විද්‍යා අංශයජීව විද්‍යාව6.1.5.:ශාක හා සත්ත්ව අභි ජනනයේ මූලික සංකල්ප ගවේෂණය කරයි.

6.1.5.:ශාක හා සත්ත්ව අභි ජනනයේ මූලික සංකල්ප ගවේෂණය කරයි.

 

 

ශාක හා සත්ත්ව අභිජනනයෙහි වැදගත්කම

 

1.ශාක හා සත්ත්ව අභිජනනයෙහි වැදගත්කම් මොනවාද ?

  • ලෝකයේ මිනිස් හා සත්ත්ව ආහාර වල ගුණාත්මක අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කිරීමට
  • වර්ධනය වන ලෝක ජනගහනය සඳහා අවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ අවධානය යොමු කිරීමට
  • පාරිසරික ආතති වලට අනුවර්තනය වීමේ අවශ්‍යතාව
  • කාර්මික හා අනෙකුත් නිමි පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට
  • සෞන්දර්යාත්මක වටිනාකම් සහිත සත්ත්ව හා ශාක විශේෂ වැඩිදියුණු කිරීමට

 

2.ලෝක ජනගහනයෙන් මිලියන 800ක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු වලින් පෙලේ. මීට බලපෑම් කරන ප්‍රධාන ආහාර භෝග ආශ්‍රිතව හමුවන ගැටලු මොනවාද?

  • ලෝකයේ වඩාත්ම පුළුල්ව භාවිතයට ගැනෙන ප්‍රධාන ආහාරයක් වන සහල් වල අත්‍යාවශ්‍ය විටමින් රාශියක් අන්තර්ගත නොවේ.
  • ඇතැම් ආහාර භෝග වල විෂ ද්‍රව්‍ය පැවතීම.

(උදා: ඇතැම් අල වර්ගවල ඇල්කලොයිඩ, මාෂ භෝග වල ට්‍රිප්සීන් නිශේදක,අර්තාපල් වල ස්ටෙරොයිඩ ඇල්කලොයිඩ ආදිය අඩංගු වේ.)

  • ඇතැම් ශාක නිෂ්පාදන වල ලිග්නීන් අධිකව අන්තර්ගත වීම නිසා සත්ත්ව ආහාර ලෙස ඒවායේ වටිනාකම අඩු වීම.

 

3.ආහාර භෝග ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා අභිජනනය කෙසේ දායක වේද?

  • ප්‍රධාන ආහාර භෝග ආශ්‍රිතව ඇති (ඉහත දැක්වූ) විෂ සංඝටක අඩු කර කෑමට වඩාත් ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට ශාක අභිජනනය ප්‍රයෝජනවත් වේ.
  • ඇතැම් ශාක නිෂ්පාදිත ජීර්ණයට වඩාත් පහසු තත්ත්වයට පත්කිරීමට ශාක අභිජනනය යොදා ගැනේ.

 

4.වර්ධනය වන ලෝක ජනගහනය සඳහා ආහාර සම්පාදනය කිරීමේදී මතුවන අභියෝගය නම් කර ඒ සඳහා ශාක හා සත්ත්ව අභිජනනය මඟින් ලබදෙන විසඳුම් සඳහන් කරන්න.

  • වගා කළ හැකි බිම් ප්‍රමාණය හිඟ වීම නිසා අඩු බිම් ප්‍රමාණයක වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සිදුවී ඇත.
  • විසඳුම් : ශාක හා සත්ත්ව අභිජනනය මගින් වැඩිදියුණු කරන ලද සහ වැඩි අස්වැන්නක් සහිත ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම.
  • උදා:
      • සාමාන්‍ය සහල් වලට වඩා 50%ක වැඩි අස්වැන්නක් ලබා දෙන සුපිරි සහල්
      • සාමාන්‍ය තිරිඟු වලට වඩා 20% – 40% ක වැඩි අස්වැන්නක් ලබා දෙන සුපිරි තිරිඟු
      • ඉහළ අස්වැන්නක් ලබාදෙන බඩ ඉරිඟු හා සෝයා බෝංචි ප්‍රභේද

 

5.අහිතකර තත්ත්වයන්ට ඔරොත්තුදෙන නව ප්‍රභේද නිපදවාගත යුතු වේ. එසේ නිපදවන ලද භෝග සඳහා උදාහරණ සපයන්න.

  • ප්‍රවේණිකව විකරණය කරන ලද පලිබෝධයන්ට ඔරොත්තු දෙන BT විෂ දරන බඩ ඉරිඟු ,පුළුන්,අර්තාපල්
  • ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද
  • සීතලට ප්‍රතිරෝධී දුම්කොළ ,අර්තාපල් හා ස්ට්‍රෝබෙරි ප්‍රභේද
  • විවිධාකාර අභිජනනය ක්‍රම ශිල්ප මඟින් රෝගකාරකයන්ට එරෙහි ප්‍රතිශක්තිය වැඩිදියුණු කළ භෝග ශාක හා ගොවිපල සතුන්

 

 

 

 

6.අන්ත පරිශීලක (end-users) අවශ්‍යතා මත පදනම්ව වටිනාකමක් එක් කළ නිෂ්පාදන සත්ත්ව හා ශාක අභිජනනය ක්‍රමවේද යොදා ගනිමින් සාදා ගත හැක. මෙසේ නිපදවා ගන්නා ලද නිෂ්පාදන සඳහා උදාහරණ ලබා දෙන්න.

  • පිලිස්සීමට, පිසීමට, බැදීමට ,පෙති/කැබලි කිරීමට හා පිටිසඳහා තරම, විශිෂ්ට ගුරුත්වය සහ සීනි අන්තර්ගතය ආදී සාධක වෙනස් කරමින් සැකසූ විවිධ අර්තාපල් ප්‍රභේද
  • මිදි, කොමඩු, ස්ට්‍රෝබෙරි ආදී බීජ රහිත පලතුරු
  • තෙල් රහිත මස්

 

7.සෞන්දර්යාත්මක වටිනාකම් සහිත සත්ත්ව හා ශාක විශේෂ වැඩිදියුණු කිරීමට අභිජනනය දායකවී ඇති ආකාරය පහදන්න.

  • ශාක අභිජනනය යොදාගෙන සිදුකරන මල් හා පත්‍ර වල නව වර්ණ, විවිධ තරම හා ආකර්ෂණීය හැඩ දරන නව ප්‍රභේද වැඩිදියුණු කිරීම.
  • සුරතල් සතුන්සම්බන්ධ නව රූප විද්‍යාත්මක ලක්ෂණ සහ කෘත්‍යාත්මක හැකියා සඳහා සිදුකරන වරණීය අභිජනනය නිසා සුනඛ වර්ග 400ක් පමණ ඇති කිරීම.
  • හාවුන් වර්ග 50ක් පමණ්ද, කුරුලු ප්‍රභේද අති විශාල සංඛ්‍යාවක් ද, පුලුල් පරාසයක විහිදී යන විසිතුරු මසුන්ද නිපදවීම.

 

 

 

 

 

 

 

 

 

අභිජනනය ශිල්ප ක්‍රම

 

8.අභිජනනය ශිල්පීය ක්‍රම මොනවාද ?

  1. කෘතීම වරණය
  2. අන්තරාභිජනනය සහ බිහිජනනය
  3. දෙමුහුම්කරණය
  4. අන්තඃවිශේෂ අභිජනනය

 

9.අභිජනනය ශිල්පීය ක්‍රම අතුරින් ජෛව තාක්ෂණවේදයේ පූර්ව ආකාරය කුමක්ද ?

  • කෘතිම වරණය

 

10.කෘතිම වරණය යනු,

  • විශේෂිත ගති ලක්ෂණ දරන ශාක හා සතුන් තෝරාගෙන, අභිජනනය කිරීමෙන්,
  • එම අභිමත ගතිලක්ෂණ ඊළඟ පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කිරීමෙන්,
  • උසස් ලක්ෂණ සහිත නව ප්‍රභේද නිපදවීමට සිදුකරන,
  • වරණීය අභිජනන ක්‍රමයකි.

 

11.කෘතිම වරණයෙහි පළමු අවශ්‍යතාව ,

  • අභිමත ලක්ෂණ වලට අදාළව ප්‍රභේදන පැවතීමයි.

 

12.අනෙක් අභිජනන ක්‍රම වලට සාපේක්ෂව කෘතිම වරණයෙහි වාසි මොනවාද ?

  • ස්වභාවික වරණ ක්‍රියාවලිය යොදා ගත්තද, සෘජු අධීක්ෂණය යටතේ ඉතා පරිස්සමින් අභිමත ගති ලක්ෂණ දරන තෝරාගත් සතුන් හෝ ශාක භාවිත කිරීම.
  • මිනිසාට හානිදායක වීමේ විභවය හෝ ශාකයට හෝ සත්ත්වයාට ඇති අවදානම් සහගතභාවයද බොහෝ දුරට අඩුය.

 

 

අන්තරාභිජනනය හා බිහිජනනය

13.අන්තරාභිජනනය යනු කුමක්ද?

  • ප්‍රවේණිකව සමාන ඒකෛකයන් අතර අභිජනනය කිරීම.

 

14.ශාක අභිජනනයේදී අන්තරාභිජනනය භාවිතා වන්නේ කුමක් අර්ථවත් කිරීමටද?ඒ සදහා නිදසුනක් දෙන්න.

  • ස්වසංසේචනය- යම් පුෂ්පයක් එම පුෂ්පයේම හෝ එම ශාකයේම වෙනත් පුෂ්පයක පරාග සමග සංසේචනය
  • උදා-: තිරිගු,බාර්ලි,දුම්කොළ වැනි භෝග නිෂ්පාදනට පරිචිත ලෙස ස්වසංසේචනය කළ බීජ භාවිතය

 

15.සත්ත්ව අභිජනනයේදී අන්තරාභිජනනය යන යෙදුම භාවිතා කරන්නේ කුමක් අර්ථවත් කිරීම සදහාද?

  • ළගින් ඥාති සම්බන්ධතා පෙන්වන ඒකෙකයන් අතර සංවාසය කිරීම.

 

16.අන්තරාභිජනනයේ වාසි මොනවාද?

  • භෝග ශාක හා ගොවිපළ සතුන්ගේ අන්තරාභිජනනය මගින් අභිමත ලක්ෂණ සංරක්ෂණය කරගෙන අවශ්‍ය ආකාරය තුළ ඒකීයත්වයක් ඇති කළ හැකි වීම.
  • කෘෂිකර්මාන්තයට හා පරීක්ෂණවලට අවශ්‍ය නුමුහුම් පෙළ නිෂ්පාදනට
  • කෘෂිකර්මාන්තයට අන්තරාභිජනනය භාවිතය සුපිරි ජාන ඒකරාශිවීමට උපකාරී වීම.

 

17.අන්තරාභිජනනයේ අහිතකර බලපෑම් මොනවාද?

  • අන්තරාභිජනනය මගින් සමයුග්මකතාව ඉහළ නංවන බැවින් විෂමයුග්මකයන් තුළ සැඟවී පැවතිය හැකි හානිදායක නිලීන ජාන ඉස්මතු වීම.
  • අඛණ්ඩව අන්තරාභිජනනය කිරීමෙන් ගහණයේ ප්‍රවේණික යෝග්‍යතාව අඩුවී, ඔවුන්ගේ ඵලදායීතාවය මත අහිතකර බලපෑම් ඇතිවී,ගහණය තුළ ප්‍රවේණික ආබාධවල පැවැත්ම ඉහළ යාම.

 

18.අන්තරාභිජනන අවපාතය යනු කුමක්ද?

  • අන්තරාභිජනනයේ ප්‍රතිඵලයක් ලෙස යම් ගහණයක ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීමේ සංසිද්ධිය.

 

19.කෘෂිකර්මාන්තයට හා සත්ත්ව පාලනයට අන්තරාභිජනනය භාවිතා කිරීමේදී වාසිදායක බලපෑම් ඇති කරගන්නේ කෙසේද?

  • ප්‍රජනිතයේ සිටින අභිමත විශේෂිත ලක්ෂණ දරන,අනෙකුත් ඍණාත්මක ලක්ෂණ නොදරන ජනිතයන් පමණක් භාවිතා කිරීම.
  • ප්‍රජනිතයේ සිටින ඍණාත්මක ලක්ෂණ සහිත ඒකෛකයන් ඉවත් කිරීම හෝ නැවත අභිජනනයට ලක් නොකිරීම.

 

20.බිහිජනනය යනු කුමක්ද?

  • වෙනස් වර්ගයන්ට අයත් ශාක හෝ සතුන් එකිනෙකා හා සංවාකිරීම.

 

21.බිහිජනනය මඟින් සැලසෙන වාසිය කුමක්ද?

  • විදේශීය ජනකයෙකු සතු දේශීය ජනකයා තුළ නැති අභිමත ලක්ෂණ ප්‍රජනිතයට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ සැලසීම.

 

22.ශාක හා සත්ත්ව අභිජනනයේදී බිහිජනනය භාවිතා කරන අවස්ථා මොනවාද?

  • ශාක අභිජනනය- ඉරිඟු,කංසා වැනි භෝග සාමාන්‍යයෙන් පරසංසේචනය
  • සත්ත්ව පාලනය- කිරි සහ මාංස නිෂ්පාදනවල උසස් බව වැඩි කිරීමට

 

 

දෙමුහුම්කරණය

23.දෙමුහුම්කරණය යනු කුමක්ද?

  • එකම විශේෂයකට අයත්,ප්‍රවේණික සම්බන්ධතා නොමැති නුමුහුම් අභිජනන ශාක හෝ සතුන් අතර සංවාසය කිරීම.

 

24.සාමාන්‍යයෙන් මෙය සිදුකරන්නේ කෙසේද?

  • කිසිදු ජනකයෙකුගේ පරම්පරා 4-6 දක්වා පෙළපතෙහි පොදු පූර්වජයන් රහිත ශාක හා සතුන් භාවිතා කිරීමෙන්

 

25.දෙමුහුම්කරණයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ජනිතයා සතු ලක්ෂණ මොනවාද?

  • ස්ථායී ලාක්ෂණික සහ දෙමුහුම් දිරිය දැරීම.

 

26.දෙමුහුම් දිරිය යන්න හඳුන්වන්න.

  • දෙමුහුම් ජීවීන්ගේ තරම,වර්ධන වේගය,සරු භාවය සහ අස්වැන්න වැනි ලාක්ෂණිවල වැඩි දියුණු වීම.

 

27.ශාක හා සත්ත්ව අභිජනනය සිදුකරන්නන් දෙමුහුම් දිරිය ලබා ගන්නේ කෙසේද ?

  • නිශ්චිත, අභිමත, විශේෂිත ලක්ෂණ දරන, වෙනස් සත්‍යාභිජනක වූ පෙළ දෙකක් සංවාසයට ලක් කිරීම.

 

28.නිවර්තන එළවළු අභිජනනය කරන්නන් දෙමුහුම්කරණය මඟින් භෝගවලට අත්කරගෙන ඇති වාසි මොනවාද?

  • ඵලදාවේ වර්ධනය
  • දීර්ඝ වර්ධන ඍතුව
  • තත්වය වැඩිදියුණු වීම.

 

 

අන්තඃවිශේෂ අභිජනනය

29.අන්තඃවිශේෂ අභිජනනය යනු කුමක්ද?

  • වෙනත් විශේෂ වලට අයත් පුං හා ජායා ජීන් අතර සංවාසය සිදු කිරීම.

 

30.අන්තඃවිශේෂ අභිජනනය මඟින් ලැබෙන ප්‍රජනිතය සතු ලක්ෂණ මොනවාද?

  • සාමාන්‍යයෙන් ජනක විශේෂ දෙකටම වඩා වෙනස් වේ.
  • සරු , අර්ධ ලෙස සරු හෝ නිසරු වෙයි.

 

31.සත්ත්වයින්ට වඩා ශාක වඩාත් බහුලව හා සාර්ථකව දෙමුහුම්කරණය සිදු කිරීමට හේතු මොනවාද ?

  • සපුෂ්ප ශාකවල රේණු පුළුල්ව ව්‍යාප්ත වන නිසා විශේෂාන්තර අභිජනනවලට ඉඩ සලසමින් වෙනස් විශේෂවල මල් මත පතිත විය හැකිවීම.
  • ශාක ආකාර සත්ත්ව ආකාරවලට වඩා අඩු සැර බවකින් යුතුව පාලනය කරන නිසා, ශාක දෙමුහුම් ජීවියෙකුගේ අතරමැදි ආකාර කායික විද්‍යාත්මකව සාර්ථක වීමේ හැකියාව වැඩිවීම.

 

32.සතුන් අතර විශේෂාන්තර අභිජනනය සිදුකරන අවස්ථා මොනවාද?

  • සීබ්‍රාවන් හා බූරුවන් අතර මුහුමින් Zonkey නම් ජනිතයන් ඇතිවීම.

  • සීබ්‍රාවන් හා අශ්වයන් අතර මුහුමින් Zorse නම් ජනිතයන් ඇතිවීම.

  • බූරුවා හා වෙළඹ අතර මුහුමින් කොටළුවා ඇතිවීම.

 

 

බහුගුණකතාව

33.බහුගුණකතාව යන්න හඳුන්වන්න.

  • සෑම සෛලීය න්‍යෂ්ටියකම සමස්ත සමජාත වර්ණදේහය කට්ටල යුගලකට වඩා දක්නට ලැබීම.

 

34.මෙය පුළුල්ව භාවිතා වන්නේ කුමන ක්ෂේත්‍රයකදීද?

  • ශාක අභිජනනයේදී

 

35.ශාක තුළ කුමන ද්‍රව්‍ය මගින් කෘත්‍රිමව බහුගුණකතාව ප්‍රේරණය කළ හැකිද?

  • ප්‍රති අනූනන – කොල්චිසීන්

 

36.gigas ආචරණය යනු කුමක්ද ?

  • ජානයක පිටපත් රාශියක් තිබීම නිසා ශාක ඉන්ද්‍රියන්ගේ වර්ධනය වැඩිවීම.

 

37.gigas ආචරණයේ ප්‍රතිඵල කුමක් විය හැකිද?

  • බහුගුණ ඒකෛකයන්ගේ මුල්, පත්‍ර, tubercles, මල්, ඵල සහ බීජ ආදිය ඔවුන්ගේ ද්විගුණකයන්ට සාපේක්ෂව විශාල වීම.

 

38.බහුගුණ ශාක ද්විගුණකයන්ට සාපේක්ෂව දරන ලක්ෂණ මොනවාද ?

  • අඩු වර්ධන වේගයක් තිබීම.
  • ප්‍රමාද වී හෝ දිගු කාලයක් පුරා මල් දැරීම.

 

39.බහුගුණකතාව හේතුවෙන් ඌනන විභාජනයේදී සිදුවන දෝෂ නිසා සිදුවන්නේ කුමක්ද? ඒ සඳහා උදාහරණක් දෙන්න.

  • සරු භාවය අඩුවීම.
  • ත්‍රිගුණ කොමඩු වැනි බීජ රහිත ප්‍රභේද ඇතිවීම.

 

40.ජාන සම්ප්‍රේෂණයට බහුගුණකයන් භාවිතා කළ හැක්කේ කුමන අවස්ථාවකදීද?

  • ගුණක මට්ටම්වල වෙනස්කම් නිසා විශේෂ 2ක් අතර මුහුම් කිරීම අසාර්ථක අවස්ථාවක

 

41.මේ යටතේ ජීවියෙකුගේ සරුභාවය නැවතඇතිවන අවස්ථාවක් දෙන්න.

  • අළුතින් නිපදවන ලද දෙමුහුන් වඳ ජීවියෙකුගේ ජීනෝමය දෙගුණ වීම.

 

42.ජීනෝම අතිරික්තය යන්න හඳුන්වන්න.

  • වැඩි වූ ගුණකතාව නිසා අතිරේක ජාන පිටපත් දැරීමයි.

 

43.ජීනෝම අතිරික්තය නිසා ඇතිවන වාසි සඳහන් කරන්න.

  • බහුගුණකතාවයේදී වන දර්ශීය ඇලීල වල අමතර පිටපත් නිසා හානිකර ඇලීල වල ක්‍රියාව ආවරණය වීමක් සිදුවන අතර එය ස්වාරක්ෂණ බලපෑමක් ලෙස හඳුන්වයි.
  • ඉන් අතිරික්ත ජාන පිටපත් වල කෘත්‍යාත්මක විවිධත්වයක් ඇති කරයි.එනම්, පිටපත්කරණය වූ ජාන යුගලින් එකක් විකෘති වලට ලක්වී අත්‍යවශ්‍යය කෘත්‍යයන්ට බාධා නොවන පරිදි නව කෘත්‍යක් අත්පත් කර ගනියි.

 

44.බහුගුණකතාව සමඟ සබැඳි තවත් ලක්ෂණයක් වන්නේ විෂමයුග්මකතාවයයි.එලෙස ඉහළ මට්ටමක විෂමයුග්මකතාවයෙහි ධනාත්මක දායකත්වයක් සඳහන් කරන්න.

  • ඉරිඟු ,අර්තාපල් හා Alfa alfa යනාදියෙහි දිරිය වැඩිකර ඵලදාවේ තත්ත්වය වැඩිදියුණු වීම.
  • ජෛව මෙන්ම අජෛව පීඩා දැරීමේ හැකියාව වැඩිදියුණු වීම.

 

 

විකෘති අභිජනනය

45.විකෘති අභිජනනය යන්න හඳුන්වන්න.

  • රසායනික හෝ භෞතික ක්‍රමවේද යොදා ගනිමින් භෝග ශාකවල අභිමත විකෘති ප්‍රේරණය කිරීමේ ක්‍රමවේදයයි.

 

46.විකෘති ප්‍රේරණ ක්‍රමවේද භාවිතයට ගන්නා අවස්ථාවක් සඳහන් කරන්න.

  • විශේෂයක ජාන කිටුව තුළ යම් ලක්ෂණයක විචල්‍යතාවේ ඉතා සුලු වශයෙන් වැඩිදියුණු කලහැකි බව හෝ වැඩිදියුණු කල නොහැකි බව පෙනීයන අවස්ථාවක

 

47.විකෘති සිදුකරන කාරක නම් කරන්න.

  • අයනීකරණ විකිරණ – ගැමා කිරණ, ප්‍රෝටෝන, නියුට්‍රෝන ,ඇල්ෆා හා බීටා ආදී අංශු
  • රසායනික ද්‍රව්‍ය – සෝඩියම් ඒසයිල්, එතිල් මෙතේන්සල්ෆොනේට්

 

48.මෙහිදී අභිමත විකෘතියක් තෝරා ගැනීමට අභිජනනය කිරීමේදී විශාල ගහනයක් භාවිත කලයුතු වන්නේ ඇයි?

  • විකෘති සිදුකරන කාරක මගින් ප්‍රේරණය කරන ගන්නා අභිමත විකෘති ඉතා අඩු සංඛ්‍යාවකින් දක්නට ලැබෙන නිසා (මුලු විකෘති අතුරින් 0.1%)
  • බොහෝ විකෘති නිලීන ලෙස ක්‍රියාකිරීමට පෙලඹෙන බැවින් ඒවායේ ප්‍රමුඛ ඇලීල මගින් ආවරණය වීම නිසා

 

49.ප්‍රේරිත විකෘති කරණය භාවිතා කිරීමේ සඵලතාවය කුමක්මත තීරණය වේද?

  • ශාකයේ අභිජනන ක්‍රමය මත

 

50.මෙය සාර්ථක වීමට වැඩි හැකියාවක් ඇත්තේ කුමන පරාගන ක්‍රමය මතද?

  • ස්වපරාගනය මත

 

51.ප්‍රේරිත විකෘතිකරණය පරපරාගිත ශාකවලට සාර්ථකව සිදු නොවීමට හේතුව කුමක්ද?

  • පරපරාගිත ශාක ගහන වල සාමාන්‍යයෙන් නිලීන අවස්ථාවේ පවතින ප්‍රවේණික විචල්‍යය ගබඩා වී ඇති නමුත් ප්‍රේරිත විකෘතිකරණය මඟින් සැළකිය යුතු නව විචල්‍ය ප්‍රමාණයක් ඇති නොකරන නිසා

 

52.ප්‍රේරිත විකෘතිකරණය මඟින් භෝග හා විසිතුරු ශාක වල වැඩිදියුණු කරගෙන ඇති රූප විද්‍යාත්මක හා කායික ලක්ෂණ මොනවාද ?

  • මල්වල වර්ණය
  • බීජවල තරම
  • භෝග ඵලදාව
  • රෝග ප්‍රතිරෝධීතාව හා ලවණවලට ඔරොත්තු දීමේ හැකියාව
  • නියඟ වලට ඔරොත්තු දීමේ හැකියාව
  • කලින් පරිණත වීමේ හැකියාව

 

53.විකෘති අභිජනනය මගින් නිෂ්පාදනය කර ඇති ශාක සඳහා උදාහරණ සපයන්න.

  • තිරිඟු
  • බාර්ලි
  • සහල්
  • තක්කාලි
  • සෝයා බෝංචි
  • ලූනු

 

 

ප්‍රවේණික විකරණය

54.ජාන ඉංජිනේරු විද්‍යාව යනු කුමක්ද?

  • ජීවීයෙකුගේ සෛල වල ප්‍රවේණික සැකැස්ම වෙනස් කිරීම සඳහා සෘජුවම ජාන මෙහෙයවීම.

 

55.ජාන සම්ප්‍රේෂණය කරන්නේ කෙසේද?

  • යම් අභිමත විශේෂ ලක්ෂණයක් දරන එක් ජීවියෙකුගේ ලබා ගත් ප්‍රවේණික ද්‍රව්‍ය,ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය භාවිත කර වෙනත් ජීවියෙකු තුළට ඇතුළු කිරිම.

 

 

56.ජාන සම්ප්‍රේෂණය කරනුයේ කුමන ජීවීන් අතර පමණක්ද?

  • කිට්ටු ඥාති සම්බන්ධතා සහිත විශේෂ හෝ ගණ අතර

 

57.ඉංජිනේරු විද්යාත්මකව වෙනස් කළ ජීවීන් හඳුන්වන්නේ කෙසේද?

  • ජාන සුසංයෝගී හෝ ජාන විකරණය කළ ජීවීන් (GMO)

 

58.ජාන සුසංයෝගී ජීවී විශේෂ වලට උදාහරණ දෙන්න?

  • Ring spot වෛරසයට ප්‍රතිරෝධී පැපොල්
  • ඉහළ බීටා කැරොටීන් මට්ටමක් සහිත රන් සහල්
  • ලවණ ප්‍රතිරෝධී සහල්

 

 

ස්වභාවික හා කෘතිම අභිජනනය ක්‍රම වල වාසි හා අවාසි

59.කෘතිම අභිජනනයේ හෝ ස්වභාවික අභිජනනයේ වාසි මොනවාද?

  • කෘතීම අභිජනනයේදී මිනිසාට ප්‍රයෝජනවත් ගති ලක්ෂණ සහිත සමාකාර ශාක සත්ත්ව කුලක නිපදවිය හැකිය.
  • ස්වභාවික අභිජනනයේදී ස්වාභාවික වරණයට ඉඩ සලසමින් එම විශේෂයේ දුර්වලතා හා නොහැකියා ඉවත් වීම.

 

60.කෘතිම අභිජනනයේ හෝ ස්වභාවික අභිජනනයේ අවාසි මොනවාද?

  • ආසාදන වලට ප්‍රතිරෝධීතාවය අඩු වීම.
  • සහජ/සංජානීය විෂමතාවන්ගේ ඉහළ ව්‍යාප්තිය.
  • සරු භාවය අඩු වීම.
  • අන්තරාභිජනන අවපාතය
  • ඍණාත්මක සහසම්බන්ධිත ප්‍රතිචාර පෙන්වීම.

 

61.කෘතිම අභිජනනයේ අවාසි වලට උදාහරණ දෙන්න.

  • ඇතැම් අභිජනනය කළ Boxer හෝ Bulldog වැනි සුනඛයන්ගේ හිස් කබලේ හැඩය එනම් යටි නිසා සාමාන්‍ය ආහාර ලබා ගත නොහැකි වීම.
  • පැටවුන් ලබා ගැනීමේදී Texel බැටළුවන්ට සිසේරියන් සැත්කම් කළ යුතු වීම.

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.