රසායන විද්‍යාවදවසට පාඩමක්14.02.03 - සල්ෆියුරික් අම්ලය නිපදවීම (ස්පර්ශ ක්‍රමය)

14.02.03 – සල්ෆියුරික් අම්ලය නිපදවීම (ස්පර්ශ ක්‍රමය)

  • S හෝ S අන්තර්ගත ලෝපස්, වාතය සහ ජලය අමුද්‍රව්‍ය ලෙස ගෙන V2O5 උත්ප්‍රේරකය හමුවේ H2SO4 අම්ලය නිපදවීමේ ස්පර්ශ ක්‍රමය පිලිබදව මෙහිදි දැක්වේ.
  • PbS , CuS හා ZnS සහිත ලෝපස් මගින් පිලිවෙලින් Pb , Cu ,Zn ලෝහ නිස්සාරණයේදී අතුරු ඵලයක් ලෙස ලැබෙන SO2 වායුවද H2SO4 නිපදවීමට භාවිත කල හැක.

ක්‍රියාවලිය

  • පලමුව S හෝ S සහිත ලෝපස් වාතයේ දහනයෙන් SO2  වායුව ලබා ගනී.  

{\mathrm S}_{(\mathrm S)}\;+\;{\mathrm O}_2\;_{(\mathrm g)}\rightarrow\;\;{\mathrm{SO}}_2\;_{(\mathrm g)}

  • කාර්මිකව SO2 නිපදවීම එතරම් පහසු නොවේ.
  • පළමුව S රත්කර 140 0C දී ද්‍රව තත්වයට පත් කරයි.
  • ද්‍රව S ආශ්‍රිතව අපද්‍රව්‍ය ඇත්නම් ඒවා පෙරා ඉවත් කරනු ලබයි.
  • සල්ෆර් මුලද්‍රව්‍ය දහනය කර SO2 නිපදවීම වෙනම ක්‍රියාවලියකි.
  • සල්ෆර් දහනය තාපදායකය.

සල්ෆියුරික් නිපදවීමේ ක්‍රියාවලිය

  • පිලියෙල කර ගන්නා SO2(g) 4500 C පමණදී හා 1atm පමන පීඩනයේ දී V2O5 උත්ප්‍රේරකය සහිත උත්ප්‍රේරක කුටීරයක් තුල වායුගෝලීය වාතය මගින් SO3 බවට ඔක්සිකරණය දෙවන පියවරේදී සිදුවේ.

2{{\mathrm{SO}}_{2\;}}_{(\mathrm g)\;}+{\mathrm O}_2\;_{(\mathrm g)}\overset{1\;\mathrm{atm},\;450^\circ\mathrm C}{\underset{{\mathrm V}_2{\mathrm O}_5\text{ උත්ප්‍රේරක}}\rightleftharpoons}\;2\;{{\mathrm{SO}}_3}_{(\mathrm g)}\;+\text{තාපය}

  • දෙවන පියවරේදී පිලියල කරන SO3(g) සාන්ද්‍ර H2SO4 තුල දියවීමට සලස්වා ඔලියම් හෙවත් පයිරොසල්ෆියුරික් අම්ලය  ලබා ගැනීම තුන්වන පියවර තුල දක්නට ලැබේ.

{\mathrm{SO}}_3\;_{(\mathrm g)\;}+\;{\mathrm H}_2{\mathrm{SO}}_4\;_{(\mathrm{aq})}\rightarrow\;{\mathrm H}_2{\mathrm S}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}

  • තෙවන පියවරේදී  ගන්නා ඔලියම් ක්‍රමානුකූලව පාලනය කල තත්ව යටතේ ජලය තුල තනුක කිරීමෙන්  සාන්ද්‍ර H2SO4අම්ලය අවසානයේ පිලියල වේ.

{\mathrm H}_2{\mathrm S}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2\mathrm O\;_{(\mathrm l)}\;\rightarrow\;2\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}

\begin{array}{l}\boxed{\begin{array}{l}\text{සමස්ත ක්‍රියාවලිය}\\{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\;\\2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm O}_2\overset{1\;\mathrm{atm}\;,\;450^\circ\mathrm C}{\underset{{\mathrm V}_2{\mathrm O}_5\text{උත්ප්‍රේරක}}\rightleftharpoons}2{{\mathrm{SO}}_3}_{(\mathrm g)}+\text{තාපය}\\{{\mathrm{SO}}_3}_{(\mathrm g)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\;\rightarrow{\mathrm H}_2{\mathrm S}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}\;\\{\mathrm H}_2{\mathrm S}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}\;+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow2\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\end{array}}\\\end{array}

ක්‍රියාවලි ප්‍රශස්තීකරණය

  1. SO2/O2ප්‍රතික්‍රියක මිශ්‍රනය උත්ප්‍රේරක ස්තර කිහිපයක් හරහා ගමන් කරවීම.
    • මෙහිදී,ප්‍රතික්‍රියක හා උත්ප්‍රේරක වැඩි වෙලාවක් එකිනෙක ස්පර්ශ වන බැවින් උත්ප්‍රේරකයේ උත්ප්‍රේරන ක්‍රියාවලිය වඩාත් හොදින් සිදු වේ.  
  2. 1 atm පීඩනයක් පවත්වා ගැනීම.
    • පීඩනය වැඩි කරන විටදි වායු කලාපයේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව අණු ගණන අඩු වන දිශාවට සිදු වීමට තිබෙන නැඹුරුතාව වැඩි වීම ලේ චැට්ලියර් මූලධර්මයෙන් පුරෝකථනය කරයි.
    • මේ ප්‍රතික්‍රියාව සදහා පීඩනය වැඩි කරන විටදී ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වී ඵලදාව වැඩි වේ.
    • එහෙත් මෙ ප්‍රතික්‍රියාව සදහා වායුගෝල 1 ක පීඩනයේදී පවා SO3 ඵලදාව 99% ක් තරම් ඉහල වේ.
    • එනිසා වඩාත් ඉහල පීඩන යේදීම අනවශ්‍ය වේ.
  3. V2O5 උත්ප්‍රේරක භාවිතා කිරීම.
  4. 4500C පමණ උෂ්ණත්වයක් යොදා ගැනිම.
    • දෙවන පියවරේදී ප්‍රතික්‍රියාවෙන් ද තාපය ජනනය කරන නිසා එක් වරම SO2 සමස්ත ප්‍රමාණය O2  සමග ප්‍රතික්‍රියා කිරීමට නිපදවීමේ ක්‍රියාව සැලසුම් කරහොත් වැඩි තාප ප්‍රමාණයක් ජනනය වී නැවත පසු ප්‍රතික්‍රියාව දිරිමත් කරමින් ඵලදාව අඩු වීමට හේතු වේ.
  5. සැදෙන SO3 අනවරතව ප්‍රතික්‍රියා පද්ධතියෙන් ඉවත් කිරීම.
  6. සැදෙන SO3 වායුව ජලය වෙනුවට පෙර සැදු සාන්ද්‍ර H2SO4  තුල දියකිරිම.
    • SO3 වායුව ජලය තුල දිය වී H2SO4 ලබා දීමේ ප්‍රතික්‍රියාව බෙහෙවින් තාපදායකයි.
    • එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතික්‍රියාවේදී උත්පාදනය වන තාපයෙන් යොදා ගන්නා ජලය වාෂ්ප වීම හේතු කොට ගෙන H2SO4 වාෂ්පයක් ලෙස ලැබීම කර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලියේ සංකීර්ණත්වයක් ලබා දීම නිසා ද, කම්කරුවන්ගේ ආරක්ෂාවට එය තර්ජනයක් වෙන නිසාද සැදෙන SO3 වායුව ජලය වෙනුවට පෙර සැදු සාන්ද්‍ර H2SO4 තුල දිය කරයි.
  7. SO2 පිරිසිදු කර ගැනීම.
  •     SO2 සමග CN , As3+ පැවතිය හැක. ඒවා පැවතුණහොත් උත්ප්‍රේරක ස්ථරයට හානිකර වේ.

H2SO4 හි ප්‍රයෝජන 

  • තීන්ත නිපදවීමේ දි අමුද්‍රව්‍ය  ලෙස භාවිතය.
  •  TNT වැනි පුපුරන ද්‍රව්‍ය නිපදවීමේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතය.
  • බහුඅවයවික නිපදවීමේදි භාවිතය.
  • පොස්පේට් පොහොර නිපදවීමේ දි අමුද්‍රව්‍ය ලෙස භාවිතය.
  • ඇමෝනියම් සල්ෆේට් පොහොර නිපදවීම.
  • රෙයෝන් ඇතුළු කෘත්‍රිම කෙදි හා ප්ලාස්ටික් නිෂ්පාදනය.
  • ඇල්කයිල් හා ඇරිල් සල්ෆොනේට අඩංගු ක්ෂාලක නිපදවීම.
  • සායම් , පුපුරන ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදනය.
  • බැටරි ඇසිඩ් නිපදවීම.
  • වායු වියළීම.(Cl2)

වැඩිදුර අධ්‍යනයට ,

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet