විද්‍යා අංශයජීව විද්‍යාව8.1.2-පරිසර පද්ධතියක ප්‍රධාන ක්‍රියාවලි අන්වේෂණය කරයි

8.1.2-පරිසර පද්ධතියක ප්‍රධාන ක්‍රියාවලි අන්වේෂණය කරයි

 

 

පරිසර පද්ධතියක ව්‍යුහය හා කෘත්‍යය

  1. නිකේතනය යනු කුමක්ද?

  • යම් කිසි ජිවියකු පරිසරය තුළ ඉටු කරන කාර්යභාර්ය

( ජීවියෙකු ඔහුගේ ජීවිකාව සලසාගන්නේ කෙසේද යන්න)

 

2. ජිවියකුගේ නිකේතනයට අන්තර්ගත වන්නේ මොනවාද?

  • ජීවියකු ශක්තිය ලබා ගන්නා ආකාරය
  • ජීවියකු වෙනත් ජීවීන් සමග අන්තර් ක්‍රියා කරන ආකාරය
  • පෝෂක චක්‍රීයකරණයේ දි ඔවුන්ගේ කාර්යභාර්ය
  • උෂ්ණත්වය‚ පාංශු තෙතමනය ආදී පාරිසරික තත්ත්ව දරා ගැනීමේ හැකියාව
  • ජීවියා පරිසර පද්ධතිය හරහා ශක්තිය සංක්‍රමණය කරන ආකාරය

 

3.වාසස්ථානය යනු කුමක්ද?

  • යම් කිසි විශේෂයක් වාසය කරන භෞතික ප්‍රදේශය

 

4. වාසස්ථාන විස්තර කිරීමට දායක වන පරිසර සාධක වන්නේ?

  • දිනකට ලැබෙන සාමාන්‍ය සුුර්යයාලෝක ප්‍රමාණය
  • වාර්ෂික උෂ්ණත්ව පරාසය
  • වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය

 

පරිසරයේ ජෛව හා අජෛව සංරචක අතර අන්තර්ක්‍රියා

5. පරිසර පද්ධතියක් තුල සිදුවන අන්තර් ක්‍රියා වර්ග මොනවාද?

  • ජෛව – ජෛව අන්තර්ක්‍රියා
  • ජෛව – අජෛව අන්තර්ක්‍රියා
  • අජෛව – අජෛව අන්තර්ක්‍රියා

 

6. ජෛව – ජෛව අන්තර් ක්‍රියා සදහා උදාහරණ වන්නේ?

  • ඒකෛකයන් සහ විශේෂ අතර තරගය
  • භෝජන අන්තර් සබඳතා
  • ජීවී අන්තර් සබඳතා

 

7. ශාක පසෙන් ජලය හා පෝෂක ලබා ගැනිිම කුමන අන්තර්ක්‍රියාවක්ද?

  • ජෛව – අජෛව අන්තර්ක්‍රියා

 

8. අජෛව අජෛව අන්තර්ක්‍රියාවක් සදහා උදාහරණ වන්නේ?

  • පස තුළ සිදු වන රසායනික ප්‍රතික්‍රියා

 

පරිසර පද්ධතියක් තුළ ශක්තිය ගලා යෑම

 

9. පෘථිවියේ ප්‍රධාන ශක්ති ප්‍රභවය වන්නේ?

  •  
  • සුුර්යාය

 

10. සියලු ජිිවින්ට අවශ්‍ය වන ශක්තිය ලබා ගන්නා ප්‍රභවය වන්නේ කුමක්ද?

  • ඔවුන්ගේ ආහාරවල අඩංගු රසායනික ශක්තිය

 

පෝෂී මට්ටම්

 

11. පෝෂී මට්ටමක් යනු කුමක්ද?

  • පරිසර පද්ධතියක නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් භෝජන කාණ්ඩ කිහිපයකට සැකසිය හැකි අතර ඒ එක එකක් පෝෂි මට්ටමක් වේ.

 

12. පළමු පෝෂී මට්ටමට අයත් වන්නේ කවුරුන්ද?

  • නිෂ්පාදකයන් (ස්වයංපෝෂීන්)

 

13. ශාක භක්ෂකයන් අයිති වන පෝෂී මට්ටම වන්නේ?

  • දෙවන පෝෂී මට්ටම

 

14. තෙවැනි පෝෂී මට්ටම නිරූපනය කරන්නන් වන්නේ?

  • මාංශ භක්ෂකයන් හා සර්ව භක්ෂකයන්

 

ආහාර දාම

 

15. ආහාර දාමයක් යනු?

  • පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භ වී එක් පෝෂි මට්ටමකින් තවත් පෝෂි මට්ටමකට පෝෂක හා ශක්තිය හුවමාරු වන ජීවීන්ගේ රේඛීය අනුක්‍රමයකි.

 

16. ප්‍රාථමික නිෂ්පාදකයෝ යනු කවුරැන්ද?

  • ස්වයංපෝෂින්ය

 

17. ප්‍රාථමික නිෂ්පාදකයන්ට උදාහරණ වන්නේ?

  • ශාක
  • ඇල්ගිි
  • සයනොබැක්ටීරියා

 

18. ප්‍රාථමික නිෂ්පාදනය යනු කුමක්ද?

  • නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක් තුළ ස්වයං පෝෂින් විසින් නිපදවනු ලබන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි.

 

19. ප්‍රාථමික නිෂ්පාදනය මනිනු ලබන ඒකක වන්නේ?

  • gm-2 day -1
  • kg ha-1 year -1 යන ඒකක 2 න් එකක් යොදාගනී.

 

20. ප්‍රාථමික පරිභෝජකයා යනු කවුරැන්ද?

  • ප්‍රාථමික නිෂ්පාදකයින් පරිභෝජනයට ගන්නා ජීවින් (ශාක භක්ෂකයින්)

 

21. ද්විතීයික පරිභෝජකයින් යනු?

  • ප්‍රාථමික පරිභෝජකයන් පරිභෝජනයට ගන්නා ජීවින්.

 

22. තෘතීයික පරිභෝජකයන් යනු ?

  • ද්විතියික පරිභෝජකයන් පරිභෝජනයට ගන්නා ජීවින්.

 

23. ආහාර ජාලයක් යනු කුමක්ද?

  • පරිසර පද්ධතියක් තුළ පවතින අන්තර් සම්බන්ධිත භෝජන සබදතා

 

 

ආහාර දාමයක් ඔස්සේ සිදු වන ශක්ති හානිය

 

24. ආහාර දාමයක් ඔස්සේ ශක්තිය ගලන්නේ කෙසේද?

  • ඒකදිශානතිකව

 

25. එක් එක් පෝෂී මට්ටමේ දී විභව ශක්තියෙන් 90% ප්‍රතිශතයක් හානිවන්නේ කුමක් ලෙසද?

  • තාපය හා ශ්වසනය ලෙස

 

26. පොෂි මට්ටමකින් තවත් පෝෂි මට්ටමකට ශක්තිය සංක්‍රාමණය වන ප්‍රතිශතය වන්නේ?

  • 10%

 

27. වඩාත්ම පාරිසරිකව කාර්යක්ෂම වන ආහාර දාමය වන්නේ කුමක්ද?

  • කෙටිම ආහාර දාමය

 

28. පාරිසරික පිරමීඩ යනු?

  • ආහාර දාම වල ප්‍රයෝජ්‍ය ශක්තිය අඩුවීමෙන් සෑදෙන පිරමිඩ

 

29. පාරිසරික පිරමීඩයේ පියවර ඉහළට යත්ම සිදුවන්නේ කුමක්ද?

  • ජීවි සංඛ්‍යාව අඩු අගයක් වේ
  • ඒ ජීවින් ශරීර ප්‍රමාණයෙන් විශාල වේ

 

30. පාරිසරික පිරමීඩ පිළිබද සංකල්පය ගොඩනැගුවේ කවුරුන් විසින්ද?

  • චාල්ස් එල්ටන්

 

31. පාරිසරික පිරමීඩ වර්ග 3 මොනවාද?

  • ශක්ති පිරමීඩ
  • සංඛ්‍යා පිරමීඩ
  • ජෛව ස්කන්ධ පිරමීඩ

 

32. ශක්ති පිරමිඩ වලින් නිරෑපණය වන්නේ කුමක්ද?

  • විවිධ පෝෂී මට්ටම් වල ශක්ති ප්‍රමාණය

 

33. ශක්ති හානියක් සිදුවන නිසා ශක්ති පිරමිඩ පිහිටන්නේ?

  • උඩුකුරු හා සිරස්ව

 

34. සංඛ්‍යා පිරමීඩ යනු?

  • අනුයාත පෝෂී මට්ටම්වල නිෂ්පාදකයන්, ශාක භක්ෂකයන් සහ මාංශ භක්ෂකයන් සංඛ්‍යාවට අනුව සබදතාව නිරෑපණය කරන පිරමීඩ

 

35. සංඛ්‍යා පිරමීඩ වර්ග මොනවාද?

  • උඩුකුරු සංඛ්‍යා පිරමීඩ
  • යටිකුරු සංඛ්‍යා පිරමීඩ

 

36. උඩුකුරැ සංඛ්‍යා පිරමීඩ හමුවන ස්ථානයක් වන්නේ?

  • ජලජ හා තෘණ භූමි පරිසර පද්ධති වලින්

 

37. ජෛව ස්කන්ධ පිරමීඩ ආකාර 2 වන්නේ?

  • උඩුකුරු ජෛව ස්කන්ධ පිරමීඩ
  • යටිකුරු ජෛව ස්කන්ධ පිරමීඩ

 

38. උඩුකුරු ජෛව ස්කන්ධ පිරිමීඩයකට උදාහරණය වනුයේ?

  • වනාන්තර පරිසර පද්ධති

 

39. යටිකුරු ජෛව ස්කන්ධ පිරමීඩයකට උදාහරණ වනුයේ?

  • සමහර ජලජ පරිසර පද්ධති තුළ ශාක ප්ලවාංග
  • පරපෝෂීන්. (මිනිසා -> මදුරුවා ->මදුරුවා තුළ සිටින පරපෝෂීන්)

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet