No menu items!
රසායන විද්‍යාව12. සමතුලිතතාවය12.03.03-pH පරිමාණය හා Ka,Kb,Kw සම්බන්ධය

12.03.03-pH පරිමාණය හා Ka,Kb,Kw සම්බන්ධය

pH අගය

  •  pH  අගය යනු කිසියම් ජලීය ද්‍රාවණයක පවතින්නාවු H+ ජලීය අයන සාන්ද්‍රණය පිලිබදව අදහසක් ලබාගැනීම පිණිස භාවිත වන විචල්‍යකි.
  • කිසියම් ජලීය ද්‍රාවණයක H+  අයන සාන්ද්‍රණය mol dm-3  ඒකකයෙන් ප්‍රකශ කර එය සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණය වන 1mol dm-3  අගයෙන් බෙදා ලැබෙන්නා වු සංඛ්‍යාත්මක අගයෙහි log10 ( දහයෙ පාදයට ලඝු ඝනකයේ) (-) වටිනකම ( ඍන වටිනාකම) සැලකූ විට pH  අගය ලැබේ.

\mathrm P^{\mathrm H}\;=\;-\log\;_{10}\;\frac{\lbrack{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\rbrack\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}}{1\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}}

  • කිසියම් ජලීය ද්‍රාවණයක [ H+(aq) ] වැඩිවත්ම pඅගය අඩුවන අතර [ H+(aq) ] අඩුවත්ම p අගය වැඩිවනු ඇත.
  • pH  අගය ගණනය කරනුයේ ලඝු ඝනක සමීකරණයකින් බැවින් ජලීය ද්‍රාවණයක් තුළ  [H+ ] 10 ගුණයකින් ඉහළ නංවන විට pH අගය ඒකක 1 කින් අඩු වීමකුත් ,100 ගුණයකින් ඉහළ නංවන විට pH අගය ඒකක 2 කින් අඩු වීමක් වේ.
  • pH අගය +,0,- විය හැක.
[youtube https://www.youtube.com/watch?v=44Lomz1CWzg?t=17]

pOH අගය

  •  pOH  අගය යනු කිසියම් ජලීය ද්‍රාවණයක පවතින්නාවු OH¯ ජලීය අයන සාන්ද්‍රණය පිලිබදව අදහසක් ලබාගැනීම පිණිස භාවිත වන විචල්‍යකි.
  • කිසියම් ජලීය ද්‍රාවණයක OH¯ අයන සාන්ද්‍රණය mol dm-3  ඒකකයෙන් ප්‍රකාශ කර එය සම්මත ද්‍රාවනයේ සාන්ද්‍රණය වන 1mol dm-3  අගයෙන් බෙදා ලැබෙන්නා වු සංඛ්‍යාත්මක අගයෙහි log10 ( දහයෙ පාදයට ලඝු ඝනකයේ) (-) වටිනකම ( ඍන වටිනාකම) සැලකූ විට pOH  අගය ලැබේ.

\mathrm P^{\mathrm{OH}}\;=\;-\log\;_{10}\;\frac{\lbrack\mathrm{OH}{\;^-}_{(\mathrm{aq})}\rbrack\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}}{1\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}}

  • කිසියම් ජලීය ද්‍රාවණයක [OH¯aq) ] වැඩිවත්ම pOH   අගය අඩුවන අතර [OH¯aq) ]අඩුවත්ම pOH   අගය වැඩිවනු ඇත.
  • pOH  අගය ගණනය කරනුයේ ලඝු ඝනක සමීකරනයකින් බැවින් ජලීය ද්‍රාවණයක් තුළ  [OH¯aq) ] 10 ගුණයකින් ඉහළ නංවන විට pOH අගය ඒකක 1 කින් අඩු වීමකුත් ,100 ගුණයකින් ඉහළ නංවන විට pOH අගය ඒකක 2 කින් අඩු වීමක් වේ.
[youtube https://www.youtube.com/watch?v=44Lomz1CWzg?t=892]

pKw අගය

  • Kw රාශියෙහි සංඛ්‍යාත්මක වටිනාකමෙහි 10 පාදයට ලඝු ඝනකයේ – (ඍන ) වටිනාකම සැලකූ විට එය pKw අගය ලෙස අර්ථ දැක්වේ.

25°C දී නිසා,

\begin{array}{rcl}\mathrm P^{{\mathrm K}_{\mathrm w}}\;&=&\;-\log\;_{10}\;\lbrack{\mathrm K}_{\mathrm w}\rbrack\\&&\\{\mathrm K}_{\mathrm w}\;&=&1\times10^{-14}\;\mathrm{mol}^2\mathrm{dm}^{-6}\\&&\\\mathrm P^{{\mathrm K}_{\mathrm w}}\;&=&\;-\log\;_{10}\;\lbrack1\times10^{-14}\rbrack\\&=&\;-(-14)\\&=&\;14\end{array}

 

ඒ අනුව  25°C දී ඕනෑම ජලීය ද්‍රාවණයක pKw අගය 14 වනු ඇත.


සටහන – 01

pH / pOH/ pKw අතර සම්බන්ධතාවය

  • ජලයේ ස්වයං අයණීකරන ක්‍රියාවලිය සලකමු .

\begin{array}{rcl}{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;&\leftrightharpoons&\;{\mathrm H^+}_{(\mathrm{aq})}\;+\;{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\\&&\\&&\end{array}

  • ජලයේ අයනික ගුණිතය සැලකීමෙන්,

\begin{array}{rcl}{\mathrm K}_{\mathrm w}\;&=&\lbrack{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\rbrack\;\lbrack{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\rbrack\;\;-------(1)\\&&\\&&\end{array}

  • 1 හි 10 පාදයට ලඝු ඝනකයේ  – වටිනාකම සැලකීමෙන් ,

\begin{array}{rcl}-\log_{10}\lbrack{\mathrm K}_{\mathrm w}\rbrack\;&=&\;-\log_{10}(\;\lbrack{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\rbrack\;\lbrack{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\rbrack\;)\\&&\\\mathrm P^{{\mathrm K}_{\mathrm w}}\;&=&\;({-\log_{10}\lbrack{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\rbrack})\;+\;(\;-\log_{10}{\lbrack{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\rbrack\;})\\&&\\\mathrm P^{{\mathrm K}_{\mathrm w}}\;&=&\;\mathrm P^{\mathrm H\;}+\;\mathrm P^{\mathrm{OH}}\end{array}


ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.