විද්‍යා අංශයජීව විද්‍යාව2.2.2 - සෛලය පිළිබඳ ඓතිහාසික පසුබිම, උප සෛලීය ඒකක වල ව්‍යූහය සහ...

2.2.2 – සෛලය පිළිබඳ ඓතිහාසික පසුබිම, උප සෛලීය ඒකක වල ව්‍යූහය සහ කෘත්‍ය විශ්ලේෂණය

පාඩමේ සටහන Download කරගන්න.

 

සෛලවාදය

 

1.ජීවීන්ගේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද?

  • සෛලය

 

2.ජීවීන්ගේ සංවිධාන මට්ටම් ධූරාවලිය ට අනුව ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වන පහළම සංවිධාන මට්ටම කුමක්ද?

  • සෛලය

 

3.සරල අන්වීක්ෂයකින් වල්කයක් පරීක්ෂා කර මූලික ඒකකය සෛලය ලෙස හැඳින්වූයේ කවුද?

  • රොබට් හුක් (Robert Hooke)

 

4.ඒක සෛලික ජීවීන් වන Euglena සහ බැක්ටීරියා පිළිබඳ පළමුවෙන්ම විස්තර වාර්තා කලේ කවුද?

  • ඇන්ටන් වෑන් ලී යුවන් හුක් (Anton Van Leeuwenhoek)

 

5.ශාක පටක අධ්‍යයනය කර සියලු ශාක,සෛල වලින් සෑදී ඇති බව නිගමනය කලේ කවුද?

  • මැතියස් ශ්ලයිඩන් (Matthias Schleiden)

 

6.සත්ත්ව පටක අධ්‍යයනය කර සත්ත්ව පටක , සෛල වලින් සෑදී ඇති බව නිගමනය කළේ කවුද?

  • තියඩෝර් ශ්වාන් (Theodor Schwann)

 

7.සියලු සෛල කලින් පැවති සෛල විභාජනයෙන් ඇති වන බව පෙන්වා දුන්නේ කවුද?

  • රුඩොල්ෆ් වර්චොව් (Rudolf Virchow)

 

8.සෛලවාදය ඉදිරිපත් කළ විද්‍යාඥයන් තිදෙනා කවුරුන්ද?

  1. මැතියස් ශ්ලයිඩන් (Matthias Schleiden)
  2. තියඩෝර් ශ්වාන් (Theodor Schwann)
  3. රුඩොල්ෆ් වර්චොව් (Rudolf Virchow)

 

9.සෛලවාදයේ සඳහන් මූලික කරුණු මොනවාද?

  1. සියලු ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෑදී ඇත.
  2. ජීවීන්ගේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
  3. සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛල වලිනි.

 

 

සෛල සංවිධානය

 

10.සෛල සංවිධානයේ ප්‍රධාන ආකාර 2 කුමක්ද?

  1. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානය
  2. සූන්‍යෂ්ටික සෛල සංවිධානය

 

11.සියලුම සෛල වලට පොදු මූලික ලක්ෂණ මොනවාද?

  1. සියලුම සෛල වරණීය බාධකයක් වන ප්ලාස්ම පටලයකින් වට වී ඇත.
  2. සෛලය තුළ උප සෛලීය සංඝටක අවලම්භනය වී පවතින සයිටොසොලය නම් අර්ධ තරලමය හා ජල්ලිමය ද්‍රව්‍යයක් තිබීම.
  3. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත.
  4. සියලුම සෛල වල රයිබොසෝම ඇත.

 

12.ප්‍රාග්න්‍යෂ්ටික සෛල දරන ජීවී කාණ්ඩ මොනවාද?

  • බැක්ටීරියා
  • ආකි බැක්ටීරියා

 

13.සූන්‍යෂ්ටික සෛල දරන ජීවී කාණ්ඩ මොනවාද?

  • ප්‍රොටිස්ටා
  • ශාක
  • සත්ත්වයන්
  • දිලීර

 

14.ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විෂ්කම්භය කොපමණද?

  • ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විෂ්කම්භය –

      • 1 – 5 μm

 

  • සූන්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විෂ්කම්භය –

      • 10 – 100 μm

 

15.ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල වල පරිණාමික සම්භවය පිළිවෙලින් දක්වන්න

  • ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල පරිණාමික සම්භවය –

      • මීට අවුරුදු බිලියන 3.5 කට පෙර

 

  • සූන්‍යෂ්ටික සෛල වල පරිණාමික සම්භවය –

      • මීට අවුරුදු බිලියන 1.8 කට පෙර

 

16.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල විභාජනය වන ආකාරය කුමක්ද?

  • ද්වී ඛණ්ඩනය මගින් සිදු වේ.ඌනන විභාජනය හා අනූනන විභාජනය සිදු නොවේ.

 

17.සූන්‍යෂ්ටිකයන්ගේ සෛල විභාජනය වන ආකාරය කුමක්ද?

  • ඌනන විභාජනය හෝ අනූනන විභාජනය හෝ එම ක්‍රම දෙකම.

 

18.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය අතර ඇති වෙනස්කම් මොනවාද?

ප්‍රාග්න්‍යෂ්ටිකයන්

සූන්‍යෂ්ටිකයන්

වලයාකාර DNA ඇත.

රේඛීය DNA ඇත.

නියුක්ලියෝඩ ප්‍රදේශය තුළ පවතී.

න්‍යෂ්ටිය තුළ පවතී.

ප්‍රෝටීන සමග බැඳී නැත.

ප්‍රෝටීන සමග බැඳී ඇත.

 

19.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ පවතින රයිබොසෝම වර්ග පිළිවෙලින් දක්වන්න.

  • ප්‍රාග්න්‍යෂ්ටිකයන් – 70S රයිබොසෝම
  • සූන්‍යෂ්ටිකයන් -70S රයිබොසෝම හා 80S රයිබොසෝම

 

20.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල හා සූන්‍යෂ්ටිකයන්ගේ සෛල වල අන්තර්ගතය කෙටියෙන් දක්වන්න?

    • ප්‍රාග්න්‍යෂ්ටිකයන් –

      • ඉන්ද්‍රයිකා කිහිපයක් පමණක් ඇත.
      • ඒවා පටල වලින් වට වී නැත.
      • ප්‍රභාසංස්ලේෂණය , N2 තිර කිරීම සම්බන්ධ අභ්‍යන්තර පටල ඇත.

 

  • සූන්‍යෂ්ටිකයන් –

      • ඉන්ද්‍රයිකා විශාල ගණනක් ඇත.
      • පටල වලින් වට වූ ඉන්ද්‍රයිකා ඇත.
      • ඉන්ද්‍රයිකා වල විශාල විවිධත්වයක් පවතී.

 

21.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති සෑදී ඇති සංඝටක මොනවාද?

  • බැක්ටීරියා හා සයනොබැක්ටීරියා –

      • පෙප්ටිඩෝග්ලයිකෑන්

 

  • ආකි බැක්ටීරියා –

      • පොලිසැකරයිඩ හා ප්‍රෝටීන

 

22.සූන්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති සෑදී ඇති සංඝටක මොනවාද?

    • ශාක සෛල – සෙලියුලෝස්
    • දිලීර සෛල – කයිටීන්
    • සත්ත්ව සෛල වලට සෛල බිත්ති නැත.

 

23.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල වල කශිකා වල ව්‍යූහාකාරය කෙසේ වේද?

    • ක්ෂුද්‍ර නාලිකා නොමැති සරල ව්‍යුහයක් දරයි.
    • බහිෂ්සෛලීය වේ.
    • විෂ්කම්භය 20 nm පමණ වේ.

 

24.සූන්‍යෂ්ටිකයන්ගේ සෛල වල කශිකා වල ව්‍යුහාකාරය කෙසේ වේද?

  • 9+2 යන ක්ෂුද්‍ර නාලිකා සැකසුම සහිත සංකීර්ණ ව්‍යූහයක් දරයි.
  • අන්තඃසෛලීය වේ.
  • විෂ්කම්භය 200 nm පමණ වේ.

 

25.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ ශ්වසන ආකාර පිළිවෙලින් දක්වන්න?

  • ප්‍රාග්න්‍යෂ්ටිකයන් –

      • බොහෝ විට මීසොසෝම මගින් සිදු කරයි.

 

  • සූන්‍යෂ්ටිකයන් –

      • ස්වායු ශ්වසනය මයිටොකොන්ඩ්‍රියා මගින් සිදු කරයි.

 

26.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ ප්‍රභාසංස්ලේෂණ ස්ථාන පිළිවෙලින් දක්වන්න?

  • ප්‍රාග්න්‍යෂ්ටිකයන් –

      • ගොනු ලෙස සැකසී නැති පටල මත සිදු වේ.

 

  • සූන්‍යෂ්ටිකයන් –

      • හරිතලව නම් ඉන්ද්‍රයිකා තුළ සිදු වේ.

 

27.සූන්‍යෂ්ටිකයන් කිසිවෙකු තුළ නොහැකි, ඇතැම් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණය කුමක්ද?

  • නයිට්‍රජන් තිර කිරීම.

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet