No menu items!
සංයුක්ත ගණිතයInfinite Thinkingපුංචි අභියෝගයක් ...

පුංචි අභියෝගයක් …

 

ඔබ සතුව අර්තාපල් 100 kg ක් තිබෙනවා. එහි ස්කන්ධය අනුව 99% ක් ජලය පවතිනවා. මේ අර්තාපල් ගොඩේ ස්කන්ධය අනුව ජලය 98% ඉතිරි වන තෙක් ජලය වාෂ්ප වීමට ඉඩ හරිනවා. දැන් මේ අර්තාපල් ගොඩේ නව ස්කන්ධය කීයද? පිළිතුර 50 kg. මෙහෙම වුණු හැටි ගණනය කරල පෙන්වන්න පුළුවන්ද?

දැන් 50 kg ලැබුණු ආකාරය බලමු.

මුලින්ම අර්තාපල් ගොඩේ නිර්ජලීය කොටස 1% යි. එනම් නිර්ජලීය කොටසේ ස්කන්ධය 1 kg යි.

මේ ප්‍රශ්නයේ දී මෙම නිර්ජලීය කොටසේ වර්ධනයක් හෝ හැකිලීමක් සිදු වෙන්නේ නැහැ.

ජලය වාෂ්ප වීමට ඉඩ හැරීමෙන් පසු අර්තාපල් ගොඩේ ස්කන්ධය x ලෙස ගනිමු.

එවිට x, 1 kg වූ නිර්ජලීය කොටසින් හා සම්පූර්ණ ස්කන්ධයෙන් (x ගෙන්) 98% ක් වූ ජලයෙන් සමන්විත වෙනවා.

සමීකරණයක් විදියට ගත්තම ; 1+98\%x=x  

මේ සමීකරණය සුළු කරලා x ලබා ගන්න පුළුවන්.

1+\frac{98}{100}x=x
1=\frac1{50}x
x=50kg

එකපාර විශ්වාස කරන්න බැරි වුණාට ඉතුරුවන අර්තාපල් ස්කන්ධය 50 kg කියල දැන් පැහැදිලියි නේද?

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.