රසායන විද්‍යාව06. අකාබනික රසායනය06.02.01 - p ගොනුව හැඳින්වීම සහ 13 කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනය

06.02.01 – p ගොනුව හැඳින්වීම සහ 13 කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනය

සංයුජතා කවචයට අවසානයට පිරෙන ඉලෙක්ට්‍රෝන p උපශක්ති මට්ටමට පිරෙන මූලද්‍රව්‍ය සමූහය p ගොනුවට අයත් වේ. 13,14,15,16,17,18 යන කාණ්ඩ p ගොනුවට අයත් වේ.

13 (ns2np1) 14 (ns2np2) 15 (ns2np3) 16 (ns2np4) 17 (ns2np5) 18 (ns2np6)
          He
B C N O F Ne
Al Si P S Cl Ar
Ga Ge As Se Br Kr
In Sn Sb Te I Xe
Tl Pb Bi Po At Rn

  A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය -1 කොටස

  A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 2 කොටස

  A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 3 කොටස

  A/L විෂය නිර්දේශයට අදාල p ගොනුව සම්බන්ධ න්‍යාය – 4 කොටස

13 කාණ්ඩය (ns2np1)

  • B (බෝරෝන්) ලෝහාලෝහයක් වන අතර B සං‍යෝග බොහෝමයක් සහසං‍යුජ වේ. B හි කුඩා පරමාණුක අරය නිසා අනෙක් සාමාජිකයන්ගෙන් වෙනස් වේ. B 14 කාණ්ඩයේ Si සමඟ ප්‍රබල විකර්ණ සම්බන්ධතාවක් පෙන්වයි.
  • Al උභයගුණී ලක්ෂණ සහිත ලෝහයකි.
  • Ga, In, Tl ලෝහ වේ.
  • මෙම මූලද්‍රව්‍ය වලින් සෑදී ඇති සරල සං‍යෝගවල දී මූලද්‍රව්‍ය කිට්ටුම උච්ච වායු වින්‍යාසය ලැබී නැත. එම නිසා එම සං‍යෝගය එකසර ඉලෙක්ට්‍රෝන යුගල සහිත ප්‍රභේද සමඟ සංගත බන්ධන සාදා ගනියි.

Al – ඇලුමිනියම් – 1s22s22p63s23s23p1

  • නිල් පාටට හුරු සුදු පැහැති සැහැල්ලු ශක්තිමත් ලෝහයකි.
  • දීප්තිමත්‍ පෘෂ්ඨයක් සහිතය.
  • ඝනත්වය සාපේක්ෂව අඩුය.
  • පෘථිවි කබොලෙහි 3 වෙනියට සුලභම මූලද්‍රව්‍ය සහ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් පවතින ලෝහය Al වේ.
  • Al වල වාතයට නිරාවරණය වී ඇති පෘෂ්ඨිය O2 සමඟ ප්‍රතික්‍රියා කර Al2O3 ස්ථරයක් සෑදීම නිසා තවදුරටත් O2 සමඟ ප්‍රතික්‍රියා කිරීමට ප්‍රතිරෝධයක් ඇතිවේ. එම නිසා Al වාතය සමඟ ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍යක් ලෙස සැලකේ.
  • Al වායුගෝලය තුළ රත් කල විට ඔක්සයිඩ හා නයිට්‍රයිඩ සාදයි.

\begin{array}{l}\circ\;4{\mathrm{Al}}_{(\mathrm s)}\;+\;3{\mathrm O}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{Al}}_2{\mathrm O}_{3(\mathrm s)\;}\\\circ\;2{\mathrm{Al}}_{(\mathrm s})\;+\;{\mathrm N}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{AlN}}_{(\mathrm s)}\end{array}

  • මෙම ඵල මිශ්‍රණය ජලයට යෙදූ විට , NH3 නිදහස් වේ.

\circ\;{\mathrm{AlN}}_{(\mathrm s)\;}+\;3{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;{\mathrm{NH}}_{3(\mathrm g)}\;+\;\mathrm{Al}(\mathrm{OH})_{3(\mathrm s)}

  • Al උභයගුණී ලෝහයකි. අම්ල හා භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ හා H2 සාදයි.

\begin{array}{l}\circ\;2{\mathrm{Al}}_{(\mathrm s)}\;+\;6{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\rightarrow\;2{\mathrm{AlCl}}_{3(\mathrm{aq})}\;+\;3{\mathrm H}_{2(\mathrm g)}\;\\\circ\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)\;}\;+\;2{\mathrm{Al}}_{(\mathrm s)}\;+\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;\rightarrow\;2{\mathrm{NaAlO}}_{2(\mathrm{aq})}\;+\;3{\mathrm H}_{2(\mathrm g)}\;\\\circ\;6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;+\;2{\mathrm{Al}}_{(\mathrm s)}\;+\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;\rightarrow\;2\mathrm{NaAl}(\mathrm{OH})_{4(\mathrm{aq})}\;+\;3{\mathrm H}_{2(\mathrm g)}\end{array}

  • AlCl3 සං‍යෝගයේ අෂ්ඨකය සම්පූර්ණ වී නොමැති නිසා වායු අවස්ථාවේදී මෙය Al2Cl6 ලෙස ද්විඅවයවයක් ලෙස පවතී.
  • Al3+ අයන ජලීය ද්‍රාවණයක දී පවතින්නෙ ජල අණු 6 ක් සමඟ බැදී සංකීර්ණ සං‍යෝගයක් ලෙසයි. Al3+ අයනයේ ඉහළ ධන අරෝපණය සහ කැටායනික අරය අඩු වීමත් නිසා එහි ඇති ඉහළ ධ්‍රැවීකරණ බලය හේතුවෙන් මෙම සංකීර්ණය ජල විච්ඡේදනය වී මාධ්‍ය ආම්ලික කරයි.

\circ\;6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\;+\;{\mathrm{Al}^{3+}}_{(\mathrm{aq})}\rightarrow\;\lbrack\mathrm{Al}({\mathrm H}_2\mathrm O)_6{\rbrack^{3+}}_{(\mathrm{aq})}

\circ\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;+\;\lbrack\mathrm{Al}({\mathrm H}_2\mathrm O)_5(\mathrm{OH})\rbrack^{2+}\;\rightarrow\;\lbrack\mathrm{Al}({\mathrm H}_2\mathrm O)_4(\mathrm{OH})_2\rbrack^+\;+\;{\mathrm H}_3\mathrm O\;^+

 

  • මෙම ආම්ලික මාධ්‍යයට NaOH භෂ්ම බිංදු කිහිපයක් යෙදීමේදී OH¯ අයන ආකලනය වී, සුදු ජෙලටිනිමය Al(OH)3 නිපදවයි.
  •  මෙම අවක්ෂේපය අතිරික්ත OH¯ අයන (ප්‍රබල භෂ්මයක්) සමඟ  [Al(OH)4]¯  (ටෙට්රාහයිඩ්‍රොක්සයිඩෝ ඇලුමිනේට්) සංකීර්ණ අයන බවට පත් වී ද්‍රාවණ ගත වී අවර්ණ ද්‍රාවණයක් සාදයි.
  • එයට නැවත HCl යෙදූ විට නැවත සුදු අවක්ෂේපය ලැබේ.එම අවක්ෂේපයට නැවත HCl යෙදූ විට නැවත අවර්ණ ද්‍රාවණය ලැබේ.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet