No menu items!
සංයුක්ත ගණිතයInfinite Thinkingඔබටත් පුළුවන්ද?

ඔබටත් පුළුවන්ද?

මෙම සෘජුකෝණාස්‍රය තුළ එක සමාන සුදු පැහැ සමචතුරස්‍ර 7ක් තිබෙනවා. ඔබට ලැබෙන අභියෝගය වන්නේ එක් සුදු පැහැ සමචතුරස්‍රයක වර්ගඵලය සෙවීමයි.

මුලින්ම මේ රතු පාට ත්‍රිකෝණයට අවධානය යොමු කරමු.

c මේ ත්‍රිකෝණයේ කර්ණයෙහි දිග වෙනවා සේම සුදු පැහැ සමචතුරස්‍රයේ පැත්තක දිගද වෙනවා.

රතු පාට ත්‍රිකෝණ සමචතුරස්‍රය තුළ ස්ථානගත කරමින්, a සහ b යොදා ගනිමින් සෘජුකෝණාස්‍රයේ දිගට සහ පළලට ප්‍රකාශන සාදාගන්න පුළුවන්.

රතු පැහැ ත්‍රිකෝණයන්ට පමණක් අවධානය යොමු කරමු.

රූපයේ දැක්වෙන පරිදි a සහ b දිග රූපයේ සලකුණු කරගෙන ඒවා ආධාරයෙන් සෘජුකෝණාස්‍රයේ පළල වන 17 සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න පුළුවන්.

2a+3b=17

දැන් ඒ වගේම සෘජුකෝණාස්‍රයේ දිග වන 26 සඳහාත් a සහ b ඇසුරින් ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්

5a+2b=26

සමගාමී සමීකරණ විසඳීමෙන් a සහ b සොයමු.
\begin{array}{rcl}2a+3b&=&17\;-\;①\\5a+2b&=&26\;-\;②\end{array}
\begin{array}{rcl}&&①\times2-②\times3\end{array}
\begin{array}{rcl}2(2a+3b)-3(5a+2b)&=&(17\times2)-(26\times3)\\4a-15a&=&34-78\\-11a&=&-44\\a&=&4\end{array}

① ට ආදේශ කිරීමෙන්,
\begin{array}{rcl}2\times4+3b&=&17\\3b&=&9\\b&=&3\end{array}

දැන්,

පයිතගරස් ප්‍රමේය යෙදීමෙන්,
\begin{array}{rcl}c^2&=&a^2+b^2\\c^2&=&16+9\\c^2&=&25\end{array}

\begin{array}{rcl}සමචතුරස්‍රයේවර්ගඵලය\;&=&c^2\\&=&25\end{array}

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.