ.

\begin{array}{l}\circ\;{\mathrm{HCOOH}}_{(\mathrm l)}\xrightarrow[\triangle]{\mathrm{සා}.{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}}{\mathrm{CO}}_{(\mathrm g)}+3{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\\circ\;{\mathrm H}_2{\mathrm C}_2{\mathrm O}_{4(\mathrm s)}\xrightarrow[\triangle]{\mathrm{සා}.{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}}{\mathrm{CO}}_{(\mathrm g)}+{\mathrm{CO}}_{2(\mathrm g)}+3{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

  • අවර්ණ, අගන්ධ, උදාසීන විශ වායුවකි.
  • CO නිල් පැහැ දැල්ලකින් වාතයේ දැවී CO2 සාදයි.
  • යකඩ නිස්සාරණයේදී ඔක්සිහාරකයක් ලෙස සුලභව භාවිතා වේ.

\circ\;{\mathrm{Fe}}_2{\mathrm O}_{3(\mathrm s)}\;+\;3{\mathrm{CO}}_{(\mathrm g)}\;\xrightarrow\triangle2{\mathrm{Fe}}_{(\mathrm s)}\;+\;3{\mathrm{CO}}_{2(\mathrm g)}

  • කාර්මික ඉන්ධනයක් ලෙස භාවිත වේ.
CO2 – කාබන් ඩයොක්සයිඩ්
  • CO වායුව වාතයේ දහනයෙන් CO2 වායුව සෑදේ.

\begin{array}{l}\circ\;2{\mathrm{CO}}_{(\mathrm g)}\;+{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;2{\mathrm{CO}}_{2(\mathrm g)\;}\\\circ\;{\mathrm{CaCO}}_{3(\mathrm s)}\;+\;2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\rightarrow\;{\mathrm{CaCl}}_{2(\mathrm{aq})}\;+\;{\mathrm{CO}}_{2(\mathrm g)}+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

  • අවර්ණ, අගන්ධ, දුබල ආම්ලික වායුවකි.

\circ\;{\mathrm{CO}}_{2(\mathrm g)}\;+\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;\rightarrow\;{\mathrm{Na}}_2{\mathrm{CO}}_{3(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

  • CO2 අණු අපකිරණ බන්ධන වලින් බැඳී ඝන වූ විට එය වියළි අයිස් ලෙස හැඳින්වේ. වියළි අයිස් අධි ශිතකාරකයක් සහ කෘතිම වැසි ඇති කිරීමට භාවිත කරයි.
  • CO2 වායුව Na2CO3 නිෂ්පාදනයට, ගිනි නිවන උපකරණ සඳහා ද යොදා ගැනේ.
  • CO2 වායුව ජලයේ දියවී දුබල ද්විභාෂ්මික කාබනික (H2CO3) අම්ලය සාදයි.

\begin{array}{l}\circ\;{\mathrm{CO}}_{2(\mathrm g)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\leftrightharpoons\;{\mathrm H}_2{\mathrm{CO}}_{3(\mathrm{aq})}\;\\\circ\;{\mathrm H}_2{\mathrm{CO}}_{3(\mathrm{aq})}\;\leftrightharpoons\;{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;+{\mathrm H^+}_{(\mathrm{aq})}\;\\\circ\;{\mathrm{HCO}_3^-}_{(\mathrm{aq})}\;\leftrightharpoons\;{\mathrm{CO}_3^{2-}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H^+}_{(\mathrm{aq})}\end{array}

  • උෂ්ණත්වය ඉහළ ගියහොත් H2CO3 වියෝජනය වෙමින් CO2 හා ජලය සාදයි.
  • CO2 හුණු දියර (Ca(OH)2) තුළට යෙදූ විට සුදු අවක්ෂේපයක් සෑදී ,වැඩිපුර CO2 වායු බූබුළනයේදී සුදු අවක්ෂේපය දියවී අවර්ණ ජලීය ද්‍රාවණයක් ලැබේ (Ca(HCO3)2).

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.