Test

  1. X සංයෝගයේ IUPAC නාමය කුමක්ද?

 

  1. 2-hydroxy-2-methyl-5-oxo-3-hexynoicacid
  2. 2-hydroxy-2-methyl-5-oxo-3-hexynoic acid
  3. 2-hydroxy-5-keto-2-methyl-3-hexynoic acid
  4. 5-carboxy-5-oxo-3-hexyn-2-ol
  5. 2-carboxy-5-oxo-3-hexyn-2-ol

 

මෙහි මූලිකම ප්‍රධාන කාණ්ඩය වන්නේ -COOH හෙවත් \begin{pmatrix}&\mathrm O&&\\&\vert\vert&&\\-&\mathrm C&-&\mathrm{OH}\end{pmatrix}කාණ්ඩය යි. එය කාබොක්සිලික් අම්ලයක් වන නිසා නාමයේ අගට ‘oic acid’යන ප්‍රත්‍යය අනිවාර්ය වේ.

එබැවින් (4) හා (5) යන පිළිතුරු වැරදිය.

මෙහි ප්‍රධාන කාණ්ඩයට අවම අංකය ලැබෙන පරිදි කාබන් දාමය නම් කල විට නිවැරදි වරණය ලැබේ.

\begin{pmatrix}&\mathrm O&&\\&\vert\vert&&\\-&\mathrm C&-&\mathrm C\end{pmatrix}හෙවත් කීටෝන කාණ්ඩ‍යක් උපකාණ්ඩයක් ලෙස කාබන් දාමයට බැඳී ඇති විට එය oxo ලෙස නම් කරනු ලබයි. එනිසා (3) වන වරණය වැරදිය.

‘oic acid’යන ප්‍රත්‍යය වචන 2 කින් යුක්ත වේ. එනිසා (1) පිළිතුර වැරදිය.

පිළිතුර (2)

සැ.යු- කාබනික කාණ්ඩ නාමකරණය note බලාගන්න.

  • C=C/ C≡C බන්ධන ප්‍රධාන දාමයට ඇතුළත් විය යුතුය.
  • C=C/ C≡C ඇති විට එම බන්ධන ඇති C පරමාණු වලට අවම අංකයක් ලැබෙන පරිදි අංකනය කළ යුතුය.
  • ආදේශක කාණ්ඩයක් ලෙස කීටෝන කාණ්ඩයක් සම්බන්ධ වී ඇති විට එය keto ලෙස නම් නොකරන අතර oxo ලෙස නම් කරයි.
  • එස්ටර හැරුණු විට, නාමකරණයේ දී කාබොක්සිලික් අම්ලවල හා අම්ල හේලයිඩවල නම ලිවීමේදී පමණක් අග වචනය වෙන්කර ලියයි.

oicacid    ☓

oic acid  ✓

  • නාමකරණයේදී ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට නම් පෙළගස්වා සම්පූර්ණ නම ලිවිය යුතුය.

 

 

 

 

2-hydroxy-5-oxo-2-methyl-3-hexynoic acid

h —» o —» m

2-hydroxy-2-methyl-5-oxo-3-hexynoic acid

h —» m —» o alphabetic order

  1. ethyl 2-bromo-4-methylpent-3-enoate යන IUPAC නාමයට අනුරූප වන ව්‍යුහය තෝරන්න.

 

මෙහි ‘oate’ ප්‍රත්‍යය ඇති බැවින් අනිවාර්‍යෙන් ම මෙය එස්ටරයක් විය යුතුමය. එනිසා (5) වැනි පිළිතුර වැරදිය.

එස්ටරයේ බාහිරින් සම්බන්ධ වී ඇත්තේ කාබන් 2 කින් යුත් සංයෝගයක් වේ. එය නාමයෙහි ඇති ethyl කාණ්ඩය මඟින් පැහැදිලි වේ. එනිසා (2) පිළිතුර වැරදිය.

ඉතිරිවන්නේ (1), (3), (4) වන පිළිතුරු වේ.

(1)පිළිතුරේ -CH3 සම්බන්ධ වී ඇත්තේ කාබන් දාමයේ 3 වන C ට වේ. නමුත් ප්‍රශ්නයේ දක්වා ඇත්තේ 4-methyl ලෙසයි. එනිසා (1) පිළිතුර වැරදියි.

ඒ අනුව ඉතිරිවන්නේ (3), (4) පිළිතුරු වේ.

 

(4) වන පිළිතුරේ Br සම්බන්ධ වී ඇත්තේ කාබන් දාමයේ 4 වන C පරමාණුවට වේ. නමුත් ප්‍රශ්නයේ දක්වා ඇත්තේ 2-bromo ලෙසයි. එමනිසා කාබන් දාමයේ දෙවන C පරමාණුව මත Br ඇති (3) වන වරණය නිවැරදි වේ.

පිළිතුර (3)

  • ඇමයිඩ, කාබොක්සිල් අම්ල, එස්ටර, අම්ල හේලයිඩ ඇති විට එහි C ට අංක 1 ලැබෙන පරිදි අංකනය කළ යුතුය.
  • එස්ටර වලදී තනි බන්ධනයෙන් C ට සම්බන්ධ වී ඇති O ට බෙන්සීන් කාණ්ඩයක් සම්බන්ධ වී තිබුණොත් එය ‘phenyl’ ලෙස නම් කරයි. උදා-
  • -F, -Cl, -Br, -I, -NO2 සෑමවිටම ආදේශක කාණ්ඩ ලෙස සම්බන්ධ වේ.
  1. 2-amino-5-methylhex-3-ynal යන IUPAC නාමයට අනුරූප ව්‍යුහය වනුයේ,

මෙහි ‘yn’ කාණ්ඩය නිසා මෙහි ඇල්කයින කාණ්ඩයක් පැවතිය යුතුය.

එනිසා (2) පිළිතුර වැරදිය.

මෙහි ප්‍රධාන කාබන් දාමය සැලකූවිට ඊට C පරමාණු 6ක් පැවතිය යුතුය. ඒ සඳහා සියළු ආදේශක කාණ්ඩ, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන ඇතුලත් වන පරිදි දිගම දාමය ගනු ලබයි. එනිසා (5) පිළිතුර වැරදිය.

ප්‍රධාන කාණ්ඩයට හා අවශේෂ කාණ්ඩවලට අවම අංකය ලැබෙන පරිදි කාබන් දාමය අංකනය කරයි. එවිට ඇල්ඩිහයිඩ කාණ්ඩයට අංක 1 ලැබේ. ඒ අනුව 2 වන කාබන් පරමාණුවට ඇමීන(-NH2) කොටසක් සම්බන්ධ විය යුතුය. එනිසා (1) පිළිතුර වැරදිය.

මෙහි ප්‍රධාන කාණ්ඩය ඇල්ඩිහයිඩයක් බැවින් (3) වන පිළිතුර වැරදි වේ.

පිළිතුර (4)

  1. මින් කුමන සංයෝගය ප්‍රකාශ සක්‍රීය ආකාරවලින් පවතීද?

(1) (2) F2CBrCl

 

(3) (5)

 

(4)

 

විවරණය

කිසියම් සංයෝගයක් ප්‍රකාශ සක්‍රියතාව පෙන්වීමට එම ව්‍යුහයේ අසමිතික c පරමාණුවක් තිබිය යුතුය. (කයිරැල් c

පරමාණුවක් )

අසමිතික c පරමාණුවකට එකිනෙක වෙනස් කාණ්ඩ 4ක් බැඳි පවතී.

ප්‍රකාශ සමාවයවිකතාව ප්‍රතිරූප අවයව සමාවයවිකතාව ලෙසද හැඳින්වේ.

ප්‍රකාශ සමාවයවිකතාව විද්‍යාගාරයේදී පරීක්ෂණාත්මකව හඳුනාගනු ලබන්නේ අදාළ සංංයෝගයේ එක් ප්‍රතිරූප

අවයවයක් හරහා තල ධ්‍රැවිත ආලෝකය යැවූ විට ධ්‍රැවත තලය එක් දිශාවකට භ්‍රමණය කරන අතර ‚ අනෙක් ප්‍රතිරූප

අවයවය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තල ධ්‍රැවිත ආලෝකය භ්‍රමණය කිරීම මගිනි.

ප්‍රශ්නනයේ දී ඇති ව්‍යුහ සැලකූ විට 1‚ 2‚3 හා 5 ව්‍යුහවල කයිරැල් c පරමාණු නොපවතී. නොවේ.

4 වන ව්‍යුහයේ කයිරැල් c පරමාණු පවතී.

 

 

 

ප්‍රතිරූප අවයව සමාවයවික සැලකූවිට ඒවා එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්භ වෙයි. එම දර්පණ ප්‍රතිබිම්භ එකිනෙක

මත අධිස්ථාපනය කළ නොහැක.

 

  1. ජ්‍යාමිතික සමාවයවිකතාව සම්බන්ධයෙන් වන මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද?
  2. CH2C(CH3)2 ජ්‍යාමිතික සමාවයවිකතාව දක්වයි.
  3. ClBrCClF ජ්‍යාමිතික සමාවයවිකතාව දක්වයි.
  4. ClFCC(C6H5)2 ජ්‍යාමිතික සමාවයවිකතාව දක්වයි.
  5. Cl2CCBr2 ජ්‍යාමිතික සමාවයවිකතාව දක්වයි.
  6. ඉහත සඳහන් කිසිවක් ජ්‍යාමිතික සමාවයවිකතාව නොදක්වයි.

විවරණය

කිසියම් සංයෝගයක් ජ්‍යාමිතික සමාවයවිකතාව දැක්වීමට නම්‚ ද්විත්ව බන්ධනයේ එක් එක් c පරමාණුවකට සම්බන්ධ කාණ්ඩ 2 එක සමාන නොවිය යුතුය.

(1)

සමාන කාණ්ඩ නිසා ජ්‍යාමිතික සමාවයවිකතාව නොදක්වයි.

(2)

මෙය ජ්‍යාමිතික සමාවයවිකතාව මෙන්ම cis trans සමාවයවිකතාව පෙන්වයි.

trans

cis

එබැවින්

(3) (4)

3 හා 4 ව්‍යුහද ජ්‍යාමිතික සමාවයවිකතාව නොපෙන්වයි.

ඒ අනුව 5

සැ.යු. ÷ ජ්‍යාමිතික සමාවයවික සියල්ල cis trans සමාවයවික නොවේ.

  1. (2) (3)

 

 

trans

ජ්‍යාමිතික සමාවයවික

cis

  1. මින් කුමන සංයෝගය ජ්‍යාමිතික සමාවයවිකතාව හා ප්‍රකාශ සමාවයවිකතාව යන දෙකම දක්වයිද?

CH3

CH3

  1. CH CH-CH (2) CF2 CH-CH

CH3

CH2CH3

(3) CHF CH-CHF (4) CHF CH-CF

CH3

CH3

(5) ඉහත කිසිවක් ජ්‍යාමිතික සමාවයවිකතාව හා ප්‍රකාශ සමාවයවිකතාව යන දෙකම නොදක්වයි.

 

විවරණය

ජ්‍යාමිතික සමාවයවිකතාව සදහා ද්විත්ව බන්ධනය දෙපස කාබන් පරමාණු 2ට වෙන වෙනම එකිනෙකට වෙනස් පරමාණු සම්බන්ධ විය යුතුය.

ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීමට එකිනෙකට වෙනස් කාණ්ඩ 4කින් අසමමිතික කාබන් හෙවත් කයිරැල් කාබන් පරමාණු සම්බන්ධ විය යුතුය.

ඒ අනුව

1 හි පිළිතුර ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වන අතර ප්‍රකාශ සමාවයවිකතාව නොපෙන්වයි.

2 හි පිළිතුර ජ්‍යාමිතික සමාවයවිකතාව නොපෙන්වන අතර ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වයි.

3 හි පිළිතුර ජ්‍යාමිතික සමාවයවිකතාව , cis trans හා ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වයි.

(4)

ජ්‍යාමිතික සමාවයවිකතාව මෙන්ම cis trans සමාවයවිකතාව පෙන්වයි.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet