සතුන් සදහා පරිවහන පද්ධතියක අවශ්‍යතාව
1. පරිවහන පද්ධතියක අවශ්‍යතාවය කුමක්ද?
-
- දේහය තුල ද්‍රව්‍ය පරිවහනය
- ඔක්සිජන්, පෝෂක ඒවා අවශෝෂණය කරන ස්ථාන වල සිට ඒවා භාවිතා කරන හා ගබඩා කරන ස්ථානවලට පරිවහනය කිරිිම.
- බහිස්ස්‍රාවිි ඵල ඒවා නිපදවන තැන්වල සිට දේහයෙන් බැහැර කරන ස්ථාන දක්වා පරිවහනය
- දේහය හා බාහිර පරිසරය අතර ද්‍රව්‍ය පරිවහනය
පරිණාමය සමග සතුන් තුළ පරිවහන පද්ධති ඇතිවිිම
2. විශේෂිත සංසරණ පද්ධති නොමැති සත්ත්ව වංශ කවරේද?
-
- නිඩාරියාවන්
- ප්ලැටිහෙල්මින්තේස් වංශිකයින්

3. ඔවුන්ට එසේ විශේෂිත සංසරණ පද්ධති අවශ්‍ය නොවිිමට හේතු
-
- ඔවුන්ගේ බොහොමයක් හෝ සියලු සෛල ජිිවත් වන බාහිර පරිසරය සමග ගැටෙයි.
- ඔවුන්ගේ ශරිිරය ඉතා කුඩා හා සරල බවින් යුක්තය.
- ඉහත හේතු නිසා ඔවුන්ට විසරණය හරහා සිදුවන පරිවහනය ප්‍රමාණවත්ය . තවද විසරණය කෙටි දුරකට සිදුවේ.
4. විශේෂිත සංසරණ පද්ධති සහිත සත්ත්ව වංශ කවරේද?
5. සතුන් සංකිිර්ණතාවයෙන් හා ප්‍රමාණයෙන් වර්ධනයත් සමග පරිවහන පද්ධති අවශ්‍ය වුුයේ ඇයි?
-
- දේහය තුළට හා පිටතට ගමන් කරනා ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවිිම
- දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය කල යුතු දුර වැඩිවිිම
- බොහොමයක් හෝ සියල්ලම බාහිර පරිසරය හා නොගැටෙයි
- මෙිි නිසා විසරණය ප්‍රමාණවත් නොවේ.
6. සංසරණ තරලය හරහා සංසරණය වන ද්‍රව්‍ය මොනවාද?
-
- ශ්වසන වායු (කාබන්ඩයොක්සයිඩ්,ඔක්සිජන්)
- පෝෂක ද්‍රව්‍ය (ග්ලුුකෝස්, ඇමයිනෝ අම්ල)
- පරිවෘත්තිය අපද්‍රව්‍ය
- හෝමෝන, ප්‍රතිජිිවක, ප්‍රතිදේහ
7. සත්ත්ව රාජධානියේ මුලින්ම සංසරණ පද්ධති ඇතිවූයේ කුමන වංශයටද?
8. රුධිර සංසරණ පද්ධතිවල මූලික කොටස්
-
-
-
-
- හෘදය පොම්ප කිරීමේ අවයවය ලෙස
- අන්තර් සම්බන්ධිත වාහිනිි
- සංසරණ තරලය

සත්ව සංසරණ පද්ධති
9. සත්ව රාජධානිය තුල ප්‍රධාන සංසරණ පද්ධති වර්ග
-
- විවෘත සංසරණය
- සංවෘත සංසරණය
10. විවෘත සංසරණයේ විශේෂ ලක්ෂණ මොනවාද?
-
- සංසරණ තරලය හා සෛල වටා අන්තරාල තරලය අතර වෙන්වීමක් නැත.
- හෘදය මගින් දේහ පටක වටා පවතින අන්තර් සම්බන්ධිත කෝටරාභවලට රුධිරය පොම්ප කරයි.
- සෛල හා රුධිර වාහිනී අතර සෘජුව ද්‍රව්‍ය හුවමාරු කරයි.
- හෘදය ඉහිල්ව ඇතිවිට පුට හරහා රුධිරය ආපසු ගලයි
11. විවෘත සංසරණය පරිණාමය වූ වංශ
12. සංවෘත සංසරණ පද්ධතියේ විශේෂ ලක්ෂණ
-
- රුධිර වාහිනී වලට සීමා වෙමින් අන්තරාල තරලය වෙන්ව පිහිටයි.
- විශාල වාහිනී කුඩා වාහිනී තුලට බෙදිි ඒවා අවයව තුළට විනිවිද යයි.
- රසායනික ද්‍රව්‍ය හුවමාරුව රුධිරය හා අන්තරාල තරලය අතරත් අන්තරාල තරලය හා දේහ සෛල අතරත් ඇතිවෙයි.
13. සංවෘත සංසරණ පද්ධති වඩාත් කාර්යක්ෂම වීමට හේතු
-
- සාපේක්ෂව ඉහළ රුධිර පිිඩනය
14. වඩාත් ක්‍රියාශීලිි හා විශාල සතුන් තුල ඇත්තේ කුමන සංසරණ පද්ධතිද?
15. පරිවහන පද්ධති තුල සිදු කරනු ලබන කාර්යය
-
- දේහ සෛලවල තරලමය පරිසරය වායු හුවමාරුව සිදුවන,පෝෂක අවශෝෂණය කරන, අපද්‍රව්‍ය බැහැර කරන අවයව සමග කෘත්‍යාත්මකව සම්බන්ධ කිරිිම.
16. ඒක සංසරණය පහදන්න.
-
- දේහය පුරාම සිදු වන පූර්ණ සංසරණයකදී රුධිරය හෘදය තුළින් එක් වරක් පමණක් ගමන් කිරීම.
17. ඒක සංසරණ පද්ධතියක් සතු මූලික සංරචක 3 නම්.
-
- පොම්ප කිරීමේ අවයව
- අන්තර් සම්බන්ධිත වාහිනී
- සංසරණ තරලය
-

18. ඒක සංසරණ පද්ධතියක කුටීර කීයද? ඒවා මොනවාද?
-
- 2කි
- කර්ණිකාවක් සහ කෝෂිකාවක්
19. ඒක සංසරණ පද්ධතියක් සහිත සතුන්ට උදාහරණ සපයන්න.
-
- අස්ථික මසුන්
- කාටිලේජ මසුන්
20. ඒක සංසරණය කෙටියෙන් පහදන්න.
21. ද්විත්ව සංසරණය පහදන්න.
-
- දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුළින් දෙවරක් රුධිරය ගමන් ගැනීම. ද්විත්ව සංසරණයේ පථ 2ක් ඇත.
-
- සංස්ථානික පථය
- පුප්ඵුශීය පථය
22. ද්විත්ව සංසරණය දැකිය හැකි සත්ත්ව වර්ග
-
- පක්ෂීන්
- උභය ජීවීන්
- උරගයින්
23. ද්විත්ව සංසරණයේ හෘදයේ කුටීර කොපමණ තිබිය හැකිද =?
-
- 3ක් හෝ 4ක්
- කර්ණිකා 2ක් හා කෝෂිකාවක් හෝ කර්ණිකා 2ක් හා කෝෂිකා 2ක්
24. හෘදයේ කුටීර 4 සම්පූර්ණයෙන් වෙන්ව තිබීමේ වාසි
-
- ඔක්සිජන් ඌන හා ඔක්සිජන් පෝෂිත රුධිරය අතර පූර්ණ වෙන්වීමක් ඇත.
25. ඒක සංසරණය හා සලකා බැලීමේදී ද්විත්ව සංසරණයේ වාසි මොනවාද?
-
- ද්විත්ව සංසරණය මඟින් වඩා කාර්යක්ෂමව වැඩි පීඩනයක් යටතේ දේහ සෛල පටක වලට රුධිරය ගලා යාමට සලස්වයි.