5.6.2: මිනිස් ස්නායු පද්ධතියේ දල ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි
5- පාඩම
මානව ස්නායු පද්ධතිය
1.මානව ස්නායු පද්ධතිය බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක වන්නේ,
- මධ්‍ය ස්නායු පද්ධතිය
- පර්යන්ත ස්නායු පද්ධතිය
2.පෘෂ්ඨවංශීන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියට හා පර්යන්ත ස්නායු පද්ධතියට අයත් ප්‍රධාන සංරචක වෙන වෙනම දක්වන්න.
- මධ්‍ය ස්නායු පද්ධතිය – මොළය හා සුෂුම්නාව
- පර්යන්ත ස්නායු පද්ධතිය – ස්නායු(කපාල ස්නායු හා සුෂුම්නා ස්නායු) හා ගැංග්ලියා
මධ්‍ය ස්නායු පද්ධතිය
3.පෘෂ්ඨවංශීන්ගේ කලල විකසනයේදී මධ්‍ය ස්නායු පද්ධතිය විකසනය වන්නේ කුමන කොටසින්ද?
- පෘෂ්ඨිය කුහරමය ස්නායු රැහැනෙන්
4.මොළයෙහි දක්නට ඇති ප්‍රධාන ප්‍රදේශ 3 වන්නේ,
- පූර්ව මොළය
- මධ්‍ය මොළය
- අපර මොළය
5.මොළයේ ඇති කෝෂිකා සංඛ්‍යාව කොපමණද? ඒ අතුරින් පූර්ව මොළයේ හා අපර මොළයේ පිහිටි කෝෂිකා සංඛ්‍යාවන් දක්වන්න.
- පූර්ව මොළය – 3
- අපර මොළය – 1
6.මෙම කෝෂිකා හා සුෂුම්නාවේ මධ්‍ය නාලය පිරී ඇති තරලය වන්නේ,
7.මෙම තරලයේ කෘත්‍යයන් වන්නේ,
- මධ්‍ය ස්නායු පද්ධතිය තුල ඒකාකාර පීඩනයක් පවත්වා ගැනීම.
- මොළය සහ කපාලය අතර කම්පන අවශෝෂණය කර ගැනීමට.
- පෝෂක හා හෝර්මෝන සංසරණයට.
- අපද්‍රව්‍ය ඉවත් කිරීමට.
8.යාන්ත්‍රික හානි වලින් ආරක්ෂා වීම සඳහා මධ්‍ය ස්නායු පද්ධතියේ දැකිය හැකි අනුවර්තන වන්නේ,
- මොළය කපාලය තුළ පිහිට තිබීම.
- සුෂුම්නාව කශේරුකාවලින් වට වී තිබීම.
- මධ්‍ය ස්නායු පද්ධතියම මෙනින්ජිය පටල තුනකින් ආවරණය වී තිබීම.
9.මෙනින්ජිය පටල තුන වන්නේ,
- චිනාන්ෂුකාව
- වරාශිකාව
- ජාලාකාර ද්‍රව්‍ය
මානව මොළයේ ප්‍රධාන කොටස්
10.පූර්ව මොළය, මධ්‍ය මොළය හා අපර මොළයෙන් විකසනය වන සුහුඹුල් මොළයේ කොටස් වෙන් කර දක්වන්න.
- පූර්ව මොළයෙන්: මස්තිෂ්කය, තැලමස, හයිපොතැලමස, කේතු දේහය.
- මධ්‍ය මොළයෙන්: මස්තිෂ්ක වෘන්තයේ කොටසක්.
- අපර මොළයෙන්: අනුමස්තිෂ්කය, වැරෝලි සේතුව, සුෂුම්නා ශීර්ෂකය.
11.මස්තිෂ්ක වෘන්තයට අයත් කොටස් වන්නේ,
- මධ්‍ය මොළය, වැරෝලි සේතුව, සුෂුම්නා ශීර්ෂකය.
12.මිනිස් මොළයේ විශාලතම කොටස වන්නේ,
13.මස්තිෂ්කයේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය වල පිහිටීම විස්තර කරන්න.
- මස්තිෂ්කයේ මතුපිට ප්‍රදේශය, එනම් මස්තිෂ්ක බාහිකය ධුසර ද්‍රව්‍යවලින් ද , ගැඹුරු ස්තර ශ්වේත ද්‍රව්‍ය වලින් ද සැදී ඇත.
14.මස්තිෂ්ක අර්ධ ගෝල දෙක එකිනෙක සම්බන්ධ කරන ව්‍යුහය වන්නේ,
15.මස්තිෂ්ක අර්ධගෝල වල මස්තිෂ්ක බාහිකය බෙදෙන ප්‍රධාන ඛණ්ඩිකා 4 වන්නේ,
- ලලාට ඛණ්ඩිකාව
- ශංඛක ඛණ්ඩිකාව
- පාර්ශ්වික ඛණ්ඩිකාව
- අපර කපාල ඛණ්ඩිකාව
16.මස්තිෂ්ක බාහිකයේ ඇති ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ 3 වන්නේ,
- සංවේදක ප්‍රදේශ
- සංගාමි ප්‍රදේශ
- චාලක ප්‍රදේශ
17.එම එක් එක් ක්‍රියාකාරී ප්‍රදේශවල ප්‍රධාන කෘත්‍යයන් වෙන වෙනම දක්වන්න.
- සංවේදක ප්‍රදේශය: වේදනාව, උෂ්ණත්වය, ස්පර්ශය, දෘෂ්ටිය, ශ්‍රවණය, රස හා ආඝ්‍රාණ ප්‍රතිග්‍රහණය ඇතුළුව සංවේදන පිලිබඳ තොරතුරු ලබා ගැනීම සහ සැකසීම
- සංගාමි ප්‍රදේශ: සංවේදනය පිලිබඳ තොරතුරු හඳුනා ගැනීම හා අර්ථකථනය.මතකය, බුද්ධිමත් භාවය, හේතු දැක්වීම, විනිශ්චය හා චිත්තවේග වැනි සංකීර්ණ මානසික ක්‍රියාවලි සමෝධානය හා සංකලනය.
- චාලක ප්‍රදේශ: ඉච්ඡානුග පේශි සංකෝචනය ආරම්භය හා පාලනය මගින් කංකාල පේශි චලනය දිශානත කිරීම.
18.තැලමසයෙහි පිහිටීම දක්වන්න.
- මස්තිෂ්ක අර්ධගෝල තුළ කැලෝස දේහයට වහාම පහලින්.
19.තැලමසයෙහි කෘත්‍යය වන්නේ,
20.හයිපොතැලමසයෙහි පිහිටීම වන්නේ,
- තැලමසට ඉදිරියෙන් හා පහළින්ද, පිටියුටරි ග්‍රන්ථියට වහාම ඉහළින් ද පිහිටයි.
21.එය පිටියුටරියේ අපර ඛණ්ඩිකාවට හා පූර්ව ඛණ්ඩිකාවට සම්බන්ධ වන්නේ කෙසේද?
22.හයිපොතැලමසයෙහි කෘත්‍යයන් වන්නේ,
- දේහ උෂ්ණත්වය යාමනය
- පිපාසය හා ජල තුල්‍යතාවය යාමනය
- ආහාර රුචිය යාමනය
- නින්ද හා අවදි වීමේ චක්‍ර යාමනය
- ලිංගික හැසිරීම් හා සම්බන්ධ කාර්යයන් ඉටු කිරීම
- පහර දීමේ හෝ පලා යෑමේ ප්‍රතිචාර ආරම්භය
- පූර්ව පිටියුටරිය මත ක්‍රියා කරන හෝමෝන නිදහස් කිරීම හා අපර පිටියුටරි හෝමෝන නිපදවීම
- ස්වයංසාධන ස්නායු පද්ධති පාලනය
23.මධ්‍ය මොළයේ පිහිටීම වන්නේ,
- මස්තිෂ්කය හා වැරෝලි සේතුව අතර මස්තිෂ්කයට පහළින් හා වැරෝලි සේතුවට ඉහළින්, තුන් වන හා හතරවන මස්තිෂ්ක කෝෂිකා සම්බන්ධ කරන මස්තිෂ්ක සුෂුම්නා තරලය වටා පිහිටයි.
24.මධ්‍ය මොළයේ කෘත්‍යයන් වන්නේ,
- ආරෝහණ හා අවරෝහණ ස්නායු තන්තු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.
- සංවේදක තොරතුරු ලබා ගැනීම සහ සංකලනය හා පූර්ව මොළයේ අදාළ ස්ථාන කරා ඒවා යොමු කිරීම.
දෘෂ්ටි හා ශ්‍රවණ ප්‍රතීක සමායෝජනය.
25.වැරෝලි සේතුවේ පිහිටීම වන්නේ,
- මධ්‍ය මස්තිෂ්කයට පහලින් හා සුෂුම්නා ශිර්ෂකයට ඉහලින් අනුමස්තිෂ්කය ඉදිරියේ පිහිටා ඇත.
26.ශ්වසන යාමක මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මස්තිෂ්කයේ කුමන කොටසෙහිද?
27.වැරෝලි සේතුවේ කෘත්‍යයන් වන්නේ,
- පූර්ව මොළය, මධ්‍ය මොළය හා පර්යන්ත ස්නායු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය.
- දිවීම හා නැගීම වැනි විශාල පරිමාණයෙන් සිදු වන දේහ චලන සමායෝජනය
- සුෂුම්නා ශීර්ෂකයේ දායකත්වයද ඇතිව ශ්වසන ක්‍රියාවලිය යමනයට දායක වීම.
28.සුෂුම්නා ශීර්ෂකයේ පිහිටි වැදගත් මධ්‍යස්ථාන තුන වන්නේ,
- හෘත් සනාල මධ්‍යස්ථානය
- ශ්වසන මධ්‍යස්ථානය
- ප්‍රතීක මධ්‍යස්ථානය
29.සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන් වන්නේ,
- පර්යන්ත ස්නායු පද්ධතිය, මධ්‍ය මොළය හා පූර්ව මොළය අතර තොරතුරු හුවමාරු කිරීම.
- දිවීම, නැගීම වැනි විවිධ දේහ චලන සමායෝජනය කිරීම.
- හුස්ම ගැනීම, හෘදය හා රුධිර වාහිනී ක්‍රියාකාරිත්ව වැනි විවිධ ස්වයංසාධක සමස්තිථික ක්‍රියා පාලනය කිරීම.
- ප්‍රතීක මධ්‍යස්ථාන හරහා වමනය, කැස්ස, කිවිසීම වැනි අනිච්ඡානුග ප්‍රතීක ක්‍රියා පාලනය කිරීම.
30.අනුමස්තිෂ්කයේ පිහිටීම දක්වන්න.
- වැරෝලි සේතුවට පිටුපසින් හා මස්තිෂ්කයේ අපර කොටසට පහළින්
31.අනුමස්තිෂ්කයේ කෘත්‍යයන් වන්නේ,
- කංකාල පේශි චලන සමායෝජනය
- ඉරියව්ව හා සමබරතාව පවත්වා ගැනීම
- චාලක හැකියා ඉගෙනීමට හා මතක තබා ගැනීමට උපකාර වීම
32.සුෂුම්නාවේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය වල පිහිටීම විස්තර කරන්න.
- සුෂුම්නාව මධ්‍යයේ, මධ්‍ය නාලය වටා ධුසර ද්‍රව්‍ය ද, බාහිර ප්‍රදේශයේ ශ්වේත ද්‍රව්‍ය ද පිහිටයි.
33.සුෂුම්නාවේ කෘත්‍යයන් වන්නේ,
- මධ්‍ය ස්නායු පද්ධතිය සංවේදක හා චාලක නියුරෝනවලට සම්බන්ධ කරන අතර, මොළය දෙසට හා ඉන් ඉවතට ආවේග ප්‍රචාරණය සඳහා පහසුකම් සපයයි.
- ප්‍රතික ඇති කරයි. සමායෝජනය කරයි.
පර්යන්ත ස්නායු පද්ධතිය
34.පර්යන්ත ස්නායු පද්දතියට අයත් වන්නේ මොනවාද
- කපාල ස්නායු
- සුෂුම්නා ස්නායු
- ගැන්ග්ලියා (ස්වයං සාධක ස්නායු පද්ධතිය)
35.පර්යන්ත ස්නායු පද්ධතියේ කෘත්‍ය කුමක්ද?
- ජීවීන්ගේ චලන හා ඔවුන්ගේ අභ්‍යන්තර පරිසරය යාමනය කරමින් මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට හා ඉන් ඉවතට ආවේග සම්ප්‍රේෂණ.
36.සංවේදක ප්‍රතිග්‍රාහක සිට මධ්‍ය ස්නායු පද්ධතියට තොරතුරු රැගෙන යනු ලබන්නේ,
- අභිවාහි නියුරෝන (සංවේදක නියුරෝන ) මගිනි.
37.මධ්‍ය ස්නායු පද්ධතිය මගින් සැකසුමෙන් අනතුරුව සකසන ලද තොරතුරු කාරක පටක /අවයව (පේශි, ග්‍රන්ථි හෝ අන්තරාසර්ග සෛල )වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ,
38.පර්යන්ත ස්නායු පද්ධතියේ අපවාහී සංරචක 2 නම් කරන්න.
- චාලක පද්ධතිය – කංකාල පේශි වෙත ස්නායු ආවේග ගෙන යයි. ඉච්ඡානුග ක්‍රියා පාලනය කරයි.
- ස්වයංසාධක ස්නායු පද්ධතිය – සිනිඳු පේශි, හෘද් පේශි,හා ග්‍රන්ථි වල ක්‍රියාවලි පාලනය කරයි. අනිච්ඡානුග ක්‍රියා පාලනය කරයි.
39.ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් 2 නම් කරන්න.
- අනුවේගී කොටස.
- ප්‍රත්‍යානුවේගී කොටස.
40.අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති වෙනස් වන්නේ කිනම් කරුණු මත ද?
- ක්‍රියාවලිය, සංවිධානය, නිකුත් කරන සංඥා මත.
41.අනුවේගී හා ප්‍රත්‍යානුවේගී පද්ධති අතර වෙනස්කම් මොනවාද ?
- අනුවේගී පද්ධතිය මගෙන් උද්දීපනය වූ පීඩාකාරී අවස්ථා හා ශක්ති උත්පාදනය කිරිමේ තත්ත්වවලට ( සටන් වැදීම හෝ පලායාම )දේහය සූදානම් කරන අතර ප්‍රත්‍යානුවේගී පද්ධතිය දේහය සන්සුන් බවට පත් කිරීම සිදුකරයි.
- ප්‍රත්‍යානුවේගී ස්නායු මොලයේ පාදස්ථයෙන් හෝ සුසුම්නාවෙන් පිළිවෙලින් කපාල හෝ සුෂුම්නා ස්නායු ලෙස පිටවන අතර අනුවේගී ස්නායු නිකුත් වනුයේ සුෂුම්නාවෙන් පමණි.
- පද්ධති දෙක වෙනස් ස්නායු සම්ප්‍රේෂක භාවිතා කිරිම.
උදා ; ප්‍රත්‍යානුවේගී පද්ධතිය – ඇසිටැල්කෝලීන්
අනුවේගී පද්ධතිය – නො එපිනෙප්‍රින්
42.ප්‍රත්‍යානුවේගී හා අනුවේගී පද්ධති, විවිධ අභ්‍යන්තර අවයව මත ක්‍රියා කරන ආකාරය වගුගත කරන්න.
ප්‍රත්‍යානුවේගී පද්ධතිය
|
අනුවේගී පද්ධතිය
|
- ඇසේ කණිනිකාව සංකෝචනය.
- ඛේට ග්‍රන්ථි ස්‍රාව උත්තේජනය.
- පෙනහැලි තුළ ඇති ශ්වාසනාලිකා සංකෝචනය.
- හෘත්ස්පන්දන වේගය අඩුවේ
- ආමාශයේ සහ ක්ෂුද්‍රාන්ත්‍රයේ ක්‍රියාවලි උත්තේජනය.
- අග්න්‍යාශයේ ක්‍රියාවලි උත්තේජනය
- පිත්තාශයේ ක්‍රියාවලි උත්තේජනය.
- මුත්‍රාශය හිස් වීම දිරිගන්වයි
- ලිංගේන්ද්‍රයන් උද්ගමනය වීම දිරිගන්වයි.
|
- ඇසේ කණිනිකාව විස්තාරණය.
- ඛේට ග්‍රන්ථිස්‍රාවය නිශේධනය.
- පෙනහැලි තුළ ස්වාසනාලිකා ඉහිල් වීම.
- හෘත්ස්පන්දන වේගය වැඩි කිරීම.
- ආමාශයේ හා අන්ත්‍රයේ ක්‍රියාවලි නිෂේධනය.
- අග්න්‍යාශයේ ක්‍රියාවලි නිෂේධනය
- පිත්තාශය නිෂේධනය.
- ආමාශයේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය
- අධිවෘක්ක බාහිකය නිෂේධනය.
- මුත්‍රාශය හිස් වීම නිෂේධනය
|