විද්‍යා අංශයජීව විද්‍යාව2.4.3 - ශක්තිය තිර කිරීමේ ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණය (II කොටස)

2.4.3 – ශක්තිය තිර කිරීමේ ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණය (II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

ප්‍රභා ශ්වසනය

 

1.රුබිස්කෝ එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරන විශිෂ්ට ප්‍රතික්‍රියා දෙක මොනවාද?

  • කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව
  • ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව

 

2.කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවේදී රුබිස්කෝ එන්සයිමයට උපස්තර ලෙස බැඳෙන ඒවා මොනවාද?

  • CO2 හා RuBP

 

3ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී රුබිස්කෝ එන්සයිමයට උපස්තර ලෙස බැඳෙන ඒවා මොනවාද?

  • O2 හා RuBP

 

4.CO2 ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී නිශේධකයක් ලෙසත්,O2 කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවේදී නිශේධකයක් ලෙසත් ක්‍රියා කිරීමට හේතුව කුමක්ද?

  • රුබිස්කෝ එන්සයිමයේ සක්‍රීය ලක්ෂ්‍යයට CO2 හා O2 තරඟකාරී ලෙස ක්‍රියා කරයි.
  • එම නිසා CO2 බැඳුණු විට ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවත්, O2 බැඳුණු විට කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවත් නිශේධනය කරයි.

 

5.ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව මගින් සෑදෙන ඵල මොනවාද?

  • 3PGA එක් අණුවක්
  • කාබන් 2 කින් යුත් 2-පොස්ෆොග්ලයිකොලේට් අණුවක්

 

6. 2-පොස්ෆොග්ලයිකොලේට් ශාකයට අහිතකර වීමට හේතුව කුමක්ද?

  • ඒවා ශාකය තුළ අධික සාන්ද්‍රණයෙන් එකතු වන විට ශාකයට අහිතකර වේ.

 

7.එසේ ශාකයට අහිතකර වීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?

  • ප්‍රභා ශ්වසනය

 

8.ප්‍රභා ශ්වසනය සඳහා කුමන ඉන්ද්‍රයිකා වල ඇති එන්සයිම දායක වේද?

  •  

  • හරිතලවය
  • මයිටකොන්ඩ්‍රියම
  • පෙරොක්සිසෝම

 

9.ප්‍රභා ශ්වසනය අවාසිදායක ක්‍රියාවලියක් වන්නේ කෙසේද?

  • කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට සාපේක්ෂව නිපදවෙන 3-PGA ප්‍රමාණය 50% කින් අඩු වීම.
  • ශුද්ධ CO2 හානියක් සිදු වීම.

 

10.ප්‍රභා ශ්වසනයට මග පාදන සයිටසෝලයේ CO2:O2 අනුපාතය අඩු වීමට හේතුව කුමක්ද?

  • උණුසුම් වියළි දිනවල ශාක වල ජල සංරක්ෂණය සඳහා පූටිකා වැසීම සිදු වේ.
  • එම නිසා ශාකයට ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය CO2 ලබා ගැනීමට නොහැකි වේ.
  • ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් සිදු වීම නිසා O2 නිදහස් වීම වැඩිපුර සිදු වේ.
  • මේ නිසා O2 ප්‍රමාණය ඉහළ ගොස් CO2 ප්‍රමාණය පහළ යයි.

 

11.ප්‍රභා ශ්වසනය මැඩ පැවැත්වීමට හැඩ ගැසී ඇති ප්‍රභාසංස්ලේෂණ පථය කුමක්ද?

  • C4 ප්‍රභාසංස්ලේෂණ පථය

 

12.C4 ශාකවල ඇති, CO2 සාන්ද්‍රණය වැඩි කිරීමට විශේෂණය වූ ප්‍රධාන සෛල වර්ග මොනවාද?

  • පත්‍ර මධ්‍ය සෛල
  • කලාප කොපු සෛල

 

13.C4 පථය කාර්යක්ෂම කර ගැනීම සඳහා එකී සෛල වර්ග සම්බන්ධ වී ඇත්තේ කෙසේද?

  • ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවකින් තදින් බැඳී පවතී.

 

14.ක්‍රාන්ස් ව්‍යුහය යනු කුමක්ද?

  • C4 ශාකවල සනාල පටක වටා කලාප කොපු සෛලත්,ඊට පිටතින් පත්‍ර මධ්‍ය සෛලත් පිහිටීමෙන් සෑදුණු පත්‍ර පටක ව්‍යුහය.

 

15.C4 ශාකවල CO2 ලබා ගැනීමේ යාන්ත්‍රණය නිසා ලැබෙන වැදගත්කම කුමක්ද?

  • උත්ස්වේදනය අවම කර ගැනීමට පූටිකා වැසී තිබියදී පවා ඉහළ CO2 සාන්ද්‍රණයක් පවත්වා ගත හැකි වීම.

 

 

ප්‍රභාසංස්ලේෂණයේ C4 පථය

16.CO2 බයිකාබනේට් අයන බවට පත් කිරීමට කුමන එන්සයිමය දායක වේද?

  • කාබනික් ඇන්හයිඩ්‍රේස්

 

17.එය සිදු වන්නේ කුමන සෛල තුළද?

  • පත්‍ර මධ්‍ය සෛල තුළ

 

18.බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කරන CO2 ප්‍රතිග්‍රාහකයා කවුද?

  • පොස්ෆො ඊනෝල් ෆයිරුවේට් (PEP)

 

19.PEP මගින් බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කිරීමෙන් සෑදෙන සංයෝගය කුමක්ද?

  • ඔක්සැලෝ ඇසිටේට් (OAA)

 

20.ඔක්සැලෝ ඇසිටේට් කුමන සංයෝග බවට පත් වී කලාප කොපු සෛල තුළට විසරණය විය හැකිද?

  • මැලේට් හෝ ඇස්පර්ටේට්

 

21.පත්‍ර මධ්‍ය සෛල වල හා කලාප කොපු සෛල වල හරිතලව ව්‍යුහමය හා කෘත්‍යමය වෙනස්කම් දක්වන්න?

පත්‍ර මධ්‍ය සෛල

කලාප කොපු සෛල

ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් සිදු වේ.

ආලෝක ප්‍රතික්‍රියාව අඩාළ වී ඇත.

ග්‍රැනා බහුලව පවතී.

ග්‍රැනා අඩුවෙන් පවතී.

ග්‍රැනා ආලෝක ප්‍රතික්‍රියාව සඳහා විභේදනය වී ඇත.

ග්‍රැනා ආලෝක ප්‍රතික්‍රියාව සඳහා විභේදනය වී නැත.

O2 නිපදවීම හොඳින් සිදු වේ.

O2 නිපදවීම හොඳින් සිදු නොවේ.

ප්‍රභා පද්ධති II හොඳින් පවතී.

ප්‍රභා පද්ධති II අඩුවෙන් පවතී.

 

22.PEP මගින් බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කිරීම උත්ප්‍රේරණය කරන එන්සයිමය කුමක්ද?

  • PEP කාබොක්සිලේස්

 

23.PEP කාබොක්සිලේස් රුබිස්කෝ එන්සයිමයට වඩා කාර්යක්ෂම වීමට හේතු මොනවාද?

    • සයිටසෝලය තුළ HCO3 සාන්ද්‍රණය CO2 වලට වඩා 50% කින් පමණ ඉහළ නිසා PEP කාබොක්සිලේස් CO2 වලට වඩා HCO3 සමග වැඩි වේගයකින් ක්‍රියා කීරීම.
    • PEP කාබොක්සිලේස් O2 සමග බන්ධුතාවයක් නැත.

 

 

C4 පථයේ වැදගත්කම

24.රුබිස්කෝ එන්සයිමය අවකාශමය වශයෙන් වෙන් වී තිබීමේ වැදගත්කම කුමක්ද?

  • ප්‍රභා ශ්වසනය සිදු නොවීම.
  • අඩු CO2 සාන්ද්‍රණයකදී පවා කාර්යක්ෂම ලෙස ශාක වල CO2 තිර කිරීම.

 

25.උණුසුම් නිවර්තන කලාපීය රටවල පවා ප්‍රභාසංස්ලේෂණය සඳහා C4 ශාක හැඩ ගැසී ඇත්තේ කෙසේද?

  • අධික උත්ස්වේදනය අඩු කිරීමට පූටිකා වැසී ඇති විට පවා කලාප කොපු සෛල තුළ CO2 සාන්ද්‍රණය වැඩි කර ගැනීමට හැකි නිසා අඩු CO2 තත්ත්වයකදී පවා ප්‍රභාසංස්ලේෂණය කළ හැක.

 

26.C4 ශාකවල ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාක වලට වඩා වැඩි වන්නේ කෙසේද?

  • C3 ශාක මෙන් නොව C4 ශාක වල උත්ස්වේදනයේදී පූටිකා වැසී ඇති විට පවා ප්‍රභාසංස්ලේෂණය සිදු වේ.එම නිසා සිදු වන ජල හානිය අඩුය.

 

27.C4 ශාකවල නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාක වලට වඩා වැඩි වන්නේ කෙසේද?

  • C3 ශාක වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් රුබිස්කෝ එන්සයිමය C4 ශාක තුළ ක්‍රියා කරන නිසා C4 ශාක වලට රුබිස්කෝ එන්සයිමය අවමව අවශ්‍ය වේ.
  • එම නිසා C4 ශාකවල නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාක වලට වඩා වැඩිය.

 

28.C3 ශාක හා C4 ශාක අතර වෙනස්කම් වගු ගත කරන්න?

C3 ශාක

C4 ශාක

  • ප්‍රභාසංස්ලේෂණය සඳහා ප්‍රශස්ත උෂ්ණත්වය 15 °C -25 °C වේ.
  • ප්‍රභාසංස්ලේෂණය සඳහා ප්‍රශස්ත උෂ්ණත්වය 35 °C පමණ වේ.
  • එක් වරක් පමණක් CO2 තිර කරයි.
  • පළමුව පත්‍ර මධ්‍ය සෛල වල හා දෙවනුව කලාප කොපු සෛල තුළ ලෙස දෙවරක් CO2 තිර කරයි.
  • CO2 ප්‍රතිග්‍රාහකයා කාබන් 5ක් සහිත RuBP පමණක් වේ.
  • පත්‍ර මධ්‍ය සෛල තුළදී CO2 ප්‍රතිග්‍රාහකයා කාබන් 3ක් සහිත PEP හා කලාප කොපු සෛල තුළදී CO2 ප්‍රතිග්‍රාහකයා කාබන් 5ක් සහිත RuBP වේ.
  • රුබිස්කෝ එන්සයිමය පමණක් CO2 තිර කිරීම උත්ප්‍රේරණය කරයි.
  • පත්‍ර මධ්‍ය සෛල තුළදී PEP කාබොක්සිලේස් හා කලාප කොපු සෛල තුළදී රුබිස්කෝ එන්සයිමය CO2 තිර කිරීම උත්ප්‍රේරණය කරයි.
  • CO2 තිර කිරීමේ ප්‍රථම ඵලය කාබන් 3 ක් සහිත 3-PGA වේ.
  • CO2 තිර කිරීමේ ප්‍රථම ඵලය කාබන් 4 ක් සහිත ඔක්සැලෝ ඇසිටේට් වේ.
  • ප්‍රභාසංස්ලේෂණය පත්‍ර මධ්‍ය සෛල තුළ පමණක් සිදු වේ.
  • ප්‍රභාසංස්ලේෂණය පත්‍ර මධ්‍ය සෛල තුළ හා කලාප කොපු සෛල තුළද සිදු වේ.

 

 

 

ප්‍රභාසංස්ලේෂණයට බලපාන සාධක

29.ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවාද?

  • ආලෝක තීව්‍රතාව
  • උෂ්ණත්වය
  • CO2 සාන්ද්‍රණය
  • ජලය
  • දූෂක
  • නිශේධක

 

30.සීමාකාරී සාධක මූලධර්මය යනු කුමක්ද?

  • එකම රසායනික ක්‍රියාවලියක් කෙරෙහි සාධක එකකට වඩා බලපාන විට කිසියම් අවස්ථාවක දී ක්‍රියාවලියේ ශීඝ්‍රතාව තීරණය වන්නේ එම අවස්ථාවේ අවමව ලැබෙන සාධකය මතය.

 

31.අධික ආලෝකය ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන්නේ කෙසේද?

  • හරිතප්‍රද විරංජනය වීම නිසා ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වේ.

 

32.අධික ආලෝක තීව්‍රතා වලදී ආරක්ෂා වීමට ශාක සතු උපක්‍රම මොනවාද?

  • ඝන උච්චර්ම පැවතීම.
  • අපිචර්මීය කේශර (බූව) සහිත පත්‍ර දැරීම.

 

 

33.සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන සීමාකාරී සාධකය වන්නේ කුමක්ද?

  • CO2

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom