දවසට පාඩමක්63 දවස14.4.2 - රබර් හා ප්ලාස්ටික්

14.4.2 – රබර් හා ප්ලාස්ටික්

  • ප්‍රත්‍යාවර්ත ලෙස ඉහළ ප්‍රත්‍යස්ථ ගුණ පෙන්වන බහුඅවයවක ද්‍රව්‍ය රබර් ලෙස හඳුන්වයි.
  • රබර් ගහේ ක්ෂීරය මගින් ස්වභාවිකව රබර් නිපදවයි.
  • ඒකාවයවික වලින් ආරම්භ කර රබර් ලෙස හදුන්වන බහුඅවයවක නිෂ්පාදනය කළ හැකිය. ඒවා කෘතිම රබර් ලෙස හදුන්වයි.
  • සීමිත ප්‍රත්‍යස්ථ ගුණ පෙන්වන බහුඅවයවක ද්‍රව්‍ය ප්ලාස්ටික් ලෙස හඳුන්වයි .

උදා:

PVC, PE, PET, PP

  • මේවාගේ ප්‍රත්‍යස්ථ සීමාව ඉක්මවා ඇදීමට ලක් කළහොත්  අප්‍රතිවර්තීයව හැඩය වෙනස් වේ .
  • ප්ලාස්ටික් බහුඅවයවක ද කොටස් දෙකකි.

            1. තාප ස්ථාපන බහුඅවයවක

            2. තාප සුවිකාර්ය බහුඅවයවක

            තාප ස්ථාපන බහුඅවයවක                  තාප සුවිකාර්ය බහු අවයවක
ජාලාකාර බහුඅවයවක වේ .
රත්කර මෘදු කළ නොහැක .
 
උදා: බේක්ලයිට්  
රේඛීය හෝ අතු බෙදුනු බහුඅවයවක වේ .
රත් කර,  මෘදු කර හැඩය වෙනස්කල හැක.ඉන්පසු සිසිල් කර හැඩය ස්ථීර කල හැක

උදා: PVC, PE, PS.

ස්වභාවික රබර්

  • රබර් ගසේ ක්ෂීරය කැටි ගැසීම නිසා ලැබෙන අධික ප්‍රත්‍යස්ථ ගුණ ඇති ද්‍රව්‍ය ස්වාභාවික රබර් ලෙස හදුන්වයි.
  • රබර් ගසේ පොත්ත ක්‍රමානුකූලව ඉවත් කිරීම මගින් රබර් ක්ෂීරය එකතු කර ගනු ලැබේ.
  • රබර් ක්ෂීරයේ 60%- 65% පමණ ඇත්තේ ජලය වන අතර 30%- 35% පමණ රබර් ඇත.
  • රබර් ක්ෂීරයේ රබර් අංශු විසිරී කලීල ද්‍රවණයක් ලෙස පවතී. ඒ ආශ්‍රිතව සරල සීනි හා ලවණ වර්ග ද දිය වී ඇත.

රබර් කිරි කැටි ගැසීම

  • රබර් අංශු වටා ලිපිඩ හා ප්‍රෝටීන් අන්තර්ගත ස්ථරයක් ඇත.
  • බාහිර ස්ථරයේ -COOකාණ්ඩ ඇති බැවින් එය (-) ආරෝපිත වේ.
  • එමනිසා රබර් අංශු අතර විකර්ශණයක් ඇතිවේ.
  • එමනිසා කැටිගැසීමක් සිදු නොවේ.
  • රබර් ක්ෂරය බාහිර පරිසරයට නිරාවරණය වූ විට ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් අම්ල වර්ග සාදා H+ නිදහස් කරයි.
  • එවිට H+ මගින් රබර් අංශුවේ -COOකාණ්ඩ උදාසීන කරන බැවින් රබර් අංශු එකිනෙක සම්බන්ධ වී කැටි ගැසෙයි.
  • මෙය වැලැක්වීමට රබර් ක්ෂීරයට NH3 යොදනු ලැබේ . එවිට H+ උදාසීන කරන බැවින් කැටිගැසීම වළක්වයි .
  • රබර් වලින් නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය පහත පරිදිය .
  • ස්වභාවික රබර් වල පුනරාවර්තී ඒකකය පහත පරිදිය.
  • මෙම  පොලි අයිසොප්‍රීන් අණුව ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වයි.
  • එනම් Cis හා trans ලෙස ආකාර දෙකකින් පවතී.
  • මේවායින් ස්වභාවික රබර් වල පවතින්නේ Cis ආකාරයයි.
  • එමනිසා එය සිස්-1,4-පොලිඅයිසොප්‍රීන් ලෙස හඳුන්වයි.
  • අයිසොප්‍රීන් නැමැති ඒකායවිකය බහුඅවයවීකරණයට ලක් කර කෘත්‍රීම පොලිඅයිසොප්‍රීන් සංස්ලේශණය කළ හැක.
  • ඒ රබර් කෘත්‍රීම රබර් යටතට අයත් වේ. මේ කෘතීම රබර් IR (Isoprene Rubber) ලෙස නම් කරනු ලැබේ.

කෘතිමව රබර් බහුඅවයවීකරණය

  • කෘත්‍රීම පොලිඅයිසොප්‍රීන් වල ඒකාවයවිකය අයිසොප්‍රීන් වුවත් ස්වභාවික රබර් වලදී එසේ සඳහන් කළ නොහැක.
  • එයට හේතුව රබර් ශාකය තුළ රබර් නිපදවෙන්නේ ඉතා සංකීර්ණ ජෛව රසායනික ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ බැවිනි .

ස්වභාවික රබර් වල්කනයිස් කිරීම

  • රබර් වල ඇදීමේ ගුණයට හේතුව Cis-පොලිඅයිසොප්‍රීන් දාම    තිබීමයි .
  • රබර් වල බර අනුව 1% – 3% ක් අතර සල්ෆර් ප්‍රමාණයක් එකතු කර රත් කිරීම වල්කනයිස් කිරීමයි.
  • එවිට පහත පරිදි පොලිඅයිසොප්‍රීන් දාම අතර සල්ෆර් මගින් S හරස් බන්ධන සෑදෙයි .
  • මෙවිට රබර්වල ප්‍රත්‍යස්ථ ගුණය (ඇදීමේ හැකියාව) අඩුවන අතර ප්‍රශස්ත ප්‍රත්‍යස්ථාවයක්  ( ඇදීමෙන් පසු මුල් තත්වයට පත්වීමේ හැකියාව) ලැබේ .
  • මීට අමතරව රබර් වලට  නොඇලෙන සුළු බවක් හා වෙනත් උසස් යාන්ත්‍රික ගුණ ලැබේ .
  • බර අනුව 25% – 35% අතර S යොදා රබර් රත් කළ විට එබනයිට් ලැබේ.

බහුඅවයවක ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදන ආකලන ද්‍රව්‍ය .

  • බහුඅව්‍යවක ද්‍රව්‍ය නිෂ්පාදනයෙ දී ආකලන ද්‍රව්‍ය ලෙස හදුන්වන්නේ නිමි භාණ්ඩයේ ගුණාංග වැඩි කිරීමටත්, නිෂ්පාදන වියදම් අඩු කිරීමටත් යොදන ද්‍රව්‍යයන්ය.

1. පිරවුම් ද්‍රව්‍ය

  • නිමි භාණ්ඩයට අවශ්‍ය විශාලත්වය ලබාගැනීමට මේවා යොදයි .
  • ටයර් නිශ්පාදනයේදී කාබන් බ්ලැක් පිරවුම් ද්‍රව්‍යයක් ලෙස යොදාගනී .එමගින් ටයර් වල ගෙවීම අඩු කරන අතර ශක්තිමත් බවක් ද ලබා දේ.
  • ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී කැල්සියම් කාබනේට් පිරවුම් ද්‍රව්‍යයක් ලෙස යොදාගනී .

2. උත්ප්‍රේරක

  • රබර් වල්කනයිස් කිරීමේදී කාබනික උත්පේරක හා ZnO වැනි උත්ප්‍රේරක   වර්ධක යොදා ගනී

3. නම්‍යශීලීතාව තව වැඩි කරන ද්‍රව්‍ය

  • PVC වලින් විදුලි රැහැන්වල බාහිර ආවරණය නිපදවීමේදී නම්‍යශීලීතාව වැඩි කිරීමට ප්ලාස්ටිසයිසර් නම් සංයෝග යොදා ගනී .

4. පාරජම්බුල විකිරණ මගින් ඇති වන හානිය වලක්වන ද්‍රව්‍ය

  • PVC මගින් ප්ලාස්ටික් නිපදවීමේ ක්‍රියාවලියේ දී උෂ්ණත්වය හෝ පාරජම්බුල කිරණ මගින් PVC හි Cl  පරමාණුව HCl ලෙස ඉවත් වීම වැළැක් වීමට මේවා යොදනු ලැබේ .

ආකලන ද්‍රව්‍ය වලින් සිදුවන පරිසර හා සෞඛ්‍ය හානි

  • කාබනික උත්ප්‍රේරක බහුතරයක් විෂදායකය.
  • කාබන් බ්ලැක් අංශු පරිසරයට එක්වීම පාරිසරික ගැටලු ඇති කරයි.
  • ප්ලාස්ටික් ආශ්‍රිත ව යොදා ගන්නා බොහෝ ආකලන ද්‍රව්‍යය  අන්තරාසර්ග පද්ධතියට හානි දායක වේ. එම නිසා ආහාර ඇසුරුම් ලෙස ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය .

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom