විද්‍යා අංශයජීව විද්‍යාව4.3.1 - ශාකවල පෝෂණ විධි අන්වේෂණය කරයි.

4.3.1 – ශාකවල පෝෂණ විධි අන්වේෂණය කරයි.

 

ශාකවල පෝෂණ ක්‍රියාවලි වල විවිධත්වය

  1. පෝෂණය යනු කුමක්ද?
    • ජීවියෙකුගේ පරිවෘත්තිය ක්‍රියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලිය පෝෂණයයි.

 

2. ශාක වලට පෝෂක අවශ්‍ය වන්නේ ඇයි?

    • ශාක වල වර්ධනය, විකසනය හා ප්‍රජනනය යන ක්‍රියාවලීන් සඳහා.

 

ශාක පෝෂණ ආකාර

3. ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය (ස්වයංපෝෂකතාව) කෙටියෙන් විස්තර කරන්න.

    • ස්වයංපෝෂකතාව දක්වන ජීවීහු ස්වයංපෝෂීන් ලෙස හදුන්වයි.
    • ස්වයංපෝෂීන් කාබන්ඩයොක්සයිඩ් හා අකාබනික ද්‍රව්‍ය මගින් කාබනික ආහාර සංස්ලේශණය කරයි.

 

4. ශාක දක්වන පෝෂණ ක්‍රමය කුමක්ද?

    • ප්‍රභා ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය.

 

5. ප්‍රභා ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය යන්න හඳුන්වන්න.

  •  
    • ප්‍රභා ස්වයංපෝෂී පෝෂණය යනු ආලෝකයේ ශක්තිය හා අකාබනික ද්‍රව්‍ය භාවිතයෙන් කාබනික ආහාර සංස්ලේෂණය කිරීමයි.

 

6. සහජීවනය යනු කුමක්ද?

    • විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු, සමීපව ජීවත් වෙමින් පවත්වා ගන්නා පාරිසරික සබඳතාවය සහජීවනය ලෙස හැදින්වේ.

 

7. සහජීවනයේ ආකාර 3 කි. ඒවා නම් කරන්න.

    • අන්‍යෝන්‍යාධාරය
    • සහභෝජීතාව
    • පරපෝෂීතාව

 

8. සහජීවනයේ ආකාර 3 කෙටියෙන් හඳුන්වා උදාහරණ දෙන්න.

 i. අන්‍යෝන්‍යාධාරය (Mutualism)

    • ජීවීන් දෙදෙනාටම වාසි සැලසෙන සහජීවී සබඳතාවයකි.
    • උදාහරණ:-
      • රනිල මූල ගැටිති තුළ වාසය කරන නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා – Rhizobium

      • උසස් ශාක මුල් හා දිලීර අතර පවතින දිලීරක මූල සංගමය.

      • Cycas කොරල් හැඩ මුල් හා Anabaena අතර පවතින සංගමය.

   ii. සහභෝජීතාව (Commensalism)

    • එක් ජීවී විශේෂයකට පමණක් වාසි සැලසෙන ලෙසත්, අනෙක් විශේෂයට බලපෑමක් (හානියක් හෝ වාසියක්) ඇති නොවන ලෙසත්, ජීවී විශේෂ දෙකක් අතර පවතින අන්තර් ක්‍රියාවකි.
    • උදාහරණ:- අපිශාකී ඕකිඩ්

   iii. පරපෝෂීතාව(Parasitism)

    • එක් ජීවී විශේෂයකට පමණක් වාසි සැලසෙන ලෙසත් (පරපෝෂිතයා), අනෙක් විශේෂයට හානි සිදුවන ලෙසත් (ධාරකයා) වෙනස් ජීවී විශේෂ දෙකක් අතර පවතින සමීප සබඳතාවයි.
    • උදාහරණ:-
        • අර්ධ පරපෝෂීහු- Loranthus (පිළිල) හා ධාරක ශාක.
        • පූර්ණ පරපෝෂීහු- cuscuta හා ධාරක ශාක.

 

ශාක දක්වන විශේෂ පෝෂණ ක්‍රම

9. ශාක දක්වන විශේෂ පෝෂණ ක්‍රම කෙටියෙන් හදුන්වා උදාහරණ දෙන්න.   

i. මාංශ භක්ෂක ශාක

    • මෙම ශාක ප්‍රභාසංස්ලේෂකයෝය.
    • නයිට්‍රජන් හා ඛනිජ වර්ග ඌන පස් වල වර්ධනය වේ.
    • එම නිසා එම පෝෂක ලබා ගැනීමට කෘමීන් හා වෙනත් කුඩා සතුන් මරණයට පත් කර ජීරණයට ලක් කර ජීර්ණ ඵල ලෙස එම ද්‍රව්‍ය ලබා ගනී.

    • උදාහරණ:-
      • Nepenthes (බාඳුරා)

      • Drosera (කඳුලැස්ස)

      • Utricularia (නිල් මොනරැස්ස)

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet