විද්‍යා අංශයජීව විද්‍යාව5.8.5 - ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ සතිමත් වෙයි.

5.8.5 – ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ සතිමත් වෙයි.

 

මවු කිරි වල සංරචක හා මවු කිරි දීමේ වැදගත්කම

1. ‘කොලෙස්ට්‍රම්’ යනු?

    • ළදරුවාගේ උපතින් පසුව පළමු දින කීපයක් තුළදී ස්තන ග්‍රන්ථි මගින් කිරි ස්‍රාවයට ප්‍රථමව නිකුත් වන තරලයක්

 

2. මානව ක්ෂීරයේ අඩංගු ද්‍රව්‍යන්?

    • ලැක්ටෝස්
    • මේද අම්ල
    • ඇමයිනෝ අම්ල
    • ඛනිජ ලවණ
    • විටමින්
    • ජලය
    • කේසින්
    • ලැක්ටලිබියුමින්
    • ඉමියුනොග්ලොබියුලීන්
    • ළදරුවාට අවශ්‍ය වැදගත් ප්‍රතිදේහ
    • සුදු රුධිරාණු වර්ග කිහිපයක් (ක්ෂුද්‍ර ජීවී ආසාදන වලට ප්‍රතිරෝධී වීමට)

 

3. මවු කිරි හා කොලෙස්ට්‍රම් අතර ඇති වෙනස්කම කුමක්ද?

    • මවුකිරි හා සැසඳීමේදී කොලෙස්ට්‍රම් වල අඩු පෝෂක ප්‍රමාණයක් අඩංගු වේ (නමුත් ඒවා මුල් පෝෂණ අවශ්‍යතා සදහා ප්‍රමාණවත්‍ ය)
    • ලැක්ටෝස් සුලු ප්‍රමාණයක් හා මේදය නැත.

 

4. මවු කිරි දීමේ වැදගත්කම කුමක්ද?

    • ළදරුවාගේ උපරිම වර්ධනයට දායක වේ
    • ළදරුවාගේ මානසික වර්ධනයට දායක වේ
    • මව හා දරුවා අතර මූලික හා දීර්ඝකාලීන සම්බන්ධතාවයට බලපායි
    • මවු කිරිවල ඇති අඩු Na සාන්ද්‍රණය ළදරුවගේ අවශ්‍යතාවයන්ට වඩාත් ගැළපේ
    • වෙනත් ප්‍රභව වල කිරිවලට වඩා ළදරුවාට ආසාත්මිකතා ඇති වීමේ සම්භාවිතාව මවු කිරිවල අවම වේ.

 

5. එළකිරි හා මවු කිරි සැසඳීමේදී දක්නට ලැබෙන වෙනස්කම කුමක්ද?

    • එළකිරි හා සැසදීමේදී මවු කිරිවල මේදය, යකඩ හා ප්‍රෝටීන වඩාත් වේගයෙන් පරිවෘත්තියට භාජනය වේ

 

උපත් පාලන ක්‍රම

6. උපත් පාලන ක්‍රම යනු මොනවාද?

    • අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වැළැක්වීමේ ක්‍රම

 

7. උපත් පාලන ක්‍රම මගින් එම කර්තව්‍යය සිදුකරනු ලබන්නේ කෙසේද?

    • ජන්මාණු විකසනය වීම හා නිදහස් කිරීම වැළැක්වීම
    • ජන්මාණු සංසේචනය වීම වැළැක්වීම
    • කලලය අධිරෝපණය වීම වැළැක්වීම

 

8. තාවකාලික උපත් පාලන ක්‍රම මොනවාද?

    • ස්ත්‍රීන් සඳහා ගිලින පෙති
    • උපත් පාලන කොපු
    • IUD ලූප
    • Depo Provera එන්නත

Choosing a safe and effective birth control method to suit your lifestyle |  Southern Hills Hospital & Medical Center

 

9. ස්ත්‍රීන් සදහා වූ ගිලින පෙති වල අඩංගු කෘත්‍රිම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිසා ඍණ ප්‍රතිපෝෂී යන්ත්‍රණයක් හරහා හයිපොතැලමසෙන් GnRH නිදහස් කිරීමද, පූර්ව පිටියුටරියෙන් FSH හා LH ස්‍රාවය වීමද වැළකේ. මෙහිදී FSH හා LH ස්‍රාවය නිශේධනයෙන් සිදුවන්නේ කුමක්ද?

    • LH ස්‍රාවය කිරීම වැළකීමෙන් – ඩිම්බ මෝචනය ඇන හිටී
    • FSH ස්‍රාවය කිරීම වැළකීමෙන් – ස්‍යුනිකා සෛල පරිණත වීම වැළකේ.

 

10. සමහර ගිලින පෙති වල කෘතීම ප්‍රොජෙස්ටරෝන් පමණක් ඉහළ සාන්ද්‍රණ වලින් පවතී. එමගින් සිදු වනුයේ කුමක්ද?

    • ගැබ්ගෙල ශ්ලේෂ්මල ඝන වීම මඟින් ගර්භාෂයට ශුක්‍රාණු ප්‍රවේශය වළක්වයි
    • සංසේචනයක් සිදු වුවද අධිරෝපනය වළක්වයි

 

11. ශල්‍යකර්මයක් මඟින් සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රම මඟින් උපත් පාලනය වනුයේ කෙසේද?

    • එමගින් ජන්මාණු නිදහස් වීම වළක්වයි

 

12. ශල්‍යකර්මයක් මගින් සිදු කරන ස්ථිර උපත් පාලනයේ ක්‍රම දෙක?

    • පුරුෂයින් සදහා – වාසෙක්තමී ශල්‍යකර්මය
    • ස්ත්‍රීන් සදහා – පැලෝපීය නාල සැත්කම

Describe surgical method of birth control - Biology - TopperLearning.com |  ksvuwxqq

Permanent Contraception - Women's Health Issues - MSD Manual Consumer  Version

 

13. ගබ්සා කිරීමේදී සිදු වනුයේ කුමක්ද?

    • ගර්භණී භාවය එහි අපරිණත අවධියේ දී අවසන් වීම මෙහිදී සිදුවේ

 

14. ගබ්සා වීමේ ආකාර දෙක,

    • ස්වාභාවික ගබ්සා වීම
    • අවශ්‍යතාවයට අනුව ගබ්සා කිරීම (ශල්‍යකර්මයක් හෝ වෙනත් ශල්‍යකර්මීය නොවන ක්‍රම මගින්)

සමහර ඖෂධ භාවිතයෙන් සංසේචනයේ සිට සති 7 ක කාලයක් ඇතුළත ගබ්සා වීම ශල්‍යකර්මීය නොවන ක්‍රමයකි. එමගින් ගර්භාෂයේ ප්‍රොජෙස්ටරෝන් ප්‍රතිග්‍රාහක අවහිර කරන අතර එමගින් ගර්භණීභාවය පවත්වාගෙන යෑම වළක්වයි.

 

ගර්භණී සමයේ ආබාධ හඳුනා ගැනීම

15. භ්‍රෑණයේ ප්‍රමාණය හා තත්ත්වය දැන ගැනීම සඳහා භාවිතා කරන්නේ කුමක්ද?

    • අතිධ්වනි ජායාරූප භාවිතය

 

16. භ්‍රෑණයේ ප්‍රවේණික විශ්ලේෂණය සිදු කල හැක්කේ කෙසේද?

    • කෝරියම් අංගුලිකා හා කලලාවාරික තරලය ලබා ගෙන විශ්ලේෂණය මගින්

 

17. ගර්භණී මවගේ රුධිරය භාවිතයෙන් ගෙනෝමය විශ්ලේෂණය සිදු කිරීමට හැකි වී ඇත්තේ කුමක් නිසාද?

    • මවගේ රුධිරයේ ද භ්‍රෑණ DNA ඇති හෙයින්

 

18. “ඇතැම් සංකූලතා කලල අවස්ථාවේදීම හඳුනා ගතහොත් නිවැරදි කිරීමේ හැකියාවක් පවතී” මෙම ප්‍රකාශය සත්‍යද ? අසත්‍යද ?

    • අසත්‍ය වේ

සියලු හඳුනා ගත හැකි සංකූලතා කලල අවස්ථාවේදී හෝ උපතින් පසුවද නිවැරදි කල නොහැකිය. මෙම පරීක්ෂණ මගින් මවුපියන්ට අවශ්‍ය තීරණ ගැනීම සඳහා ඔවුන් කලින් දැනුවත් කිරීමේ හැකියාව ලැබේ.

https://www.msdmanuals.com/home/multimedia/video/chorionic-villus-sampling

 

නිසරුභාවය

19. “නිසරුභාවය” යනු කුමක්ද?

    • දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති නොහැකියාව

 

20. නිසරුභාවයේ ගැටලුකාරී තත්ත්ව මඟහරවා ගැනීම සදහා වූ නවීන ප්‍රජනක තාක්ෂණයේ ආකාර තුන මොනවාද?

    • හෝමෝනමය ප්‍රතිකාර
    • ශල්‍යකර්ම
    • ආධාරක ප්‍රජනක ක්‍රමවේද

                   – නාලස්ථව සිදු කරන සංසේචනය (IVF)

                   – අන්තඃසෛලප්ලාස්මීය ශුක්‍රාණු නික්ෂේපන ක්‍රමය (ICSI)

 

21. හෝමෝන ප්‍රතිකාර මඟින් සිදුකරනුයේ කුමක්ද?

    • නිසරු පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම වැඩි කිරීම
    • නිසරු කාන්තාවන්ගේ ඩිම්බ නිපදවීම වැඩි කිරීම

 

22. නවීන ප්‍රජනක තාක්ෂණයේදී ශල්‍යකර්මයක් මගින් සිදු කරනුයේ කුමක්ද?

    • නියමාකාරව නොසැකසුණු ප්‍රජනක පද්ධතියට අයත් නාල හෝ නාලවල අවහිරතා පවතින විට ශල්‍යකර්ම මඟින් නිවැරදි කර වඳභාවය ඉවත් කිරීම

 

23. IVF ක්‍රමයේ ක්‍රියාදාමය සදහන් කරන්න.

  • ඩිම්බ කෝෂයකින් ඉවත් කරගත් ඩිම්බ සෛලයක් ශුක්‍රාණුවක් සමඟ විද්‍යාගාර තත්ත්ව යටතේ සංසේචනය වීමට සැලැස්වේ.
  • සෛල 8ක් පමණ වන අවස්ථාව තෙක් සංසේචිත ඩිම්බය බීජෞෂණ සමය ගත කරයි.
  • ඉන්පසු කාන්තාවගේ ගර්භාෂයේ මේ කලලය අධිරෝපණය කරන අතර එහිදී කලලය විකසනය වීමට සලස්වයි

 

24. “හොඳ සංසේචනය වීමක් සාම්ප්‍රදායික IVF ක්‍රමය යටතේ සිදුකිරීමට නම් එක් ඩිම්බ සෛලයක් සඳහා ශුක්‍රාණු 50 – 100 දහසක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වේ” මීට හේතුව කුමක්ද?

    • IVF ක්‍රමය යටතේ ශුක්‍රාණුවල අග්‍රදේහ ක්‍රියාව සිදුවීම සඳහා ශුක්‍රාණු දහස් ගණනක් අවශ්‍ය වීමයි.

How Much Does IVF Cost in Your Country? - All Prices Revealed

 

25. ICSI ක්‍රමයේදී සිදු කරනුයේ කුමක්ද?

    • පරිණත ශුක්‍රාණුවල යම් අසාමාන්‍යතාවයක් හෝ සංඛ්‍යාවේ අඩු බවක් පවතී නම් සම්පූර්ණ ශුක්‍රාණුව හෝ ප්‍රාක් ශුක්‍ර න්‍යෂ්ටිය කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඉවත් කරන ලද ඩිම්බ සෛලයේ, සෛල ප්ලාස්මයට ඍජුව එන්නත් කෙරේ.
    • ඉන්පසු සංසේචිත ඩිම්බය අධිරෝපණය සඳහා ගර්භාෂයට ඇතුළු කෙරේ.

 

26. “ICSI ක්‍රමයේදී එක් ඩිම්බ සෛලයක් වෙනුවෙන් එක් ශුක්‍රාණුවක් අවශ්‍ය වේ” මේ සඳහා හේතුව කුමක්ද?

  • සාම්ප්‍රදායික IVF ක්‍රමයේදී මෙන් නොව ICSI ක්‍රමයේදි අදාළ ශුක්‍රාණු සෛලය, තෝරාගත් සෛලයක් වීම.

ICSI Treatment in Bangalore | ICSI Cost in Bangalore - Tamara Hospital  Rajajinagar

Best ICSI Treatment Centre in Bathinda, Punjab, India

icsi center in meerut, India, icsi doctor and specialist

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet