දවසට පාඩමක්51 දවස02.01.03 - ධ්‍රැවණශීලතාවය

02.01.03 – ධ්‍රැවණශීලතාවය

විද්‍යුත් සෘණතා වෙනස අනුව බන්ධන වර්ගීකරණය කිරීමේදී ලැබෙන අයනික බන්ධන 100% අයනික බන්ධන නොවේ. එවැනි 100% අයනික බන්ධන පරිපුර්ණ අයනික බන්ධන වේ. එවැනි බන්ධන ස්වභාවයේ නොපවතී.

එමනිසා ධ්‍රැවණශීලතාවය යන සංකල්පය බිහිවේ.

අයනික බන්ධන වලට සහසංයුජ ලක්ෂණ ලබාගැනීමට ඇති හැකියාව මනිනු ලබන මිනුමක් ධ්‍රැවණශීලතාවය නම්වේ.

ධ්‍රැවණශීලිතාවයෙදී කැටායනය මගින් කරන ආකර්ෂණය(කැටායනයේ ධ්‍රැවීකාරක බලය) හමුවේ ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය වෙනස් වීමට ඇති හැකියාව ඇනායනයේ ධ්‍රැවණශීලතාවයයි.

එහිදී ඇනායනය ධ්‍රැවිකරණය වේ. හැඩය විකෘති වේ.

එමනිසා ධ්‍රැවණශීලතාවය වැඩිවන විට,

  • බන්ධනයේ අයනික ලක්ෂණ අඩුවේ.
  • බන්ධනයේ සහසංයුජ ලක්ෂණ වැඩිවේ.

ධ්‍රැවණශීලතාවය කෙරෙහි බලපාන සාධක

සාධක

ඇනායනික සාධක

කැටායනික සාධක

අරය අරය
ආරෝපණය ආරෝපණය

 

ඇනායනික සාධක

ධ්‍රැවණශීලිතාවයෙදී ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය විකෘති වේ.

  1. ඇනායනයේ අරය වැඩිවන විට හා,
  2. ඇනායනයේ ආරෝපණය වැඩිවන විට,

  • ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාවේ විශාලත්වය වැඩිවේ.
  • එනම් ඇනායනයේ හැඩය වෙනස්වීමේ හැකියාව වැඩිවේ.
  • එනම් ඇනායනයේ ධ්‍රැවණශීලතාවය වැඩිවේ.
  • එමනිසා බන්ධනයේ සහසංයුජ ලක්ෂණ වැඩිවේ.
  • අයනික ලක්ෂණ අඩුවේ.

කැටායනික සාධක

ධ්‍රැවණශීලිතාවයෙදී කැටායනයේ ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය වෙනස් නොවේ. නමුත් කැටායනයට ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය විකෘති කළ හැක. එනම් කැටායනයට ඇත්තේ ධ්‍රැවිකරණ බලයකි.

  1. කැටායනයේ අරය අඩුවන විට හා,
  2. කැටායනයේ ආරෝපණය වැඩිවන විට,

  • කැටායනයේ ආරෝපණ ඝනත්වය වැඩිවේ.
  • එනම් කැටායනයේ ධ්‍රැවිකරණ බලය වැඩිවේ.
  • එනම් ඇනායනයේ ධ්‍රැවණශීලතාවය වැඩිවේ.
  • එමනිසා බන්ධනයේ සහසංයුජ ලක්ෂණ වැඩිවේ.
  • අයනික ලක්ෂණ අඩුවේ.

ධ්‍රැවණශීලතාවයේ වැදගත්කම

සංයෝග වල ඇතැම් ගුණ විචලනය වන ආකාරය ධ්‍රැවණශීලතාවය මඟින් පැහැදිලි කළ හැක.

උදා – ක්ෂාරීය පාංශු ලෝහ සාදන කාබනේට වල තාපස්ථායිතාව කාණ්ඩය ඔස්සේ පහළට යනවිට,

BeCO3 < MgCO3 < CaCO3 < SrCO3 < BaCO3 ලෙස වැඩිවේ.

හේතුව –

  • මෙහි ඇනායනය සමාන වේ.
  • කැටායනයේ ආරෝපණ සමාන වේ.
  • කැටායනයේ අරය කාණ්ඩයේ පහලට යනවිට,

Be2+ < Mg2+ < Ca2+ < Sr2+ < Ba2+ ලෙස වැඩිවේ.

  • ඒ අනුපිළිවෙලට ධ්‍රැවීකරණ බලය අඩුවේ.
  • ධ්‍රැවණශීලතාවය අඩුවේ.
  • එමනිසා අයනික ලක්ෂණ වැඩිවේ.
  • එමනිසා තාපස්ථායිතාව වැඩිවේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom