විද්‍යා අංශයජීව විද්‍යාව2.4.3 - ශක්තිය තිර කිරීමේ ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණය(I කොටස)

2.4.3 – ශක්තිය තිර කිරීමේ ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණය(I කොටස)

 

පාඩමේ සටහන Download කරගන්න.

 

1.ප්‍රභාසංස්ලේෂණයේදී සිදුවන ශක්ති පරිවර්තනය කුමක්ද?

  • ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත්කොට කාබෝහයිඩ්‍රේට, මේදය, තෙල් හා ප්‍රෝටීන වල රසායනික බන්ධන වල ගබඩා වීම.

 

2.ශාක වලට අමතරව ප්‍රභාසංස්ලේෂණය කරන ජීවී කාණ්ඩ මොනවාද?

  • ඇල්ගී වර්ග
  • ඇතැම් ප්‍රාග්න්‍යෂ්ටිකයන්

 

3.ප්‍රභාසංස්ලේෂණය ගෝලීයව වැදගත් වන ආකාරය සඳහන් කරන්න.

  1. සියලුම ජීවීන් ප්‍රභාසංස්ලේෂණය මත සෘජුවම හෝ වක්‍රාකාරව මත යැපේ.
  2. ජීවීන්ගේ කාබන් සහ ශක්ති අවශ්‍යතාව සපුරාලීම.
  3. ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය O2 සපයයි.
  4. වායු ගෝලයේ O2 හා CO2 සමතුලිතතාවය පවත්වා ගනී.
  5. ෆොසිල ඉන්ධන නිපදවයි.
  6. ගෝලීය උෂ්ණත්වය පවත්වා ගනී.

 

4.සූන්‍යෂ්ටික සෛල වල ප්‍රභාසංස්ලේෂණය සිදු වන ස්ථානය කුමක්ද?

  • හරිතලව

 

5.ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර දෙක කුමක්ද?

  1. ආලෝක ප්‍රතික්‍රියාව (ආලෝකය මත රදන ප්‍රතික්‍රියාව)
  2. කැල්වින් චක්‍රය

 

6.CO2 තිර කිරීමේදී පළමු ස්ථායී ඵලයේ C පරමාණු සංඛ්‍යාව මත ප්‍රභාසංස්ලේෂණ යාන්ත්‍රණය බෙදෙන ප්‍රධාන කොටස් දෙක කුමක්ද?

  • C3 යාන්ත්‍රණය – පළමු ස්ථායී ඵලයේ C පරමාණු සංඛ්‍යාව 3 කි.
  • C4 යාන්ත්‍රණය – පළමු ස්ථායී ඵලයේ C පරමාණු සංඛ්‍යාව 4 කි.

 

7.ආලෝක ප්‍රතික්‍රියාව සිදු වන ස්ථානය කුමක්ද?

  • තයිලකොයිඩ පටල පද්ධතිය

 

8.කැල්වින් චක්‍රය සිදු වන ස්ථානය කුමක්ද?

  • හරිතලව පංජරය

 

9.හරිතලව තුළ ඇති ප්‍රධාන වර්ණක වර්ග මොනවාද?

  • ක්ලෝරෆීල්
  • කැරටිනොයිඩ

 

10.ක්ලෝරෆීල් ප්‍රධාන වර්ග 2 මොනවාද?

  1. ක්ලෝරෆීල් a
  2. ක්ලෝරෆීල් b

 

ක්ලෝරෆීල් අණුව

 

11.කැරටිනොයිඩ ප්‍රධාන වර්ග 2 මොනවාද?

  1. කැරොටීන්
  2. සැන්තොෆීල්

 

12.ආලෝකය ග්‍රහණය කරන ප්‍රධාන වර්ණකය කුමක්ද?

  • ක්ලෝරෆීල් a

 

13.ක්ලෝරෆීල් a වර්ණකය වඩාත් ඵලදායී වන්නේ කුමන ආලෝකය සඳහාද ?

  • නිල් හා රතු ආලෝකය සඳහා

 

14.ප්‍රභා ආරක්ෂණය සඳහා දායක වන්නේ මොනවාද?

  • ඇතැම් කැරටිනොයිඩ

 

15.ප්‍රභා ආරක්ෂණය යනු මොකක්ද?

  • අමතර අධික ආලෝක ශක්තිය අවශෝෂණය කර විසුරුවා හැරීමයි.

 

16.ප්‍රභා ආරක්ෂණයෙහි ඇති වැදගත්කම කුමක්ද?

  • අමතර අධික ආලෝක ශක්තිය හමුවේ ක්ලෝරෆීල් අණු වලට හානි වීම වැළකීම.

 

17.ප්‍රභාසංස්ලේෂක වර්ණක වල අවශෝෂණ වර්ණාවලිය යනු කුමක්ද?

  • වර්ණකයක් මගින් විවිධ තරංග ආයාම වලදී ආලෝකය අවශෝෂණය කරන සාපේක්ෂ ප්‍රමාණය දැක්වෙන ප්‍රස්තාරයයි.

 

 

18.ප්‍රභාසංස්ලේෂක වර්ණක වල ක්‍රියා වර්ණාවලිය යනු කුමක්ද?

  • ආලෝකයේ විවිධ තරංග ආයාම මගින් ප්‍රභාසංස්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිත්වය දැක්වෙන ප්‍රස්තාරයයි.

 

 

19.ක්ලෝරෆීල් හෝ වෙනත් ප්‍රභාසංස්ලේෂක වර්ණකයක් උද්දීපනයට ලක් වන්නේ කෙසේද?

  • ආලෝකය අවශෝෂණය කිරීම මගින්

 

20.ක්ලෝරෆීල් අණුවක් උද්දීපනය වන ආකාරය විස්තර කරන්න.

  • ආලෝකය උරා ගැනීමෙන් වර්ණක අණුවේ ඉලෙක්ට්‍රෝන අධි ශක්ති මට්ටමකට පත් වී නිදහස් වේ.
  • එම නිසා වර්ණක අණුව (+) ආරෝපිත වේ.
  • වර්ණක අණුව උද්දීපනය වූ පසු අස්ථායී වන බැවින් නැවත පහළ ශක්ති මට්ටමක් කරා පැමිණේ.
  • එහිදී උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ලබා ගෙන අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් හමු වන තුරු ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරයි.

 

 

21.ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් පැවතීමේ වැදගත්කම කුමක්ද?

  • ක්ලෝරෆීල් අණුව උද්දීපනය වී මුදා හරින ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හරහා වර්ණක අණුව අවශෝෂණය කර ගත් ශක්තිය තාපය හා ආලෝකය ලෙස අපතේ යාම වළක්වයි.

 

 

ප්‍රභා පද්ධති

22.ප්‍රභා පද්ධතියක් යනු කුමක්ද?

  • ක්ලෝරෆීල් අණු,අනෙක් කාබනික අණු හා ප්‍රෝටීන තයිලකොයිඩ පටල මත සංවිධානය වී සෑදුණු සංකීර්ණයක් ප්‍රභා පද්ධතියක් වේ.

 

23.ප්‍රභා පද්ධතියක් තුළ අඩංගු ප්‍රධාන සංකීර්ණ මොනවාද?

  • ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය
  • ආලෝකය ඵල ලබා ගන්නා සංකීර්ණය

 

24.ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් අඩංගු වන්නේ කුමන සංකීර්ණය තුළ ද?

  • ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තුළ

 

 

25.හරිතලවයක දක්නට ලැබෙන ප්‍රභා පද්ධති වර්ග දෙක මොනවාද?

  • ප්‍රභා පද්ධති I (PSI)
  • ප්‍රභා පද්ධති II (PSII)

 

Light-dependent reactions (photosynthesis reaction) (article) | Khan Academy

 

26.ප්‍රභා පද්ධති I හා ප්‍රභා පද්ධති II හි ඇති ක්ලෝරෆීල් අණුව පිළිවෙලින් දක්වන්න.

  • ප්‍රභා පද්ධති I – P700
  • ප්‍රභා පද්ධති II – P680

 

27.එක් එක් ක්ලෝරෆීල් අණුව අවශෝෂණය කරන ආලෝකය පිළිවෙලින් දක්වන්න.

  • P700 ක්ලෝරෆීල් අණුව තරංග අයාමය 700 nm වන ආලෝකය අවශෝෂණය කරයි.
  • P680 ක්ලෝරෆීල් අණුව තරංග අයාමය 680 nm වන ආලෝකය අවශෝෂණය කරයි.

 

 

ප්‍රභාසංස්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව 

 

රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය

28.මෙය රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය ලෙස හඳුන්වන්නේ ඇයි?

  • තයිලකොයිඩ තුළ ඇති ප්‍රභා පද්ධති වෙනත් අණුක සංඝටක මගින් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට පමණක් ගැලීම සිදු වේ.

 

29.රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය පියවර වශයෙන් විස්තර කරන්න.

  1. ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති II හි ඉලෙක්ට්‍රෝන අධි ශක්ති මට්ටමකට උද්දීපනය වේ.
  2. එම ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති II හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කර ගනී.
  3. එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් ජලය විච්ඡේදනය වී O2, H+ අයන හා ඉලෙක්ට්‍රෝන නිදහස් කරයි.
  4. ජලය විච්ඡේදනය වී නිදහස් වන ඉලෙක්ට්‍රෝන මගින් උද්දීපනය වූ ප්‍රභා පද්ධති II උදාසීන වේ.
  5. ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති I හි ඉලෙක්ට්‍රෝන අධි ශක්ති මට්ටමකට උද්දීපනය වේ.
  6. එම ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති I හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කර ගනී.
  7. ප්‍රභා පද්ධති II හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලබා ගත් ඉලෙක්ට්‍රෝන,ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ප්‍රභා පද්ධති I වෙතට පැමිණ ප්‍රභා පද්ධති I උදාසීන කරයි.
  8. මෙලෙස ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට පැමිණීමේදී මුදා හැරෙන ශක්තිය භාවිතයෙන් ප්‍රභා පොස්ෆොරයිලීකරණය මගින් ATP නිපදවයි.
  9. ප්‍රභා පද්ධති I හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කළ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ගමන් කර NADP ඔක්සිහරණය කරයි.
  10. NADP ඔක්සිහරණය වී NADPH නිර්මාණය වේ.

 

30.NADP ඔක්සිහරණ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන එන්සයිමය කුමක්ද?

  • NADP රිඩක්ටේස්

 

31.ජලයේ ප්‍රභා විච්ඡේදනය ඉතා වැදගත් වීමට හේතු මොනවාද?

  • ප්‍රභා පද්ධති II උදාසීන කිරීම සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සැපයීම
  • ප්‍රභාසංස්ලේෂණයේ දී වායුගෝලයට O2 නිදහස් වන එකම ක්‍රියාවලිය වීම.

 

 

චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය

32.චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය සිදු වන්නේ කුමන ප්‍රභා පද්ධතිය තුළද?

  • ප්‍රභා පද්ධති I

 

33.රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයට සාපේක්ෂව චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේ සිදුවන එකම වෙනස කුමක්ද?

  • අමතරව ATP නිපදවීම සිදු වේ.[/bg_collapse

 

34.ආලෝක ප්‍රතික්‍රියාවේදී හරිතලවයක සිදු වන ප්‍රධාන සිදුවීම් මොනවාද?

  1. ප්‍රභාසංස්ලේෂක වර්ණක මගින් ආලෝකය අවශෝෂණය.
  2. ජලයේ ප්‍රභා විච්ඡේදනයෙන් O2 නිදහස් වීම.
  3. ප්‍රභා පොස්ෆොරයිලීකරණය මගින් ATP නිපදවීම.
  4. NADP ඔක්සිහරණය වී NADPH නිර්මාණය වීම.

 

 

කැල්වින් චක්‍රය

35.කැල්වින් චක්‍රයේදී මූලිකවම සිදු වන්නේ කුමක්ද?

  • ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ ATP හා NADPH භාවිතයෙන් CO2 ඔක්සිහරණය වීම.

 

36.එක් G3P අණුවක් ශුද්ධ සංස්ලේෂණයට කැල්වින් චක්‍රය කොපමණ වාර ගණනක් විය යුතුද?

  • තුන් වරක්

 

37.කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර මොනවාද?

  • කාබොක්සිල්කරණය
  • ඔක්සිහරණය
  • CO2 ප්‍රතිග්‍රාකයා පුනර්ජනනය

 

 

කාබොක්සිල්කරණය

38.කාබොක්සිල්කරණයේදී CO2 ප්‍රතිග්‍රාකයා වන්නේ කුමන සංයෝගයද?

කාබන් 5 ක සංයෝගයක් වන රිබියුලෝස් බිස්පොස්පේට් (RuBP)

 

39.කාබොක්සිල්කරණය යනු කුමක්ද?

  • RuBP සමග CO2 සම්බන්ධ වීමයි.

 

40.කාබොක්සිල්කරණය උත්ප්‍රේරණය කරන එන්සයිමය කුමක්ද?

  • රුබිස්කෝ එන්සයිමය

 

41.ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රථම ස්ථායී ඵලය කුමක්ද?

  • 3-පොස්පොග්ලිසරේට් (3-PGA)

 

42.RuBP සමග CO2 සම්බන්ධ වීමෙන් පසු 3-PGA නිර්මාණය වන ආකාරය විස්තර කරන්න?

  • කාබොක්සිල්කරණයෙන් පසු ප්‍රථම ඵලය ලෙස කාබන් 6 ක අස්ථායී සංයෝගයක් සෑදේ.
  • එම සංයෝගය වහාම බිඳ වැටී කාබන් 3 කින් යුත් 3-PGA අණු දෙකක් නිර්මාණය වේ.

 

 

ඔක්සිහරණය

43.ඔක්සිහරණයේදී සිදු වන්නේ කුමක්ද?

  • 1,3 බිස් පොස්පොග්ලිසරේට් ග්ලිසරැල්ඩිහයිඩ් 3 පොස්පේට් බවට ඔක්සිහරණය වීම.

 

44.කාබෝහයිඩ්‍රේට් (ග්ලූකෝස්) සංස්ලේෂණයේ පූර්වග අණු මොනවාද?

  • ග්ලිසරැල්ඩිහයිඩ් 3 පොස්පේට් (G3P)

 

 

RuBP පුනර්ජනනය

45.RuBP පුනර්ජනනයේදී භාවිතා වන්නේ කුමන ATP ද?

  • ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වුණු ATP

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom