No menu items!
රසායන විද්‍යාව06. අකාබනික රසායනය06.01.02 - s ගොනුවේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා

06.01.02 – s ගොනුවේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා

I කාණ්ඩයේ මූලද්‍රව්‍ය සිදුකරන ප්‍රතික්‍රියා

වායුගෝලය සමඟ ප්‍රතික්‍රියා

Na ලෝහය ඇතුළු ක්ෂාර ලෝහ වායුගෝලයේ ඇති ජලවාෂ්ප, CO2, O2 සමඟ පහත ආකාරයට ප්‍රතික්‍රියා කර ප්‍රතිඵල ඇතිකරයි.

\begin{array}{l}\circ\;4{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{Na}}_2{\mathrm O}_{(\mathrm s)}\;\\\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{NaOH}}_{(\mathrm s)}\;+\;{\mathrm H}_{2(\mathrm g)\;}\\\circ\;{\mathrm{Na}}_2{\mathrm O}_{(\mathrm s)}\;+\;{\mathrm H}_2\mathrm O(\mathrm g)\;\rightarrow\;2{\mathrm{NaOH}}_{(\mathrm s)}\;\\\circ\;2{\mathrm{NaOH}}_{(\mathrm s)}\;+\;{\mathrm{CO}}_{2(\mathrm g)}\;\rightarrow\;{\mathrm{Na}}_2{\mathrm{CO}}_{3(\mathrm s)\;}+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\;\\\circ\;{\mathrm{Na}}_2{{\mathrm{CO}}_3}_{(\mathrm s)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\;+\;{\mathrm{CO}}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{NaHCO}}_{3(\mathrm s)}\end{array}  

Na, K වැනි ක්ෂාර ලෝහවල ඉතා ඉහළ ප්‍රතික්‍රියාශීලිත්වය නිසා වාතය හා ජලවාෂ්ප සමඟ නොගැටෙන ලෙස ගබඩා කර තැබිය යුතුය. ලෝහයට වඩා ඝනත්වය අඩු, ලෝහ සමඟ ප්‍රතික්‍රියා නොකරන, වාතය දියනොවන පැරෆින්, බෙන්සීන්, භූමිතෙල් වැනි සුදුසු හයිඩ්‍රොකාබන තුළ ගිල්වා තැබිය යුතුය .මෙම ද්‍රවයන්ගේ තාපාංක ඉහළ විය යුතුය. එනම් වාෂ්පශීලි නොවිය යුතුය. Mg වාතයට නිරවරණය වූ විට ඇතිවන ආරක්ෂිත ඔක්සයිඩ පටලය නිසා වාතයට නිරවරණය වන ලෙස ගබඩා කර තැබිය හැකිය.

වාතය තුළ රත්කිරීම

    • දහනයේදි ඉහළ උෂ්ණත්වයකදී වැඩි ශක්ති පරිසරයක් තුළ මෙම ලෝහ මූලද්‍රව්‍ය වාතය සමඟ ප්‍රතික්‍රියා වේ.
    • Na වාතය තුළ රත්කළ විට පවතින O2 ප්‍රමාණය අනුව මොනොක්සයිඩ හා පෙරොක්සයිඩ සාදයි.

\begin{array}{l}\circ\;4{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle2{\mathrm{Na}}_2{\mathrm O}_{(\mathrm s)\;}(\text{සුදු})\;\;\\\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)\;}+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{Na}}_2{\mathrm O}_{2(\mathrm s)\;}(\;\text{කහ/ළා කහ})\\\end{array}

 

Na වල වාතය සමඟ ප්‍රතික්‍රියාව

 

 
    • Na ට ඉහළින් පිහිටන Li මූලද්‍රව්‍යය O2 සමඟ ප්‍රතික්‍රියාශීලිත්වය අඩුවන නිසා මෙය මොනොක්සයිඩය පමණක් සාදයි. නමුත් වායුගෝලය තුළ Li රත්කළ විට N2 සමඟ ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රයිඩය ලබාදෙයි.

\begin{array}{l}\circ\;4{\mathrm{Li}}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle2{\mathrm{Li}}_2{\mathrm O}_{(\mathrm s)\;}(\mathrm{සුදු})\;\;\\\circ\;6{\mathrm{Li}}_{(\mathrm s)}\;+\;{\mathrm N}_{2(\mathrm g)}\xrightarrow\triangle2{\mathrm{Li}}_3{\mathrm N}_{(\mathrm s)\;}(\mathrm{තද}\;\mathrm{රතු})\\\end{array}

  • Na ට පහළින් ඇති K, Rb, Cs යන ලෝහ මූලද්‍රව්‍යවල ඉහළ ප්‍රතික්‍රියාශීලිත්වය නිසා O2 සමඟ ප්‍රතික්‍රියාවෙන් මොනොක්සයිඩ, පෙරොක්සයිඩ හා සුපර් ඔක්සයිඩ ඇතිකරයි .

\begin{array}{l}\circ\;4{\mathrm K}_{(\mathrm s)\;}+\;{\mathrm O}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm K}_2{\mathrm O}_{(\mathrm s)}\;(\mathrm{සුදු})\;\\\circ\;2{\mathrm K}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\rightarrow\;{\mathrm K}_2{\mathrm O}_{2(\mathrm s)\;}(\mathrm{ළා}\;\mathrm{කහ})\;\\\circ\;{\mathrm K}_{(\mathrm s)\;}+\;{\mathrm O}_{2(\mathrm g)}\;\rightarrow\;{\mathrm{KO}}_{2(\mathrm s)}\;(\mathrm{තද}\;\mathrm{කහ}/\mathrm{තැඹිලි})\end{array}

ජලය සමඟ ප්‍රතික්‍රියා

  • I කාණ්ඩයේ සියලු ලෝහ මූලද්‍රව්‍ය ඇල් ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය හා H2 වායුව පිටකරයි .

\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_{2(\mathrm g)}

  • උණු ජලයේ දි වඩා පහසුවෙන් ඉහළ සීඝ්‍රතාවයකින් මෙම ප්‍රතික්‍රියා සිදු වී එම ඉහත සදහන් ප්‍රතිඵල ඇතිකරයි.
  • හුමාලය සමඟ උණු ජලයේ දි ට වඩා වැඩි සීඝ්‍රතාවයකින් මෙම ප්‍රතිඵල ම I කාණ්ඩයේ ලෝහ මූලද්‍රව්‍ය සියල්ලම ගෙනදෙයි.

Na වල ජලය සමඟ ප්‍රතික්‍රියාව

 

අම්ල සමඟ ප්‍රතික්‍රියා

s ගොනුවේ ලෝහ මූලද්‍රව්‍ය සියල්ලම සක්‍රියතා ග්‍රේණියේ H ට ඉහළින් පිහිටන බැවින් තනුක අම්ල සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ ලවණය හා H2 ඇතිකරයි.

\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)\;}+\;2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\rightarrow\;2{\mathrm{NaCl}}_{(\mathrm{aq})\;}+\;{\mathrm H}_{2(\mathrm g)}

    • මෙම ලෝහ අම්ල සමඟ සිදුකරන ප්‍රතික්‍රියා විශාල තාප ප්‍රමාණයක් පිටකරමින් ප්‍රබල ස්ඵෝටන ඇතිකරමින් ඵල ලබාදෙන බැවින් සාමාන්‍යයෙන් විද්‍යගාර තුළ සිදුනොකරයි. සාන්ද්‍ර අම්ල සමඟ ප්‍රතික්‍රියා ඉතාමත් ඉහළ සීඝ්‍රතාවයකින් සිදුවෙයි .

භෂ්ම සමඟ ප්‍රතික්‍රියා

    • භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කිරීමට නම් අනෙක් ප්‍රභේදය ආම්ලික හෝ උභයගුණී ලක්ෂණ දැක්විය යුතුය. නමුත් 1 කාණ්ඩයේ සියලු ලෝහ මූලද්‍රව්‍ය ප්‍රබල භාෂ්මික ගුණ පෙන්වන බැවින් ඒවා භෂ්ම සමඟ ප්‍රතික්‍රියා නොදක්වයි.
    • නමුත් 2 කාණ්ඩයේ Be පමණක් තනුක භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කරයි.

හැලජන සමඟ ප්‍රතික්‍රියා

    • s ගොනුවේ සියලු ලෝහ මූලද්‍රව්‍ය සියලු හැලජන සමඟ ප්‍රතික්‍රියාවෙන් හේලයිඩ් අයන අන්තර්ගත අනුරූප හේලයිඩය සාදයි.

\begin{array}{l}\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;{\mathrm{Cl}}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{NaCl}}_{(\mathrm s)}\;\\\circ\;2{\mathrm K}_{(\mathrm s)}\;+\;{\mathrm F}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{KF}}_{(\mathrm s)}\end{array}

සල්ෆර් සමඟ ප්‍රතික්‍රියා

    • s ගොනුවේ සියලු ලෝහ මූලද්‍රව්‍ය s සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ සල්ෆයිඩ් අයන අඩංගු සල්ෆයිඩය සාදයි.

\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;{\mathrm S}_{(\mathrm s)}\;\rightarrow\;{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm s)}

    • ඇතිවන ලෝහ සල්ෆයිඩ තනුක අම්ල සමඟ ප්‍රතික්‍රියාවෙන් ලාක්ෂණික කටුක සැර ගන්ධයකින්       යුක්ත H2S වායුව පිටකරයි .

\circ\;{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm s)}\;+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\rightarrow\;2{\mathrm{NaCl}}_{(\mathrm{aq})\;}+\;{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}                                                                                    

පොස්පොරස් සමඟ ප්‍රතික්‍රියා

    • s ගොනුවේ සියලු ලෝහ මූලද්‍රව්‍ය P සමඟ ප්‍රතික්‍රියා කර අදාල ලෝහයේ පොස්පයිඩ් අයන අන්තර්ගත අනුරූප පොස්පයිඩය ඇතිකරයි.

\circ\;3{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;{\mathrm P}_{(\mathrm s)}\;\rightarrow\;{\mathrm{Na}}_3{\mathrm P}_{(\mathrm s)}

    • මෙම ලෝහ පොස්පයිඩ සියල්ලම ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය සාදා පොස්පීන් වායුව (PH3)  පිටකරයි .

\circ\;{\mathrm{Na}}_3{\mathrm P}_{(\mathrm s)}\;+3{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;3{\mathrm{NaOH}}_{(\mathrm{aq})\;}+\;{\mathrm{PH}}_{3(\mathrm g)}

හයිඩ්‍රජන් සමඟ ප්‍රතික්‍රියා

    • s ගොනුවේ සියලු ලෝහ මූලද්‍රව්‍ය H2 වායුව සමඟ හයිඩ්‍රයිඩ් අයන අන්තර්ගත අනුරූප ලෝහ හයිඩ්‍රයිඩය සාදයි.

\circ\;2{\mathrm{Na}}_{(\mathrm s)}\;+\;{\mathrm H}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{NaH}}_{(\mathrm s)}

    • ඒ අනුව s ගොනුවේ මූලද්‍රව්‍ය අතර ප්‍රතික්‍රියාවක් ලෙස මෙය දැක්විය හැක.

\circ\;{\mathrm{NaH}}_{(\mathrm s)\;}+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;+{\mathrm H}_{2(\mathrm g)}

    • මෙම ලෝහ හයිඩ්‍රයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය හා H2 විස්ථාපනය කරයි.

ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා

    • I කාණ්ඩයේ Li පමණක් NH3 සමඟ ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රයිඩය සාදා H2 වාතය ලබාදෙයි .

\circ\;6{\mathrm{Li}}_{(\mathrm s)\;}+\;2{\mathrm{NH}}_{3(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{Li}}_3{\mathrm N}_{(\mathrm s)}\;+\;3{\mathrm H}_{2(\mathrm g)}

    • අනෙකුත් සෙසු සියලු ලෝහ මූලද්‍රව්‍ය NH3 සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ඒමයිඩය සාදා H2 පිටකරයි.

\circ\;2{\mathrm K}_{(\mathrm s)}\;+\;2{\mathrm{NH}}_{3(\mathrm g)\;}\rightarrow\;2{\mathrm{KNH}}_{2(\mathrm s)}\;+\;{\mathrm H}_{2(\mathrm g)}

         “මෙහිදී NH3 ඔක්සිකාරකයක් ලෙස හැසිරී ඇති අතර, ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර H2 පිට කරන බැවින් අම්ලයක් ලෙසද හැසිරේ. “

II කාණ්ඩයේ මූලද්‍රව්‍ය සිදුකරන ප්‍රතික්‍රියා

  • මෙහිදී ප්‍රධාන වශයෙන් පහත මාතෘකා යටතේ සාකච්ඡා කරනු ලැබේ.
    1. වාතය සමඟ සිදුකරන ප්‍රතික්‍රියා
    2. හයිඩ්‍රජන් සමඟ සිදුකරන ප්‍රතික්‍රියා
    3. හැලජන සමඟ සිදුකරන ප්‍රතික්‍රියා
    4. ජලය සමඟ ප්‍රතික්‍රියා
    5. භස්ම සමඟ සිදුකරන ප්‍රතික්‍රියා
    6. අම්ල සමඟ සිදුකරන ප්‍රතික්‍රියා
    7. ඇමෝනියා සමඟ සිදුකරන ප්‍රතික්‍රියා

වාතය සමඟ සිදුකරන ප්‍රතික්‍රියා

    • ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි .
      1. වාතයේ තබා ඇති විට සිදුවන ප්‍රතික්‍රියා
      2. වාතයේ දහනය කළ විට සිදුවන ප්‍රතික්‍රියා
    • වාතයේ තබා ඇති විට සිදු වන ප්‍රතික්‍රියා
      • දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියාශීලීතාවය අඩු නිසා ඒවා වාතයේ තබා ඇති විට බොහෝවිට ප්‍රතික්‍රියා නොකරන අතර ඇතැම් විට ඉතා සෙමෙන් ප්‍රතික්‍රියාවලට ලක්වේ.
      • මේ අතුරින් Mg වාතයේ තබා ඇති විට ඔක්සිජන් සමඟ පහත ලෙස ප්‍රතික්‍රියා කරයි.

\circ\;2{\mathrm{Mg}}_{(\mathrm s)\;}+\;{\mathrm O}_{2(\mathrm g)}\;\rightarrow\;2{\mathrm{MgO}}_{(\mathrm s)}

    • වාතයේ දහනය කරන විට සිදුවන ප්‍රතික්‍රියා
      • Mg ඇතුළු දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වාතයේ දහනයේදී ඔක්සිජන් සමඟ මෙන් ම නයිට්‍රජන් සමඟ ද පහත පරිදි ප්‍රතික්‍රියා කරයි.

\begin{array}{l}\circ\;2{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle2{\mathrm{MgO}}_{(\mathrm s)}\;(\text{ප්‍රධාන ඵලය})\;\\\circ\;3{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;{\mathrm N}_{2(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{Mg}}_3{\mathrm N}_{2(\mathrm s)}\;\\\circ\;2{\mathrm{Ca}}_{(\mathrm s)\;}+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle2{\mathrm{CaO}}_{(\mathrm s)\;}(\text{ප්‍රධාන ඵලය})\;\\\circ\;3{\mathrm{Ca}}_{(\mathrm s)}\;+\;{\mathrm N}_{2(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{Ca}}_3{\mathrm N}_{2(\mathrm s)}\\\\\\\end{array}

      • නමුත් දෙවන කාණ්ඩයේ පහළට යනවිට මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වන නිසා පහළින්ම පිහිටි Ba වැනි මූලද්‍රව්‍ය වාතයේ දහනයේ දී පහත ආකාරයට ප්‍රතික්‍රියා කරයි.
      • “Ba, Sr වලින් වැඩිපුර O2 ඇතිවිට ප’ ඔක්සයිඩ ද සාදයි.”
      • වාතයේ දහනය කරන නිසා නයිට්‍රජන් සමඟ ද ප්‍රතික්‍රියා කිරීමට පෙළඹෙයි. 

\begin{array}{l}\circ\;2{\mathrm{Ba}}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle2{\mathrm{BaO}}_{(\mathrm s)\;}\\\circ\;{\mathrm{Ba}}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{BaO}}_{2(\mathrm s)\;}(\text{ප්‍රධාන ඵලය})\;\\\circ\;3{\mathrm{Ba}}_{(\mathrm s)}\;+\;{\mathrm N}_{2(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{Ba}}_3{\mathrm N}_{2(\mathrm s)}\end{array}

Mg වල ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියාව

 

  •  Note: ඉහත 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය නයිට්‍රජන් සමඟ සාදන ලෝහ නයිට්‍රයිඩය අයනික සංයෝග වන නිසා ඒවා ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියා වායුව සාදයි

\circ\;{\mathrm{Mg}}_3{\mathrm N}_{2(\mathrm s)}\;+\;6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;3\mathrm{Mg}(\mathrm{OH})_2\;_{(\mathrm{aq})\;}+\;2{\mathrm{NH}}_{3(\mathrm g)}

හයිඩ්‍රජන් සමඟ සිදුකරන සිදුකරන ප්‍රතික්‍රියා

    • 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් වායුව සමඟ රත් කලවිට ඝන අවස්ථාවේ පවතින අයනික හයිඩ්‍රයිඩ සාදයි.

\begin{array}{l}\circ\;{\mathrm{Ca}}_{(\mathrm s)}\;+\;{\mathrm H}_{2(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{CaH}}_{2\;(\mathrm s)}\\\\\end{array}

    • එම හයිඩ්‍රයිඩ ජලය සමඟ පහත ලෙස ප්‍රතික්‍රියා කර එහි හයිඩ්‍රොක්සයිඩය සහ හයිඩ්‍රජන් මුදාහරී.

\circ\;{\mathrm{CaH}}_{2\;(\mathrm s)}\;+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;\mathrm{Ca}(\mathrm{OH})_{2\;(\mathrm{aq})}\;+\;{\mathrm H}_{2(\mathrm g)}

    • “Mg සිසිල් ජලය සමඟ ප්‍රතික්‍රියාවක් නොමැති තරම්”

හැලජන සමඟ සිදුකරන ප්‍රතික්‍රියා

    • 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය හැලජන සමඟ ප්‍රතික්‍රියා කර ඝන අවස්ථාවේ පවතින අයනික හයිඩ්‍රයිඩ සාදයි.

\circ\;{\mathrm{Ca}}_{(\mathrm s)}\;+\;{\mathrm{Cl}}_{2(\mathrm g)}\;\rightarrow\;{\mathrm{CaCl}}_{2\;(\mathrm s)}

ජලය සමඟ සිදු කරන ප්‍රතික්‍රියා  

    1. සිසිල් ජලය සමඟ:
      • Mg සිසිල් ජලය සමඟ ඉතා සෙමෙන් ප්‍රතික්‍රියා කරන නමුත් Ba, Sr, Ca වැනි මූලද්‍රව්‍ය ජලය සමඟ පහත ලෙස ප්‍රතික්‍රියා කරයි.

\circ\;{\mathrm{Ba}}_{(\mathrm s)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;\mathrm{Ba}(\mathrm{OH})_{2\;(\mathrm{aq})\;}+\;{\mathrm H}_{2(\mathrm g)}

      • ඉහත ප්‍රතික්‍රියාවේ දී ජලය ඔක්සිකාරකයක් මෙන්ම අම්ලයක් ලෙස ප්‍රතික්‍රියා කරයි.

Mg වල ජලය සමඟ ප්‍රතික්‍රියාව

 

 
    1. උණු ජලය සමඟ:
      • 2 කාණ්ඩයේ  මූලද්‍රව්‍ය අතරින් Mg උණු ජලය සමඟ වේගයෙන් ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්සයිඩය හා හයිඩ්‍රජන් වායුව සාදයි.

\circ\;{\mathrm{Mg}}_{(\mathrm s)\;}+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\xrightarrow\triangle\mathrm{Mg}(\mathrm{OH})_2\;_{(\mathrm{aq})\;}+\;{\mathrm H}_{2(\mathrm g)}

    1. හුමාලය සමඟ:
      • 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතුරින් මැග්නීසියම් හුමාලය සමඟ පහත ලෙස  ප්‍රතික්‍රියා කරයි.

\circ\;{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\xrightarrow\triangle{\mathrm{MgO}}_{(\mathrm s)\;}+\;{\mathrm H}_{2(\mathrm g)}

      • නමුත් Be ද්‍රව ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමක් සිදු නොකරයි.

භෂ්ම සමඟ සිදුකරන ප්‍රතික්‍රියා

    • Be හැර අනෙක් මූලද්‍රව්‍ය භෂ්මවල ජලීය ද්‍රාවණ වල ඇති ජලය සමඟ ප්‍රතික්‍රියා කර H2 ලබා දෙයි.
    • උදාහරණයක් ලෙස, 2 කාණ්ඩයේ Be හැර අනික් මූලද්‍රව්‍ය ජලිය NaOH හි ජලය සමඟ ප්‍රතික්‍රියාකර H2 ලබා දේ.
    • Be, ජලිය NaOH සමඟ ප්‍රතික්‍රියා කර H2 ලබා දෙන නමුත් එය උභයගුණී ලෝහයක් බැවින් සෝඩියම් බෙරිලේට් (Na2BeO2) ලබා දෙයි.

\circ\;{\mathrm{Be}}_{(\mathrm s)\;}+\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})\;}\rightarrow\;{\mathrm{Na}}_2{\mathrm{BeO}}_{2\;(\mathrm{aq})}\;+\;{\mathrm H}_{2(\mathrm g)}

අම්ල සමඟ සිදු කරන ප්‍රතික්‍රියා

    • 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඇතුළුව s ගොනුවේ  සියලු මූලද්‍රව්‍ය  තනුක අම්ල සමඟ වේගයෙන් ප්‍රතික්‍රියා කර H2 ලබා දේ.

\begin{array}{l}\circ\;{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;2{\mathrm{HCl}}_{(\mathrm{aq})\;}\rightarrow\;{\mathrm{MgCl}}_{2\;(\mathrm{aq})}\;+\;{\mathrm H}_{2(\mathrm g)}\;\\\circ\;{\mathrm{Ca}}_{(\mathrm s)\;}+\;2{\mathrm H}_2{{\mathrm{SO}}_{4\;}}_{(\mathrm{aq})}\;\rightarrow\;\mathrm{Ca}({\mathrm{SO}}_4)_{2\;(\mathrm{aq})\;}+\;2{\mathrm H}_{2(\mathrm g)}\end{array}

    • නමුත් HNO3, H2SO4  වැනි ප්‍රබල ඔක්සිකාරක අම්ල ඒවායේ සාන්ද්‍ර අවස්ථාවේ දී පහත ආකාරයට ප්‍රතික්‍රියා කරයි .

\begin{array}{l}\circ\;{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;4{\mathrm{HNO}}_{3(\mathrm{aq})}\;\rightarrow\;\mathrm{Mg}({{\mathrm{NO}}_{3)}}_{2\;(\mathrm{aq})}\;+\;2{\mathrm{NO}}_{2(\mathrm g)\;}+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\;\\\circ\;{\mathrm{Mg}}_{(\mathrm s)}\;+2{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;\rightarrow{\mathrm{MgSO}}_{4(\mathrm{aq})\;}+{\mathrm{SO}}_{2(\mathrm g)}+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

ඇමෝනියා සමඟ සිදුකරන ප්‍රතික්‍රියා

    • 2 කාණ්ඩයේ සියලු ලෝහ ඇමෝනියා සමඟ රත් කලවිට H2 පිට කරනු ලබයි .

\circ\;3{\mathrm{Ca}}_{(\mathrm s)}+\;2{\mathrm{NH}}_{3(\mathrm g)\;}\rightarrow\;{\mathrm{Ca}}_3{\mathrm N}_{2(\mathrm s)\;}+\;3{\mathrm H}_{2(\mathrm g)}

    • මෙම අවස්ථාවේ දී ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස සහ අම්ලයක් ලෙස ප්‍රතික්‍රියා කරයි.

 

අදහස් 1යි.

  1. sasnaka sansadayata magee pranaamayaa….nuwanaththan athaara agrama weewaaa!!! godaaaaak pin……………………….maarama watina…………………….. aathma gaaanaak pin pirena, divaa raaa pin pirena wadakk……………godaaak pin……………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.