06. ප්‍රවේණිය06.01 ප්‍රවේණි විද්‍යාවේ මූලික සිද්ධාන්ත6.1.2 : සුලභ මෙන්ඩලිය ලක්ෂණ හා ඒවා ප්‍රවේණිගතවන...

6.1.2 : සුලභ මෙන්ඩලිය ලක්ෂණ හා ඒවා ප්‍රවේණිගතවන ආකාරය විමසා බලයි.

 

 

සුලභ මෙන්ඩලිය ලක්ෂණ පිළිබද විමසා බලයි.

 

1.මානවයන්ගේ සුලභ මෙන්ඩලීය ලක්ෂණ ‌මොනවාද?

  • ඇලුණු කන්පෙති හෝ නොඇලුණු කන්පෙති පැවතීම.
  • නලලේ කේශ රේඛාව පහතට යොමු වී පිහිටීම. (Widow’s peak)
  • කම්මුල් වල ගැසීම.
  • නැමුණු මහපටැඟිල්ල හෝ සෘජු මහපටැඟිල්ල 
  • දිව රෝල් කිරීම හෝ දිව රෝල් නොවීම.

 

2.ඇලුණු කන්පෙති හෝ නොඇලුණු කන්පෙති සම්බන්ධ ප්‍රමුඛ ගති ලක්ෂණය හා නිලීන ගති ලක්ෂණය දක්වන්න

  • ප්‍රමුඛ ගති ලක්ෂණය – නොඇලුණු කන්පෙති
  • නිලීන ගති ලක්ෂණය – ඇලුණු කන්පෙති

 

3.නලලේ කේශ රේඛාව පහතට යොමු වීම සම්බන්ධ ප්‍රමුඛ ගති ලක්ෂණය හා නිලීන ගති ලක්ෂණය දක්වන්න

  • ප්‍රමුඛ ගති ලක්ෂණය – නලලේ කේශ රේඛාව පහතට යොමු වීම.
  • නිලීන ගති ලක්ෂණය – නලලේ කේශ රේඛාව පහතට යොමු නොවීම.

 

4.කම්මුල් වල ගැසීම සම්බන්ධ ප්‍රමුඛ ගති ලක්ෂණය හා නිලීන ගති ලක්ෂණය දක්වන්න

  • ප්‍රමුඛ ගති ලක්ෂණය – කම්මුල් වල ගැසීම.
  • නිලීන ගති ලක්ෂණය – කම්මුල් වල නොගැසීම.

  •  
      • වැදගත් : කම්මුල් දෙකම මෙන්ම එක් කම්මුලක් පමණක් වල ගැසිමේ දුර්ලභ අවස්ථාද ඇත.

 

5.නැමුණු මහපටැඟිල්ල හෝ සෘජු මහපටැඟිල්ල සම්බන්ධ ප්‍රමුඛ ගති ලක්ෂණය හා නිලීන ගති ලක්ෂණය දක්වන්න.

  • ප්‍රමුඛ ගති ලක්ෂණය – සෘජු මහපටැඟිල්ල
  • නිලීන ගති ලක්ෂණය – නැමුණු මහපටැඟිල්ල

 

6.දිව රෝල් කිරීම හෝ දිව රෝල් නොවීම සම්බන්ධ ප්‍රමුඛ ගති ලක්ෂණය හා නිලීන ගති ලක්ෂණය දක්වන්න.

  • ප්‍රමුඛ ගති ලක්ෂණය – දිව රෝල් කිරීම.

 

  • නිලීන ගති ලක්ෂණය – දිව රෝල් නොවීම.

 

7.මානවයන්ගේ සුලභ මෙන්ඩලීය ලක්ෂණ වලදී නිලීන ජාන නිසා ඇති වන ආවේණික ගති ලක්ෂණ මොනවාද?

  • ඇලුණු කන්පෙති
  • නලලේ කේශ රේඛාව පහතට යොමු වී නොපිහිටීම.
  • කම්මුල් වල නොගැසීම.
  • නැමුණු මහපටැඟිල්ල
  • දිව රෝල් නොවීම.

 

8.මානවයන්ගේ සුලභ මෙන්ඩලීය ලක්ෂණ වලදී ප්‍රමුඛ ජාන නිසා ඇති වන ආවේණික ගති ලක්ෂණ මොනවාද?

  • නොඇලුණු කන්පෙති
  • නලලේ කේශ රේඛාව පහතට යොමු වීම.
  • කම්මුල් වල ගැසීම
  • සෘජු මහපටැඟිල්ල
  • දිව රෝල් කිරීමේ හැකියාව ‍

 

 

පෙළවැල් සටහන් විශ්ලේෂණය

 

9.පෙළවැල් සටහනක් යනු කුමක්ද?

  • දී ඇති පවුල් ගසක සලකා බලන ගති ලක්ෂණයක ආවේණිය රෑප සටහනකින් නිරෑපණය කිරීම.

 

10.පෙළවැල් සටහනක ,, ,,  යන සංකේත මගින් කුමක් නිරෑපණය වේද?   

          1. – බලපෑමට ලක් වූ පුරැෂයා
          2. ස්ත්‍රිය
          3. – පුරැෂයා
          4. -බලපෑමට ලක් වූ ස්ත්‍රි
          5. – විවාහය

 

 

11.දක්වා ඇත්තේ ඇලුණු කන්පෙති සම්බන්ධ පෙළවැල් සටහනකි. A ලෙස දක්වා ඇත්තේ කුමන පුද්ගලයෙක්ද?

  • විවාහයෙන් පසු ජනිතයන්ගෙන් එක් අයෙක් ඇලුණු කන්පෙති දරයි. පියා නොඇලුණු කන් පෙති සම්බන්ධව සම යුග්මකයෙක් නම් ඇති වන ජනිතයින් සියල්ල නොඇලුණු කන් පෙති සම්බන්ධව විෂම යුග්මක විය යුතුය. එම නිසා අදාළ පුරැෂයා නොඇලුණු කන් පෙති සම්බන්ධව විෂම යුග්මක විය යුතුය.

 

 

මිනිසුන් තුළ දැකිය හැකි සුලභ මෙන්ඩලීය ලක්ෂණ සමග විශේෂිත පෙළවැල් සටහන්

12.නලලේ කේශ රේඛාව පහතට යොමු වීම සම්බන්ධ පහත පෙළවැල විශ්ලේෂණය කරන්න.

  • තෙවන පරම්පරාවේ එක් දියණියක් Widow’s peak ලක්ෂණය නොදරයි.
  • නමුත් ඇයගේ දෙමාපියන් Widow’s peak ලක්ෂණය දරයි.
  • මේ අනුව Widow’s peak ලක්ෂණය ඇති වීම ප්‍රමුඛ ඇලීලය W මගින් නිර්ණය වන බව පැහැදිලිය.
  • Widow’s peak ලක්ෂණය නිලීන ඇලීලය මගින් ඇති කරයි නම් දෙමාපියන් නිලීන සමයෝගී විය යුතුය.
  • එවිට තෙවන පරම්පරාවේ දියණියන් දෙදෙනාම Widow’s peak ලක්ෂණය දැරිය යුතුය.
  • දියණියන්ගේ පියා Widow’s peak ලක්ෂණය දරන නිසා W ඇලීලය දැරිය යුතුය.
  • එය ඔහුගේ පියාගෙන් ලැබිය යුතුය. ඔහුගේ මව Widow’s peak ලක්ෂණය නොදරන නිසා ww වේ.
  • ඒ නිසා මවගෙන් ඔහුට ලැබෙන ඇලීලය w වේ. මේ අනුව දියණියන්ගේ පියා Ww වේ.
  • දියණියන්ගේ මව Widow’s peak ලක්ෂණය දරන නිසා W ඇලීලය දැරිය යුතුය. එය ඇයගේ මවගෙන් ලැබිය යුතුය. ඇයගේ පියා Widow’s peak ලක්ෂණය නොදරන නිසා ww වේ.
  • ඒ නිසා පියාගෙන් ඇයට ලැබෙන ඇලීලය w වේ.මේ අනුව දියණියන්ගේ මව Ww වේ.
  • Widow’s peak ලක්ෂණය දරන දියණිය W ඇලීලය දැරිය යුතුය.
  • ඇයගේ අනෙක් ඇලීලය ඇයගේ මවගෙන් හෝ පියාගෙන් ලැබෙන W හෝ w විය හැක.
  • මේ අනුව ඇය Ww හෝ WW විය හැකිය.
  •  

 

13.නොඇලුණු කන්පෙති සම්බන්ධ පහත පෙළවැල විශ්ලේෂණය කරන්න.

  • පළමු පරම්පරාවේ නිදහස් කන් පෙති දරන ජනකයින් දෙදෙනෙකුට දාව දෙවන පරම්පරාවේදී ඇලුණු කන් පෙති දරන පුතුන් දෙදෙනෙක් බිහි වී ඇත.
  • මෙසේ පළමු පරම්පරාවේ සැඟවුණු ලක්ෂණයක් දෙවන පරම්පරාවේදී නිරීක්ෂණය වීමෙන් ඇලුණු කන්පෙති නිලීන ඇලීලය f නිසා ඇති වන බව පැහැදිලිය.
  • මේ අනුව පෙළවැල් සටහනෙහි සියලුම ඇලුණු කන් පෙති දරන්නන් නිලීන සමයෝගී ff විය යුතුය.
  • දෙවන පරම්පරාවේදී ඇලුණු කන් පෙති දරන පුතුන් දෙදෙනාගේ දෙමාපියන් නිදහස් කන් පෙති දරන නිසා ඔවුන් ප්‍රමුඛ ඇලීලය F දැරිය යුතුය.
  • එමෙන්ම ඔවුන් ඇලුණු කන් පෙති දරන පුතුන් බිහි කළ නිසා නිලීන ඇලීලය f ද දැරිය යුතුය.මේ අනුව ඔවුන් විෂමයෝගී Ff විය යුතුය.
  • තෙවන පරම්පරාවේ දියණියක් ඇලුණු කන් පෙති දරන නිලීන සමයෝගී ff විය යුතුය.
  • ඇයගේ මව හා පියා නිදහස් කන් පෙති දරන නිසා ප්‍රමුඛ ඇලීලය F දැරිය යුතුය.
  • එමෙන්ම ඔවුන් ඇලුණු කන් පෙති දරන දරැවන් බිහි කල නිසා නිලීන ඇලීලය f ද දැරිය යුතුය. මේ අනුව ඔවුන් විෂමයෝගී Ff විය යුතුය.
  • තෙවන පරම්පරාවේ නිදහස් කන් පෙති ඇති දියණිය ප්‍රමුඛ ඇලීලය F දැරිය යුතුය.
  • ඇයගේ අනෙක් ඇලීලය මවගෙන් හෝ පියාගෙන් ලැබෙන F හෝ f විය හැක.
  • මේ අනුව එම දියණිය ප්‍රමුඛ සමයෝගී FF ‌හෝ විෂමයෝගී Ff විය යුතුය.

 

 

Pedigree Analysis

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet