1. සත්ත්ව දේහයක සංසරණ පද්ධති වල ප්‍රධාන අවශ්‍යතා වන්නේ,
-
- දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය
- බාහිර පරිසරය හා දේහය අතර ද්‍රව්‍ය හුවමාරුව
2. දේහය තුළ පරිවහනය වන ද්‍රව්‍ය
-
- ශ්වසන වායු
- පෝෂක ද්‍රව්‍ය
- පරිවෘත්තීය අපද්‍රව්‍ය
- හෝමෝන
- ප්‍රතිජීවක
3. සංසරණ පද්ධතියක් සතු මූලික සංරචක වන්නේ,
-
- පේශිමය පොම්ප කිරීමේ අවයවය (හෘදය)
- අන්තර්සම්බන්ධිත වාහිනී
- සංසරණ තරලය (රුධිරය/රුධිර වසා)
4. සත්ත්ව රාජධානිය තුල සංසරණ පද්ධති 2කි.
-
- විවෘත සංසරණ පද්ධති
- සංවෘත සංසරණ පද්ධති
5. විවෘත සංසරණ පද්ධතියක් යනු,
-
- පටක හා අවයව ඍජුව රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයෙන් නැහැවෙමින් පවතින සංසරණ පද්ධතියයි.
6. විවෘත සංසරණ පද්ධතියකදී,
-
- හෘදය මඟින් දේහ පටක වටා පිහිටන අවකාශයට සංසරණ වාහිනී ඔස්සේ රුධිර වසා පොම්ප කරයි.
- දේහ සෛල හා රුධිර වසා අතර රසායනික ද්‍රව්‍ය හුවමාරුව ඍජුවම සිදුවේ.
- හෘදය ඉහිල්ව පවතින අතරතුර හෘදයේ කපාට සහිත පුට හරහා රුධිර වසා ආපසු ගැලීම සිදුවේ.
7. විවෘත සංසරණ පද්ධති පරිණාමය වූ සත්ත්ව කාණ්ඩ වන්නේ,
8. සංවෘත සංසරණ පද්ධතියක් යනු,
-
- රුධිරය වාහිනී තුළට සීමා වෙමින් අන්තරාල තරලයෙන් වෙන්ව පිහිටන සංසරණ පද්ධති වේ.
9. සංවෘත සංසරණ පද්ධතියකදී,
-
- හෘදය/හෘද මඟින් රුධිරය විශාල වාහිනී තුළට පොම්ප කරයි.
- මෙම විශාල වාහිනී කුඩා වාහිනී වලට බෙදී අවයව තුළට විනිවිද යයි.
- රසායනික හුවමාරුව රුධිරය හා අන්තරාල තරලය අතරද, අන්තරාල තරලය හා දේහ සෛල අතරද සිදුවේ.
10. මෙම සංසරණ පද්ධති දැකිය හැකි කාණ්ඩ වන්නේ,
11. විවෘත සංසරණ පද්ධති වලට සාපේක්ෂව සංවෘත සංසරණ පද්ධති වල වාසිය වන්නේ,
-
- සාපේක්ෂව ඉහළ රුධිර පීඩනයක් යටතේ වඩාත් ක්‍රියාශීලී හා විශාල සතුන්ගේ සෛල වලට ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය පරිවහනය කාර්යක්ෂමව සිදු කිරීමයි.
12. පෘෂ්ඨවංශික සංසරණ පද්ධතිය ප්‍රධාන රුධිර වාහිනී වර්ග තුන වන්නේ,
13. ඒක සංසරණය යනු,
-
- මුළු දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී, රුධිරය හෘදය තුළින් එක් වරක් පමණක් ගමන් ගන්නා රුධිර සංසරණ ආකාරයයි.
14. ඒක සංසරණය පෙන්වන සතුන්ගේ හෘදය කුටීර දෙකකි. එනම්,
15. ඒක සංසරණ පද්ධතියක දී,
-
- දේහයේ සිට පැමිණෙන සාපේක්ෂව ඔක්සිජන් ඌන රුධිරය කර්ණිකාව වෙතට ද‚ ඉන්පසු කෝෂිකාවට ද යැවේ.
- ඉන්පසු කෝෂිකාව සංකෝචනයෙන් රුධිරය‚ ජලක්ලෝම තුළ ඇති කේෂනාලිකා ජාලයට පොම්ප කරයි.
- එහිදී කේශනාලිකා හා බාහිර පරිසරය අතර, වායු හුවමාරුව සිදු වේ.
- තවද එහි ඔක්සිජන් රුධිරය තුළට විසරණය ද කාබන්ඩයොක්සයිඩ් විසරණය මගින් රුධිරයෙන් ඉවත් වීමද සිදුවේ.
- ඉන්පසු ඔක්සිජන් වලින් පෝෂිත වූ රුධිරය දේහය පුරා සංසරණය වෙමින් රුධිරය කේශනාලිකා ඔස්සේ දේහයේ සෛල වෙත ළඟා වේ.
16. ඒක සංසරණයක් දැකිය හැකි සත්ත්ව කාණ්ඩ,
-
- අස්ථික මසුන්
- කාටිලේජ මසුන්
17. ඒක සංසරණයට සාපේක්ෂව ද්විත්ව සංසරණයේ වාසිය වන්නේ,
18. මානව රුධිර සංසරණ පද්ධතියෙහි එකවිට ද්විත්ව පථයන් ක්‍රියාත්මක වේ. එනම්,
-
- පුප්ඵූසීය සංසරණ පථය
- සංස්ථානික සංසරණ පථය
19. පුප්ඵූසීය සංසරණ පථයේදී,
-
- කෝෂිකා සංකෝචනයේ දී දකුණු කෝෂිකාව මගින් ඔක්සිජන් ඌන රුධිරය, පුප්ඵුසීය ධමනි ඔස්සේ පෙනහැලි දෙක වෙත පොම්ප කරයි.
- ඉන්පසු පෙනහැලි වල දී විසරණය මගින් රුධිරය වෙත ඔක්සිජන් බැහැර වන අතර, කාබන්ඩයොක්සයිඩ් බාහිර පරිසරයට ඉවත් වේ.
- මෙම ක්‍රියාවලිය වම් හා දකුණු පෙනහැලි වල කේශනාලිකා ජාලයේ සිදුවේ.
- ඉන්පසු ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය පුප්ඵුසීය ශිරා දෙක ඔස්සේ වම් කර්ණිකාවට පරිවහනය වේ.
- කර්ණිකා ආකුංචයේදී එම රුධිරය වම් කෝෂිකාවට පොම්ප වේ.
20. සංස්ථානික සංසරණයේ දී,
21. මානව හෘදය‚
-
- දළ වශයෙන් කේතු හැඩැති,
- කුහරමය, පේශිමය අවයවයකි
22. හෘත් බිත්තිය පටක ස්ථර 3 කි. එනම්
-
- පෙරිකාඩියම,
- මයෝකාඩියම,
- එන්ඩොකාඩියම.
23. පෙරිකාඩියම
-
- බාහිරින්ම පිහිටි ස්ථරයයි;
- මඩි 2 කින් සෑදේ;
- එනම් පිටත තන්තුමය හා ඇතුළත මස්තුමය පෙරිකාඩියම් ලෙසයි.
24. මයෝකාඩියම
-
- හෘත් බිත්තියේ මධ්‍ය ස්ථරයයි.
- හෘදයේ පමණක් දැකිය හැකි හෘත් පේශී සෛල වලින් තැනී ඇත,
- හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය සඳහා වැදගත් වන විශේෂණය වූ සන්නයන තන්තු සහිත ජාලයක් ඇත.
25. එන්ඩොකාඩියම
-
- හෘත් බිත්තියේ අභ්‍යන්තර ස්ථරයයි.
- හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරයි.
- පැතලි අපිච්ඡද සෛල වලින් සැදුනු සිනිඳු පටලයකි.
- රුධිර වාහිනී වල අන්තශ්ඡද ආස්තරණය සමඟ අඛණ්ඩව පවතී.
26. හෘදයේ කුටීර 4කි.
27. කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති ඝනකමින් වැඩි වන්නේ,
-
- කර්ණිකා මඟින් කෝෂිකා වලට පමණක් රුධිරය පොම්ප කළද කෝෂිකා මඟින් මුළු දේහයටම රුධිරය පොම්ප කිරීමයි.
28. දකුණු කර්ණිකාව හා කෝෂිකාව අතර පවතින කපාටය,
-
- තැලි 3කින් සමන්විත ත්‍රිතුණ්ඩ කපාටයයි.
29. වම් කර්ණිකාව හා කෝෂිකාව අතර පවතින්නේ
-
- තැලි 2කින් සමන්විත ද්විතුණ්ඩ කපාටයයි.
30. හෘද් රජ්ජු වල පිහිටීම හා කෘත්‍ය වන්නේ,
-
- පිහිටීම – කෝෂිකා අභ්‍යන්තර බිත්තියේ නෙරුම් ලෙස පිහිටන පිටිකා පේශි සමඟ කර්ණික කෝශික කපාට වල සිට සම්බන්ධ වන තන්තුමය රැහැන් විශේෂයකි.
- කෘත්‍ය – AVකපාට නොපිට පෙරළීම වැළැක්වීම
31. අඬසඳ කපාට මඟින්
-
- රුධිරය කෝශිකා තුළට නැවත ගැලීම වළක්වයි.
හෘත් සන්නායක පද්ධතිය
32. හෘදය තමා විසින්ම විද්‍යුත් ආවේග ජනනය කර ස්නායුක හෝ හෝමෝන්මය පාලනයකින් තොරව ස්පන්දනය වේ. එහි කොටස් 3කි. ඒවානම්?
-
- SA (සයිනෝ හෘත් කර්ණික ) ගැටය
- AV ( කර්ණික කෝෂික )ගැටය
- කර්ණික කෝශික ගොනුව, එයින් බෙදුනු ශාඛා හා පර්කින්ජී තන්තු
33. SA ගැටය
-
- විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධයකි.
- උත්තර මහා ශිරාව විවෘත වන ස්ථානයට ආසන්නව දකුනු කර්ණිකාවේ මයෝකාඩියම තුළ පිහිටා ඇත.
- හෘදයේ සංකෝචනය සඳහා උත්තේජනය වේ.
- හෘත්ස්පන්දනය ආරම්භය හා එහි රිද්මයානුකූල බව හැසිරවීම සිදු කරන බැවින් හෘත් ගතීකරය නම් වේ.
34. AV ගැටය,
-
- විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධය කි.
- පිහිටීම – වම් හා දකුණු කර්ණිකා බිත්ති අතර
- කෘත්‍ය- කර්ණිකා වල සිට කෝශිකා වෙත විද්‍යුත් ආවේග සම්ප්‍රේශණය.
35. හෘත් චක්‍රය යනු
-
- පූර්ණ හෘත් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙලයි
36. එක් පූර්ණ හෘත් චක්‍රයක් සඳහා‚
37. හෘත් චක්‍රයක සිදුවීම් 3 නම්,
-
- කර්ණිකා ආකුංචය – කර්ණිකා සංකෝචනය වේ
- කෝෂිකා ආකුංචය – කෝෂිකා සංකෝචනය වේ
- පූර්ණ හෘත් විස්තාරය – කර්ණිකා හා කෝෂිකා ඉහිල් වේ
38. නිරෝගී වැඩිහිටියෙකු විවේකීව සිටින විට හෘත් ස්පන්දන වේගය වන්නේ,
-
- මිනිත්තුවට ස්පන්දන 60 – 80
39. විද්‍යුත් ඛන්තුඛ රේඛන සටහනක් යනු‚
-
- දේහ පටක හා තරල ඉතා හොඳින් විද්‍යුතය සන්නයනය කරන හෙයින් පපුව මත හෝ ගාත්‍රා වල සම මතුපිට ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට ලබා ගන්නා වාර්තාවයි.
40. ECG සටහනක මූලික තරංග ආකාර වන්නේ,
41. රුධිර පීඩනය යනු,
-
- රුධිර වාහිනී තුළ ගමන් ගන්නා රුධිරය මඟින් රුධිර වාහිනී බිත්ති මත ඇති කරන බලය වේ.
42. රුධිර පීඩනය රඳා පවතින සාධක
-
- දවසේ කාලය
- ඉරියව්
- ස්ත්‍රී පුරුෂ භාවය
- වයස
- ක්‍රියාකාරීත්වය
- ව්‍යායාම
- චිත්තවේගී ආතති
43. රුධිර පීඩනයේ ප්‍රධාන සංරචක 2කි.
-
- ආකුංච පීඩනය-වම් කෝෂිකාව සංකෝචනය වී මහා ධමනිය වෙත රුධිරය තල්ලු කිරීමේදී ධමනි පද්ධතියේ ඇති වන පීඩනයයි.
- විවේකී සාමාන්‍ය නීරෝගී වැඩිහිටියෙකුගේ මෙය 120mmHg වේ.
- විස්තාර පීඩනය-පූර්ණ හෘත් විස්තාරයේදී රුධිරය පිටවීම සමඟ ධමනි තුළ ඇති වන රුධිර පීඩනයයි.
- විවේකී සාමාන්‍ය නීරෝගී වැඩිහිටියෙකුගේ මෙය 80mmHg වේ.
44. අධ්‍යාතතිය යනු,
-
- සාමාන්‍ය මට්ටමට වඩා වැඩි රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීමයි.
45. අධ්‍යාතතියේ බලපෑම් වන්නේ,
-
- වකුගඩු වලට හානි වීම
- අධිවෘක්ක සංකූලතා
- හෘදයාබාධ
- ආඝාතය
- රුධිර වාහිනී වලට හානි වීම මඟින් මරණය
46. අධ්‍යාතතිය ඇති වීමට හේතු වන්නේ,
-
- ස්ථුලතාව
- මධුමේහය
- පවුල් ඉතිහාසය
- දුම්බීම
- ක්‍රියාශීලීත්වය අඩු ජීවන පැවැත්ම
- අධික ලුණු පරිභෝජනය
- අධික මධ්‍යසාර පරිභෝජනය
- ආතතිය
- ධමනි බිත්ති මත අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන තැන්පත් වීම
47. මන්දාතතිය යනු,
-
- සාමාන්‍ය මට්ටමට වඩා අඩු රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීමයි.
48. හේතු : –
-
- කම්පනය
- ඩෙංගු රක්තපාත උණ
- ඉඳගෙන හෝ වැතිර සිට එකවර නැගිටීම
- අධික රුධිර වහනය
- නිරාහාරව සිටීම
- අඩු පෝෂණය
49. මන්දාතතිය හේතුවෙන් ඇතිවන සංකූලතා වන්නේ,
-
- මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම.
- ක්ලාන්ත ස්වභාවය.
- කෙටිකාලීන සිහි නැති වීම.
- දිගුකාලීනව පැවැතීම හේතුවෙන් මරණය.
50. කිරීටක සංසරණයේ දී සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් දක්වන්න,
-
- මහා ධමනි කපාටයට වහාම විදුරව මහා ධමනියෙන් පැන නගින ශාඛා දෙක වම් හා දකුණු කිරීටක ධමනි ලෙස හැදින්වෙන අතර ඒවා මගින් හෘදයට ධමනි රුධිරය සපයයි.
- කිරීටක ධමනි හෘද් බිත්තියෙහි ගමන් කොට අවසානයේ විශාල කේෂනාලිකා ජාලයක් බවට පත්වේ.
- ශිරා රුධිරයෙන් විශාල කොටසක් හත් ශිරා ගණනාවක් එක් වී තැනෙන කිරීටක කෝටරකය මගින් දකුණු කර්ණිකාවට ද ඉතිරි රුධිරය කුඩා ශිරා කේෂනාලිකා ඔස්සේ කෙලින්ම හෘත් කුටීර වලටද යොමු වේ.
51. Atherosclerosis තත්ත්වය ඇතිවිය හැක්කේ කෙසේද?
-
- ධමනි වල ඇතුළු ආස්තරණය ඝන වීම හෝ රළු වීම මගින්.
52. හෘදයාබාධ (myocardial infarction) හටගන්නේ කෙසේද?
-
- කිරීටක ධමනි එකක් හෝ කීපයක් සම්පූර්ණයෙන් අවහිර වීම මගින් හෘද් පේශි වලට සැපයෙන ඔක්සිජන් හා පෝෂණය ප්‍රමාණවත් නොවන හෙයින් හෘද් පේශි පටක මිය යෑම හෝ විනාශ වීමෙන් හෘද ස්පන්දන රිද්මය අසාමාන්‍ය වීම හා හෘදයට ඵලදායි පොම්පයක් ලෙස ක්‍රියා කළ නොහැකි වීම.
53. ආඝාතය යනු,
-
- ධමනි බිත්ති ඝන වීම හේතුවෙන් ඇති වන ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වය මෙන්ම මොළයට රුධිරය සපයන ධමනි පුපුරා යැම හේතුවෙන් ස්නායු පටක මිය යෑමයි.
54. මානව වසා පද්ධතියට සම්බන්ධ ප්‍රධාන කොටස් වන්නේ,
-
- වසා වහිනී
- වසාපටක
- වසා තරලය
- වසා ගැටිති
- වසා අවයව(ප්ලීහාව හා තයිමසය)
55. වසා තරලය යනු,
-
- අන්තරාල තරලයේ සංයුතියට සමාන රුධිර කේශනාලිකාවලින් හානි වූ තරල හා ප්‍රෝටීන වසා පද්ධතිය තුළදී වසා ලෙස හැඳින්වේ.
56. වසා වාහිනී තුළ ඇති කපාට වල වැදගත්කම වන්නේ
-
- ඒවා මඟින් වසා තරලය ආපසු ගැලීම වැළැක්වීමයි.
57. වසා තරලය චලනය කරන සාධක වන්නේ,
-
- වසා වාහිනී බිත්ති තුළ රිද්මයානුකූල සංකෝචන
- කංකාළ පේශී සංකෝචන
58. වසා පද්ධතියේ කෘත්‍ය,