රසායන විද්‍යාවදවසට පාඩමක්14.4.1 - බහුඅවයවක ද්‍රව්‍යවල රසායනය

14.4.1 – බහුඅවයවක ද්‍රව්‍යවල රසායනය

  • ඒකාවයවික ලෙස හඳුන්වන සාපේක්ෂව කුඩා රසායනික අණු ඉතා විශාල ප්‍රමාණයක් එකිනෙක සමඟ රසායනිකව බැඳීම නිසා බහුඅවයවක නිර්මාණය වේ .
  • මෙම ක්‍රියාවලිය බහුඅවයවීකරණය නම් වේ .
  • ඒකාවයවික අණු විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඒකවයවිකයේ කාබන් සැකිල්ල බහුඅවයවක අණුව අශ්‍රිතව පුනරවර්තීව පිහිටා ඇත. එකාවයවිකයක කාබන් සැකිල්ල සහිත කොටස පුනරාවර්තී ඒකකය (repeating unit ) ලෙස හඳුන්වයි .

උදා:-\begin{array}{l}\mathrm n\;\;\underset{\;\mathrm{එතීන්}\;}{{\mathrm{CH}}_2={\mathrm{CH}}_2}\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;\;\underset{\;\mathrm{පොලිඑතිලීන්}(\mathrm{පොලිතීන්})}{-\left({\mathrm{CH}}_2-{\mathrm{CH}}_2\right)-_{\mathrm n}}\\\end{array}

  • මෙහි පුනරාවර්තී ඒකකය   -[CH2-CH2-]-  වේ .
  • පුනරාවර්තී ඒකක රාශියක් බහුඅවයවික අණුවේ ඇති බැවින් ‘n’ යෙදීමෙන් අණුව සංකේතවත් කරයි .
  • නිපදවීමේදී සිදුවන ප්‍රතික්‍රියා වර්ගය අනුව බහුඅවයවික වර්ග දෙකකි.
  1. ආකලන බහුඅවයවක         
  2. සංඝනන බහුඅවයවක

ආකලන බහුඅවයවක

  • පුනරාවර්තී ඒකක රාශියක් බහුඅවයවික අණුවේ ඇති බැවින් ‘n’ යෙදීමෙන් අණුව සංකේතවත් කරයි .
  • ඒකාවයවිකයේ \pi බන්ධන බිඳීම හරහා මෙය සිදුවේ.
  • මෙහිදී ඒකාවයවිකයේ හා බහුඅවයවිකයේ පුනරාවර්තී ඒකකයේ,

        1. මවුලික ස්කන්ධය සමාන වේ.

        2. ත්‍රිමාන ‍ව්‍යුහය  හා කාබන් පරමාණුවේ මුහුම්කරණය වෙනස් වේ .

     පොලිතීන් (Polythene)   

              මෙහි ඒකාවයවිකය එතීන් වේ .

              බහුඅවයවීකරණය:

              පුනරාවර්තී ඒකකය:

    -[CH2-CH2]-

               බහුඅවයවිකය:

        -[CH2-CH2]-n

              ලක්ෂණ:-

  • කෘතීම , ආකලන , රේඛීය තාප සුවිකාර්යය වේ.
  • දාම අතර ලන්ඩන් බල පමණක් පවතින නිසා ශක්තිමත් බව අඩුය.
  • විද්‍යුත් සහ තාප පරිවරක වේ.
  • වර්ණයක් , රූපයක් හෝ ගන්ධයක් නොමැත .
  • පහසුවෙන් දහනය වේ.
  • ඇසුරුම් පටල , සිලිමලු (Trash bags) ,ආසන ආවරණ ,බෝතල් , විවිධ බඳුන් , සෙල්ලම් බඩු ආදිය නිපදවීමට යොද ගනී.

පොලිවයනයිල් ක්ලෝරයිඩ්  (Polyvinylchloride – PVC)    

     මෙහි ඒකාවයවිකය වයනයිල් ක්ලෝරයිඩ් වේ .

   බහුඅවයවීකරණය:

  පුනරවර්තී ඒකකය:

                  -[ -CH2-CHCl-]-

   බහුඅවයවිකය:

                  -[ -CH2-CHCl-]-n

    ලක්ෂණ:-

  • කෘතීම , ආකලන , රේඛීය , තාප සුවිකාර්යය වේ.
  • දාම අතර ස්තිර ද්විධ්‍රැව – ද්විධ්‍රැව ආකර්ෂණ බල ඇති නිසා පොලිතීන් වලට වඩා ශක්තිමත්‍ ය.
  • ගිනි ගැනීම් වලට ලක්වීම ඉතා අඩුය.
  • විද්‍යුත් සහ තාප පරිවාරකය.
  • වර්ණයක් ගන්ධයක් රසයක් නොමැත.
  • ඇසුරුම් ආදිය නිපදවීමට යොදාගනී.

 පොලිස්ටයරින් (Polystyrene)

 මෙහි ඒකාවයවිකය ස්ටයරින්වේ .

බහුඅවයවීකරණය:

පුනරවර්තී ඒකකය:

බහුඅවයවිකය:

ලක්ෂණ:-

  • කෘතීම , ආකලන , රේඛීය , තාප සුවිකාර්යය වේ.
  • දාම අතර ලන්ඩන් බල පමණක් පැවතිය ද ලන්ඩන් බල සංඛ්‍යාව වැඩි වීමෙන් පොලිතීන් වලට වඩා ශක්තිමත් ය.
  • පහසුවෙන් ගිනි ගනී.
  • විද්‍යුත් සහ තාප පරිවාරක වේ.
  • වර්ණයක් , ගන්ධයක්, රසයක් නොමැත.
  • ඇස් කන්නාඩි , කෘතීම කාච , පාරදෘශ්‍ය කවුලු ආවරණ නිපදවීමට යොදා ගනී.
  • රත් කර ද්‍රව කර වාතය යැවීමෙන් පෙණ ආකාරයට පත් කර සිසිලනය කිරීමෙන් සෘජුෆෝම් සදා ගෙන ඇසුරුම්කරණයට සහ පරිවරක ද්‍රවයක් ලෙස යොද ගනී.

පොලිටෙට්රාෆ්ලොරොඑතීන් -ටෙෆ්ලෝන් (PTFE)

ඒකාවයවිකය:

බහුඅවයවීකරණය:    

පුනරවර්තී ඒකකය:

බහුඅවයවිකය:

ලක්ෂණ:-

  • කෘතීම , ආකලන , රේඛීය , තාප සුවිකාර්යය වේ.
  • දාම අතර ස්තිර ද්විධ්‍රැව – ද්විධ්‍රැව ආකර්ෂණ බල ඇති නිසා පොලිතීන් වලට වඩා ශක්තිමත්‍ ය.
  • ගිනි ගැනීම් වලට ප්‍රතිරෝධීය.
  • විඛාදන ද්‍රව්‍ය සියල්ලම පාහේ ප්‍රතිරෝධී වේ.
  • අධික උෂ්ණත්ව වලට ඔරොත්තු දෙයි.
  • විද්‍යුත් පරිවාරක වේ.
  • ජලය උරා ගැනීමට හෝ ජලයෙන් තෙත් වීම සිදු නොවේ.
  • නොඇලෙන බඳුන් සෑදීමට යොදා ගනී.
  • රසායනික කර්මට්නවල භාවිත ක්‍රරන උපකරණ වල කපාට, මුද්‍රා , ගෑස්කට් සෑදීමට යොදාගනී.
  • ගිනි ආරක්ෂක භටයින්ගේ ඇඳුම් සෑදීමට යොදා ගනී.

සංගණන බහුඅවයවික 

  •  මෙහිදී සංගණන ප්‍රතික්‍රියාවක් සිදුවේ .
  • එහිදී  බහුඅවයවකයට අමතරව වෙනත් කුඩා අණු ද නිපදවේ .( H2O, NH3, HCl වැනි)

උදාහරණ :ටෙරිලීන්, නයිලෝන් 6,6

ටෙරිලීන් (පොලිඑතිලීන් ටෙරිතැලේට් -PET)

  • ටෙරිලීන් සෑදීමේදී -COOH හා -OH කාණ්ඩ   අතර  ප්‍රතික්‍රියාවකින් ජල අණු සාදමින් එස්ටර බන්ධනයක් සාදන බැවින් එය පොලිඑස්ටරයකි. එස්ටර බන්ධන සංඛ්‍යාවට සමාන ජල අණු ස්ංඛ්‍යාවක් නිදහස් වේ. මේ පිටවන ජල පරිමාව නිවරැදිව මැන ගැනීමට හැකි නම් ජලයේ ඝනත්වය සහ මවුලික ස්ක්න්ධය ඇසුරින් සෑදී ඇති එස්ටර බන්ධන සංඛ්‍යාව ගණනය කළ හැක.

 

 ලක්ෂණ:-

  • කෘතීම , සංඝණන , රේඛීය , තාප සුවිකාර්යය වේ.
  • දාම අතර ස්ථිර ද්විද්‍රැව – ස්ථිර ද්විද්‍රැව ආකර්ෂණ බල සෑදීම නිසා ශක්තිමත්‍ ය.
  • ජල අණු අතර අන්තරණුක ආකර්ශණ බල සාදාගත හැකි අතර ජලය උරගන්න අතර ජලයෙන් තෙත් වේ.
  • විද්‍යුත් පරිවරකයි.
  • ප්‍රබල අම්ල සහ ප්‍රබල භශ්ම හමුවේ දිරපත් වේ.

  භාවිත:-   

  • කපු , ලෝම ස්වාභාවික කෙඳි වෙනුවට ආදේශක ලෙස නූල් සහ රෙදිපිළි නිශ්පාදනයේදී
  • ෆයිබර් ග්ලාස් බෝට්ටු නිෂ්පදනයේදී
  • චුම්භක හඬපට සහ ඡායාරූප පටල නිෂ්පාදනයේදී

නයිලෝන් 6,6

  • මෙය පොලිඒමයිඩයකි .(ඩයිකාබොක්සිලික් අම්ලයක් හා ඩයිඇමීනයක් අතර බහුඅවයවීකරණයෙන් පොලිඒමයිඩ සෑදේ ).
  • මෙහි ඒකාවයවිකය වන්නේ hexanedioic අම්ලය හා 1,6- diamminohexane වේ .
  • මෙහි පුනරාවර්තී ඒකකය පහත පරිදි වේ .

බහුඅවයවික ඒවාගේ ව්‍යුහය අනුව ද ආකාර දෙකකි .

1. රේඛීය බහුඅවයවක – තනි දාමයක් ලෙස පවතී .ඉහත සඳහන් කර ඇති බහුඅවයවක රේඛීය බහුඅවයවක වේ.

2. ත්‍රිමාන බහුඅවයවක   

ත්‍රිමාන බහුඅවයවක

  • මේවා ත්‍රිමාණ ජාලයක් ලෙස පවතී.
  • එයට හේතුව ඒවායේ ඒකාවයවික ආශ්‍රිතව වල ප්‍රතික්‍රියාශීලී ස්ථාන දෙකකට වඩා වැඩියෙන් පැවතීමයි .
  • මේවා සියල්ල සංගණන බහුඅවයවක වේ .
  • මේවාට නිශ්චිත පුනරාවර්තී ඒකකයක් නොමැත .

උදාහරණ : බේක්ලයිට්

බේක්ලයිට් (ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්)

  • ෆීනෝල් හා ෆෝමැල්ඩිහයිඩ් ප්‍රතික්‍රියාවන් සෑදේ .
  • ෆීනෝල්හි බෙන්සීන් වල ප්‍රතික්‍රියාශීලී ස්ථාන තුනක් ඇත .

ෆීනෝල් හා ෆෝමැල්ඩිහයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් බේක්ලයිට් සෑදෙන ආකාරය

ලක්ෂණ:-

  • කෘතීම , සංඝණන , ත්‍රිමානීය තාප ස්තාපන වේ.
  • ඉහළ උෂ්ණත්ව වලට ඔරොත්තු දේ.
  • විද්‍යුත් සහ තාප පරිවාරක වේ.
  • ජලය උරා නොගන්න අතර ජලයෙන් තෙත් නොවේ.

භාවිත:-

  • විද්‍යුත් තාපක උපකරණ වල පරිවාරක කොටස් සෑදීම.
  • ස්විච් විදුලි පේනු , වාහන වල ලාම්පු ආවරණ ආදිය සෑදීමේදී

බහුඅවයවක අණුවේ ව්‍යූහ ස්වභාවය අනුව රේඛීය , අතු බෙදුණු   හෝ ජාලාකාර ලෙස වර්ගීකරණය කළ හැක .

  • PS,PVC,PTFE,PET හි බහුඅවයවික අණුවලට රේඛීය ව්‍යූහයක් ඇත.
  • රේඛීය හා අතු බෙදුනු බහුඅවයවකයක වල විවිධ ප්‍රදේශ වල අණු ඇසිරී ඇති ආකාරය අනුව ප්‍රදේශ කීපයකි .

         1. ස්ඵටිකරූපී ප්‍රදේශ – අණු එකිනෙක ළංවී ක්‍රමික ඇසිරීම ඇත .

         2. අස්ඵටිකරූපී ප්‍රදේශ – අණු එකිනෙක පැටලී ඇඹරී ඇත .

  • ඇතැම්  බහුඅවයවක පූර්ණ ලෙස අස්ඵටිකරූපි වේ .
  • ඇතැම් බහුඅවයවක වල අස්ඵටික රූපී ප්‍රදේශ මෙන්ම ස්ඵටිකරූපී ප්‍රදේශ ද පවතී.

    ඒවා අර්ධ අස්ඵටිකරූප බහුඅවයවක ද්‍රවය නම් වේ. ස්ඵටිකරූපී ප්‍රදේශ මතින් ආලෝක කිරණ ප්‍රකිරණය කරයි. එහෙයින් පාරදෘශ්‍යතාවය තරමක් අඩු වී අර්ධ අස්ඵටිකරූපී බහුඅවයවක හරහා හොඳින් ආලෝකය ගමන් නොලරයි.(උදා: පොලිඑතිලීන්)

  • පොලිඑතිලීන් අතු බෙදුනු හෝ රේඛීය ලෙස සංස්ලේශණය කළ හැක .
  • රේඛීය පොලිඑතිලීන් අණු එකිනෙකට ඉතා ළංව ඇසිරී ස්ඵටිකරූපී ලෙස පිහිටන නිසා ඝනත්වය වැඩිය .
  • ඒවා ඉහළ ඝනත්ව පොලිඑතිලීන් (High Dencity Polyethylen- HDPE) ලෙස හඳුන්වයි .ඒවායේ පාරදෘශ්‍ය බව තරමක් අඩුය .
  • අතු බෙදුනු පොලිඑතිලීන් වල ස්ඵටිකරූපී ප්‍රදේශ අඩුය .
  • ඒවා අඩු ඝනත්ව පොලිඑතිලීන් (low density polyethylene  – LDPE) ලෙස හඳුන්වයි.
  • මේවායේ පාරදෘශ්‍ය බව වැඩිය .

8 (ඒකාවයවික , පුනරාවර්තී ඒකක , ආකලන බහුඅවයවක, සංගණන බහුඅවයවක,රේඛීය/අතු බෙදුණු/ජාලාකාර බහුඅවයවක)

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet