මානව සමේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය
1. මිනිස් දේහයේ විශාලතම අවයවය කුමක්ද?
2. සමේ ප්‍රධාන ස්තර දෙක මොනවාද?
-
-
- අපිචර්මය ( Epidermis )
- චර්මය ( Dermis )
3. අපිචර්මය සෑදීමට දායක වන ප්‍රධාන අපිච්ඡදය නම් කරන්න.
-
-
- කෙරටිනීභවනය වූ ස්තරීභූත ශල්කමය අපිච්ඡදය
4. සමේ අපිචර්මයේ ජනක අපිච්ඡදයේ අඩංගු සෛල වර්ගය හා එමඟින් ස්‍රාවය වන වර්ණකයක් නම් කරන්න.
-
-
- මෙලනොසෛට (Melanocytes) – මෙලනින් (melanin pigment)
5. චර්මය අරීයල සම්බන්ධක පටක වලින් තැනී ඇත. එහි අඩංගු ප්‍රධාන සෛල හා තන්තු නම් කරන්න.
-
-
- තන්තු-
- ඉලාස්ටීන් (elastic fibers)
- කොලැජන් (collagen fibers )
-
- සෛල-
- තන්තු සෛල (Fibroblasts)
- මහාභක්ෂාණු සෛල (Macrophages)
- කුඹ සෛල (mast cells)
6. පහත රූපයේ කොටස් නම් කරන්න.
A – අපිචර්මය
B – චර්මය
C – රෝමය (hair)
D – රෝම උද්ගාමක පේශි (arrector pilli muscle)
E – ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි (Sebaceous gland)
F – ස්වේද ග්‍රන්ථි (Sweat gland)
G – රුධිර වාහිනී (Blood vessel)
H – ස්නායු තන්තු (Nerve fibers)
7. මිනිස් සමේ ඇති සංවේදක ප්‍රතිග්‍රාහක මොනවාද?
-
-
- ක්‍රවුස් අන්ත බල්බ (bulb of Krause)
- රෆ්නි දේහාණු (organ of Ruffini)
- නිදහස් ස්නායු අන්ත (free nerve endings)
- මෙෙස්නර් දේහාණු (Meissner’s corpuscle)
- පැසීනියන් දේහාණු (Pacinian corpuscle)
- මර්කල් මඩල (Merkle discs)
8. මිනිස් සමේ කෘත්‍යයන් මොනවාද?
-
-
-
- ආරක්ෂාව
2. දේහ උෂ්ණත්ව යාමනය
3. චර්මීය සංවේදීතාව
4. විටමින් D සංස්ලේෂණය
5. බහිස්ස්‍රාවය (excretion)
9. දේහ උෂ්ණත්ව යාමනයේදී සමේ අඩංගු රුධිර වාහිනීවල කාර්යභාරය කුමක්ද?
-
-
- තාප ආතතියක් ඇති වූ විටදී , ධමනිකා විස්තාරණය මගින් සමේ කේශනාළිකා තුළින් රුධිර ගලනය වැඩි කරමින් තාප හානි වීමට ඉඩ සලසයි.
- සාමාන්‍ය පරාසය අභිභවා දේහ උෂ්ණත්වය පහළ ගිය විට චර්මයේ ඇති ධමනිකා සංකූචනය වීම මගින් සමේ කේශනාලිකා තුළින් තාප හානි වීම අවම කළ හැක.
මෙතනට පාඩම copy කර paste කරන්න.
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.