රසායන විද්‍යාවදවසට පාඩමක්06.01.01 - s ගොනුව හැඳින්වීම සහ මූලද්‍රව්‍යවල ලක්ෂණ

06.01.01 – s ගොනුව හැඳින්වීම සහ මූලද්‍රව්‍යවල ලක්ෂණ

  • s ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් අප අධ්‍යනය කරනු ලබන්නේ s ගොනුවට අයත් ක්ෂාර ලෝහ හා ක්ෂාරීය පාංශු ලෝහ පිළිබඳව පමණි.
  • 1 කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය ක්ෂාර ලෝහ ලෙසත් 2 කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය ක්ෂාරීය පාංශු ලෝහ ලෙසත් හඳුන්වනු ලැබේ. නමුත් s ගොනුවට අයත් සියලු මූලද්‍රව්‍ය ලෝහ නොවේ.(H හා He)
  • ක්ෂාර ලෝහ මෘදු ලෝහ වන අතර ඒවායේ හයිඩ්‍රොක්සයිඩ ප්‍රබල භෂ්ම ලෙස හැසිරෙයි. ක්ෂාර පාංශු ලෝහවල හයිඩ්‍රොක්සයිඩ ද භාෂ්මික වේ.
  • 1 හා 2 කාණ්ඩවලට අයත් Fr හා Ra මූලද්‍රව්‍ය විකිරණශීලි මූලද්‍රව්‍ය බැවින් ඒවායේ රසායනය පිළිබඳව මෙහිදී අධ්‍යනය නොකරයි.
  • මෙහිදී s ගොනුවේ මූලද්‍රව්‍යවල භෞතික ගුණ හා රසායනික ගුණ පිළිබඳව වෙන වෙනම සලකා බලමු.

 

A/L විෂය නිර්දේශයට අදාල s ගොනුව සම්බන්ධ න්‍යාය – 1 කොටස

A/L විෂය නිර්දේශයට අදාල s ගොනුව සම්බන්ධ න්‍යාය – 2 කොටස

 

 

I කාණ්ඩය

  1. Li – 1s2s1
  2. Na – 1s2s2 2p6  3s1
  3. K – 1s2  2s2 2p6  3s2 3p6  4s1
  4. Rb – 1s2s2 2p6  3s2 3p6 3d10  4s2 4p6  5s1
  5. Cs – 1s2s2 2p6  3s2 3p6 3d10  4s2 4p6 4d10  5s2 5p6  6s1

දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ලක්ෂණ

  1. භෞතික ගුණ
  2. රසායනික ගුණ

භෞතික ගුණ

  • ප්‍රධාන වශයෙන් අප අධ්‍යනය කරන s ගොනුවේ මූලද්‍රව්‍ය ලෝහ බැවින් ඒවායේ ඇති බන්ධන වර්ගය ලෝහක බන්ධන වේ.
  • ලෝහක බන්ධන ප්‍රබලතාවය ආවර්තයේ අනෙකුත් ලෝහවලට සාපේක්ෂකව අඩුවන අතර කාණ්ඩ දෙකෙහිම පහළට යනවිට සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය නියත වුවත් පරමාණුවේ ප්‍රමාණය විශාල වන බැවින් ලෝහක බන්ධන ප්‍රබලතාවය අඩුය.
  • නමුත් පළමු කාණ්ඩයේ සිට දෙවන කාණ්ඩයට යනවිට සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය වැඩිවීමත් , අරය අඩුවීමත් නිසා ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩිවෙයි .
  • මේ නිසා ප්‍රධාන භෞතික ගුණයන් වන ද්‍රවාංක හා තාපාංක කාණ්ඩය දිගේ පහළට අඩුවෙයි. 1 කාණ්ඩයේ සිට 2 කාණ්ඩයට යාමේදි ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩිවන නිසා ද්‍රවාංක හා තාපාංක වැඩිවෙයි.
  • ආවර්තයේ අනෙකුත් ගොනුවල ලෝහවලට සාපේක්ෂකව තූ’කරණ  එන්තැල්පිය පහළ අගයන් වේ. කාණ්ඩවල පහළට යාමේදි ලෝහක බන්ධන ප්‍රබලතාවය අඩුවන නිසා තු’කරණ එන්තැල්පිය අඩුවෙයි. 1 කාණ්ඩයේ සිට 2 කාණ්ඩයට යාමේදි ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩිවන නිසා මෙම අගය වැඩිවෙයි.

    (තූ’කරණ එන්තැල්පිය – සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රවයකින් සම්මත අවස්ථාවේ පවතින වායුමය පරමාණු මවුලයක් සෑදීමේදී  සිදුවන එන්තැල්පි විපර්යාසය)

  • ඝනත්වය 1 කාණ්ඩයේ සිට 2 කාණ්ඩයට යාමේදි ස්කන්ධය වැඩිවීම නිසාත් පරිමාව අඩුවීම නිසාත් ඝනත්වය වැඩිවෙයි . කාණ්ඩවල පහළට යාමේදි ස්කන්ධය වැඩිවීමට අනුරූපව ඝනත්වය වැඩිවෙයි .
  • ද්‍රවාංක , තාපාංක හා ඝනත්වය සැලකීමේදී 1 කාණ්ඩය දර්ශීය නමුත් Mg හා Ca අතර වෙනසක් ඇත.              (ද්‍රවාංක ,තාපාංක සැලකීමේදී Mg < Ca වේ) (ඝනත්වය සැලකීමේදී Mg > Ca)

රසායනික ගුණ

  • s ගොනුවේ මූලද්‍රව්‍ය සියල්ලම ධන අයන සාදන අතර මෙම ධන අයන සෑදීමේ හැකියාව කාණ්ඩයේ පහළට යාමේදි වැඩිවෙයි. මෙයට හේතුවන්නේ කාණ්ඩයේ පහළට යාමේදි පරමාණුවේ අරය වැඩිවන නිසා අයනීකරණ ශක්ති අඩුවීමෙන් පහසුවෙන් ඉලෙක්ට්‍රෝන පිටකර ධන අයන සෑදීමයි.
  • නමුත් 1 කාණ්ඩයේ සිට 2 කාණ්ඩය දක්වා යාමේදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායිතාව වැඩිවන නිසාත් අරය අඩුවන නිසාත් අයනීකරණ ශක්ති වැඩිවීමෙන් ධන අයන සෑදීමේ හැකියාව හෙවත් ප්‍රතික්‍රියාශීලිත්වය අඩුවෙයි.

II කාණ්ඩය

  • s ගොනුවේ මූලද්‍රව්‍ය අතුරින් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳ පහත ආකාරයට අවබෝධ කර ගත හැකිය.

• දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ක්ෂාර පාංශු ලෝහ ලෙස හඳුන්වයි.

  1. Be – 1s2s2
  2. Mg – 1s2s2 2p6  3s2
  3. Ca – 1s2  2s2 2p6  3s2 3p6  4s2
  4. Sr – 1s2s2 2p6  3s2 3p6 3d10  4s2 4p6  5s2
  5. Ba – 1s2s2 2p6  3s2 3p6 3d10  4s2 4p6 4d10  5s2 5p6  6s2
  • s ගොනුවේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල පහත ලක්ෂණ ඇත. 

දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ලක්ෂණ

  1. භෞතික ගුණ
  2. රසායනික ගුණ

භෞතික ගුණ

  • ප්‍රධාන වශයෙන් s ගොනුවේ මූලද්‍රව්‍ය සියල්ල ලෝහ වන බැවින් ඒවායේ ඇති බන්ධන වර්ගය ලෝහක බන්ධන වේ.
  • ලෝහක බන්ධනයක ප්‍රබලතාවය, බන්ධනය සෑදීමට මූලද්‍රව්‍යයක් මඟින් පිට කරන ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වන විට වැඩි වෙන අතර සෑදෙන කැටායනික අරය අඩු වන විට වැඩි වේ.
  • එම නිසා 2 කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල,

a.  කාණ්ඩයක් දිගේ පහලට යන විට, සෑදෙන කැටායනික අරය වැඩි වන බැවින් ලෝහක බන්ධන වල ප්‍රබලතාවය අඩුවේ.

 මෙම නිසා ප්‍රධාන භෞතික ගුණයක් වන ද්‍රවාංකය කාණ්ඩයක් දිගේ පහළට යන විට අඩු වෙයි.

• මේ හේතුවෙන් මූලද්‍රව්‍ය විලයනය කිරීමේ පහසුව වැඩි වේ.

b.  එකම ආවර්තය සැලකූ විට 1 කාණ්ඩයේ මූලද්‍රව්‍යවලට වඩා 2 කාණ්ඩයේ මූලද්‍රව්‍යවල කැටායනික අරය අඩු වීමත් ලෝහක බන්ධන සෑදීමට පිටකරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිවීමත් නිසා ඒවායේ ලෝහක බන්ධනය ප්‍රබල වී,

• ද්‍රවාංකය 1 කාණ්ඩයේ මූලද්‍රව්‍යවලට වඩා වැඩි වේ.

c.  කාණ්ඩය දිගේ පහළට යන විට මූලද්‍රව්‍යවල පරිමාවේ වැඩිවීම ඉක්මවා යමින් ස්කන්ධයේ වැඩිවීම සිදුවන නිසා,

• ප්‍රධාන භෞතික ගුණයක් වන ඝනත්වය වැඩි වේ.

රසායනික ගුණ

  • මෙහිදී මූල ද්‍රව්‍ය වල ඔක්සිකරණය වීමේ හැකියාව හෙවත් ප්‍රතික්‍රියාශීලීතාවය පිළිබඳව සලකනු ලැබේ.
  • එම නිසා 2 කාණ්ඩයේ  මූලද්‍රව්‍යවල,

a.  කාණ්ඩයක් දිගේ පහළට යන විට, පරමාණුක අරය වැඩි වන නිසා ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි වේ.

• මෙම නිසා ප්‍රධාන රසායනික ගුණයක් වන ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වේ.

b.  එකම ආවර්තය සැලකූ විට එක කාණ්ඩයේ මූලද්‍රව්‍යවලට වඩා 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය කුඩා පරමාණුක අරයක් සහිත නිසා ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව අඩු වේ .

• මෙම නිසා 2 කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියාශීලීතාවය 1 කාණ්ඩයේ මූලද්‍රව්‍යවලට වඩා අඩු වේ.

දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගබඩා කරන ආකාරය

  • 1 කාණ්ඩයේ මූලද්‍රව්‍ය තරම් ප්‍රතික්‍රියාශීලී නොවුනත් 2 කාණ්ඩයේ මූලද්‍රව්‍යවල කිසියම් ප්‍රතික්‍රියාශීලීතාවයක් ඇති නිසා Ca හා ඊට පහළින් වූ ලෝහ ද්‍රව පැරෆින් තුළ ගිල්වයි .
  • එසේම Mg මත ආරක්ෂිත ආලේපයක් යොදා ඇත.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet