No menu items!

05.02.04-වියෝග ප්‍රවේගය

       

වියෝග ප්‍රවේගය ({\mathrm v}_{\mathrm e})

යම් ග්‍රහ වස්තුවක් මත ඇති ස්කන්ධයක් එම ග්‍රහ වස්තුවේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන් මුදවා අනන්තයට යැවීමට ග්‍රහ වස්තුවේ පෘෂ්ඨය මත දී වස්තුවට බා දිය යුතු අවම ප්‍රවේගය, එම ග්‍රහ වස්තුව සඳහා වන වියෝග ප්‍රවේගය හෙවත් වියෝවීමේ ප්‍රවේගය ලෙස හැඳින්වේ.

 

පෘථිවි පෘෂ්ඨය මත ඇති විට රොකට්ටුවේ ගුරුත්වජ විභව ශක්තිය   =   -\frac{\mathrm{GMm}}{\mathrm R}

නමුත් අර්ථ දැක්වීමෙන් විභව ශක්තිය යනු රොකට්ටුව අනන්තයේ සිට පෘථිවි පෘෂ්ඨයට ගෙන ඒමට කළ යුතු කාර්යයයි. එමනිසා රොකට්ටුව පෘථිවි පෘෂ්ඨයේ සිට අනන්තයට ගෙන යාමට කළයුතු කාර්යය,

\mathrm W\;=\;\frac{\mathrm{GMm}}{\mathrm R}

මෙම කාර්යය කිරීමට අදහස් කරන්නේ ඉන්ධන දහනයෙන් ලබාගන්නා චාලක ශක්තිය වැය කිරීමෙනි. එමනිසා,

\begin{array}{rcl}\frac12\mathrm{mv}^2\;&=&\;\frac{\mathrm{GMm}}{\mathrm R}\\&&\\\mathrm v\;&=&\;\sqrt{\frac{2\mathrm{GM}}{\mathrm R}}\\&&\\\mathrm{තවද},\;\;\;\mathrm g\;&=&\;\frac{\mathrm{GM}}{\mathrm R^2}\;\;\\&&\\\therefore\;\mathrm{GM}\;&=&\;\mathrm{gR}^2\\&&\\\mathrm v\;&=&\;\sqrt{\frac{2\mathrm{gR}^2}{\mathrm R}}\\&&\\\mathrm v\;&=&\;\sqrt{2\mathrm{gR}}\end{array}

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

4 අදහස්

  1. මේ වෙනුවෙන් පොඩි හරි දෙයක් කරපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි.වැඩේ නම් නියමයි, මේ වෙලාවේ අපිට ගොඩක් වටිනවා.
    🙏🙏🙏🙏🙏♥️♥️

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.