No menu items!

09.02.00 – ඇල්ඩිහයිඩ , කීටෝන

 

  • පොදු අණුක සූත්‍රය – CnH2nO
  • ඇල්ඩිහයිඩ කීටෝන යන දෙවර්ගයම එකම අණුක සූත්‍රය ඇති නමුත් එකිනෙකට වෙනස් රසායනික ක්‍රියාකාරීත්වයෙන් යුතු සංයෝග දෙවර්ගයක් නිසා ඇල්ඩිහයිඩ කීටෝන එකිනෙක ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික වේ.

ඇල්ඩිහයිඩ

කීටෝන

කාබොනයිල් කාබන් ඇති සංයෝග වල භෞතික ගුණ

කාබොනයිල් කාබන් සහිත සංයෝගවල    C=O   ධ්‍රැවීකරණය වී අන්තර්අණුක බල සාදයි.        

  • ඇල්ඩිහයිඩ හා කීටෝන හි කාබොනයිල් කාබන්  නිසා මෙම ද්විධ්‍රැව – ද්විධ්‍රැව ආකර්ෂණ බල ඇල්කිල් හේලයිඩ වල ද්විධ්‍රැව ද්විධ්‍රැව ආකර්ෂණයට වඩා ප්‍රබල වේ.

ජල ද්‍රාව්‍යතාවය

  • කාබොනයිල් සංයෝගවලට ජලය සමග H බන්ධන සෑදිය හැක.
  • මේ නිසා ඇල්ඩිහයිඩ හා කීටෝන හොඳින් ජලයේ ද්‍රාව්‍ය විය යුතුය.
  • නමුත් සදෘශ්‍ය ශ්‍රේණිවල පහලට යාමේදී R කාණ්ඩ විශාල වීමෙන් ජල ද්‍රාව්‍යතාවය අඩුවේ.
  • සරලම ඇල්ඩිහයිඩය වන ෆෝමැල්ඩිහයිඩ් හොඳින් ජල ද්‍රාව්‍ය වේ.
  • මේ සියල්ල හොඳින් කාබනික ද්‍රාවකවල දියවේ.

ද්‍රවාංක හා තාපාංක

  • අන්තර් අණුක බල ප්‍රබල වන තරමටම ද්‍රවාංක හා තාපාංක වැඩිවේ.
  • අණුක ස්කන්ධය වැඩි වන විට එනම්  R කාණ්ඩ ගණන වැඩි වන විටද  ද්‍රවාංක හා තාපාංක  වැඩිවේ.
  • සදෘශ්‍ය ශ්‍රේණිවල පහළට යනවිට සාපේක්ෂ අණුක ස්කන්ධය හා ක්ෂේත්‍රඵලය වැඩි වීමට අනුරූපව ද්‍රවාංක හා තාපාංක වැඩිවේ.
  •  එකම අණුක ස්කන්ධය සහිත ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින වලට වඩා ද්‍රවාංක හා තාපාංක තරමක් ඉහලයි.
  •  නමුත් ඇල්කොහොල් වලට වඩා ද්‍රවාංක හා තාපාංක තරමක් අඩුයි.(ඇල්කොහොල්වල අණු අණු අතර ප්‍රබල H බන්ධන පවතින නිසා)
  • එකම අණුක සූත්‍රය ඇති ව්‍යුහ සමාවයවිකවල අංශ දාම ගණන වැඩිවත්ම ද්‍රවාංක හා තාපාංක අඩුවේ.

කාබොනයිල් කාබන් සහිත සංයෝගවල රසායනික ගුණ

  • කාබොනයිල් කාබන්  δ+ ආරෝපිත කාබන් වෙතට මාධ්‍ය තුළ වූ නියුක්ලියෝෆයිල (සෘණ ආරෝපිත ප්‍රභේද) ආකර්ෂණය වේ. එවිට C=O හි π බන්ධනය බිඳී එම ස්ථානයට නියුක්ලියෝෆයිලය සම්බන්ධ වේ.
  • ඇල්ඩිහයිඩ, කීටෝන වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා වේ.

  • කාබන්හි   δ+ ආරෝපණය විශාලත්වය ඉහළ වන තරමටම නියුක්ලියෝෆිලික ආකලන හැකියාව ද වැඩි වේ.
  •  R කාණ්ඩ (CH3/CH2CH3/…) ඉලෙක්ට්‍රෝන විකර්ශක ගුණ පෙන්වන නිසා එමගින් කාබන් මත ඇති δ+ ආරෝපණයේ විශාලත්වය අඩු වේ
  • එම නිසා නියුක්ලියෝෆයිලය ආකර්ෂණය වීම අඩු වී ප්‍රතික්‍රියා හැකියාව අඩුවෙයි.

ඇල්ඩිහයිඩ හා කීටෝන නිෂ්පාදනය

  1. ඇල්කයින සජලනය

ඇල්කයින මගින් ඇල්ඩිහයිඩ ලබා ගත හැක්කේ එතයින් සජලනයෙන් පමණි.

 

  1. ඇල්කොහොල් ඔක්සිකරණය
                                           PCC-pyridinium chlorochromate

 

ඇල්ඩිහයිඩ සෑදීම

 

කීටෝන සෑදීම

  1. ඇරෝමැටික කීටෝන නිපදවීම

Eg;

 

4) එකම කාබන් මත හැලජන කාණ්ඩ දෙකක් සම්බන්ධ වී ඇති විට, ජලීය ක්ෂාරයක්  සමග රත් කලවිට

ඇල්ඩිහයිඩ, කීටෝන වල ප්‍රතික්‍රියා

  1. හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) සමග ප්‍රතික්‍රියාව
  • HCN අස්ථායි වේ
  • එනිසා ඒ වෙනුවට NaCN/KCN සමග HCl/H2SO4 වැනි තනුක ඛණිජ අම්ලයක් භාවිතයෙන් HCN සාදාගත හැක

     නියුක්ලියෝෆයිලය

HCN ආකලන යාන්ත්‍රණය ,