11.04.00- මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා X කිරණ.

0
1942

• X කිරණ යනු විද්‍යුත් චුම්බක තරංගයකි.

• එහි සංඛ්‍යාතය පාරජම්බුල කිරණ වල සංඛ්‍යාතයට වඩා වැඩි අතර ගැමා කිරණ වල සංඛ්‍යාතයට වඩා අඩු අගයක් ගනි.

• කැතෝඩ කිරණ පරීක්ෂණ වල නියැලෙමින් සිටියදී W.C.රොන්ජන් විසින් අහඹු ලෙස X කිරණ සොයා ගන්නා ලදී.

X කිරණ සොයා ගැනීම

X-rays | ARPANSA

• වර්තමානයේ X කිරණ නිපදවා ගැනීමට ඉහත සඳහන් X කිරණ නළය යොදා ගනී.

•⁣ මෙහි කැතෝඩය ලෙස ක්‍රියා කරන්නේ රික්තයක්  සහිත වීදුරු බටයක් තුළ වූ ශ්වේතප්ත ටංග්ස්ටන් සූත්‍රිකාවකි.

• E1 කෝෂය ( 10V පමණ) මඟින් සූත්‍රිකාව රත් කර ඉලෙක්ට්‍රෝන සැපයීමට අවශ්‍ය ධාරාව ලබා දෙයි.

• ඇනෝඩය ලෙස ක්‍රියා කරන්නේ ඉලක්ක ලෝහයක් තුළ ගිල්වා ඇති දණ්ඩයි.

• මෙම ඉලක්ක ලෝහය ලෙස බොහෝ විට ඉහළ ද්‍රවාංකයකින් යුතු ටංග්ස්ටන් , මොලිබිනම් වැනි ලෝහ භාවිතා වෙයි.

• කැතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වී ඉහළ ත්වරණයකට ලක් වී ඇනෝඩයේ ගැටීමට සැලැස්වීම සඳහා ඉහළ අගයකින් යුතු විභව අන්තරයක් යොදවයි. ( 1000 V පමණ )

• මෙය කාරක විභව අන්තරය හෝ ත්වරණ විභව අන්තරය වේ.

X කිරණ නිපදවන ආකාරය

• E1 කෝෂය මඟින් සූත්‍රිකාව ඉහළ උෂ්ණත්වයකට රත් කළ විට එයින් ඉලෙක්ට්‍රෝන නිදහස් වේ.

• එම ඉලෙක්ට්‍රෝන ඇනෝඩය හා කැතෝඩය අතර යොදවා ඇති ඉහළ විභව අන්තරය ( E2 ) මඟින් ත්වරණයට ලක් වී අධිවේගී ඉලෙක්ට්‍රෝන ලෙස ඉලක්ක තහඩුවේ ගැටේ.

• එසේ ගැටීමේදී ඉලෙක්ට්‍රෝන සතු චාලක ශක්තියෙන් වැඩි කොටසක් තාපය බවට පරිවර්තනය වන අතර ඉතිරි ශක්තිය මඟින් X කිරණ නිපදවීමක් සිදු කෙරේ.

• කැතෝඩය රත් වී ඇති ප්‍රමාණය මත නිදහස් වන ඉලෙක්ට්‍රෝන ගණන රදා පවතී.

• එනම් ඉලක්කය හා ගැටෙන ඉලෙක්ට්‍රෝන ගණන E1 හි අඟය මත රදා පවතී.

• එනම්,

              නිදහස් වන X කිරණ වල තීව්‍රතාවය E1 මත රදා පවතී.

• නිපදවන X කිරණ වල එක් එක් ෆෝටෝනය සතු ශක්තිය ඇනෝඩයේ ගැටෙන ඉලෙක්ට්‍රෝන වල ශක්තිය මත රදා පවතී.

• තවද එම ඉලෙක්ට්‍රෝන සතු චාලක ශක්තිය E2 එනම් කාරක විභව අන්තරය මත රදා පවතී.

• මේ අනුව පිටවන X කිරණ වල ශක්තිය ( සංඛ්‍යාතය ) E2 මත රදා පවතී.

• X කිරණ නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ප්‍රතිලෝම ක්‍රියාවලියක් ලෙස සැලකිය හැක.

Learn Properties and Uses of X Rays in 3 minutes.

X කිරණ වල ගුණ

1. X කිරණ විද්‍යුත් චුම්බක තරංග වෙි. 

• රික්තයක් තුල දී ආලෝකයේ ප්‍රවේගයෙන් ( 3×108 ms-1 ) ගමන් කරයි.

• ආරෝපණයක් නැත.

• ගමන් කිරීමට මාධ්‍යක් අවශ්‍ය නැත.

2.අනාරෝපිත බැවින් විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මඟින් අපගමනයට ලක් නොවේ.

3.ස්ඵටික දැලිසක් මඟින් විවර්තනය කළ හැක.

4.විනිවිද යාමේ හැකියාවක් ඇත. ඝනත්වය අඩු මාධ්‍ය හරහා පහසුවෙන් විනිවිද යයි.

5.වායු තුළින් ගමන් කරන විට වායුන් අයනීකරණය වේ.

6.Xකිරණ මඟින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිදු කළ හැක.

7.ඇතැම් ලවණ හා ඛණිජ මත පතනය වූ විට ප්‍රතිදීපනය වේ.

Properties Of X-Rays | X-Ray Properties

X කිරණ වල ප්‍රයෝජන

• වෛද්‍ය විද්‍යාවේදී ශරීර අභ්‍යන්තර කොටස් වල ඡයාරූප ගැනීමේදී

•ඉංජිනේරු විද්‍යාවේ දී ලෝහ දඬු තුළ වාත කුහර,දුර්වල ස්ථාන පිපුරුම් වැනි දේ අනාවරණයට

• ස්ඵටික හා සංකීර්ණ අණු පිළිබඳ හැදැරීමේදී

• ගුවන්තොටුපළ හා රේගු කටයුතු වල දී ගමන් මලු පරීක්ෂාවට

X කිරණ පිළිඹද වැඩිදුර අද්‍යනය සඳහා පහත Youtube link එක භාවිතා කරන්න.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.