5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.1 සතුන්ගේ ව්‍යූහ, වර්ධනය ගවේෂණය කරයි5.1.1 - සත්ත්ව පටක වල ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා...

5.1.1 – සත්ත්ව පටක වල ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා විස්තර කිරීම (II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

සම්බන්ධක පටක

Connective tissue: characteristics, functions and types - Online Biology  Notes

1. සම්බන්ධක පටක යනු,

  • දේහයේ ව්‍යුහමය හා කෘත්‍යමය ලෙස අවයව හා පටක සම්බන්ධ කරන පටක වේ.

 

2. සම්බන්ධක පටක වල ලක්ෂණ

    • දේහය තුළ වඩාත් බහුලව පවතින පටකය වේ.
    • අවයව හා පටක ව්‍යූහමය හා කෘත්‍යමය ලෙස සම්බන්ධ කිරීමට උපකාරී වීම
    • මෙම පටක වල සෛල විශාල ප්‍රමාණයේ බහිස්සෛලීය පූරකයක් තුළ පැතිරී පැවතීම
    • එම සෛල මගින්ම තන්තු හා පූරකය ස්‍රාවය කිරීම
    • පූරකය අර්ධ ඝන (ජෙලිමය)‚ ඝන හෝ තරලමය (ද්‍රව) වීම

 

3. සම්බන්ධක පටකවල පූරකය තුළ අඩංගු සෛල වර්ග හා ඒවායේ කෘත්‍ය

    • තන්තු සෛල- තන්තුමය ප්‍රොටීන ස්‍රාවය කිරීම
    • මහා භක්ෂාණු- භක්ෂසෛලිකතාව මගින් ආගන්තුක අංශු ඝන සෛල සුන්බුන් පරිග්‍රහණය
    • කුඹ සෛල- හෙපරින් හා හිස්ටැමීන් ස්‍රාවය (හෙපරින් යනු ප්‍රතිකැටිකාරකයකි)
  • මීට අමතරව සමහර සම්බන්ධක පටක වල,
      1. මේද සෛල- සංචිත හා පරිවරණ කෘත්‍ය
      2. සුදු රුධිරාණු/වසා සෛල- ආරක්ෂාව 

 

4. පූරකය තුළ අඩංගු තන්තු වර්ග හා කෘත්‍ය

    • කොලැජන් තන්තු – ශක්තිය හා සුනම්‍යතාව සැපයීම
    • ප්‍රත්‍යස්ථ තන්තු – පටකයේ ප්‍රත්‍යස්ථ බව ඇති කිරීම
    • ජාලාකාර තන්තු – සම්බන්ධක පටක යාබද පටක වලට බැදීම 

 

5. සම්බන්ධක පටක වල කෘත්‍ය වනුයේ

    • සෛල බැඳ තබා ගැනීම හා ව්‍යුහමය සන්ධාරනය
    • ආරක්ෂාව
    • ද්‍රව්‍ය පරිවහනය
    • පරිවරණය 

 

6. සම්බන්ධක පටක වර්ග සදහා උදාහරණ වන්නේ,

    • ලිහිල් සම්බන්ධක පටක/අරියල පටක
    • තන්තුමය සම්බන්ධක පටක (ඝන සම්බන්ධක පටකය)
    • මේද පටකය
    • රුධිරය
    • කාටිලේජ
    • අස්ථි 

 

ලිහිල් සම්බන්ධක පටකය

7. ලිහිල් සම්බන්ධක පටකය යනු කුමක්ද ?

    • පෘෂ්ඨවංශී දේහයේ වැඩිපුරම ඇති සම්බන්ධක පටකය වනුයේ අරියල පටකයයි.
    • දර්ශීය සම්බන්ධක පටකය ලෙස සලකනුයේ, අරියල පටකයයි. 

 

8. මෙහි අඩංගු ද්‍රව්‍ය වනුයේ,

    • විවිධ සෛල
    • විවිධ තන්තු
    • බහිස්සෛලීය පූරකය

CONNECTIVE TISSUES

 

9. අරියල පටකයේ අඩංගු විවිධ සෛල වර්ග වනුයේ,

    • තන්තු සෛල, මහා භක්ෂාණු සෛල, කුඹ සෛල, මේද සෛල, සුදු රුධිරාණු 

 

10. මෙහි අඩංගු තන්තු වර්ග වනුයේ, ( තන්තු ලිහිල්ව ඇසිරුණු රැළි ආකාර ස්වරූපයක් ගනී)

    • කොලැජන් තන්තු
    • ප්‍රත්‍යස්ථ තන්තු
    • ජාලාකාර තන්තු 

 

11. අරියල පටකයේ පූරකය කුමන ආකාරයේ එකක්ද?

    • අර්ධ ඝන වේ. 

 

12. අරියල පටක පිහිටි ස්ථාන වනුයේ,

    • මිනිස් සමේ අපිචර්මයට යටින් ඇති චර්මයේ අඛණ්ඩ ස්ථරයක් ලෙස. 

 

13. මෙම පටකයේ කෘත්‍ය වනුයේ,

    • අවයව නියමිත ස්ථාන වල රදවා ගැනීමේ හැකියාව.
    • පරිවාරක කෘත්‍ය (මේද සෛල වල මේදය සංචිත වීමෙන්)
    • ඇතැම් ද්‍රව්‍ය සංචිත කිරීම ( මේදය)
    • ආරක්ෂාව ( මහා භක්ෂාණු සෛල හා සුදු රුධිරාණු මගින්)

Fibrous Connective Tissue

 

තන්තුමය සම්බන්ධක පටකය

14. මෙම පටකය සෑදී ඇත්තේ,

  1.  
    • කොලැජන් තන්තු ඝන ලෙස ඇහිරීමෙන්ය. එනිසා පූරකය සාපේක්ෂව අඩු වී ඇති අතර සෛල සුළු සංඛ්‍යාවක් අඩංගු වේ (තන්තු සෛල). 

 

15. තන්තුමය සම්බන්ධක පටක තිබෙන ස්ථාන වනුයේ,

    • ඛණ්ඩරා වල ( ඛණ්ඩරා යනු පේශියක් අස්ථියකට බැඳ තබන රැහැන් වේ)
    • බන්ධනි වල ( බන්ධනි යනු අස්ථි හා සන්ධි එකිනෙකට සම්බන්ධ කරන තන්තු වේ) 

 

16. මෙම පටකයේ කෘත්‍ය,

    • ආතති වලට ඔරොත්තු දීම( ආතන්‍ය ප්‍රබලතාවක් ඇති කිරීම) 

 

මේද පටකය

17. මේද පටකයක් යනු,

    • මධ්‍යයේ විශාල මේද ගෝලිකාවකින් යුතු මේද සෛල වලින් ඇහිරී ඇති විශේෂිත සම්බන්ධක පටකයක් වේ.

When you lose weight, your fat cells don't just let go of fat Adipose Tissue - Composition, Location and Function

 

18. මේද පටක තිබෙන ස්ථාන වනුයේ,

    • සමට යටින් අධශ්චර්මයේ. 

 

19. මෙම පටක වල කෘත්‍ය වනුයේ,

    • ශක්ති සංචිතයක් වීම. (ඉන්ධන ලෙස මේද අණු ගබඩා කරයි)
    • දේහ පරිවරණය හා පිරවුමක් ලෙස ක්‍රියා කරයි (තාප පරිවාරක කෘත්‍ය) 

 

රුධිර පටකය

20. රුධිර පටකය යනු,

    • විශේෂිත සම්බන්ධක පටකයකි. 

 

21. එය විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස සැලකීමට හේතු,

  • රුධිර සෛල මගින්ම තන්තු හා පූරකය ස්‍රාවය නොවීම
  • ද්‍රවමය බහිස්සෛලීය පූරකයක් පැවතීම
  • සාමාන්‍ය අවස්ථාවේ දී තන්තු නොපැවතීම ( රුධිරය කැටි ගැසීමේ දී පමණක් තන්තු ඇතිවීම) 

 

22. රුධිරයේ සමන්විත වන්නේ,

    • රුධිර සෛල හා රුධිර ප්ලාස්මාවකිනි 

 

23. රුධිර ප්ලාස්මාවේ අඩංගු ද්‍රව්‍ය වනුයේ,

    • ලවණ, ජලය හා ද්‍රව්‍ය ප්‍රොටීන. තවද රුධිර සෛල අඩංගු වේ. 

 

24. කාටිලේජ පටක තිබෙන ස්ථාන,

    • ශ්වාසනාලය
    • අන්තර් කශේරුක මඩල 

 

25. කාටිලේජ පටක වල කෘත්‍ය‚

    • සන්ධාරණය හා සුනම්‍යතාව ලබා දීම 

 

26. කාටිලේජ පටකයේ අඩංගු වන්නේ‚

    • පූරකය – කොන්ඩ්‍රොයිටීන් සල්ෆ‍ේට් (කාබනික පූරකයක්)
    • සෙෙල-කොන්ඩ්‍රොසයිට
    • තන්තු- කොලැජන්

blood | Definition, Composition, & Functions | Britannica What is Cartilage?

 

අස්ථි පටකය

27. අස්ථි පටකයක් යනු,

    • කාටිලේජ වලට වඩා ශක්තිමත්‚ සන්ධාරණයට විශේෂණය වී ඇති පටකයකි. 

 

28. අස්ථි පටකයක අඩංගු සංඝටක

    • විවිධ සෙෙල, තන්තු හා බහිස්සෙෙලීය පූරකය 

 

29. අස්ථි පූරකය සෑදී ඇත්තේ

    • කොලැජන් තන්තු හා අකාබනික අයන වලිනි. අකාබනික අයන ලෙස Ca2+, Mg2+, PO43- පවතී. 

 

30. පූරකයේ අඩංගු සෙෙල වර්ග වනුයේ

    • ඔස්ටියොබ්ලාස්ට ( අස්ථිකාරක සෙෙල)
    • ඔස්ටියෝසයිට ( අස්ථි පටකය නඩත්තු කරන පරිණත අස්ථි සෙෙල) 

 

31. අස්ථි පටකයේ ලක්ෂණ

    • පූරකය තුල විසිරුණු ගර්තිකා නම් කුහර ඇත.
    • එක් ගර්තිකාවක එක් ඔස්ටියොසයිටයක් ඇත.
    • ගර්තිකා සම්බන්ධ කරන සිහින් නාලිකා තුළින් ගමන් කරන සෙෙල ප්ලාස්මීය ප්‍රසර මගින් එ්වා එකිනෙකට සම්බන්ධ වේ.
    • සෙෙල වලට පෝෂණය ලැබෙන්නේ ගර්තිකා සම්බන්ධ කරන රුධිර කේෂනාලිකා වලිනි. 

 

32. ක්ෂීරපායී අස්ථියක පුනරාවර්තී එ්කකය වනුයේ

    • ඔස්ටියෝන 

 

33. ඔස්ටියෝන වල ලක්ෂණ

    • අස්ථියේ දික් අතට අන්වායමව විහිදෙන සිලින්ඩරාකාර ව්‍යුහ වේ
    • ඛණිජභවනය වූ එ්කකේන්ද්‍රික ස්ථරයකින් යුක්තය.
    • මධ්‍යයේ මධ්‍ය නාලයක් ඇති අතර එහි රුධිර වාහිනී හා ස්නායු පිහිටයි. 

 

34. අස්ථි තිබෙන ස්ථාන

    • බොහෝ පෘෂ්ඨවංශීන්ගේ අන්තඃසැකිල්ලේ   

 

35. කෘත්‍යය

    • දේහයට සන්ධාරණය හා ශක්තිය ලබා දීම.

Bone Physiology and Biology | SpringerLink

SEER Training: Structure of Bone Tissue

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet