රසායන විද්‍යාවදවසට පාඩමක්06.01.03 - s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල ජල ද්‍රාව්‍යතාවය

06.01.03 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල ජල ද්‍රාව්‍යතාවය

සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය පහත සාධක මත රඳා පවතී.

  • භාවිතා කරන ජලයේ පවතින උෂ්ණත්වය
  • භාවිතා කරන ජල පරිමාව
  • සංයෝගය පවතින ධන අයනයට හෝ ඍණ අයනයට පොදු අයනයක් තිබීම හෝ නොතිබීම මත (පොදු අයනයක් ඇති විට ජල ද්‍රාව්‍යතාවය අඩු වේ.)

I කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය

I කාණ්ඩයේ ඔක්සයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා

  • I කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය ඉතා හොඳින් ජලයේ දියවී ක්ෂාර ද්‍රාවණ සාදයි .
  • නමුත් S ගොනුවේ ඇතැම් ඔක්සයිඩ (BeO, MgO) ජලයේ අද්‍රව්‍ය වේ.
  • I කාණ්ඩයේ ලෝහ මොනොක්සයිඩ ජලයේ දියවී අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය බවට පත්වෙයි.

\circ\;{\mathrm{Na}}_2{\mathrm O}_{(\mathrm s)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}

  • එම කාණ්ඩයේ සියලු ලෝහ පෙරොක්සයිඩද ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය සාදා H2O2 ඇතිකරයි.

\circ\;{\mathrm{Na}}_2{\mathrm O}_{2(\mathrm s)\;}+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{2(\mathrm{aq})}

  • I කාණ්ඩයේ සියලු ලෝහ සුපර් ඔක්සයිඩ ද ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් අදාල ලෝහයේ හයිඩ්‍රොක්සයිඩය,  H2O2 හා O2 ලබාදෙයි .

\circ\;2{\mathrm{NaO}}_{2(\mathrm s)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{2(\mathrm{aq})}\;+\;{\mathrm O}_{2(\mathrm g)}

I කාණ්ඩයේ නයිට්‍රයිඩ ජලය සමඟ ප්‍රතික්‍රියා

  • I කාණ්ඩයේ ලෝහ අතුරින් Li පමණක් නයිට්‍රයිඩ සාදයි. මෙම නයිට්‍රයිඩය ජලය සමඟ ප්‍රතික්‍රියා වී හයිඩ්‍රොක්සයිඩය සාදා NH3 පිටකරයි.

\circ\;{\mathrm{Li}}_3{\mathrm N}_{(\mathrm s)}\;+\;3{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;3{\mathrm{LiOH}}_{(\mathrm{aq})}\;+\;{\mathrm{NH}}_{3(\mathrm g)}

  • I කාණ්ඩයේ ලෝහ මූලද්‍රව්‍ය සාදන ක්ලෝරයිඩ, බ්‍රෝමයිඩ, අයඩයිඩ, නයිට්‍රයිට, නයිට්‍රේට, සල්ෆයිඩ, බයිකාබනේට, කාබනේට, ඔක්සලේට, පොස්පේට, ක්‍රෝමේට, ප’මැන්ගනේට, සල්ෆේට ,සල්ෆයිට.. ආදි සංයෝග සියල්ලම පාහේ ජල ද්‍රාව්‍ය සංයෝග වේ.
  • නමුත් LiF, Li2CO3, Li3PO4 යන ලවණ පමණක් අවක්ෂේප වේ.

II කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන සංයෝගවල ජල ද්‍රාව්‍යතාව

  • II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය පහත රටා වලට අනුව සිදුවේ.
  • II කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන හයිඩ්‍රොක්සයිඩ හා ඔක්සයිඩවල ජල ද්‍රාව්‍යතාවය කාණ්ඩයේ පහළට යන විට වැඩි වේ.
  • නමුත් අනෙක් සියලු සංයෝග වල  කාණ්ඩයක් දිගේ පහලට යන විට ජල ද්‍රාව්‍යතාවය අඩුවේ.

II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ

\begin{array}{l}\left.\begin{array}{r}\begin{array}{l}\mathrm{BeO}\\\mathrm{MgO}\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\\\left.\begin{array}{r}\begin{array}{l}\mathrm{CaO}\\\mathrm{SrO}\\\mathrm{BaO}\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජලයේ}\;\mathrm{දියවෙමින්}\;\mathrm{අවර්ණ}\;\mathrm{ද්}‍\mathrm{රාවණ}\;\mathrm{සාදයි}.\end{array}

 II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල හයිඩ්‍රොක්සයිඩ

\begin{array}{l}\left.\begin{array}{r}\begin{array}{l}\mathrm{Be}(\mathrm{OH})_2\;\\\mathrm{Mg}(\mathrm{OH})_2\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\\\;\;\;\;\mathrm{Ca}(\mathrm{OH})_2\;-\;ජලයේ්\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\;\;\;\;\mathrm{Sr}(\mathrm{OH})_2\;-\;ජලයේ\;\mathrm{අල්ප}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\;\;\;\;\mathrm{Ba}(\mathrm{OH})_2\;-\;ජලයේ\;\mathrm{දිය}\;\mathrm{වී}\;\mathrm{අවර්ණ}\;\;\mathrm{ද්}‍\mathrm{රාවණ}\;\mathrm{සාදයි}.\end{array}

II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල සල්ෆේට

\begin{array}{l}\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{BeSO}}_4\;\;\\{\mathrm{MgSO}}_4\end{array}\\\end{array}\right\}\;\;ජලයේ\;\mathrm{දිය}\;\mathrm{වී}\;\mathrm{අවර්ණ}\;\mathrm{ද්}‍\mathrm{රාවණ}\;\mathrm{සාදයි}.\\\;\;\;\;{\mathrm{CaSO}}_{4\;}-\;ජලයේ\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{SrSO}}_4\;\\{\mathrm{BaSO}}_4\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\end{array}

  • ඉහත ජල අද්‍රාව්‍ය වන සල්ෆේට අම්ල තුළ ද දිය නොවේ.

II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ක්‍රෝමේට

\begin{array}{l}\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{BeCrO}}_4\;\\{\mathrm{MgCrO}}_4\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජලයේ}\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\;\;\;\;{\mathrm{CaCrO}}_4\;-\;\mathrm{ජලයේ}\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{SrCrO}}_{4\;}\\{\mathrm{BaCrO}}_4\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{කහ}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{සාදයි}.\end{array}

  • ඉහත ජලයේ අද්‍රාව්‍ය වන සංයෝග තනුක අම්ල තුළ දිය වෙමින් තැඹිලි පාට ද්‍රාවණයක් සාදයි.එයට හේතුව ක්‍රෝමේට් අයන අම්ල තුළ ඩයික්‍රෝමේට් අයන බවට පරිවර්තනය වීමයි. (Cr2O72-)

II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල සල්ෆයිට

\begin{array}{l}\;\;\;\;{\mathrm{BeSO}}_{3\;}-\;\mathrm{ජලයේ}\;\mathrm{දිය}\;\mathrm{වේ}.\;\\\;\;\;\;{\mathrm{MgSO}}_{3\;}-\;\mathrm{ජලයේ}\;\mathrm{අල්ප}\;\mathrm{වශයෙන්}\;\mathrm{දිය}\;\mathrm{වේ}\\\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{CaSO}}_3\;\;\\{\mathrm{SrSO}}_{3\;}\;\\{\mathrm{BaSO}}_{3\;}\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\end{array}

  • ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දිය වෙි.

II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඔක්සලේට

\begin{array}{l}\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{BeC}}_2{\mathrm O}_4\\{\mathrm{MgC}}_2{\mathrm O}_4\end{array}\\\end{array}\right\}\;\;ජලයේ\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{CaC}}_2{\mathrm O}_4\\{\mathrm{SrC}}_2{\mathrm O}_4\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\\\;\;\;\;{\mathrm{BaC}}_2{\mathrm O}_4-\mathrm{ජලයේ}\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\end{array}

  • ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දියවේ.
 

II කාණ්ඩයේ  මූලද්‍රව්‍යවල කාබනේට

\begin{array}{l}\;\;\;\;{\mathrm{BeCO}}_3-\mathrm{ජලයේ}\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{MgCO}}_3\\{\mathrm{CaCO}}_3\\{\mathrm{SrCO}}_3\\{\mathrm{BaCO}}_3\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\end{array}

  • ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දියවේ.

II කාණ්ඩයේ මූලද්‍රව්‍යවල පොස්පේට

\begin{array}{l}\;\;\;\;{\mathrm{Be}}_3({\mathrm{PO}}_4)_2-\mathrm{ජලයේ}\;\mathrm{මඳ}\;\mathrm{වශයෙන්}\;\;\mathrm{දිය}\;\mathrm{වේ}.\\\left.\begin{array}{r}\begin{array}{l}{\mathrm{Mg}}_3({\mathrm{PO}}_4)_2\\{\mathrm{Ca}}_3({\mathrm{PO}}_4)_2\\{\mathrm{Sr}}_3({\mathrm{PO}}_4)_2\\{\mathrm{Ba}}_3({\mathrm{PO}}_4)_2\end{array}\\\end{array}\right\}\;\;\mathrm{ජල}\;\mathrm{අද්}‍\mathrm{රාව්}‍\mathrm ය\;\mathrm{සුදු}\;\mathrm{අවක්ෂේප}\;\mathrm{වේ}.\end{array}

  • ඉහත ජලයේ දිය නොවන සංයෝග තනුක අම්ල තුළ දියවේ.
 

Na+

K+

Be2+

Mg2+

Ca2+

Sr2+

Ba2+

Cl

අවර්ණ ද්‍රාවණ

Br

I

NO3

NO2

HCO3

OH

අවර්ණ ද්‍රාවණ

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

අල්ප ද්‍රාව්‍ය

අල්ප ද්‍රාව්‍ය

අවර්ණ ද්‍රාවණ

S2-

අවර්ණ ද්‍රාවණ

SO42-

අවර්ණ ද්‍රාවණ

අල්ප ද්‍රාව්‍ය

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

SO32-

අවර්ණ ද්‍රාවණ

අල්ප ද්‍රාව්‍ය

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

CO32-

අවර්ණ ද්‍රාවණ

අල්ප ද්‍රාව්‍ය

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

PO43-

අල්ප ද්‍රාව්‍ය

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

C2O42-

අල්ප ද්‍රාව්‍ය

අල්ප ද්‍රාව්‍ය

සුදු අවක්ෂේප

සුදු අවක්ෂේප

අල්ප ද්‍රාව්‍ය

CrO42-

Cr2O72-

කහ පාට ද්‍රාවණ

අල්ප ද්‍රාව්‍ය

අද්‍රාව්‍ය

කහ අවක්ෂේප

තැඹිලි පාට ද්‍රාවණ

අල්ප ද්‍රාව්‍ය

අද්‍රාව්‍ය

අවක්ෂේප

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet