විද්‍යා අංශයජීව විද්‍යාව7.2.1 - ජාන තාක්ෂණික ක්‍රමවේද හා ශිල්ප ක්‍රම පිළිබඳ යාවත්කාලීන වේ. (I...

7.2.1 – ජාන තාක්ෂණික ක්‍රමවේද හා ශිල්ප ක්‍රම පිළිබඳ යාවත්කාලීන වේ. (I කොටස)

 

ජාන තාක්ෂණයේ උපකරණ, ශිල්පක්‍රම හා ක්‍රමවේද

1. DNA පිටපත් සෑදීම සිදු කළ හැකි ක්‍රම දෙක,

    • ක්ලෝනකරණය භාවිත කරමින් ජීවස්ථව (In vivo)
    • පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR‍) භාවිතා කරමින් නාළස්ථව (In vitro)

 

DNA විසංගමනය

2. ජාන තාක්ෂණයේ ආරම්භක පියවර ලෙස සැළකිය හැක්කේ,

    • දායක සෛලයක සම්පූර්ණ ගෙනෝමයෙන් ඉලක්ක DNA අනුක්‍රමයක් විසංගමනය

 

3. සංශුද්ධ කළ DNA වල භාවිත,

    • DNA වල ව්‍යුහය හා රසායනය අධ්‍යනය
    • DNA ප්‍රෝටීන අන්තර්ක්‍රියා පිරික්සීම
    • DNA දෙමුහුම්කරණය සිදු කිරීම
    • DNA අනුක්‍රම නිර්ණය
    • බොහෝ ප්‍රවේණික අධ්‍යන සිදු කිරීම
    • ජාන ක්ලෝනකරණය සිදු කිරීම

 

4. DNA විසංගමනයේ මූලික මූලධර්ම හා ප්‍රධාන පියවර වන්නේ,

    • සමජාතීයකරණය හෝ සෛල බිඳ දැමීම
    • DNase නිෂේධනය
    • නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය
    • අපවිත්‍රකාරක ඉවත් කිරීම
    • DNA අවක්ෂේපණය
    • DNA සමඟ එන්සයිම ක්‍රියාකරවීම

Image result for dna extraction

 

5. සූ න්‍යෂ්ටික සෛලයක හා ප්‍රාග් න්‍යෂ්ටික සෛලයක ප්‍රධානව DNA ඒකරාශී වී ඇති ස්ථාන,

    • සූ න්‍යෂ්ටික සෛල – න්‍යෂ්ටිය
    • ප්‍රාග් න්‍යෂ්ටික සෛල – නියුක්ලියෝඩය

 

6. DNA විසංගමනයේදී භාවිත කරන එන්සයිම,

    • සීමා එන්ඩොනියුක්ලියේස් එන්සයිම
    • DNA ලයිගේස්
    • DNA පොලිමරේස්
    • රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්

 

7. DNA විසංගමනයේ පළමු පියවර ලෙස සෙෙල වලින් DNA නිදහස් කර ගැනීම සදහා අනුගමනය කරන ක්‍රියාවලි,

    • ඇඹරීම හෝ සමජාතීයකරණය මඟින් යාන්ත්‍රිකව සෛල ජීර්ණය
    • ලයිසොසයිම් වැනි එන්සයිම මඟින් රසායනිකව බැක්ටීරියා සෛල බිත්ති බිඳ හෙලීම

 

8. DNase නිෂේධනය කළ යුත්තේ ඇයි?

    • සෛල බිඳ දැමූ පසු DNA ඩිඔක්සිරයිබොනියුක්ලියේස් (DNase) වැනි එන්සයිම සමඟ ගැටුනහොත් DNA හායනය විය හැකි නිසා

 

9. DNase නිෂේධනය කරන ආකාරය,

    • නියුක්ලියේස් ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ලෝහ අයන ඉවත් කිරීමට නඛරීයකාරක එකතු කිරීම මඟින්

 

10. නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය සදහා (DNA ප්‍රෝටීන අන්තර්ක්‍රියා බිඳ දැමීම සඳහා) භාවිත කරන්නේ,

    • SDS
    • ෆීනෝල්
    • ප්‍රෝටියෝලිටික එන්සයිම

 

11. DNA අවක්ෂේපණය සඳහා භාවිත කරන්නේ,

    • ශීත (සෙල්සියස් 0) එතනෝල්

 

12. එම අවක්ෂේපය නැවත ස්වාරක්ෂක ද්‍රාවණයක දියකිරීමෙන් බලපොරොත්තු වන්නේ,

    • DNase රහිත RNase සමඟ සීමිත පිරියමකින් RNA ඉවත් කිරීම.

 

13. සීමා එන්ඩොනියුක්ලියේස් එන්සයිමයේ ක්‍රියාව,

    • DNA වල විශිෂ්ට අනුක්‍රමයක් හඳුනා ගෙන එම නිශ්චිත ස්ථාන වලින් හෝ ඒ අසලින් DNA කැපීම.

 

14. DNA අනුක්‍රමයක් කපන ස්ථානය හඳුන්වන්නේ,

    • සීමා ස්ථානය/ ඡේදන ස්ථානය

 

15. E.coli ප්‍රභවය වන සීමා එන්ඩොනියුක්ලියේස් එන්සයිමය,

    • EcoRI

Image result for endnucliyese enzyme

(සීමා එන්ඩොනියුක්ලියෙස් වල ක්‍රියාව)

 

16. DNA ලයිගේස් වල කාර්යය,

    • ප්‍රතිසංයෝජිත DNA අණුවක් ලබා ගැනීම සඳහා වෙනස් ප්‍රභව වලින් ලබා ගත් කැපූ DNA ඛණ්ඩ පොස්ෆොඩයිඑස්ටර් බන්ධනයක් සාදමින් එකිනෙක සම්බන්ධ කිරීම.

 

17. ජාන තාක්ෂණ්යේදී වඩාත් සුලබව භාවිත වන DNA සම්බන්ධ කරන එන්සයිමය,

    • T4 DNA ලයිගේස්

 

18. එම එන්සයිමයේ ප්‍රභවය,

    • T4 බැක්ටීරියා භක්ෂක වෙෙරසය

(DNA ලයිගේස් වල ක්‍රියාව)

 

19. DNA පොලිමරේස් එන්සයිමයේ කාර්යය,

    • වර්ධනය වන DNA දාමයක, අච්චු දාමයට අනුපූරක ඩිඔක්සිරයිබොනියුක්ලියෝටයිඩ එකතු කිරීම එනම් DNA පිටපත් කිරීම.

 

20. වඩාත් පුළුල්ව භාවිත කරන DNA පොලිමරේස් වර්ගය හා එහි ප්‍රභවය,

    • Taq DNA පොලිමරේස්
    • Thermus aquaticus තාපකාමී බැක්ටීරියාව

(DNA පොලිමරේස් වල ක්‍රියාව)

 

21. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමයේ ක්‍රියාව,

    • mRNA අච්චුවක් මත අනුපූරක DNA සෑදීම.

Image result for reverse transcriptase

 

ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය

22. විද්‍යුතාගමනය යනු කුමක්ද?

    • විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ඒවායේ සචලතාවයට අනුකූලව විශාල ආරෝපිත අණු (DNA, RNA, ප්‍රෝටීන වැනි) වෙන් කිරීමේ ශිල්ප ක්‍රමයයි.

 

23. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල චලනය වන අණුවක වේගය රඳා පවතින සාධක මොනවාද?

    • අණුවේ ශුද්ධ ආරෝපණය
    • අණුවේ ප්‍රමාණය

 

24. ජෙලි පූරකය තුල ඇති කුඩා සිදුරු ඔස්සේ අණු චලනය වේ. මෙහි වාසි මොනවද?

    • අණුවල චලනය සීමා වේ.
    • ප්‍රමාණයට අනුව අණු වෙන් වේ.

Image result for southern blotting steps

 

25. DNA මෙම ක්‍රමයෙන් වෙන් කිරීමේදී එම අණු වෙන් වීම ඒවායේ ප්‍රමාණය මත රඳා පවතින්නේ ඇයි?

    • DNA සැලකූ විට ශුද්ධ ආරෝපණය අණුවේ දිග මත රඳා පවතින නිසාය.

 

26. ඇගරෝස් ජෙල යනු කුමක්ද? එහි අඩංගු මහා අණු වර්ගය කුමක්ද?

    • මුහුදු පැළෑටි වර්ගයකින් ලබා ගන්නා සංශුද්ධ කල ඒගාර්ය. එහි අඩංගු වන්නේ පොලිසැකරයිඩය.

 

27. DNA අණු ආකර්ෂණය වන්නේ ඇනෝඩය දෙසටද, කැතෝඩය දෙසටද?

    • ඇනෝඩය දෙසටය.

 

28. ඇගරෝස් ජෙල විද්‍යුතාගමන උපකරණය භාවිතා කරන ආකාරය පැහැදිලි කරන්න.

    • පළමුව උපකරණයේ, ජෙලය ස්වාරක්ෂකයක් තුළ තබන්න.
    • ජෙලයේ අන්ත දෙකෙහි ඇනෝඩය සහ කැතෝඩය තබන්න.
    • විදුලි ජනකයක් භාවිතයෙන් විදුලිය සපයන්න.

Image result for gel electrophoresis

 

29. මෙලෙස වෙන් කර ගත් DNA නිරීක්ෂණය කරන්නේ කෙසේද?

    • DNA එතීඩියම් බ්‍රෝමයිඩ් වලින් වර්ණ ගන්වා UV ආලෝකයට නිරාවරණය කළ විට නිරීක්ෂණය කළ හැක.

Image result for radioactive labelling of dna

 

DNA ඒෂණ හා දෙමුහුම්කරණය

30. DNA ඒෂණයක් යනු කුමක්ද?

    • දෙමුහුම්කරණය මඟින් අනුපූරක නියුක්ලියෝටයිඩ අනුක්‍රමයක් අනාවරණය සඳහා භාවිත වන තනි දාම සළකුණු කල තනි දාම DNA ඛණ්ඩයයි.

 

31. DNA දාමයක් සළකුණු කිරීම යනු කුමක්ද?

    • තවත් DNA දාමයක් අනාවරණය කර ගැනීමට හැකි වන ලෙස, එම DNA දාමය විකරණය කිරීමයි.

 

32. සළකුණු කිරීමේ ක්‍රමවේද මොනවාද?

    • විකිරණශීලී සමස්ථානික අන්තර්ගත කිරීම.
    • ඒෂණයේ ව්‍යුහයට ප්‍රතිදීප්ත අණුවක් එක් කිරීම.

 

33. ඒෂණය සමඟ දෙමුහුම් කිරීමට ප්‍රථම ද්වීදාම DNA අණු දුස්වාභාවීකරණය කළ යුත්තේ ඇයි?

    • තනි දාම DNA කොටසට අනුපූරක තනි දාම DNA හෝ RNA සමඟ පමණක් දෙමුහුම් විය හැකි නිසාය.

 

34. ඇගරෝස් ජෙලය මත ඇති දුස්වාභාවීකරණය කළ පටි ජෙලයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වන නම කුමක්ද? එය කෙටියෙන් පැහැදිලි කරන්න.

    • ක්‍රමවේදය southern blotting ක්‍රමවේදයයි. ජෙලය මත ඇති පටි මෙම ක්‍රමය මඟින් nitrocellulose හෝ nylone පෙරහන් පටල මතට මාරු කිරීම සිදු කරයි.

Image result for southern blotting steps

 

35. ඉන්පසු ඉලක්ක නියුක්ලියෝටයිඩ අනුක්‍රමණය සොයා ගන්නේ කෙසේද?

    • පළමුව සළකුණු කළ ඒෂණ පෙරහන් පටල මතට එකතු කර සස්වාභාවීකරණය වීමට ඉඩ සලස්වයි.
    • පටලයට තිර වී ඇති අනුපූරක අනුක්‍රමයකට පමණක් ඒෂණය තදින් බැඳේ.
    • එම පටලය සේදූ විට ඉලක්ක අනුක්‍රමය සහිත පටියට බැඳුනු ඒෂණ හැර අනෙක් ඒෂණ ඉවත් වේ.
    • ඒෂණය විකිරණශීලීව සළකුණු කර ඇති විට පටලයේ ස්වයං විකිරණ ලේඛ ශිල්පය මඟින්ද, ප්‍රතිදීප්ත වර්ණක මඟින් සළකුණු කර ඇති විට පාරජම්බුල කිරණ මඟින්ද හඳුනා ගත හැක.

Image result for dna probes and hybridization

 

ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

36. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යනු කුමක්ද?

    • ප්‍රවේණික ප්‍රතිසංයෝජනයේ විද්‍යාගාර ක්‍රමවේද භාවිතා කරමින්වෙනස් ප්‍රභව වලින් DNA ගත් එකට එකතු කර, ස්වභාවයේ හමු නොවන අනුක්‍රමයක් නිර්මාණයක්, එනම් ප්‍රතිසංයෝජිත DNA අණුවක් නිර්මාණය කර ධාරකයෙකු තුළට ඇතු කිරීමේ තාක්ෂණයයි.

Image result for southern blotting steps

 

37. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ පදනම කුමක්ද?

    • රසායනික මට්ටමේදී සියලු ජීවීන් එක සමාන ප්‍රවේණි කේතයක් දරන බැවින් බැක්ටීරියාවක, ශාකයක, හෝ සත්ත්වයෙකු යන කවරෙකු තුළ එය ප්‍රකාශ වුවද එකම ජානයක් එකම පොලිපෙප්ටයිඩයකට කේතය සැපයීමයි.

 

38. නව ප්‍රවේණික සංකලන වලට වටිනාකමක් ලැබෙන ක්ෂේත්‍ර මොනවාද?

    • විද්‍යාව
    • වෛද්‍ය විද්‍යාව
    • කෘෂිකර්මාන්තය
    • කර්මාන්ත
    • පාරිසරික භාවිත

 

39. ප්‍රතිසංයෝජිත DNA අණුවක් සෑදීමේදී භාවිත වන සියලු ශිල්ප ක්‍රම අනුපිළිවෙලින් සඳහන් කරන්න.

    • වෙනස් ප්‍රභව වලින් DNA විසංගමනය.
    • විසංගත කළ DNA සීමා එන්සයිම මඟින් සීමිත ජීර්ණය.
    • ජෙල විද්‍යුතාගමනය මඟින් DNA ඛණ්ඩ වෙන් කිරීම.
    • අවශ්‍ය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙල සහිත නිවැරදි ඛණ්ඩ ඒෂණ භාවිතයෙන් හඳුනා ගැනීම.
    • බහුවිධ ප්‍රභව වලින් ලබා ගත් DNA ඛණ්ඩ DNA ලයිගේස් මඟින් සම්බන්ධ කිරීම.

 

40. සෛල තුලට DNA ලබා ගැනීමට ධාරක සෛල ප්‍රතිරෝධයක් දක්වයි. එය ජීවී පැවැත්ම සඳහා වැදගත් වන්නේ ඇයි?

    • ආක්‍රමණික DNA සාමාන්‍යයෙන් හානිකර ප්‍රවේණික වෙනස්වීම් වලට හේතු වන බැවිනි.

 

41. අවම වශයෙන් ධාරක සෛල කීපයකට හෝ පිටපතක් ලැබීම තහවුරු කිරීමට පිටපත් විශාල ගණනක් අවශ්‍ය වේ. ඒවා ගුණනය කල හැකි ආකාර මොනවාද?

    • PCR මඟින් නාලස්ථ ගුණනය
    • DNA ක්ලෝනකරණය
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet