No menu items!
02.වීජ ගණිතය02.09.ශ්‍රේණි02.09.01. - ශ්‍රේණි පිලිබඳ මුලික සංකල්ප

02.09.01. – ශ්‍රේණි පිලිබඳ මුලික සංකල්ප

සංයුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ B කොටසේ (රචනා ප්‍රශ්න) 12 වැනි ගැටලුවෙහි (b) කොටසේ අඩංගු වන්නේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.

ශ්‍රේණි පිළිබද සංකල්පය ඉතා ඈත අතීතයට දිව යන්නක්.

Carl Friedrich Gauss (1777-1855) යනු  ජර්මානු ජාතික  ගණිතඥයෙක්. කුඩා ගවුස් ට පාසැලේදී තාම ගුරුවරිය විසින් දෙනු ලැබූ පෑවරුමකට පිළිතුරු සෙවීමේදී  මෙම ශ්‍රේණිවල ඓක්‍යය සෙවීමේ සිද්ධාන්ත බිහි වූවා යැයි සැලකේ. ගුරුතුමිය ගේ අභියෝගය වුණේ 1 සිට 100 දක්වා සංඛ්‍යා වල එකතුව සෙවීමයි.

ගවුස්ගේ පිළිතුර:
පද සියල්ලේම එකතුව S කියලා හිතමු.

මුලින්ම 1 සිට 50 දක්වා සංඛ්‍යා වල එකතුව පිළිබදව අවධානය යොමු කරමු. එය පහත ආකාරයට ලියන්න පුළුවන් නේද? එය S1 කියල හිතමු.

S1=1+2+3+4+…+49+50 ————–(1)

දැන් 51 සිට 100 දක්වා සංඛ්‍යා ත් මේ විදියටම හැබැයි අවරෝහණ පටිපාටියට ලියා ගන්න ඕන.එතකොට ලැබෙන අගයත් S2 කියලා හිතමු.

S2 =100+99+98+….+52+51 ————-(2)

දැන් 1 හා 2 සමීකරණ එකතු කරමු.මෙතනදි සිදු වෙන දේ පේනවා නේද? හැම පදයක් ම 101 වෙනවා. ඔක්කොම පද 50 ලැබෙනවා. දැන් මුළු එකතුව (S) 101×50 ට සමාන බව පෙනෙනවා නේද?

ලැබුණ\;පද\;ගණන(50)\;=\;\frac{100(ශ්‍රේණියේ\;මුළු\;පද\;ගණන)}2

අපි හැමෝම දන්න, සමාන්තර ශ්‍රේඪියක පද n  ගණනක ඓක්‍යය  සොයන්න භාවිතා  කරන S=\frac{n(n+1)}2 සූත්‍රය බිහිවුණේ ඒ විදියට.

  • පිළිවෙලකට සකසන ලද සංඛ්‍යා අනුපිළිවෙලක එකතුව ශ්‍රේණියක් නම් වේ.
  • ශ්‍රේණියක පද ගණන පරිමිත වේ නම් එවැනි ශ්‍රේණි පරිමිත එකතුවක් සහිත ශ්‍රේණි ලෙස සැලකේ.

සිග්මා අංකනය

  • එකතුවක් හකුලා ලිවීමට සිග්මා අංකනය භාවිතා කරයි.
\sum_{r=1}^nU_r=U_1+U_2+U_3+…+U_n

උදා:

\sum_{r=1}^5r^2=1^2+2^2+3^2+4^2+5^2

සිග්මා අංකනයේ ගුණ

Ur හා Vr යනු r හි ශ්‍රිත දෙකක් නම්,

\begin{array}{l}1.\sum_{r=1}^n\left(U_r+V_r\right)=\sum_{r=1}^nU_r+\sum_{r=1}^nV_r\\\\2.\sum_{r=1}^n\left(U_r-V_r\right)=\sum_{r=1}^nU_r-\sum_{r=1}^nV_r\\\\3.\sum_{r=1}^nkU_r=k\sum_{r=1}^nU_r\;\text{(k නියතයක් විට)}\\\\4.\sum_{r=1}^nU_rV_r\neq\sum_{r=1}^nU_r\sum_{r=1}^nV_r\\\\5.\sum_{r=1}^n\frac{U_r}{V_r}\neq\frac{\sum_{r=1}^nU_r}{\sum_{r=1}^nV_r}\end{array}

සමාන්තර ශ්‍රේණි

  • ශ්‍රේණියක එක් එක් පදයේ හා ඊට පසු පදයේ වෙනස නියතයක් නම් එවැනි ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් ලෙස සැලකේ.
  • කිසියම් සමාන්තර ශ්‍රේණියක පළමු පදය a ද පොදු අන්තරයd ද යැයි ගනිමු. ශ්‍රේණියේ r වන පදයට ප්‍රකාශනයක් පහත පරිදි ගත හැක.

   පළමු පදය =  a       = a+(1-1)d

 දෙවන පදය =  a+d   = a+(2-1)d

තෙවන පදය =  a+2d = a+(3-1)d

සිව්වන පදය =  a+3d = a+(4-1)d

 r වන පදය== a+(r-1)d             

\thereforeසමාන්තර ශ්‍රේණියක පොදු පදය = a+(r-1)d

  • මෙය සාධනය කිරීමක් අවශ්‍ය නොවේ.

පළමු පදය a හා අවසන් පදය l වන පද n ප්‍රමාණයක් ඇති පොදු අන්තරය d වූ සමාන්තර ශ්‍රේණියක පදවල ඓක්‍යය Sn නම්,

Sn = a + (a+d) + (a+2d) + …. + (l-2d) + (l-d) + l \rightarrow(1)

Sn = l + (l-d) + (l-2d) + …. + (a+2d) + (a+d) + a \rightarrow(2)

(1)+(2) =>

2Sn = (a+l) + (a+l) + (a+l) + …. + (a+l) + (a+l) + (a+l)

2Sn = n(a+l)

\begin{array}{rcl}S_n&=&\frac n2\left(a+l\right)\\l&=&a+\left(n-1\right)d\;\text{නිසා,}\\S_n&=&\frac n2\left(a+a+\left(n-1\right)d\right)\\S_n&=&\frac n2\left(2a+\left(n-1\right)d\right)\end{array}

ගුණෝත්තර ශ්‍රේණි

  • ශ්‍රේණියක එක් එක් පදය හා ඊට පසු පදය අතර අනුපාතය නියතයක් නම් එවැනි ශ්‍රේණියක් ගුණෝත්තර ශ්‍රේණියක් ලෙස සැලකේ.
  • කිසියම් ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය a සහ පොදු අනුපාතය x වේ යැයි ගනිමු. එම ශ්‍රේණියේ r වන පදය සදහා ප්‍රකාශනයක් පහත පරිදි ලබා ගත හැක.

   පළමු පදය =  a       = ax1-1

 දෙවන පදය =  ax     = ax2-1

තෙවන පදය =  ax2   = ax3-1

 \thereforer වන පදය =          = axr-1    

\thereforeගුණෝත්තර ශ්‍රේණියක පොදු පදය = axr-1

  • පළමු පදය a වූ පද n ප්‍රමාණයක් ඇති පොදු අනුපාතය r වන ගුණෝත්තර ශ්‍රේණියක පදවල ඓක්‍යය Sn නම්,

          Sn = a+ ar + ar2 + … + arn-2 + arn-1 \rightarrow(1)

         rSn = ar + ar2 + ar3 + … + arn-1 + arn \rightarrow(2)

(2)-(1) =>

  (r-1) Sn = arn – a

  (r-1) Sn = a(rn – 1)

r-1\neq0 විට,

S_n=\frac{a\left(r^n-1\right)}{r-1}

r-1 = 0 විට,         

Sn = a + a + a + … + a

Sn = na

\frac1{1+\sqrt2}+\frac1{\sqrt2+\sqrt3}+\frac1{\sqrt3{+}{\sqrt4}}+\frac1{\sqrt4{+}{\sqrt5}}+…+\frac1{\sqrt{2020}+\sqrt{2021}}=4041

ශ්‍රේණියේ ඓක්‍ය එකවර ලියන්න ඔයාටත් පුළුවන්ද?

උදා: \frac4{1.2.3}\left(\frac13\right)+\frac5{2.3.4}\left(\frac13\right)^2+\frac6{3.4.5}\left(\frac13\right)^3+…ශ්‍රේණියේ පද n හි ඓක්‍යය සිග්මා අංකනයෙන් ලියා දක්වන්න.

4, 5, 6, … Tr = r+3

1, 2, 3, … Tr = r

2, 3, 4, … Tr = r+1

3, 4, 5, … Tr = r+2

\begin{array}{l}\therefore U_r(\text{r වන පදය})=\frac{r+3}{r\left(r+1\right)\left(r+2\right)}\left(\frac13\right)^r\\\\\therefore\text{පද n හි ඓක්‍යය=}\sum_{r=1}^n\frac{r+3}{r\left(r+1\right)\left(r+2\right)}\left(\frac13\right)^r\end{array}

\begin{array}{rcl}&&\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r\end{array}ශ්‍රේණියේ ඓක්‍යය සෙවීම

ක්‍රමය 1

\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r=1+2+3+…+\mathrm n(පොදු අන්තරය 1 වූ සමාන්තර ශ්‍රේණියක්)

\begin{array}{rcl}&=&\frac n2\lbrack2\times1+(n-1)\times1\rbrack\\&=&\frac n2(n+1)\end{array}

ක්‍රමය 2

මෙම සාධනය සදහා මෙම පාඩමේම ඉදිරි කොටසකදී යෙදෙන සිද්ධාන්තයක් භාවිතා වේ.

\begin{array}{rcl}\mathrm r^2-\left(\mathrm r-1\right)^2&=&2\mathrm r-1\\\sum_{\mathrm r=1}^{\mathrm n}\left[\mathrm r^2-\left(\mathrm r-1\right)^2\right]&=&\sum_{\mathrm r=1}^{\mathrm n}\left[2\mathrm r-1\right]\end{array}

f(r) = r2 ලෙස ගත් විට f(r-1) = (r-1)2

\begin{array}{rcl}&&\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r^2\end{array}ශ්‍රේණියේ ඓක්‍යය සෙවීම.

මෙම සාධනය සදහා මෙම පාඩමේම ඉදිරි කොටසකදී යෙදෙන සිද්ධාන්තයක් භාවිතා වේ.

\begin{array}{rcl}\mathrm r^3-\left(\mathrm r-1\right)^3&=&3\mathrm r^2-3\mathrm r+1\\\sum_{\mathrm r=1}^{\mathrm n}\left[\mathrm r^3-\left(\mathrm r-1\right)^3\right]&=&\sum_{\mathrm r=1}^{\mathrm n}\left(3\mathrm r^2-3\mathrm r+1\right)\end{array}

f(r) = r3 ලෙස ගත් විට f(r-1) = (r-1)3

\begin{array}{rcl}\sum_{\mathrm r=1}^{\mathrm n}\left[\mathrm f\left(\mathrm r\right)-\mathrm f\left(\mathrm r-1\right)\right]&=&3\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r^2-3\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r+\sum_{\mathrm r=1}^{\mathrm n}1\end{array}

\begin{array}{rcl}&&\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r^3\end{array}ශ්‍රේණියේ ඓක්‍යය සෙවීම.

මෙම සාධනය සදහා මෙම පාඩමේම ඉදිරි කොටසකදී යෙදෙන සිද්ධාන්තයක් භාවිතා වේ.

\begin{array}{rcl}\mathrm r^2\left(\mathrm r+1\right)^2-\left(\mathrm r-1\right)^2\mathrm r^2&=&4\mathrm r^3\\\sum_{\mathrm r=1}^{\mathrm n}\left[\mathrm r^2\left(\mathrm r+1\right)^2-\left(\mathrm r-1\right)^2\mathrm r^2\right]&=&\sum_{\mathrm r=1}^{\mathrm n}4\mathrm r^3\end{array}

f(r) = r2(r+1)2 ලෙස ගත් විට f(r-1) = (r-1)2r2

උදා:

1.\begin{array}{rcl}&&\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r\left(2\mathrm r+3\right)\end{array}  හි අගය ඉහත ගොඩනැගූ සූත්‍ර භාවිතයෙන් සොයන්න.

\begin{array}{rcl}\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r\left(2\mathrm r+3\right)&=&\sum_{\mathrm r=1}^{\mathrm n}\left(2\mathrm r^2+3\mathrm r\right)\\&&\\&=&\sum_{\mathrm r=1}^{\mathrm n}2\mathrm r^2+\sum_{\mathrm r=1}^{\mathrm n}3\mathrm r\\&&\\&=&2\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r^2+3\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r\\&&\\&=&2\times\frac{\mathrm n\left(\mathrm n+1\right)\left(2\mathrm n+1\right)}6+3\times\frac{\mathrm n\left(\mathrm n+1\right)}2\\&&\\&=&\frac{\mathrm n\left(\mathrm n+1\right)\left(4\mathrm n+11\right)}6\end{array}

2.\sum_{\mathrm r=1}^{\mathrm n}2\mathrm r\left(\mathrm r+1\right)\left(\mathrm r+2\right) හි අගය ඉහත ගොඩනැගූ සූත්‍ර භාවිතයෙන් සොයන්න.

\begin{array}{rcl}\sum_{\mathrm r=1}^{\mathrm n}2\mathrm r\left(\mathrm r+1\right)\left(\mathrm r+2\right)\\&&\\&=&\overset{\mathrm n}{\underset{\mathrm r=1}{\sum\lbrack}}2\mathrm r^3+6\mathrm r^2+4\mathrm r\rbrack\\&&\\&=&\sum_{\mathrm r=1}^{\mathrm n}2\mathrm r^3+\sum_{\mathrm r=1}^{\mathrm n}6\mathrm r^2+\sum_{\mathrm r=1}^{\mathrm n}4\mathrm r\\&&\\&=&2\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r^3+6\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r^2+4\sum_{\mathrm r=1}^{\mathrm n}\mathrm r\\&&\\&=&2\times\frac{\mathrm n^2\left(\mathrm n+1\right)^2}4+6\times\frac{\mathrm n\left(\mathrm n+1\right)\left(2\mathrm n+1\right)}6+4\times\frac{\mathrm n\left(\mathrm n+1\right)}2\\&&\\&=&\frac{\mathrm n\left(\mathrm n+1\right)\left(\mathrm n+2\right)\left(\mathrm n+3\right)}2\end{array}

“Mathematics is the art of giving the same name to different things”
-Henri Pioncare-

 

තවත් ප්‍රශ්න පෙන්වන්න.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.