විද්‍යා අංශයජීව විද්‍යාව2.4.2 - පරිවෘත්තිය ක්‍රියාවලි යාමනයට එන්සයිම දායකත්වය.

2.4.2 – පරිවෘත්තිය ක්‍රියාවලි යාමනයට එන්සයිම දායකත්වය.

 

1. එන්සයිම යනු මොනවාද?

    • ජීවී සෛල තුල නිපදවෙන ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන මහා අණු වේ.

 

2. එන්සයිමවල සාමාන්‍ය ලාක්ෂණික ගුණ මොනවාද?

    • බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන් වේ.
    • එන්සයිම ජෛව උත්ප්‍රේරක වේ.ඒවා මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි (ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරයි).
    • බොහෝ එන්සයිම තාප අස්ථායී වේ.
    • ඕනෑම ප්‍රතික්‍රියාවක අන්තඵලවල ගුණ හෝ ස්වභාවය, එන්සයිමය මගින් වෙනස් නොකරයි.
    • එන්සයිම උපස්තරයට අධිකව විශිෂ්ඨයි.
    • බොහෝ එන්සයිම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය වේ.
    • එන්සයිම ක්‍රියාකාරිත්ව ශීඝ්‍රතාවට pH, උෂ්ණත්වය හා උපස්තර සාන්ද්‍රණය බලපායි.
    • ප්‍රතික්‍රියාව තුලදී ප්‍රතික්‍රියාවට සහභාගි නොවේ.
    • එන්සයිමවල ප්‍රතික්‍රියාව සිදු වන සක්‍රිය ස්ථාන ඇත.
    • ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය සඳහා සමහර එන්සයිමවලට සහසාධක නම් ප්‍රෝටීන නොවන සාධක අවශ්‍යයි.

 

3. උපස්තරය යනු කුමක්ද?

    • එන්සයිම ක්‍රියා කරන ප්‍රතික්‍රියකයයි.

 

4. එන්සයිම මගින් උපස්තර, ඵල බවට පත් කරන ආකරය කෙටියෙන් දක්වන්න

    • එන්සයිමය උපස්තරයට බැඳී එන්සයිම- උපස්තර සංකීර්ණය සාදයි.
    • එන්සයිමය උපස්තරයට බැඳී සංකීර්ණය සෑදෙන අතරතුරදී, එන්සයිමයේ උත්ප්‍රේරක ක්‍රියාවලිය මගින් උපස්තරය ඵල බවට පත් කෙරේ.

 

5. එන්සයිමයේ විශිෂ්ටතාවයට හේතු වන්නේ කුමක්ද?

    • එහි හැඩයයි. සක්‍රිය ස්ථානයේ හැඩය, එන්සයිමයේ විශිෂ්ට උපස්තරයේ හැඩයට අනුපූරක වේ.
    • එනිසා එක් එක් එන්සයිමය මගින් ඉතා විශිෂ්ට ප්‍රතික්‍රියාවක් බැහින් උත්ප්‍රේරණය කරයි.

 

6. එන්සයිමයක සක්‍රිය ලක්ෂ්‍යය යනු කුමක්ද?

    • උපස්තරය බැඳෙන එන්සයිමයේ ඇති විශිෂ්ට ස්ථානයයි. මෙය ඇමයිනෝ අම්ල කිහිපයක් මගින් පමණක් සෑදී ඇත.

 

7. අනෙකුත් ඇමයිනෝ අම්ල අවශ්‍ය වන්නේ කුමකටද?

    • එන්සයිමයේ හැඩය පවත්වා ගැනීමටයි.

 

8. ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය කෙටියෙන් පැහැදිලි කරන්න

    • එන්සයිමයේ සක්‍රිය ස්ථානය සෑමවිටම උපස්තරයට සම්පූර්ණයෙන් අනුපූරක නොවේ.
    • එන්සයිමය දැඩි ව්‍යුහයක් නොවන නිසා, එන්සයිමය හා උපස්තරය අතර ඇති වන අන්තර්ක්‍රියාව හේතුවෙන් එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හැඩය මදක් වෙනස් විය හැක.
    • ඒ හේතුවෙන් උපස්තරය හා සක්‍රිය ස්ථානය එකිනෙකට අනුපූරක වේ. එනිසා ප්‍රතික්‍රියාව සිදු වේ.

 

9. මෙහිදී උපස්තරය හා සක්‍රීය ලක්ෂ්‍යය එකිනෙකට තදින් ගැළපීම නිසා සිදුවන්නේ කුමක්ද?

    • උපස්තරය හා සක්‍රිය ලක්ෂ්‍යය එකිනෙක ළං කිරීමට අමතරව අණුවල නිවැරදි දිශානතිය තහවුරු කරයි.
    • ප්‍රතික්‍රියාව ප්‍රගමනයට හා උපස්තරය ඵල බවට පත් වීම උත්ප්‍රේරණයට උදව් වේ.

 

10. උත්ප්‍රේරණ ප්‍රතික්‍රියාව සිදු වූ පසු සිදු වන්නේ කුමක්ද?

    • ඵල එන්සයිමයේ සක්‍රිය ස්ථානයෙන් ඉවත් වේ.
    • එවිට එන්සයිමය එහි සක්‍රිය ස්ථානයට තවත් උපස්තරක් ලබා ගැනීමට නිදහස්ව පවතී.

 

11. සහසාධක යනු මොනවාද?

    • සමහර එන්සයිමවල උත්ප්‍රේරක ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක වේ.

 

12. සහසාධක එන්සයිමයට බැඳෙන ආකාර දෙක දක්වන්න.

    • සමහර ඒවා ඉතා තදින් බැඳේ. ස්ථිර ලෙස පවතී.
    • අනෙකුත් ඒවා තාවකාලිකව හා ලිහිල්ව බැඳී පවතී. යම් යම් තත්තව යටතේදී ලිහිල්ව බැඳී පවතින සහසාධක ප්‍රතිවර්ත්‍ය වේ.

 

13. සහඑන්සයිම යනු කුමක්ද?

    • කාබනික සහසාධක වේ.

 

14. සහසාධක වලට උදාහරණ දක්වන්න.

    • විටමින්වල ව්‍යුත්පන්න
    • NAD, FAD හා බයොටීන්
    • අකාබනික සහසාධක – Zn2+, Fe2+, Cu2+

 

15. එන්සයිමීය ප්‍රතික්‍රියාවට බලපාන සාධක නම් කරන්න.

    • උෂ්ණත්වය
    • pH
    • උපස්තර සාන්ද්‍රණය
    • එන්සයිම සාන්ද්‍රණය
    • නිෂේධක

 

16. උෂ්ණත්වය වැඩි වන විට එය එන්සයිමීය ප්‍රතික්‍රියාවට බලපාන ආකාරය පැහැදිලි කරන්න.

    • උෂ්ණත්වය වැඩි වන විට අණුවල චලිතය වැඩි වේ.
    • එනිසා එන්සයිම අණුවල හා උපස්තර අණුවල චලිතයේ වේගය වැඩි වේ.
    • මේ හේතුවෙන් එන්සයිමයේ සක්‍රිය ස්ථාන හා උපස්තර අණුවල සංඝට්ටනය වීමේ සම්භාවිතාව වැඩි වේ.
    • මේ නිසා ප්‍රතික්‍රියාව සිදු වීමේ අවස්ථාව වැඩි වේ.
    • මෙය යම් කිසි අවස්ථාවක් දක්වා වැඩි විය හැකිය.
    • මෙයින් පසුව ඉතා ශීඝ්‍රයෙන් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය අඩුවේ.
    • මේ ලක්ෂ්‍යය ප්‍රශස්ත උෂ්ණත්වය ලෙස හැඳින්වේ.

 

17. ප්‍රශස්ත උෂ්ණත්වය ජීවියාගෙන් ජීවියාට වෙනස් වේ. මේ සඳහා උදාහරණ දෙන්න.

    • බොහෝ මානව එන්සයිමවල ප්‍රශස්ත උෂ්ණත්වය දේහ උෂ්ණත්වයට සමාන වේ. (35 – 40 0C)
    • උණුදිය උල්පත්වල සිටින බැක්ටීරියාවන්ගේ ප්‍රශස්ත උෂ්ණත්වය 70 0C වේ.

 

18. ප්‍රශස්ත උෂ්ණත්වය ඉක්මවා උෂ්ණත්වය වැඩි වන විට සිදු වන්නේ කුමක්ද?

    • එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන හා දුර්වල රසායනික බන්ධන බිඳ වැටේ.
    • මේ හේතුවෙන් එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වීමෙන් එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ අනුපූරක ස්වභාවය වෙනස් වේ.
    • එනිසා එන්සයිමයේ සක්‍රිය ස්ථානය හා උපස්තර අණුවල අනුපූරකව බැඳීම වැළැක්වේ.
    • මෙය එන්සයිම අණුවල දුස්වාභාවීකරණය ලෙස හැඳින්වේ.
    • උෂ්ණත්වය වැඩි කිරීමේදී අණුවල සංඝට්ටන ශීඝ්‍රතාව වැඩි වෙමින් පැවතුනත් ප්‍රශස්ත උෂ්ණත්වය ඉක්මවා උෂ්ණත්වය වැඩි වූ විට එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වීම ඇරඹී කිසියම් නිශ්චිත උෂ්ණත්වයකදී සම්පූර්ණයෙන්ම නවතී.

 

19. උෂ්ණත්වය සමග එන්සයිමීය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වෙනස් වන ආකාරය ප්‍රස්තාරයක දක්වන්න.

 

20. එන්සයිමීය ප්‍රතික්‍රියා කෙරෙහි pH බලපෑම විස්තර කරන්න.

    • පරිසරයේ උෂ්ණත්වය නොවෙනස්ව පැවතියත්,එන්සයිම යම් pH පරාසයක් තුළ ඉතා කාර්යක්ෂමව ක්‍රියා කෙරෙයි.
    • යම් එන්සයිමයක් මගින් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක් සිදුවන පටු pH පරාසය එහි pH පරාසය ලෙස හැඳින්වේ.
    • ඉහළම ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයක් ඇති pH අගය එම එන්සයිමයේ ප්‍රශස්ත pH අගයයි.
    • ප්‍රශස්ත pH අගයට වඩා pH අඩු කිරීම හෝ වැඩි කිරීම හේතුවෙන් එන්සයිමයේ ක්‍රියාකාරිත්වය අඩු වේ.
    • මෙයට හේතුව වන්නේ එන්සයිමීය උපස්තර සංකීර්ණය ඇතිවීමට හේතු වන රසායනික බන්ධන වල වෙනස්වීම නිසාය.
    • බොහෝ එන්සයිම වල ප්‍රශස්ත pH පරාසය වන්නේ 6-8වන නමුත් මෙයින් අපගමනය වන අවස්ථාද ඇත.
    • පෙප්සීන pH 2 දී ඉතා හොඳින් ක්‍රියා ක්‍රියාකරන අතර ට්‍රිප්සීන සඳහා ප්‍රශස්ත pH අගය 8 වේ.

 

21. එන්සයිමීය ප්‍රතික්‍රියාවක් කෙරෙහි උපස්තර අණු සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ඇති වන බලපෑම විස්තර කරන්න.

    • උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීමේදී එන්සයිමය හා උපස්තර අණු අතර නිවැරදි දිශානතියෙන් සංඝට්ටනය වීමේ සම්භාවිතාව වැඩි වේ.
    • එහෙත් කිසියම් උපස්තර සාන්ද්‍රනයකදී එන්සයිම සන්තෘප්ත වේ.
    • ඒ නිසා එයින් පසුව තවදුරටත් ප්‍රතික්‍රියාවේ ශිඝ්‍රතාවය වැඩි නොවේ.

 

22. එන්සයිම නිශේධක උපස්තරයට බැඳෙන ස්වභාවය අනුව වර්ග කරන්න.

    • දුර්වල බන්ධන මගින් ප්‍රතිවර්ත්‍ය නිශේධනය.
    • සහසංයුජ බන්ධන මගින් අප්‍රතිවර්ත්‍ය නිශේධනය.

 

23. තරඟකාරී නිශේධක යනු මොනවාද?

    • රසායනික උපස්තරයේ හැඩය හා ස්වභාවයට සමාන
    • එන්සයිම වල සක්‍රිය ස්ථානය සඳහා වරණීය ලෙස තරඟ කර
    • එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය අඩු කරන අණු වේ.
    • උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීමෙන් මෙහි බලපෑම ප්‍රතිවර්ත්‍ය කළ හැකිය.

 

24. තරඟකාරී නොවන නිශේධක යනු මොනවාද?

    • රසායනික උපස්තර අණු සමග තරඟ නොකරන
    • එන්සයිමයේ සක්‍රීය ස්ථානය හැර වෙනත් කොටසකට බැඳීමෙන්
    • එන්සයිමයේ හැඩය වෙනස් කිරීම මගින්
    • එන්සයිමීය ප්‍රතික්‍රියාවට බාධා කරන අණු.

 

25. එන්සයිම වල ඇලොස්ටරික යාමනය ආකාර මොනවාද?

    • ඇලොස්ටරික සක්‍රීයනය හා නිශේධනය
    • සහයෝගීතාව
    • ප්‍රතිපෝෂී නිශේධනය

 

26. ඇලොස්ටරික සක්‍රියනය හා නිශේධනය පැහැදිලි කරන්න.

    • ඇලොස්ටරික යාමනය මගින් යාමනය වන බොහෝ එන්සයිම උප ඒකක දෙකකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදී ඇත.
    • එක් එක් උපඒකකය පොලිපෙප්ටයිඩ දාමයකින් සමන්විත අතර ඒවාට සක්‍රීය ස්ථානය බැගින් ඇත.
    • සම්පූර්ණ සංකීර්ණය වෙනස් හැඩ දෙකක් අතර දෝලනය වේ.
    • හැඩ දෙක නම් සක්‍රීය උත්ප්‍රේරක හැඩය හා අක්‍රීය හැඩයයි.
    • මේ ආකාර දෙකේදී යාමක අණු, යාමක ස්ථානය වන ඇලොස්ටරික ස්ථානයට බැඳේ.
    • බොහෝ විට මේ ස්ථානය උපඒකක සම්බන්ධ වන ස්ථානයේ පිහිටයි.
    • සක්‍රීයකයක් මේ යාමක ස්ථානයට බැඳුනු විට, කෘත්‍යමයව සක්‍රීය ස්ථානයේ හැඩය තහවුරු කරයි.
    • එලෙසම නිශේධකයක් මේ යාමක ස්ථානයට බැඳුනු විට, එන්සයිමයේ අක්‍රීය ආකාරය තහවුරු කරයි.
    • එන්සයිවල උපඒකක සැකසී ඇත්තේ, සංඥා ඉතා වේගයෙන් අනෙක් උප ඒකකයට සම්ප්‍රේෂණය වන ආකාරයටය.
    • උපඒකකවල අන්තර්ක්‍රියාව හේතුවෙන් තනි අණුවක් (සක්‍රීයක හෝ නිශේධක) එක් සක්‍රීය ස්ථානයකට බැඳීමෙන් වුවද සියලු උපඒකකවල සක්‍රීය ස්ථානවලට ස්ථාන වලට බලපෑමක් ඇති කෙරේ.
    • උදා:ADP ඇලොස්ටරික සක්‍රීයක ලෙස ක්‍රියා කරන අතර එය එන්සයිමයට බැඳේ .ඒ හේතුවෙන් අපවෘත්තිය මගින් ATP නිපදවීම උත්තේජනය කරයි.
    • එමෙන් ම ATP සැපයුම අවශ්‍යතාවයට වඩා වැඩි වූ විට, ATP එම එන්සයිමයටම බැඳී, නිශේධක යක් ලෙස ක්‍රියා කර, අපවෘත්තිය වේගය අඩු කරයි.

 

27. සහයෝගීතාව පැහැදිලි කරන්න.

    • මෙය තවත් වර්ගයේ ඇලොස්ටරික සක්‍රීයනයකි.
    • එක් උපස්තර අණුවක් බැඳීම හේතුවෙන්, වෙනත් සක්‍රීය ස්ථානයකට උපස්තර අණුවක් බැඳීම හෝ ක්‍රියාකාරිත්වය උත්තේජනය හෝ සිදු කරයි.
    • එමගින් උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
    • උදා:හිමොග්ලොබින් (එන්සයිමයක් නොවේ) උපඒකක හතරකින් සෑදී ඇත. එක් එක් උපඒකකයට ඔක්සිජන් බන්ධක ස්ථානය බැගින් ඇත. එක් ඔක්සිජන් අණුවක් එම බන්ධක ස්ථානයට බැඳුණු විට, අනෙකුත් ඔක්සිජන් බන්ධක ස්ථානවල ඔක්සිජන් බන්ධුතාව වැඩිවේ.

 

28. ප්‍රතිපෝෂී නිශේධනය පැහැදිලි කරන්න.

    • එන්සයිම ක්‍රියාවලියකදී ක්‍රියාවලියකදී ඇතිවන ක්‍රියාවලියකදී ඇතිවන අන්ත ඵලයක් නිශේධකයක් ලෙස බැඳීම හේතුවෙන්, පරිවෘත්තීය මාර්ගය නවතී.
    • ඒ හේතුවෙන් අවශ්‍යතාවට වඩා අන්ත ඵල නිපදවීම හා රසායනික සම්පත් හානිය අවම කරයි.
    • පරිවෘත්තිය ක්‍රියාවලියකදී අන්ත ඵල නිපදවීම යාමනය කරන අත්‍යාවශ්‍යය ක්‍රියාවලියකි.
    • උදා:අපවෘත්තිය ක්‍රියාවලියකදී, ADP ඇලොස්ටරික සක්‍රීයක ලෙස ක්‍රියා කරමින්, ATP නිපදවීම උත්තේජනය කරයි.
    • ATP සැපයීම, ඉල්ලුම ඉක්මවූ විට ATP ඇලොස්ටරික නිශේධකයක් ලෙස ක්‍රියා කරමින් අපවෘත්තිය වේගය අඩු කරයි. සියලු ජීවි ක්‍රියාවලින් සඳහා අවශ්‍ය ශක්තිය සෘජුවම ලබා ගන්නේ ලබාගන්නේ ATP මගිනි.
    • ATP ප්‍රධාන වශයෙන් ජීවී සෛල තුළ සිදුවන සෛලීය ශ්වසනය යන ක්‍රියාවලියක් මගින් නිපදවයි.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet