No menu items!
රසායන විද්‍යාව06. අකාබනික රසායනය06.01.05 - s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම

06.01.05 – s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම

  • s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම සදහා පහන්සිළු පරික්ෂාව හෙවත් දැල්ලේ පරික්ෂාව යොදාගනියි.
  • මෙහිදී මූලද්‍රව්‍ය අඩංගු ලවණය ලෙස මූලද්‍රව්‍යයේ ක්ලෝරයිඩය පිරිසිදු කරන ලද Pt(ප්ලැටිනම්) / C කූරක /නික්‍රෝම් කම්බියක තවරා බන්සන් දැල්ලේ අදීප්ත කලාපයට හෙවත් ඔක්සිහාරක කලාපයට ඇල්ලීම සිදුකරයි.
  • දැල්ලට ලැබෙන වර්ණය අනුව අදාල මූලද්‍රව්‍යය කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගත හැක.
  • වඩා නිවැරදි ප්‍රතිඵල ලබාගැනීමට නම් පිරිසිදු Pt / C කූරක් යොදා ගැනීම වඩා යෝග්‍ය වේ. ඊට අමතරව පරික්ෂාවට පෙර Pt / C කූර බන්සන් දැල්ලේ අදීප්ත කලාපයට අල්වා එයින් යම් වර්ණයක් ලැබේදැයි තහවුරු කර ගැනීම වැදගත් වේ.
  • මෙහිදී මූලද්‍රව්‍ය විසින් සාදන අයන වල ඉලෙක්ට්‍රෝන තාප ශක්තිය අවශෝෂණය කර ඉහළ ශක්ති මට්ටම් කරා සංක්‍රමණය වී නැවත එම ශක්ති මට්ටම් වල අස්ථායිතාවය නිසා පහළ ශක්ති මට්ටම් වලට සංක්‍රමණයේදි අවශෝෂණය කරගත් ශක්තිය සම්පූර්ණයෙන් හෝ භාගිකව විමෝචනය කරයි .
  • මෙම පිටකරන විකිරණ දෘශ්‍ය පරාසයේ පවතීනම් අදාල වර්ණය දැල්ලට ලබාදෙයි .
  • Be     – අවර්ණ
  • Mg    –  අවර්ණ
  • Ca    –  තැඹිලි රතු (ගඩොල් රතු)
  • Sr     –  රතු
  • Ba    –  ඇපල් කොළ (කහ කොළ)  
  • Li     –  රතු (ක්‍රිම්පස් රතු)
  • Na    –  කහ
  • K      –  ලිලැක් (දම්)
  • Rb    –  රතු දම්
  • Cs    –  නිල්
  • s ගොනුවේ Be, Mg වල ඉලෙක්ට්‍රෝන පිටකරන විකිරණ දෘශ්‍ය පරාසයේ නොපවතින බැවින් බන්සන් දැල්ලේ ලාක්ෂණික වර්ණයක් නොපෙන්වයි.
  • මීට අමතරව p ගොනුවේ  Pb වැනි මූලද්‍රව්‍ය ද, d ගොනුවේ Cu, Ti ද බන්සන් දැල්ලට වර්ණ ලබාදෙයි.
  • පහන්සිළු  පරීක්ෂාවට කිසියම් කැටායනයක් එහි ක්ලෝරයිඩය සමඟ භාවිතා කරනුයේ  ඕනෑම මුල ද්‍රවයක ක්ලෝරයිඩය වාෂ්පශීලීතාවය අතින් තරමක් වැඩි නමුත් ගිනි ගෑනීමේ ප්‍රතිරෝධීතාවය ඉහළ නිසාය.

     

පහන්සිලු පරීක්ෂාව





 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.