04. ශාක අකාර හා විවිධත්වය04.05. බාහිර හා අභ්‍යන්තර ශාක දක්වන චලන4.5.2 - විවිධ උත්තේජ සදහා ශාක වර්ධක ද්‍රව්‍ය

4.5.2 – විවිධ උත්තේජ සදහා ශාක වර්ධක ද්‍රව්‍ය

 

1. ශාක හෝර්මෝන යන්නෙන් අර්ථකථනය කරන්නේ කුමක්ද?

    • සාමාන්‍යයෙන් ඉතා සුළු ප්‍රමාණවලින් නිපදවෙන,
    • නිපදවූ ස්ථානයේ සිට වෙනත් කොටසකට පරිවහනය වන,
    • ඉලක්ක සෛලවල ප්‍රතිචාරයක් ප්‍රේරණය කරන සහ ශාකයේ වර්ධනයට හා විකසනයට බලපෑමක් ඇති කරන සංඥා අණු වේ.

 

2. “ ශාක හෝර්මෝන” යන පදයට වඩා “ශාක වර්ධක යාමක” යන්න භාවිතා කිරීම වඩාත් සුදුසු වීමට හේතු මොනවාද?

    • ශාක හෝර්මෝනවලට දී ඇති අර්ථකථනය මගින් ශාකයේ සිදුවන සමහර කායික විද්‍යාත්මක ක්‍රියාවලි විස්තර කිරීම අපහසු වීම.
    • ශාක හෝර්මෝන ලෙස සැලකෙන සමහර සංඥා අණු ස්ථානීයව ක්‍රියා කිරීම.

 

3. ශාක වර්ධක යාමක කුමන ආකාරයේ රසායනික සං‍යෝගද?

    • ස්වාභාවික හෝ සංශ්ලේෂිත කාබනික සං‍යෝග

 

4. ශාක වර්ධක යාමක වල කාර්යය කුමක්ද?

    • ශාකයේ විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකරණය කිරීම හෝ පාලනය කිරීම.

 

5. ප්‍රධාන ශාක වර්ධක යාමක නම් කරන්න.

    • ඔක්සීන
    • ගිබෙරලීන
    • සයිටොකයිනීන
    • ඇබ්සිසික් අම්ලය
    • එතිලීන්
    • ජැස්මොනේට (ජැස්මොනික් අම්ලය)

 

6. ඔක්සීන වල කෘත්‍යන් මොනවාද?

    • අඩු සාන්ද්‍රණයකදී කද දික් වීම උත්තේජනය කරයි.
    • පාර්ශ්වික හා ආගන්තුක මුල් සෑදීම දිරි ගන්වයි.
    • ඵල විකසනය යාමනය කරයි.
    • අග්‍රස්ථ ප්‍රමුඛතාව දිරි ගන්වයි.
    • ප්‍රභාවර්තනය සිදු කරයි.
    • ගුරුත්වාවර්තනය සිදු කරයි.
    • සනාල පටක විභේදනය දිරි ගන්වයි.
    • පත්‍ර ජේදනය වළක්වයි.

 

7. ගිබෙරලීන වල කෘත්‍යන් මොනවාද?

    • කද දික් වීම උත්තේජනය කරයි.
    • පරාග විකසනය උත්තේජනය කරයි.
    • පරාග නාලයේ වර්ධනය උත්තේජනය කරයි.
    • ඵල වර්ධනය උත්තේජනය කරයි.
    • බීජ විකසනය හා ප්‍රරෝහණය උත්තේජනය කරයි.
    • ලිංග නිර්ණය හා යොවුන් අවධිවල සිට පරිණත අවධි දක්වා සංක්‍රමණය යාමනය කරයි.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet