රසායනික ගණනයේ දී භාවිතායට ගැනෙන රසායනික සූත්‍ර වර්ග 2 කි.
ආණුභවික සූත්‍රය
සංයෝගයක ප්‍රතිශත සංයුතියට අනුකූල වන ලෙස එක් එක් මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යා අතර සරලම , පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය දැක්වෙන සූත්‍රය ආනුභවික සූත්‍රය නම් වේ. මෙමගින් සංයෝගයක ඒ ඒ මුලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණු සංඛ්‍යාව පෙන්නුම් කළ හැක.
උදා –
එතේන් වල ( C2H6 ) ආණුභවික සූත්‍රය CH3 වේ.
ග්ලුකෝස් වල ( C6H12O6 ) ආණුභවික සූත්‍රය CH2O වේ.
අණුක සූත්‍රය
- සංයෝගයක එක් අණුවක අඩංගු වන එක් එක් මූලද්‍රව්‍යයේ නියම පරමාණු සංඛ්‍යාව දැක්වෙන සූත්‍රය.
උදා –
එතේන් වල අණුක සූත්‍රය C2H6 වේ.
ග්ලුකෝස් වල අණුක සූත්‍රය C6H12O6 වේ.
ස්කන්ධය ප්‍රතිශත ඇසුරෙන් සංයෝගයක ආනුභවික සූත්‍රය නිර්ණය කිරීමේ මූලික පියවර
- සංයෝගයේ ඇති එක් එක් මූලද්‍රව්‍යයේ 100 g ක ස්කන්ධය ග්‍රෑම් වලින් ලබාගන්න. ( ස්කන්ධ ප්‍රතිශතය ලෙස දී ඇති බැවින් එම ප්‍රතිශතය 100 g ක ඇති මූලද්‍රව්‍ය ස්කන්ධයට සමාන වේ.)
- එක් එක් මූලද්‍රව්‍යයේ 100 g ක පවතින මවුල ප්‍රමාණය ලබාගනු පිණිස එක් එක් ස්කන්ධය අනුරූප මූලද්‍රව්‍යයේ මවුලික ස්කන්ධයෙන් බෙදන්න.
- කුඩාම සංඛ්‍යාව 1 වන පරිදි එක් එක් මූලද්‍රව්‍ය යේ මවුල ප්‍රමාණය දෙවන පියවරේ දී ලැබුණු කුඩාම මවුල ප්‍රමාණයෙන් බෙදන්න. ( ලැබෙන සියලු සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා නම් හෝ පූර්ණ සංඛ්‍යාවට ඉතාමත් ආසන්න නම් පමණක් එම සංඛ්‍යා ආනූභවික සූත්‍රයේ ඒ ඒ මූලද්‍රව්‍ය වලට අදාල සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය ලෙස සැලකිය හැකිය . දශම ඉලක්කම එක දෙක හෝ අට නවය ඇත්නම් පමණක් තුන පියවරෙහි වැටයීම කළ හැකිය. අනෙක් දශමස්ථාන ඇත්නම් පියවර හතරට යා යුතුය. )
- තුන්වන පියවර අවසානයේ ලැබෙන සංඛ්‍යා සියල්ල පූර්ණ සංඛ්‍යා වලට හරවන කුඩාම පූර්ණ සංඛ්‍යාවෙන් ඒවා ගුණ කරන්න. එවිට ලැබෙන සංඛ්‍යා ආනුභවික සූත්‍රයේ ඒ ඒ මූලද්‍රව්‍යයේ සරල පූර්ණ අනුපාත ලෙස සැලකිය හැකිය.
උදා :
කාබනික සංයෝගයක ස්කන්ධය අනුව
C = 10.06% H = 0.84% Cl = 89.1%
අඩංගු වේ එම සංයෝගයේ ආනුභවික සූත්‍රය නිර්ණය කරන්න.
(සා.ප.ස් C = 12 , H = 1 , Cl = 35.5 )
C | H | Cl | |
සංයෝග 100g ක පවතින මූලද්‍රව්‍ය ස්කන්ධය(g) | 10.06 | 0.84 | 89.1 |
සංයෝග 100g පවතින මූලද්‍රව්‍ය මවුල ( mol ) | \frac{10.06}{12} | \frac{0.84}1 | \frac{89.1}{35.5} |
0.838 | 0.84 | 2.51 | |
( 3) පියවර |
\frac{0.838}{0.838} | \frac{0.84}{0.838} | \frac{2.51}{0.838} |
1 | 1.002\approx1 | 2.99\approx3 | |
1 | 1 | 3 |
\therefore\text{ආනුභවික සූත්‍රය}={\mathrm{CHCl}}_3
ආනුභවික සූත්‍ර ස්කන්ධය හා අණුක ස්කන්ධය භාවිතා කරා අණුක සූත්‍රය නිර්ණය කිරීමේ පියවර
- ආනුභවික සූත්‍රයෙන් , ආනුභවික සූත්‍ර ස්කන්ධය ගණනය කරන්න.
- දී ඇති අණුක ස්කන්ධය ,ආනුභවික සූත්‍ර ස්කන්ධයෙන් බෙදන්න.
- මෙසේ බෙදීමෙන් පූර්ණ සංඛ්‍යාවක් ලැබේ. එය n ලෙස ගනිමු.
- අණුක සූත්‍රය නිර්ණය කිරීම සඳහා ආනුභවික සූත්‍රයේ යටි පෙළ සංඛ්‍යා එම පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න.
අණුක සූත්‍රය = ( ආනුභවික සූත්‍රය )n
උදා : n = 2 නම්,
\begin{array}{rcl}\text{අණුක සූත්‍රය}\;&=&\;\left(\mathrm C\;{\mathrm H}_3\right)2\\&=&\;\mathrm C2\mathrm H6\end{array}
නිදසුන් 1 :
කාබන් හා ක්ලෝරීන් පමණක් අඩංගු එක්තරා ස්ථායි ක්ලෝරොකාබනයක බර අනුව 90% ක් Cl අඩංගු වේ මෙම ක්ලෝරොකාබනයෙහි නිවැරදි අණුක සූත්‍රය අපෝහනය කරන්න.
(සා.ප.ස් C = 12 , Cl = 35.5 )
C | Cl | |
සංයෝග 100g ක පවතින මූලද්‍රව්‍ය ස්කන්ධය(g) | 10 | 90 |
සංයෝග 100g පවතින මූලද්‍රව්‍ය මවුල ( mol ) | \frac{10}{12} | \frac{90}{35.5} |
0.833 | 2.535 | |
( 3) පියවර |
\frac{0.833}{0.833} | \frac{2.535}{0.833} |
1 | 3 |
ආනුභවික සූත්‍රය CCl3 වේ. එය අණුක සූත්‍රය විය නොහැක. හේතුව එය අස්ථායි වේ.
මෙය ස්ථායි ක්ලෝරොකාබනයක් බැවින් n සඳහා 2, 3, 4… වැනි අගයන් ආදේශ කළ විට,
\begin{array}{rcl}\text{අණුක සූත්‍රය}\;&=&\left({\mathrm{CCl}}_3\right)2\\&=&{\mathrm C}_2{\mathrm{Cl}}_6\\&&\\\text{අණුක සූත්‍රය}\;&=&\left({\mathrm{CCl}}_3\right)3\\&=&{\mathrm C}_3{\mathrm{Cl}}_9\\&&\\\text{අණුක සූත්‍රය}\;&=&\left({\mathrm{CCl}}_3\right)4\\&=&{\mathrm C}_4{\mathrm{Cl}}_{12}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\text{වේ.}\\&&\end{array}
නමුත් C හා Cl පවතින ස්ථායි සංයෝගයක අණුක සූත්‍රය පහත පරිදි විය යුතුය.
\left({\mathrm C}_{\mathrm x}{\mathrm{Cl}}_{2\mathrm x+2}\right)එම නිසා මීට ගැළපෙන පිළිතුර C2Cl6 වේ.
නිදසුන් 2 :
H, C හා Br අඩංගු සංයෝගයක ඒ ඒ මුලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත පිළිවෙලින් 2.1% , 12.8% හා 85.1% වේ. සංයෝගයේ ආසන්න සාපේක්ෂ අණුක ස්කන්ධය 185 නම් එහි අණුක සූත්‍රය කුමක්ද?
( සා.ප.ස් H = 1, C =12 , Br = 80 )
C | H | Br | |
සංයෝග 100g ක පවතින මූලද්‍රව්‍ය ස්කන්ධය(g) | 12.8 | 2.1 | 85.1 |
සංයෝග 100g පවතින මූලද්‍රව්‍ය මවුල ( mol ) | \frac{12.8}{12} | \frac{2.1}1 | \frac{85.1}{80} |
1.066 | 2.1 | 1.063 | |
( 3) පියවර |
\frac{1.066}{1.063} | \frac{2.1}{1.063} | \frac{1.063}{1.063} |
1 | 1.9 | 1 | |
1 | 2 | 1 |
\begin{array}{rcl}\therefore\;\text{ආනුභවික සූත්‍රය}&=&{\mathrm{CH}}_2\mathrm{Br}\\\text{ආනුභවිකසූත්‍රයේස්කන්ධය}&=&(12+2+80)\mathrm{gmol}^{-1}\\&=&94\mathrm{gmol}^{-1}\\\text{අණුකසූත්‍රය}&=&\text{(ආනුභවිකසූත්‍රය)}\mathrm n\\185\mathrm{gmol}^{-1}&=&\left(94\mathrm{gmol}^{-1}\right)\mathrm n\\\mathrm n&=&\frac{185\mathrm{gmol}-1}{94\mathrm{gmol}-1}\\\mathrm n&=&1.968\\\mathrm n&\simeq&2\\\therefore\text{අණුකසූත්‍රය}&=&\left({\mathrm{CH}}_2\mathrm{Br}\right)\mathrm n\\&=&\left({\mathrm{CH}}_2\mathrm{Br}\right)2\\&=&{\mathrm C}_2{\mathrm H}_4{\mathrm{Br}}_2\end{array}
නිදසුන් 3 :
M නම් කාබනික සංයෝගයකින් 0.488 g මුළුමනින්ම දහනය කළ විට CO2 1.232 g ක් ද H2O 0.216 g ක් ද ලැබේ. M හි C , H හා O පමණක් අඩංගු වී ඇත්නම් අණුක සූත්‍රය සොයන්න.
( සා.ප.ස් H = 1, C =12 , O = 16 )
M = Cx Hy Oz ලෙස ගනිමු.
\begin{array}{rcl}{\mathrm C}_{\mathrm x}{\mathrm H}_{\mathrm y}{\mathrm O}_{\mathrm z}+\left(\mathrm x+\frac{\mathrm y}4-\frac{\mathrm z}2\right){\mathrm O}_2&\rightarrow&{\mathrm{xCO}}_2+\frac12{\mathrm H}_2\mathrm O\end{array}
\begin{array}{rcl}\text{පිටවූ}\;\;{\mathrm{CO}}_2\;\text{මවුල}\;&=&\frac{\mathrm m}{\mathrm M}=\frac{1.232\;\mathrm g}{44\;\mathrm{gmol}^{-1}}=0.028\;\mathrm{mol}\\\text{පිටවූ}\;\;{\mathrm H}_2\mathrm O\;\text{මවුල}\;&=&\frac{\mathrm m}{\mathrm M}=\frac{0.216\;\mathrm g}{18\;\mathrm{gmol}^{-1}}=0.012\;\mathrm{mol}\end{array}
ස්ටොයිකියෝමිතික අනුපාත අනුව Cx Hy Oz සංයෝගයේ මවුල ගණන n නම්,
\begin{array}{rcl}\mathrm{nx}&=&0.028\;\mathrm{mol}\;\;\cdots\cdots(1)\\\mathrm n\frac{\mathrm y}2&=&0.012\;\mathrm{mol}\;\;\cdots\cdots(2)\end{array}
\begin{array}{rcl}&&(1)\;\;\text{න්,}\\\mathrm n&=&\frac{0.028}{\mathrm x}\;\;\;\cdots\cdots(3)\\&&(2)\;\text{න්,}\\\mathrm n&=&\frac{0.012\times2}{\mathrm y}\;\;\;\cdots\cdots(4)\\(3)&=&(4)\\\frac{0.028}{\mathrm x}&=&\frac{0.024}{\mathrm y}\\\frac{\mathrm y}{\mathrm x}&=&\frac67\\\mathrm y\;:\;\mathrm x&=&6\;:\;7\end{array}
\therefore\mathrm x=7\;\;\text{ද}\;\mathrm y=6\;\text{ද යන අනුපාතය ගනිමු.}
සංයෝගයේ ස්කන්ධය = 0.488 ලෙස දී ඇත.
∴ ස්ටොයිකියෝමිතික අනුපාතය අනුව ,
\begin{array}{rcl}\mathrm{nx}&=&0.028\;\mathrm{mol}\;\text{අනුව,}\\\frac{0.488\;\mathrm g\;\times\mathrm x}{\mathrm M}&=&0.028\;\mathrm{mol}\\\mathrm x&=&7\;\text{නම් ,}\\\mathrm M&=&122\;\mathrm{gmol}-1\end{array}
දැනට C 7 ක් හා H 6 ක් ලෙස සොයා ගෙන ඇති බැවින්,
\begin{array}{rcl}12\times7+1\times6+16\times\mathrm z&=&122\\90+16\mathrm z&=&122\\\mathrm z&=&2\end{array}
\begin{array}{rcl}\therefore\;\text{අණුක සූත්‍රය}&=&{\mathrm C}_7{\mathrm H}_6{\mathrm O}_2\end{array}
අභ්‍යාස
1. D නම් කාබනික සංයෝගයක C , H, N හා O පමණක් ඇත. එහි 1.2 g දහනය කළ විට CO2 1.76g ද H2O 0.9 g ක් ද ලැබේ. D හි 1.8g ක් තුළ N 0.42 g ක් අඩංගු වේ. D හි අණුක සූත්‍රය සොයන්න.
( සා.ප.ස්. = H =1 , C= 12 , N = 14 , O = 16 )
2. ස්ඵටිකරූපී ලවණයක් රත් කළ විට එහි ස්කන්ධය 48.10% කින් අඩුවේ. නිර්ජල ලවණයේ Zn 47.79% ද Cl 52.21% ද ස්කන්ධය අනුව අඩංගු වේ. නිර්ජල ලවණයේ සහ සජල ලවණයේ සරලම සූත්‍ර සොයන්න.
( සා.ප.ස්. = H =1 , O = 16 , Zn = 65 , Cl = 35.5 )
3. W නම් කාබනික සංයෝගයක C , H , O යන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ. W හි 1.2 g ක් දහනය කළ විට CO2 1.76 g ක් ද, H2O 0.72 g ක් ද ලැබේ. W හි සා.අ.ස්. 60 ක් නම් එහි අණුක සූත්‍රය සොයන්න.
4. Y නම් සංයෝගයක ස්කන්ධය අනුව C 67.41% ක් ද, H 5.62% ක් ද, O පමණක් අඩංගු වේ. Y හි සා.අ.ස්. 200 ට අඩු නම් එහි අණුක සූත්‍රය සොයන්න.
5. කාබනික සංයෝගයක C පරමාණු 6 ක්, H පරමාණු 3 ක් Br පරමාණු ගණන මෙන් දෙගුණයක් Cl පරමාණු ද අඩංගුවේ. සංයෝගයේ 0.987 g ස්කන්ධයක අඩංගු සියලුම ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් AgCl හා AgBr බවට පත් කළ විට ලැබෙන මුළු හේලයිඩ ස්කන්ධය 2.073 g විය. සංයෝගයේ අණුක සූත්‍රය නිර්ණය කරන්න.
( සා.ප.ස්. H = 1 , C = 12 , Cl = 35.5 , Ag = 108 , Br = 80 )
6. අණුක සූත්‍රය CN2H4Sx වූ සංයෝගයක 0.852 g ස්කන්ධයක අඩංගු S මුළුමනින්ම BaSO4 බවට පරිවර්තනය කරන ලදී. ලැබුණු BaSO4 වල ස්කන්ධය 2.62 g විය. x අගය නිර්ණය කරන්න.
( සා.ප.ස්. H = 1 , C = 12 , N = 14 , O = 16 , S = 32 , Ba = 137 )
7. C , H හා N පමණක් අඩංගු සංයෝගයක ඒ ඒ මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත පිළිවෙලින් 77.4%, 7.53% හා 15.1% වේ. සංයෝගයේ අණුවක එක් නයිට්‍රජන් පරමාණුවක් පමණක් අඩංගු වේ නම් සංයෝගයේ අණුක සූත්‍රය කුමක්ද?
( සා.ප.ස්. H = 1 , C = 12 , N = 14 )
8. XY2 හා XY3 යන සංයෝග දෙකෙහි පිළිවෙලින් 0.298 g හා 0.442 g ස්කන්ධවල වල පිළිවෙලින් 4.66×10-3 mol-1 හා 5.53 ×10 -3 mol-1 X අඩංගු වේ. X හා Y වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න
9. C , H හා O පමණක් අඩංගු එක්තරා කාබනික සංයෝගයකින් 22 g ස්කන්ධයක් ස්ථිරවම 0.25 mol ප්‍රමාණයකින් සහිත වන බව සොයාගෙන ඇත. බර අනුව C 54.54% අඩංගු බවත් සොයාගෙන ඇත. ඉහත දත්ත භාවිතා කරන සංයෝගයේ නිවැරදි අණුක සූත්‍රය අපෝහනය කරන්න.
( සා.ප.ස්. H = 1 , C = 12 , O = 16 )
10. B2 නම් වායුවකින් 10 cm3 පරිමාවක් හා D2 නම් වායුකින් 30 cm3 පරිමාවක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කිරීමේ දී එක්තරා වයුවකින් 20 cm3 පරිමාවක් ලැබුණි. සියලු මිනුම් එකම උෂ්ණත්වයේ හා එකම පීඩනයේ සිදුකර ඇත. ඵලය ලෙස ලැබෙන වායුවේ අණුක සූත්‍රය අපෝහනය කරන්න.
පිළිතුරු
1. CxHyNzOp 1.2 g
\begin{array}{rcl}\text{ලැබුණු }{\mathrm{CO}}_2\;\text{මවුල ගණන}&=&\frac{1.76\mathrm g}{44\;\mathrm{gmol}^{-1}}\\&=&0.04\;\mathrm{mol}\\&&\\\text{ස්ටොයිකියෝමිතිය අනුව}\;\mathrm D\;\text{හි}\;\mathrm C\;\;\text{මවුල}&=&0.04\;\mathrm{mol}\\\mathrm C\;\;\text{ස්කන්ධය}&=&0.48\;\mathrm g\\&&\\\text{ලැබුණු}\;\;{\mathrm H}_2\mathrm O\;\text{මවුල}&=&\frac{0.9\mathrm g}{18\mathrm{gmol}^{-1}}\\&=&0.05\;\mathrm{mol}\\&&\\\text{ස්ටොයිකියෝමිතිය අනුව }\mathrm H\;\text{ මවුල}&=&0.1\;\mathrm{mol}\\\mathrm H\text{ ස්කන්ධය}&=&0.1\;\mathrm g\end{array}
\begin{array}{rcl}\mathrm N\text{ ස්කන්ධය}&=&\frac{0.42\mathrm g}{1.8}\times1.2\mathrm g=0.28\;\mathrm g\\\mathrm N\;\text{ මවුල}&=&\frac{0.28\mathrm g}{14\;\mathrm{gmol}^{-1}}=0.02\;\mathrm{mol}\\&&\\\mathrm O\;\text{හ්ැර ඉතිරි මූලද්‍රව්‍ය ස්කන්ධය}\;(1.20\mathrm g\;\text{ක})&=&0.86\;\mathrm g\\\mathrm O\;\text{ස්කන්ධය}&=&\;1.2\;\mathrm g\;\;-\;\;086\;\mathrm g\\&=&\;0.34\;\mathrm g\\\mathrm O\;\;\text{මවුල}&=&\frac{0.34\;\mathrm g}{16\;\mathrm{gmol}^{-1}}=0.02125\;\mathrm{mol}\end{array}
C | H | N | O | |
මවුල අනුපාත | 0.04 | 0.1 | 0.02 | 0,02 |
\frac{0.04}{0.02} | \frac{0.1}{0.02} | \frac{0.02}{0.02} | \frac{0.02}{0.02} | |
2 | 5 | 1 | 1 |
C2H5NO
2. නිර්ජල ලවණයේ සරලම සූත්‍රය
Zn | Cl | |
100 g ක අඩංගු ස්කන්ධ | 47.79 | 52.21 |
100 g ක අඩංගු මවුල | 0.7352 | 1.4707 |
අනුපාත | \frac{0.7352}{0.7352} | \frac{1.4707}{0.7352} |
1 | 2 |
Zn Cl2
ස්ඵටිකරූපී සජල ලවණය සැලකූවිට
ZnCl2 | XH2O | |
100 g ක අඩංගු ස්කන්ධ | 51.9 | 48.10 |
\frac{51.9}{136\;\mathrm{gmol}^{-1}} | \frac{48.10}{18\;\mathrm{gmol}^{-1}} | |
මවුල | 0.3816 | 2.6722 |
අනුපාත | \frac{0.3816}{0.3816} | \frac{2.6722}{0.3816} |
1 | 7 |
සරලම සූත්‍රය ZnCl2. 7H20
3. 1.2 g ක්
\begin{array}{rcl}\mathrm W\;\text{දහනය කළ විට ලැබෙන}\;{\mathrm{CO}}_2\;\text{මවුල}\;&=&\frac{1.76\;\;\;\mathrm g}{44\;\mathrm{gmol}^{-1}}\\&=&0.04\;\mathrm{mol}\\&&\\\mathrm C\;\text{මවුල}&=&0.04\;\mathrm{mol}\\\mathrm C\;\;\;\text{ස්කන්ධය}&=&0.04\;\mathrm{mol}\;\times12\;\mathrm{gmol}^{-1}=0.48\;\;\mathrm g\\&&\\\mathrm W\;\text{දහනය කළ විට ලැබෙන}\;{\mathrm H}_2\mathrm O\text{ මවුල}&=&\frac{0.72\;\mathrm g}{18\;\mathrm{gmol}^{-1}}\\&=&0.04\;\mathrm{mol}\\\mathrm H\text{ මවුල}&=&0.08\;\mathrm{mol}\\\mathrm H\text{ ස්කන්ධය}&=&0.08\;\mathrm{mol}\;\times\;1\;\mathrm{gmol}^{-1}\;=0.08\;\mathrm g\\&&\\\mathrm O\;\text{ස්කන්ධය}&=&\;\;\;\;1.2\;\mathrm g\;–\;(0.48\;\mathrm g\;+\;0.08\;\mathrm g\;)\\&=&\;\;\;\;1.2\mathrm g\;-\;\;0.56\;\mathrm g\\&=&\;\;\;\;\;0.64\;\mathrm g\\\mathrm O\;\text{මවුල}&=&\frac{0.64\;\mathrm g}{18\;\mathrm{gmol}^{-1}}=0.04\;\mathrm{mol}\end{array}
අනුපාත ගනිමු.
C | H | O | |
මවුල | 0.04 | 0.08 | 0.04 |
අනුපාත | \frac{0.04}{0.04} | \frac{0.08}{0.04} | \frac{0.04}{0.04} |
1 | 2 | 1 |
CH2O මෙහි අණුක භාරය = 30 gmol-1
නමුත් W හි සා.අ.ස් 60 gmol-1 බැවින් අණුක සූත්‍රය C2H4O2 වේ.
4.
C | H | O | |
100 g ක ස්කන්ධ | 67.41 | 5.62 | 26.97 |
100 g ක මවුල | \frac{67.41}{12} | \frac{5.62}{1} | \frac{26.97}{16} |
5.1675 | 5.62 | 1.685 | |
අනුපාත | \frac{5.1675}{1.685} | \frac{5.62}{1.685} | \frac{1.685}{1.685} |
3.33 | 3.33 | 1 | |
ආසන්න පූර්ණ සංඛ්‍යාවටවට ඒමට ගුණ කිරීම | 3.33×3 | 3.33×3 | 1×3 |
10 | 10 | 3 |
C10H10 O3
අණුක භාරය 200 අඩු විය යුතුය. මෙහි අණුක භාරය 178 gmol-1 වේ. මෙය අණුක සූත්‍රය ලෙස පිළිගත හැක.
5.
\left(\begin{array}{l}{\mathrm C}_6{\mathrm H}_3{\mathrm{Br}}_{\mathrm x}{\mathrm{Cl}}_{2\mathrm x}\\\text{සංයෝගය අණුක සූත්‍රය}\;\mathrm M\;\text{නම්}\\\mathrm M\;=\;12\times6\;+\;1\times3\;+\;80\times\mathrm x\;+\;71\times\mathrm x\\\mathrm M\;\;=\;72\;+\;3\;+\;151\mathrm x\;\end{array}\right)\text{මෙම අවශ්‍යතාවයට අණුක සූත්‍රය නිර්ණයට කිරීමට නම් මෙය අවශ්‍ය වේ}.\;
\begin{array}{rcl}\text{සංයෝග මවුල}&=&\frac{0.987\;\mathrm g}{(75\;+\;151\mathrm x)\;\mathrm{gmol}^{-1}}\\\mathrm{Cl}\;\text{මවුල ගණන}&=&\mathrm{AgCl}\;\text{මවුල}=2\mathrm y\\\mathrm{Br}\;\text{මවුල ගණන}&=&\mathrm{AgBr}\;\text{මවුල}=\mathrm y\\\text{ස්ටොයිකියෝමිතිය අනුව}\;\mathrm{Cl}\;\text{මවුල}&=&2\;\times\;\mathrm{Br}\;\text{මවුල}\end{array}\begin{array}{rcl}\mathrm{AgCl}\;\;\text{ස්කන්ධය}+\mathrm{AgBr}\text{ ස්කන්ධ}&=&2.073\;\mathrm g\\2\mathrm y\;\times\;143.5\;\;+\;\;\mathrm y\;\times\;188&=&2.073\;\mathrm g\\\mathrm y&=&0.004364\;\mathrm{mol}\\2\mathrm y&=&0.008728\end{array}
\begin{array}{rcl}0.987\;\mathrm g\;\text{ක}\;\mathrm{Cl}\;\text{ස්කන්ධය}&=&35.5\;\mathrm{gmol}-1\;\times\;0.008728\;\mathrm{mol}\\&=&0.31\;\mathrm g\\&&\\0.987\;\mathrm g\;\text{ක}\;\mathrm{Br}\;\text{ස්කන්ධය}&=&80\;\mathrm{gmol}-1\;\times\;0.004364\;\mathrm{mol}\\&=&0.34912\;\mathrm g\\&&\\\text{ඉතිරි ස්කන්ධය}&=&0.987\;\mathrm g\;–\;0.6620\;\mathrm g\\&=&0.325\;\mathrm g\\&&\end{array}
C ගණන H ගණන මෙන් දෙගුණයකි. H මවුල ගණන q යැයි සිතමු.
\begin{array}{rcl}0.325\;\mathrm g\;&=&\;12\;\times\;2\mathrm q\;+\;1\;\times\;\mathrm q\\0.325\;\mathrm g\;&=&\;25\mathrm q\\\mathrm q&=&0.013\;\mathrm{mol}\end{array}
C | H | Br | Cl | |
මවුල | 0.026 | 0.013 | 0.004364 | 0.000874 |
අනුපාත | \frac{0.026}{0.004364} | \frac{0.013}{0.004364} | \frac{0.004364}{0.004364} | \frac{0.000874}{0.004364} |
5.9 | 2.9 | 1 | 2 | |
6 | 3 | 1 | 2 |
අණුක සූත්‍රය C6H3BrCl2
6. CN2H4Sx
ස්ටොයිකියෝමිතිය අනුව S මවුල SO42- මවුල ගණනට සමාන වේ.
{\mathrm{BaSO}}_4\;\;\;\text{මවුල}\;=\frac{2.62\;\mathrm g}{233\;\mathrm{gmol}^{-1}}=0.011\;\mathrm{mol}
CN2H4Sx එහි මවුලික ස්කන්ධය M නම්,
\begin{array}{rcl}\mathrm M&=&12+28+4+32\mathrm x\\&=&(44+32\mathrm x)\;\mathrm{gmol}-1\\\text{සංයෝගයේ මවුල}&=&\frac{0.852\times\mathrm x}{(44+32\mathrm x)}=\mathrm S\text{ මවුල}\\&=&\frac{0.852\mathrm x}{(44+32\mathrm x)}=0.011\;\mathrm{mol}\\0.852\mathrm x&=&0.484+0.352\mathrm x\\0.5\mathrm x&=&0.484\\\mathrm x&=&0.968\approx1\end{array}
7.
C | H | N | |
100 g ක ස්කන්ධ | 77.4 | 7.53 | 15.1 |
100 g ක මවුල | \frac{77.4}{12} | \frac{7.53}{1} | \frac{15.1}{16} |
\frac{6,45}{1.1} | \frac{7.53}{1.1} | \frac{1.1}{1.1} | |
5.86 | 6.84 | 1 | |
6 | 7 | 1 |
C6H7N
8. My = y හි සා.ප.ස් Mx = x හි සා.ප.ස්
xy2 හි , x මවුල = xy2 මවුල ( ස්ටොයිකියෝමිතිය අනුව )
4.66\times10^{-3}\;\mathrm{mol}=\frac{0.298\;\mathrm g}{{\mathrm M}_{\mathrm x}+2{\mathrm M}_{\mathrm y}}\;\;\cdots\cdots\cdots(1)
xy3 හි , x මවුල = xy3 මවුල ( ස්ටොයිකියෝමිතිය අනුව )
5.53\times10^{-3}\;\mathrm{mol}=\frac{0.442\;\mathrm g}{{\mathrm M}_{\mathrm x}+3{\mathrm M}_{\mathrm y}}\;\;\cdots\cdots\cdots(2)
\begin{array}{rcl}{\mathrm M}_{\mathrm x}+2{\mathrm M}_{\mathrm y}&=&\frac{0.298\;\mathrm g}{4.66\times10^{-3}\;\mathrm{mol}}=63.948\;\cdots\cdots\cdots(3)\\{\mathrm M}_{\mathrm x}+3{\mathrm M}_{\mathrm y}&=&79.928\;\;\;\cdots\cdots\cdots(4)\\&&(4)-(3)\\{\mathrm M}_{\mathrm y}&=&15.979\\&=&16\;\mathrm{gmol}^{-1}\\{\mathrm M}_{\mathrm y}&=&16\;\mathrm{gmol}^{-1}\;(1)\;\\{\mathrm M}_{\mathrm x}+2\times16&=&63.948\\{\mathrm M}_{\mathrm x}&=&63.948-32\\&=&31.9498\\&=&32\;\mathrm{gmol}^{-1}\\&&\end{array}
9. CxHyOz
\begin{array}{rcl}22\;\mathrm g\;\mathrm ක\;\mathrm{මවුල}\;\mathrm{නිසා}\;\mathrm{සංයෝගයේ}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}&=&\frac{\mathrm m}{\mathrm M}=\frac{22\;\mathrm g}{0.25\;\mathrm{mol}}\\&=&88\;\mathrm{gmol}^{-1}\\&&\end{array}
දැන් අණුක ස්කන්ධයට සාපේක්ෂව ස්කන්ධය නියත බැවින් ( ඉතිරි ප්‍රතිශතය = 45.46 %)
\begin{array}{rcl}\frac{12\times x}{88\;gmol^{-1}}\times100&=&54.54\\x&=&3.99\approx4\\88-12\times4&=&40\;g\\&&\text{තිබිය හැකි උපරිම }\mathrm O\text{ ගණන දෙකක් වන අතර අවම }\mathrm O\;\text{ගණන එකක් වේ.}\\&&\mathrm O\;2\text{ ක් බව සිතමු.}\\\frac{16\times2}{88\;\mathrm{gmol}^{-1}}\times100&=&36.36\%\;\text{වේ.}\\40\mathrm g-32\mathrm g&=&8\mathrm g\\&&\mathrm O\;2\;\text{ක් තිබිය හැක. ඉතිරි ගණන }8\;\mathrm g\;\text{කි }\\\mathrm H\;&=&\;8\;\;\;\text{කි.}\\&&{\mathrm C}_4{\mathrm H}_8{\mathrm O}_2\\&&\\&&\end{array}
10 .
\begin{array}{rcl}{\mathrm{aB}}_2\;+\;{\mathrm{bD}}_2\;&\rightarrow&\mathrm{cC}\\\mathrm{Pv}&=&\mathrm{nRT}\\\mathrm v&\propto&\mathrm n\\\underset{\underset{1\;:}{10\;\mathrm{cm}^3}}{\mathrm{aB}2}+\underset{\underset{3\;:}{30\;\mathrm{cm}^3}}{{\mathrm{bD}}_2}&\rightarrow&\underset{\underset2{20\;\mathrm{cm}^3}}{\mathrm{cC}}\\&&\\{\mathrm B}_2+3{\mathrm D}_2\;&\rightarrow&2\mathrm C\\\mathrm C&=&{\mathrm{BD}}_3\\&&\\&&\end{array}
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.