- සංයුක්ත ගණිතය II (ව්‍යවහාරික ගණිතය) ප්‍රශ්න පත්‍රයේ B කොටසේ(රචනා ප්‍රශ්න) 16 වැනි ප්‍රශ්නයේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත අඩංගු වේ.
- වස්තුවක හෝ දෘඩ ලෙස සම්බන්ධ කළ අංශු පද්ධතියක වස්තුව කුමන පිහිටීමක තැබුවත් එහි බර (බරෙහි ක්‍රියා රේඛාව) සෑම විටම එකම ලක්ෂයක් හරහා ගමන් කරන අතර එය ගුරුත්ව කේන්ද්‍රය ලෙස හඳුන්වයි.
- w1, w2, ………… wn භාරයන් වන අංශු පද්ධතියක් සලකන්න. ඒවා A1 , A2 , ……… An යන ලක්ෂවල ඇති අතර OX, OY අක්ෂ අනුබද්දයෙන් ඛන්ඩාංක පිලිවෙලින් (x1,y1), (x2,y2), ………., (xn,yn) යයි සිතමු.
- OXY අනුබද්ධව ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක ( x̅, y̅ ) යයි සිතමු.එවිට අංශු භාරයන් සමාන්තර පද්ධතියක් ගොඩ නගන අතර ඒවායේ සම්ප්‍රයුක්තය w1 + w2 + …………+ wn වේ. එය ( x̅, y̅ ) හරහා ක්‍රියාත්මක වේ යැයි සලකා, බල සම්ප්‍රයුක්තය සඳහා OX, OY වටා ඝූර්ණය ගැනීමෙන්,
x̅ (w1 + w2 + ………… wn )= w1x1 + w2x2 + ………… + wn xn
\overline X=\frac{\overset n{\underset{i=1}{\sum\;w_ix_i}}}{\overset n{\underset{i=1}{\sum\;w_i}}}
y̅ (w1 + w2 + ………… wn ) = w1y1 + w2y2 + ………… + wn yn
\overline y=\frac{\overset n{\underset{i=1}{\sum\;w_iy_i}}}{\overset n{\underset{i=1}{\sum\;w_i}}}
සටහන :
ඒකාකාර වස්තු සඳහා ගුරුත්ව කේන්ද්‍රයත්, ස්කන්ධ කේන්ද්‍රයත් සාමාන්‍යයෙන් එකම වේ.
කේන්ද්‍රයේ 2θ ආපාතනය කරන ඒකාකාර වෘත්ත චාපයක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම.
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක දිගක ස්කන්ධය ρ යයි සකලකමු.
mr=aρ dα
xr=a cosα
ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{{\displaystyle\sum_{i=1}^n}w_rx_r}{\overset n{\underset{i=1}{\sum w_r}}}\\\\\;\;=\frac{\displaystyle\int_{-\theta}^\theta m_rg.x_r}{\int_{-\theta}^\theta m_r\;g}\\\\\;\;=\frac{\displaystyle\int_{-\theta}^\theta a\;\rho\;\cos\alpha\;d\alpha}{\int_{-\theta}^\theta a\;\rho\;d\alpha}\\\\\;\;=a\frac{\displaystyle\int_{-\theta}^\theta\cos\alpha\;d\alpha}{\int_{-\theta}^\theta d\alpha}\\\\\;\;=a\frac{\displaystyle\left[\sin\alpha\right]_{-\theta}^\theta}{\left[\alpha\right]_{-\theta}^\theta}\\\\\;\;=a\frac{\displaystyle\sin\theta}\theta\end{array}කේන්ද්‍රයේ 2θ ආපාතනය කරන ඒකාකාර වෘත්ත ඛන්ඩයක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම.
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක වර්ගඵලයක ස්කන්ධය ρ යයි සලකමු.
\begin{array}{l}m_r=\frac{\displaystyle1}2a\;a\;d\alpha\;\rho\\x_r=a\;\cos\alpha\;\frac{\displaystyle2}3\end{array}ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{\displaystyle\overset n{\underset{i=1}{\sum w_rx_r}}}{\overset n{\underset{i=1}{\sum w_r}}}\\\\\;\;=\frac{\displaystyle\int_{-\theta}^\theta m_rgx_r}{\int_{-\theta}^\theta m_rg}\\\\\;\;=\frac{\displaystyle\int_{-\theta}^\theta\frac{\displaystyle1}2a\;ad\alpha\;\rho\;a\;\cos\alpha\;\frac{\displaystyle2}3g}{\int_{-\theta}^\theta{\displaystyle\frac12}a\;ad\alpha\;\rho g}\\\\\;\;=\frac23a\frac{\displaystyle\int_{-\theta}^\theta\cos\alpha\;d\alpha}{\int_{-\theta}^\theta d\alpha}\\\\\;\;=\frac23a\frac{\left[\sin\alpha\right]_{-\theta}^\theta}{\left[\alpha\right]_{-\theta}^\theta}\\\\\;\;=\frac{2a\sin\theta}{3\theta}\end{array}කුහර අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක වර්ගඵලයක ස්කන්ධය ρ යයි සකලකමු.
\begin{array}{l}m_r=2\pi\;\sin\alpha\;a\;d\alpha\;\rho\\x_r=a\;\cos\alpha\end{array}ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{\displaystyle\overset n{\underset{i=1}{\sum w_rx_r}}}{\overset n{\underset{i=1}{\sum w_r}}}\\\\\;\;=\frac{\displaystyle\int_0^\frac\pi2m_rgx_r}{\int_0^\frac\pi2m_rg}\\\\\;\;=\frac{\displaystyle\int_0^\frac\pi22\pi\;\sin\alpha\;a\;d\alpha\;\rho\;a\cos\alpha}{\int_0^\frac\pi22\pi\;\sin\alpha\;a\;d\alpha\;\rho}\\\\\;\;=\frac a2\frac{\displaystyle\int_0^\frac\pi22\sin\alpha\;\cos\alpha\;d\alpha}{\int_0^\frac\pi2\sin\alpha\;d\alpha}\\\\\;\;=\frac a2\frac{\displaystyle\int_0^\frac\pi22\sin\alpha\;\cos\alpha\;d\alpha}{\int_0^\frac\pi2\sin\alpha\;d\alpha}\\\\\;\;=\frac a2\frac{\displaystyle\int_0^\frac\pi2\sin2\alpha\;d\alpha}{\int_0^\frac\pi2\sin\alpha\;d\alpha}\\\\\;\;=\frac a2\frac{\left[\frac{-\cos2\alpha}2\right]_0^\frac\pi2}{\left[\cos\alpha\right]_0^\frac\pi2}\\\\\;\;=\frac a2\end{array}ඝන අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක පරිමාවක ස්කන්ධය ρ යයි සලකමු.
\begin{array}{l}m_r=\pi\;\left(\sqrt{a^2-x^2}\;\right)^2\;\rho\;dx\\x_r=x\end{array}ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{{\displaystyle\sum_{i=1}^n}w_rx_r}{{\displaystyle\sum_{i=0}^n}w_r}\\\\\\=\frac{\int_0^a\pi\;\left(\sqrt{a^2-x^2}\right)^2\rho gx.dx}{\int_0^a\pi\;\left(\sqrt{a^2-x^2}\right)^2\rho g.dx}\\\\\\=\frac{\int_0^a\pi\;\left(\sqrt{a^2-x^2}\right)^2\rho x.dx}{\int_0^a\pi\;\left(\sqrt{a^2-x^2}\right)^2\rho.dx}\\\\\\=\frac{\int_0^aa^2x-x^3.dx}{\int_0^aa^2-x^2.dx}\\\\\\=\frac{\left[{\displaystyle\frac{a^2x^2}2}-{\displaystyle\frac{x^4}4}\right]_0^a}{\left[a^2x-{\displaystyle\frac{x^3}3}\right]_0^a}\\\\\\=\frac{\left[{\displaystyle\frac{a^4}2-\frac{a^4}4}\right]}{\left[a^3-{\displaystyle\frac{a^3}3}\right]}\\\\\\=\frac{3a}8\end{array}අරය r හා උස h වන කුහර කේතුවක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක වර්ගඵලයක ස්කන්ධය ρ යයි සලකමු.
\begin{array}{l}m_r=2\pi\frac{rx}hdx\;\rho\;sec\alpha\\x_r=x\end{array}ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{{\displaystyle\sum_{i=0}^n}w_rx_r}{{\displaystyle\sum_{i=0}^n}w_r}\\\\\;\;=\frac{\int_0^h2\pi\frac{rx}hdx\;\rho g\;sec\alpha\;x}{\int_0^h2\pi\frac{rx}hdx\;\rho g\;sec\alpha}\\\\\;\;=\frac{\int_0^hx^2dx}{\int_0^hxdx}\\\\\;\;=\frac{\left[\frac{x^3}3\right]_0^h}{\left[\frac{x^2}2\right]_0^h}\\\\\;\;=\frac{2h}3\end{array}අරය r හා උස h වන ඝන කේතුවක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක පරිමාවක ස්කන්ධය ρ යයි සකලකමු.
\begin{array}{l}m_r=\pi x^2\;\tan\alpha^2\rho\;dx\\x_r=x\end{array}ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{\overset n{\underset{i=1}{\sum w_rx_r}}}{\overset n{\underset{i=1}{\sum w_r}}}\\\\\;\;=\frac{\int_0^h\pi\;x^2\;\tan\alpha^2\;\rho g\;dx\;x}{\int_0^h\pi\;x^2\;\tan\alpha^2\;\rho g\;dx}\\\\\;\;=\frac{\int_0^hx^3dx}{\int_0^hx^2dx}\\\\\;\;=\frac{\left[\frac{x^4}4\right]_0^h}{\left[\frac{x^3}3\right]_0^h}\\\\\;\;=\frac{3h}4\end{array}- උදාහරණ 01
කුහර අර්ධ ගෝලයක් අසුරින් ඝන අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය සොයන්න.
විසදුම
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක වර්ගඵලයක ස්කන්ධය ρ යයි සලකමු.
\begin{array}{l}m_r=2\pi\;x^2\;dr\;\rho\\x_r=\frac x2\end{array}ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ නියමයෙන්,
\begin{array}{l}\overline x=\frac{\displaystyle\overset n{\underset{i=1}{\sum w_rx_r}}}{\overset n{\underset{i=1}{\sum w_r}}}\\\\\;\;=\frac{\int_0^a2\pi\;x^2\;dx\;\rho\;{\displaystyle\frac x2}}{\int_0^a2\pi\;x^2dx\;\rho}\\\\\;\;=\frac12\frac{\int_0^ax^3dx}{\int_0^ax^2dx}\\\\\;\;=\frac12\frac{\left[\frac{x^4}4\right]_0^a}{\left[\frac{x^3}3\right]_0^a}\\\\\;\;=\frac{3a}8\end{array}- උදාහරණ 02
රූපයේ පෙන්වා ඇත්තේ ඒකාකාර ද්‍රව්‍යයකින් හැදුනු තුනී අර්ධ විෂ්කම්භය a වන කුහර ගෝලයකින් කපා ගත් කොටසක් හා පතුල වශයෙන් ඊට සම්බන්ධ කොට ඇති අර්ධ විෂ්කම්භය a\sin\alpha වන වෘත්තාකාර පතුලකින් සමන්විත කෝප්පයකි. කෝප්පයේ ගැටිය පතුලට සමාන්තර වේ.ගැටියේ අර්ධ විෂ්කම්භය a\sin\beta නම් \left(0<\alpha<\beta<\frac\pi2\right) වන විට පතුල රහිත කුහර ගෝලීය කොටසේ ස්කන්ධය සොයන්න. පතුල සහිත කොප්පයේ ගුරුත්ව කේන්ද්‍රය පතුලේ කේන්ද්‍රය ඔස්සේ ඇති අක්ශමය පතුලේ සිට \frac{a\left(\alpha-\cos\beta\right)^2}{2\left(\cos\alpha-\cos\beta\right)+\sin\alpha^2} පරිධියෙන් වූ ලක්ෂයකින් එල්ලූ විට කෝප්පයේ පතුල සිරසට දරන ආනතිය සොයන්න.
විසදුම
වස්තුව | ස්කන්ධය | ගුරුත්ව කේන්ද්‍රය ට දුර |
m_1=2\pi a^2\rho(\cos\alpha-\cos\beta) | x_1=a\cos\beta-\frac a2(\cos\alpha+\cos\beta) | |
m_2=\pi a^2\rho\sin^2\alpha | x_2=0 | |
m_1+m_2 | \overline{x_1} |
- උදාහරණ 03
අරය a වූ ඒකාකාර ඝන අර්ධ ගෝලයකින්, පතුලේ අරය a සහ උස a වන සෘජු වෘත්තාකාර කේතුවක් ඉවත් කරමින් ඝන වස්තුවක් සාදා ඇත. අර්ධ ගෝලයේ සහ කේතුවේ තල ආධාරක සමපාත වන අතර දෙකෙහිම පොදු උස h වූ සෘජු වෘත්තාකාර කේතුවක ස්තරය ස්කන්ධ කෝණ ශීර්ෂයේ සිට \frac34h දුරකින් ඇතැයි උපකල්පනය කර කේන්ද්‍රය O වේ. O සිට ඝන වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය G ඇති දුර සොයන්න. ඝන වස්තුව එහි වක්‍ර පෘෂ්ඨයේ ලක්ෂයක් තිරස සමග θ කෝණයක් සාදමින් ආනතව පවතින රළු තලයක් හා ස්පර්ශව සමතුලිතතාවයේ පවතී. ඝන වස්තුවේ හරස්කඩක් රූපයෙන් පෙන්වයි. O හා G තලයේ වැඩිතම බෑවුම් රේඛාව ඔස්සේ එකම සිරස් තලයක පිහිටයි OG තිරස් බව දී ඇත. θ = 30° බව පෙන්වන්න. අර්ධ ගෝලයේ බර W බව දී ඇත. ස්පර්ශ ලක්ෂයේ දී ඝර්ෂණ බලයේ හා අභිලම්බ ප්‍රතික්‍රියාවේ අගයන් W ඇසුරින් ලබාගන්න. තලය සහ ඝන වස්තුව අතර ඝර්ෂණ සංගුණකයේ කුඩා තම අගය සොයන්න.
විසදුම
සමමිතියෙන් ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂය මත පිහිටයි. y̅ = 0
ඒකක පරිමාවක ස්කන්ධය ρ යයි සලකමු.
O වටා ඝූර්නය ගැනීමෙන්,
\begin{array}{l}\frac{\displaystyle1}3\pi a^2\rho g\;OG\;=\;\frac23\pi a^3\rho g\frac38a-\frac13\pi a^3\rho g\frac14a\\\\OG=\frac a2\end{array}
F, R, W යන බල තුනෙහි ක්‍රියා රේඛා A හරහා යා යුතුය.
\begin{array}{l}\sin\theta=\frac{OG}{OA}\\\\\;\;\;\;\;\;=\frac{\displaystyle\frac a2}a\\\\\;\;\;\;\;\;=\frac12\\\\\;\;\;\theta\;=30^\circ\end{array}තලයට සමාන්තරව බල විභේදනයෙන්,
\begin{array}{l}F–\frac W2\;\sin\theta=0\\\\\;\;\;\;\;\;\;\;\;\;\;F\;=\frac W2\;\sin\theta\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;F=\frac W4\end{array}තලයට ලම්භකව බල විභේදනයෙන්,
\begin{array}{l}\begin{array}{l}R–\frac W2\;\cos\theta=0\\\;\;\;\;\;\;\;\;\;\;\;R\;\;\;=\frac W2\;\cos\theta\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;R\;=\frac{\sqrt3W}4\end{array}\\\end{array}සමතුලිතතාවය සඳහා,
\begin{array}{l}\begin{array}{l}\;\;\;\;\;\;\;\;\;\;\;\;\frac FR\leq\mu\\\\\frac{\displaystyle\frac W4}{\displaystyle\frac{\sqrt3w}4}\leq\mu\\\\\;\;\;\;\;\;\;\;\frac1{\sqrt3}\leq\mu\end{array}\\\\\\\;\;\;\;\;\;\;\;\mu_{min}=\frac1{\sqrt3}\\\end{array}