Uncategorized04.07 වාෂ්ප සහ ආර්ද්‍රතාව

04.07 වාෂ්ප සහ ආර්ද්‍රතාව

 

 

04-තාපය

වාෂ්පීභවනය හා වාෂ්පීකරණය

වාෂ්පීභවනය

  • ද්‍රවයක තාපාංකය ට වඩා අඩු උෂ්ණත්වයේ දී ද්‍රව අංශු වායු අංශු බවට පත්වීමේ ක්‍රියාවලිය වාෂ්පීභවනය ලෙස සරල ව ප්‍රකාශ කළ හැක.
  • ද්‍රවයක සමහර අණු විවිධ අහඹු ප්‍රවේග වලින් චලිත වෙමින් පවතී. ‍ද්‍රවයේ අභ්‍යන්තරයේ වු අංශුවක් මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය නිසා චලිතයේ දී විභව ශක්තිය වෙනස් නොවේ
  • නමුත් පෘෂ්ඨයේ හෝ ඊට ආසන්න ව ඇති අණු මත ‍ද්‍රවය දෙසට සම්ප්‍රයුක්ත බලයක් ඇති නිසා ඒවා වායු කලාපයට පිවිසීමේ දී අභ්‍යන්තර කාර්යයක් කරයි. එවිට විභව ශක්තිය වැඩි වේ.
  • නමුත් චාලක ශක්තියෙන් වැඩි අංශු මෙම අභ්‍යන්තර කාර්යය කරමින් ඉහත ආකර්ෂණ බලය බිඳ ගෙන වායු කලාපයට පිවිසීම වාෂ්පීභවනය ලෙස හඳුන්වයි.
  • මෙලෙස වාෂ්පීභවනය වන අණු වායු කලාපයේ අණු සමග ගැටී නැවත ද්‍රව කලාපයට ඇද වැටිය හැක. මෙය ඝනීභවනයයි.
  • වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයක දී සිදු වේ.
  • ද්‍රව පෘෂ්ඨයේ පමණක් සිදුවේ.
  • මෙය අදෘශ්‍ය ක්‍රියාවලියකි.
  • වාෂ්පීභවනය වන්නේ ද්‍රවයේ චාලක ශක්තියෙන් වැඩි අංශුයි. එමනිසා අනෙක් අංශුවල වේගය වෙනස් නොවුවද ‍ද්‍රවයේ මධ්‍යන්‍ය චාලක ශක්තිය අඩුවේ.
  • මේ නිසා ද්‍රවය සිසිල් වේ.
  • වාෂ්පීභවනය වන වේගය යම් සාධක මත රඳා පවතී.

වාෂ්පීභවනය ට බලපාන සාධක

  1. ද්‍රවයේ උෂ්ණත්වය                                                                                                            උෂ්ණත්වය වැඩි වන විට අණුවල චාලක ශක්තිය වැඩි වීමෙන් වැඩි අණු ගණනකට වායු කලාපයට පිවිසීමට හැකි වේ. එම නිසා උෂ්ණත්වය වැඩි වන විට වාෂ්පීභවනය වන වේගය වැඩි වේ.
  2. සුළඟ                                                                                                                        සුළඟ මගින් ද්‍රව පෘෂ්ඨය අවට වාෂ්ප ඉවත් කර ඝනීභවන වේගය අඩු කරයි. මෙවිට වාෂ්පීභවනය වන වේගය වැඩි වේ.
  3. ජල වාෂ්ප                                                                                                          වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වන විට ජල වාෂ්ප සමඟ ගැටෙන වාෂ්ප අණු නැවත ද්‍රව කලාපයට ඇද වැටීම නිසා ඝනීභවනය වේගය වැඩි වේ. එම නිසා වාෂ්පීභවනය අඩු වේ.
  4. වායු ගෝලය සමග ස්පර්ශ වූ පෘෂ්ඨික වර්ගඵලය                                                                    පෘෂ්ඨික වර්ගඵලය වැඩි වන විට එකවර විශාල ද්‍රව අණු සංඛ්‍යාවකට වාෂ්ප කලාපයට ඇතුල් විය හැක. එනම් පෘෂ්ඨික වර්ගඵලය වැඩි වන විට වාෂ්පීභවන වේගය වැඩි වේ.
  5. ද්‍රවයේ ගැඹුර                                                                                                              ගැඹුර වැඩි වන විට යම් අංශුවක් සමඟ පහල දෙසට බැඳී ඇති අංශු ගණන වැඩි වේ. එම නිසා පෘෂ්ඨයේ අණුවලට වායු කලාපයට පිවිසීමට ඇති හැකියාව අඩුවේ. ගැඹුර වැඩි වන විට වාෂ්පීභවනය වන වේගය අඩු වෙයි.
  6. තාපාංකය අඩු ද්‍රවවල අන්තර් අණුක ආකර්ෂණ බල දුර්වලය. එබැවින් වාෂ්පීභවනය වීම පහසුය. එබැවින් ද්‍රවයේ තාපාංකය අඩු නම් සීඝ්‍රතාවය වැඩි ය.

වාෂ්පීකරණය

  • ද්‍රව බඳුනක් පතුලෙන් රත් කිරීමේ, දී උෂ්ණත්වය ඉහළ නගින විට ද්‍රවයේ දිය වී ඇති වායු බුබුළු තුළට ද්‍රවය වාෂ්ප වේ.
  • එවිට බුබුළු තුළ පීඩනය ක්‍රමයෙන් වැඩි වේ.
  • බුබුළු තුළ සංතෘප්ත වාෂ්ප පීඩනය වායුගෝල පීඩනයට සමාන වූ විට බුබුළු ඉහළ යමින් ද්‍රව පෘෂ්ඨය ආසන්නයේ දී බිඳීමට ලක් වීම නැටීමයි.
  • මේ අනුව ද්‍රවයක තාපාංකය යනු එහි සංතෘප්ත වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වන උෂ්ණත්වයයි.
  • තාපාංකයේ දී ද්‍රවයක් වාෂ්ප වීම වාෂ්පීකරණය නම් වේ.
  • වාෂ්පීකරණය ද්‍රවය තුල ඕනෑම ස්ථානයකින් සිදු විය හැක.
  • නැටීම දෘශ්‍ය ක්‍රියාවලියකි.
  • එය දෙන ලද පීඩනයකට යටත් ව නියත උෂ්ණත්වයේ දී සිදු වේ.
  • නැටීමේ ශීඝ්‍රතාව උෂ්ණත්වය, සුළඟ, පීඩනය, ආර්ද්‍රතාව යන බාහිර සාධක මත රඳා නො පවතී.
  • එය රඳා පවතින්නේ බාහිරින් තාප ශක්තිය ලබා දෙන ශීඝ්‍රතාව මත පමණි.

ද්‍රවයක් නැටීම යනු කුමක්ද?

  • ද්‍රවයක් තාප කිරීමේ(තාපය සැපයීමේදී) දී එය තාපාංකය ට ළඟා වීම අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ද්‍රවය නැටීමක් ලෙසයි.
  • මෙයට හේතුව වන්නේ වාෂ්ප බුබුළු ද්‍රවය තුල සෑම තැනකින් ම ජනිත වී ප්‍රසාරණය වී ඒවා ද්‍රව පෘෂ්ඨය වෙත පැමිණ පිපිරීම සිදු වන බැවිනි.

  • වායුගෝලයට විවෘතව පවතින ද්‍රවයක උෂ්ණත්වය එහි තාපාංකය ට වඩා අඩු අවස්ථාවල වායුගෝලීය පීඩනය මගින් ද්‍රව පෘෂ්ඨය තෙරපීම නිසා ද්‍රවය තුල වාෂ්ප බුබුළු ජනිත වීම වළකින අතර ද්‍රව පෘෂ්ඨයේ පමණක් වාෂ්පීභවනය වන ක්‍රියාවලිය සිදුවේ.
  • ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වන විට එහි සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වේ.
  • ඉහත රූපයේ ඇති පරිදි ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය, වායුගෝලීය පීඩනයට සමාන වන විට ද්‍රවය තුල ජනිත වන වාෂ්ප බුබුළු වලට වායුගෝලීය පීඩනයට එරෙහි වෙමින් ද්‍රව පෘෂ්ඨයෙන් ඉවතට නික්ම යා හැකියි.

වාෂ්ප

අසංතෘප්ත වාෂ්ප

  • අවකාශයක යම් උෂ්ණත්වයක දී පැවතිය හැකි උපරිම වාෂ්ප ස්කන්ධයක් පවතී.
  • පවතින වාෂ්ප ස්කන්ධය තිබිය හැකි උපරිම වාෂ්ප ස්කන්ධයට වඩා අඩු නම් ද්‍රව පෘෂ්ඨයත් සමග ස්පර්ශ ව තැබූ විට ඝනීභවනය වන ශීඝ්‍රතාව ට වඩා වාෂ්පීභවනය වන ශීඝ්‍රතාව වැඩිය.
  • එවිට අවකාශය සඵල වාෂ්ප ස්කන්ධයක් ලබා ගනී.
  • එම අවකාශය ද්‍රවයේ වාෂ්පයෙන් අසංතෘප්ත යැයි කියනු ලැබේ.
  • අසංතෘප්ත අවස්ථාවේ ඇති කරන පීඩනය අසංතෘප්ත වාෂ්ප පීඩනයයි.

සංතෘප්ත වාෂ්ප

  • යම් උෂ්ණත්වයක දී අවකාශයේ පැවතිය හැකි උපරිම වාෂ්ප ස්කන්ධය පවතී නම් ද්‍රව වාෂ්පය හා ස්පර්ශ ව පවතින විට වාෂ්පීභවනය වන ශීඝ්‍රතාව ඝනීභවනය වන ශීඝ්‍රතාවට සමාන නම් අවකාශයේ ද්‍රවයේ වාෂ්පයෙන් සංතෘප්ත ව පවතී.
  • සංතෘප්ත අවස්ථාවේ ඇති කරන පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනයයි.

වාෂ්පයක් වායු නියමයට අනුව හැසිරීම

  • වායු පීඩන ආමානයක් රික්ත අවකාශයට නැමි පිපෙට්ටුවකින් ඊතර් බිංදු ඇතුළත් කරයි.
  • ඊතර් ඉහලට ගමන් කර ක්ෂණිකව වාෂ්ප වේ.
  • එවිට රසදිය කඳ පහළ යයි.
  • රසදිය කඳ පහළ ගිය උස අසංතෘප්ත වාෂ්ප පීඩනයට සමාන වේ.
  • තවත් ඊතර් ඇතුල් කරන විට ඒවා ද වාෂ්ප වන අතර රසදිය කඳ තවත් පහළ බසි.
  • එනම් වාෂ්ප ස්කන්ධය වැඩි වන විට අසංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වේ.
  • එක්තරා අවස්ථාවක වීදුරු බිත්ති මත ඊතර් බිංදු වශයෙන් තැන්පත් වේ.
  • එනම් අවකාශය සංතෘප්ත ව පවතී.
  • මෙවිට රසදිය කඳ පහළ ගිය මුළු උසට අනුරූප පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනයට සමාන වේ.
  • තවත් ඊතර් ඇතුළු කරන විට ඊතර් වාෂ්ප නොවන අතර රසදිය කඳ ද පහළ නොයයි.
  • එනම් සංතෘප්ත වාෂ්ප පීඩනය , සංතෘප්ත වාෂ්ප ඝනත්වය දෙන ලද උෂ්ණත්වයක දී නියත අගයක් ගන්නා අතර ඒවා එම උෂ්ණත්වයේ දී තිබිය හැකි උපරිම අගයන් වේ.
  • සංතෘප්ත වාෂ්ප සහිත අවකාශයේ පරිමාව අඩු වන සේ නළය රසදිය තුළට එබූ විට රසදිය මට්ටම් අතර වෙනස අඩුවේ.
  • එනම් පරිමාව අඩු කරන විට අසංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වේ.
  • එක්තරා අවස්ථාවක වීදුරු බිත්ති මත ඊතර් බිංදු වශයෙන් තැන්පත් වේ.
  • තවත් පරිමාව අඩු කළ ද රසදිය මට්ටම් අතර වෙනස වෙනස් නොවන අතර ඊතර් බිංදු වශයෙන් තැන්පත් වීම පමණක් සිදු වේ.
  • එනම් පරිමාව අනුව සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් නොවේ. පරිමාව අඩු කරන විට වාෂ්ප ඝනීභවනය වෙමින් පීඩනය හා ඝනත්වය නියතව තබා ගනී.
  • පරිමාව වැඩි කිරීමේ ද්‍රව කලාපයක් නොමැති නම් අසංතෘප්ත වන අතර ද්‍රව කලාපයක් පවතී නම් තව තවත් අවකාශයට එකතු වෙමින් සංතෘප්ත වාෂ්ප ඝනත්වය හා පීඩනය නියතව පවත්වා ගනී.

වාෂ්පයක් සඳහා පීඩනය හා පරිමාව අතර ප්‍රස්තාර

  • මේ අනුව අසංතෘප්ත වාෂ්ප බොයිල් නියමය පිළිපදී. සංතෘප්ත වාෂ්ප බොයිල් නියමය පිළිනොපදි.

වාෂ්ප හා වියළි වාත මිශ්‍රණයකට අදාළ ව පීඩනය හා පරිමාව අතර ප්‍රස්තාරය

මේ අනුව වියළි වාතය හා අසංතෘප්ත වාෂ්ප මිශ්‍රණයකට බොයිල් නියමය යෙදිය හැකි අතර වියළි වාතය හා සංතෘප්ත වාෂ්ප මිශ්‍රණයකට බොයිල් නියමය යෙදීමේ දී වියළි වාතයට පමණක් යෙදිය යුතු ය.

වාෂ්පයක් උෂ්ණත්වයට අනුව හැසිරීම.

  • වායු පීඩන ආමානයක රික්ත අවකාශයට මධ්‍යසාර ස්ථරයක් ඇති වන තෙක් මධ්‍යසාර ඇතුළු කරන්න.
  • ජල බඳුනකින් වට කර හුමාලය යවමින් උෂ්ණත්වය වැඩි කරන්න.
  • මධ්‍යසාර තව තවත් වාෂ්ප වන අතර රසදිය මට්ටම ද පහළ බසී.
  • එනම් උෂ්ණත්වය වැඩි වන විට සංතෘප්ත වාෂ්ප පීඩනය මෙන් ම සංතෘප්ත වාෂ්ප ඝනත්වය ද වැඩි වේ.
  • මධ්‍යසාර ස්ථරය අවසන් වූ විට ද උෂ්ණත්වය වැඩි කරන විට රසදිය මට්ටම පහළ බසී.
  • එනම් උෂ්ණත්වය වැඩි වන විට අසංතෘප්ත වාෂ්ප පීඩනය ද වැඩි වේ.

උෂ්ණත්වය අනුව වාෂ්ප පීඩනය වෙනස් වීම.

උෂ්ණත්වය අනුව සංතෘප්ත වාෂ්ප පීඩනය විචලනය.

සංතෘප්ත වාෂ්ප පීඩනය හා තාපාංකය අතර සම්බන්ධය

  • කිසියම් වාෂ්පශීලී ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වන විට ද්‍රවයේ උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකය යි.
  • මේ අනුව බාහිර පීඩනය වැඩි කිරීමෙන් ද්‍රවයක තාපාංකය ඉහළ නැංවිය හැකියි. පීඩන උදුන්වල භාවිතා වන්නේ මෙම සිද්ධාන්තයයි. සාමාන්‍ය වායුගෝලීය පීඩනය 1 atm වේ.
  • නමුත් පීඩන උදුන් තුල පීඩනය 2 atm පමණ වූ අගයක් දක්වා වැඩි කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස උදුන තුල වූ ජලයේ තාපාංකය පමණ අගයක් බවට පත් වේ.
  • එවිට උදුන තුල ඇති ආහාර 100℃ උෂ්ණත්වයක පිස ගැනීමට වඩා ඉක්මනින් පිස ගැනීමට හැකි වේ.

ආර්ද්‍රතාමිතිය

නිරපේක්ෂ ආර්ද්‍රතාව (A.H)

  • වායුගෝලීය ඒකක පරිමාවක ඇති ජල වාෂ්ප ස්කන්ධය නිරපේක්ෂ අර්ද්‍රතාවයයි.
  • නැතහොත් වායුගෝලයේ පවතින ජල වාෂ්ප ඝණත්වය නිරපේක්ෂ අර්ද්‍රතාවයයි.

උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාව (A.Hmax)

  • යම් උෂ්ණත්වයක දී නිරපේක්ෂ ආර්ද්‍රතාවට පැවතිය හැකි උපරිම අගය උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාවයි.
  • වායුගෝලීය ජල වාෂ්පයෙන් සංතෘප්ත වුවහොත් ඒකක පරිමාවක ඇති ජල වාෂ්ප ස්කන්ධය උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාවයි.

වායුගෝලයේ v පරිමාවක් තුළ පවතින ජල වාෂ්ප ස්කන්ධය m ද, එම උෂ්ණත්වයේ දී ම v පරිමාව ජල වාෂ්පයෙන් ම සංතෘප්ත වුවහොත් පැවතිය හැකි වාෂ්ප ස්කන්ධය M ද යැයි සැලකූ විට,

AH=\frac mv

A\;H\;max\;=\frac Mv

නිරපේක්ෂ ආර්ද්‍රතාවේ ඒකක kgm-3 වේ.

නමුත් ප්‍රායෝගිකව නිරපේක්ෂ ආර්ද්‍රතාව සඳහා gm-3 ඒකකය යොදා ගනී.

සාපේක්ෂ ආර්ද්‍රතාව

  • යම්කිසි උෂ්ණත්වයක දී සලකන ලද පරිමාවක් තුළ තිබෙන ජල වාෂ්ප ස්කන්ධය එම උෂ්ණත්වයේ දී එම පරිමාව තුල තිබිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධයට දරන අනුපාතයේ ප්‍රතිශතය සාපේක්ෂ ආර්ද්‍රතාව නම් වේ.
  • යම් උෂ්ණත්වයක දී සලකන ලද පරිමාවක් තුල තිබෙන ජල වාෂ්ප ස්කන්ධය m ද, තිබිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය M ද නම්,

R.H=\frac mM\times100\%

සාපේක්ෂ ආර්ද්‍රතාවට පීඩන පද ඇසුරින් ද සමීකරණයක් ලබා ගත හැක.

V පරිමාවක ඇති ජල වාෂ්ප ස්කන්ධය m යැයි සිතන්න. පීඩනය p යැයි සිතන්න.

එයට P V = n R T යොදමු.

  1. P\;V=\frac mW\times RT                             W = ජලයේ සා.අ.ස්.

එම උෂ්ණත්වයේ දී ම V පරිමාව ජල වාෂ්ප වලින් සංතෘප්ත වුවහොත් එවිට සංතෘප්ත වාෂ්ප පීඩනය P0 ද, එවිට V පරිමාව තුල ඇති ජල වාෂ්ප ස්කන්ධය M ද නම්,

2. P0v=\frac mW\times100\%

\frac12 න්  \frac P{P_0}=\;\frac mM

 

R.H = × 100% ට අනුව,

R.H=\frac P{P_0}\times100\% R.H=\frac{පරිසරයේ\;ජල\;වාෂ්ප\;පීඩනය}{එම\;උෂ්ණත්වයේදී\;ස.වා.පී.}\times100\%
  • R.H. ට පැවතිය හැකි අවම අගය ශුන්‍ය වේ. එම අවස්ථාවට එළඹෙන්නේ අවකාශය ඉතාමත් වියළි වූ විටයි. ජල වාෂ්ප කිසිවක් නැති විටයි.
  • R.H. ට පැවතිය හැකි උපරිම අගය වේ. එම අවස්ථාව එළඹෙන්නේ පරිසරය ජල වාෂ්පයෙන් සංතෘප්ත වී ඇති විටයි.

තුෂාර අංකය (dew point)

  • පරිසරයේ ජල වාෂ්ප පීඩනය වෙනස් නො කොට පවතින ජල වාෂ්ප ප්‍රමාණයෙන් ම සංතෘප්ත කිරීමට පරිසරය සිසිල් කළ යුතු උෂ්ණත්වය තුෂාර අංකයයි.
  • තුෂාර අංකයේ දී පරිසරය ජල වාෂ්ප වලින් සංතෘප්ත වේ.
  • තුෂාර අංකයේ දී පවතින්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයයි.
  • තුෂාර අංකයේ දී සාපේක්ෂ ආර්ද්‍රතාව වේ.
  • කාමර උෂ්ණත්වයේ දී අසංතෘප්ත ජල වාෂ්ප පීඩනය තුෂාර අංකයේ දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනයට සමාන වේ.

සාපේක්ෂ ආර්ද්‍රතාව සඳහා ලබා ගත් පීඩන ආශ්‍රිත සමීකරණය සලකන්න. එහි අන්තර්ගතය වූ “පරිසරයේ ජල වාෂ්ප පීඩනය” වෙනුවට “තුෂාර අංකයේ දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය” යන්න ආදේශ කළ හැක.

R.H=\frac{තුෂාර\;අංකයේදී\;සං.වා.පී}{කාමර\;උෂ්ණත්වයේදී\;සං.වා.පී}\times100\%

අවකාශයක උෂ්ණත්වය එහි තුෂාර අංකයට වඩා ඉහළ උෂ්ණත්වයක සිට ක්‍රමයෙන් අඩු කරන විට ආර්ද්‍රතාවේ වෙනස් වීම

  • යම් අවකාශයක උෂ්ණත්වය අඩු වන විට අවකාශයේ පැවතිය හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය අඩු වන බැවින් ජල වාෂ්ප මගින් ක්‍රමයෙන් වායුගෝලය සංතෘප්ත තත්ත්වය කරා ළඟා වේ.
  • උෂ්ණත්වය අඩු කරන විට යම් උෂ්ණත්වයක දී වායුගෝලයේ පැවතිය හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණයක් අඩංගු අවස්ථාව එළඹේ.
  • එවිට සාපේක්ෂ ආර්ද්‍රතාව පළමු වතාවට 100% ක් වන අතර මෙම විශේෂ උෂ්ණත්වය මෙම අවකාශයේ තුෂාර අංකය වේ.
  • රාත්‍රි කාලයේ දී වායුගෝලයේ උෂ්ණත්වය තුෂාර අංකයට වඩා අඩු වී ඇති දිනවල ශාක පත්‍ර මත පිණි බිංදු දක්නට ඇත්තේ අමතර වාෂ්ප ඝනීභවනය වීම නිසා ය.
  • තුෂාර අංකයට පහළ උෂ්ණත්වවල දී සාපේක්ෂ ආර්ද්‍රතාව 100% අගයේ නියතව පවතී.

යම් අවකාශයක උෂ්ණත්වය කාලය සමග ක්‍රමයෙන් අඩු කරන විට සාපේක්ෂ හා නිරපේක්ෂ ආර්ද්‍රතාවල වෙනස් වීම ප්‍රස්තාරික ව පහත දැක්වේ.

නිරපේක්ෂ ආර්ද්‍රතාව

උෂ්ණත්වය

උෂ්ණත්වය

 

ඔප දැමූ කැලරි මීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම.

අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ

  • පිටත පෘෂ්ඨය ඔප දැමූ කැලරි මීටර 2 ක්
  • කුඩා අයිස් කැබලි
  • මන්ථයක්
  • 0 -50℃ උෂ්ණත්ව මාන 2 ක්
  • වීදුරු තහඩුවක් හා ආධාරක 2 ක්

ක්‍රමය

  • එක් කැලරි මීටරයකින් අඩක් පමණ ජලය දමන්න.
  • රූපයේ පරිදි T1 හා T2 උෂ්ණත්වමාන ආධාරක මගින් සකස් කරන්න.
  • ප්‍රශ්වාස වාතය කැලරි මීටර දෙසට යාම වැළැක්වීමට වීදුරු තහඩුවක් ආධාරක මගින් කැලරි මීටර ඉදිරියෙන් සවි කරන්න.
  • වරකට එක බැගින් කුඩා අයිස් කැබලි එකක් දිය වූ පසු අනෙක කැලරි මීටරය තුළට දමමින් ජලය හොඳින් මන්ථනය කරන්න.
  • විශාල අයිස් කැබලි භාවිතා නො කළ යුතුයි. එසේ වුවහොත් උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බසින නිසා තුෂාර අංකය නිවැරදිව හඳුනා ගැනීමට අපහසු වේ.
  • ජලය ඇති කැලරි මීටරයේ පිටත පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වීම නිසා එහි ඔපය යාන්තමින් නැති වන අවස්ථාව, අනෙක් කැලරි මීටරයේ පෘෂ්ඨයේ ඔපය සමග සංසන්දනාත්මක ව නිරීක්ෂණය කරන්න.
  • එසේ තුෂාර හට ගැනීම ආරම්භ වන මොහොතේ ජලය සහිත කැලරි මීටරයේ ඇති T1 උෂ්ණත්ව මානයේ පාඨාංකය Ɵ1 මැන ගන්න.
  • දැන් අයිස් එකතු කිරීම නවතා තවදුරටත් හොඳින් මන්ථනය කරමින් උෂ්ණත්වය වැඩි වීමට ඉඩ හරින්න.
  • කැලරි මීටර පෘෂ්ඨයේ ඔපය නැවත මතු වෙමින් තුෂාර අතුරුදහන් වන අවස්ථාව නිරීක්ෂණය කර එම අවස්ථාවේ T1 උෂ්ණත්වමානයේ පාඨාංකය Ɵ2 මැන ගන්න.
  • දැන් T2 උෂ්ණත්වමානය මගින් කාමර උෂ්ණත්වය ƟR මැන ගන්න.

පාඨාංක

තුෂාර තැන්පත් වන උෂ්ණත්වය   Ɵ1 =

තුෂාර අතුරුදහන් වන උෂ්ණත්වය Ɵ2 =

කාමර උෂ්ණත්වය                  ƟR =

  • ඉහත T1 උෂ්ණත්වමානයේ පාඨාංකවල මධ්‍ය අගය \frac{(Ɵ1+Ɵ2)}2 ගණනය කර තුෂාර අංකය ලෙස සලකන්න.
  • දැන් අසංතෘප්ත ජල වාෂ්ප පීඩන වගුවක් භාවිත කර තුෂාර අංකයේ දී සංතෘප්ත ජල වාෂ්ප පීඩන P0 ද කාමර උෂ්ණත්වයේ දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය P ද සොයා ගන්න.
  • R.H=\frac{තුෂාර\;අංකයේදී\;සං.වා.පී(P_0)}{කාමර\;උෂ්ණත්වයේදී\;සං.වා.පී(P)}\times100\%
  • ලබා ගත් අගයන් ඉහත සමීකරණයට ආදේශ කර R.H. සඳහා නිවැරදි අගය ලබා ගන්න.

Video Links:

 

 

 

 

 

මෙතනට පාඩම copy කර paste කරන්න.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom