රසායන විද්‍යාවදවසට පාඩමක්14.3.1 - ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය

14.3.1 – ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය

  • Ti අන්තර්ගත මූලික   ඛනිජ රූටයිල් සහ ඉල්මනයිට් වේ .
  • Ti ලෝහය TiO2 ස්වරූපයෙන්  බහුලව පවතින්නේ රූටයිල් ලෙසයි.
  • ඉල්මනයිට් වල  TiO2 හා FeO දෙකෙහි    මිශ්‍රණයක්   ඇත.

  ඉල්මනයිට් වලින් TiO2 සෑදීම.

  • පළමුව FeO ඉවත්කර  TiO2 ප්‍රතිශතය වැඩි කිරීම සිදු කරයි .
  • එම  ක්‍රියාවලිය සල්ෆේට් ක්‍රියාවලිය (sulphate process ) ලෙස හඳුන්වයි .
  • FeO ඉවත්කර TiO2  ප්‍රතිශතය 70% ට වඩා වැඩි අවස්ථාවකට ලගාවූ පසු ඉහළ සංශුද්ධතාවයකින් යුතු TiO2 නිපදවයි .

 රූටයිල් වලින් TiO2 නිපදවීමේ  රසායනික  ක්‍රියාවලිය  

  • මෙය ක්ලෝරයිඩ  ක්‍රියාවලිය නම් වේ .
  • එහි පියවර දෙකකි.
  1. ක්ලෝරිනීකරණය
  2. ඔක්සිකරණය

1. ක්ලෝරිනිකරණය

  • කෝක් සහ රූටයිල් 200-300 0C වන උෂ්ණත්වයකට රත් කර හොඳින් වියළීම සිදු කරයි (ඒවාගේ ඇති තෙත ඉවත් කිරීම ඉතා අවශ්‍ය නිසාය. )
  • රූටයිල් කෝක් සමග  950 0C ට පමණ රත් කර ඒ මතින් Cl2 වායු ධාරාවක් යවනු ලැබේ .එවිට පහත   ප්‍රතික්‍රියාව සිදුවී TiCl4 වායුව සෑදේ .

Ti{O_2}_{(S)}\;+\;\;C_{(S)}\;\;\rightarrow\;Ti_{(s)}\;+\;CO_{2(g)}\;

Ti_{(S)}\;+\;2Cl_{2(g)}\;\;\rightarrow\;TiCl_{4(g)}\;\;

මේ සමස්ථ ප්‍රතික්‍රියාව පහත පරිදි දැක්විය හැක.

TiO_{2(S)}\;+\;\;C_{(s)}\;+\;2Cl_{2(g)}\;\;\xrightarrow{950^\circ C}\;\;TiCl_{4(g)}\;+\;CO_{2(g)}

  • මෙය තාප දායක වේ.එයට  ප්‍රධාන හේතුව කෝක් ඔක්සිකරණය වී CO2 බවට පත්වීමයි .
  • TiCl4 හි තාපාංකය 134 0C පමණ වේ.
  • දැන් කුටීරයෙන් ඉවතට එන එන වායු මිශ්‍රණයේ TiCl4(g) , CO2(g) ප්‍රධාන වශයෙන් ද ,ඊට අමතරව ඇතැම් අතුරු ප්‍රතික්‍රියා වල ප්‍රතිඵල ලෙස HCl හා CO (g) මෙන්ම දූවිලි අංශු වැනි අපද්‍රව්‍ය ද තිබිය හැක .
  • එම නිසා එම අකාබනික අපද්‍රව්‍ය හා දූවිලි ඉවත් කිරීමෙන් පසු වායු මිශ්‍රණය සිසිල් කර  ද්‍රව TiCl4 වෙන් කරගත හැක . එසේ වෙන් කර ගත් ද්‍රව TiCl තව දුරටත් සංශුද්ධ කිරීමෙන් පසු ඔක්සිකරණයට යොදා ගැනේ. 

 

2.ඔක්සිකරණය

  • TiCl1000 0C දී පමණ O2 සමග  ප්‍රතික්‍රියා කරවා සංශුද්ධ TiO2 ලබා ගැනීම මෙහිදී කෙරේ .
  • එහිදී පහත  ප්‍රතික්‍රියාව සිදුවී TiO2 ලැබෙන අතර Cl2  වායුව ප්‍රතිචක්‍රීකරණය වේ .

TiCl_{4(g)}\;+\;\;O_{2(g)}\;\;\xrightarrow{1000^\circ C}\;\;TiO_{2(s)}\;+\;\;2Cl_{2(g)}

( රූටයිල් හි වූ අකාබනික අපද්‍රව්‍ය වලින් තොර සංශුද්ධ TiO2 නිපදවිම.)

 

රූටයිල්වලින් TiO2 නිපදවීමේ දී සිදුවන පාරිසරික හානිය

  • කෝක් ඔක්සිකරණය වී වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එක්වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම .
  • 2006 දී මෙම කර්මාන්තය මගින් වායුගෝලයට මුදා හරින ලද සමස්ත කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.6කි.
  • මෙයින් අඩක් උෂ්ණත්වය ජනනයට ඉන්ධන දහනය නිසා ද ඉතිරිය නිෂ්පාදන  ක්‍රියාවලිය නිසා ද ජනනය වී ඇත

 

TiO2 හි ප්‍රයෝජන

  1. TiO2 හි සුදු පැහැය නිසා ප්ලාස්ටික්, කඩදාසි, තීන්ත ආදියෙහි දීප්තිමත් සුදු පැහැය ලබාගැනීමට වර්ණකයක් ලෙස භාවිතා කෙරේ .TiO2 හි ඇති ඉහළ වර්තනාංකය  ද එය වර්ණකයක් ලෙස යොදා ගැනීමට හේතු වේ .
  2. දන්තාලේප හා ඖෂධ   වල සුදු වර්ණය ලබා ගැනීම සඳහා (රසායනිකව අක්‍රිය බැවින් )
  3. UV කිරණ මගින් සම පිළිස්සීම වැළැක්වීමට ආලේපනය කරන  ද්‍රව්‍ය නිෂ්පාදනයට .TiO2 මගින් UV ලගාවීම වලක්වයි .
  4. ඇතැම් සූර්ය කෝෂ නිෂ්පාදනයට .

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet