No menu items!
ජීව විද්‍යාව5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.6.1 - සමායෝජන ක්‍රියාවලිය හා ඊට දායක වන පද්ධති පිළිබඳ විමසා බලයි.

5.6.1 – සමායෝජන ක්‍රියාවලිය හා ඊට දායක වන පද්ධති පිළිබඳ විමසා බලයි.

 

විවිධ සත්ත්ව වංශ හා ඔවුන්ගේ ස්නායු පද්ධතිවල සංවිධානය

1. ජීවී දේහ තුළ උත්තේජ හා ප්‍රතිචාර අතර සමායෝජනයක් ඇතිවීමේ අවශ්‍යතාවය වන්නේ,

    • ජීවීන්ගේ පැවැත්ම සඳහා සහ ජීවී දේහ තුළ නියත අභ්‍යන්තර පරිසර තත්ත්ව පවත්වා ගැනීම සඳහා

 

2. සත්ත්වයන්ගේ දේහ තුල සමායෝජනය සඳහා ඇති පද්ධති 2 වන්නේ,

    • ස්නායු පද්ධතිය
    • අන්තරාසර්ග පද්ධතිය

 

3. ස්නායු පද්ධතිය හා අන්තරාසර්ග පද්ධතිය අතර වෙනස්කම් වන්නේ,

ලක්ෂණය

ස්නායු සමායෝජනය

හෝමෝනමය සමායෝජනය

සම්ප්‍රේෂණය

නියුරෝන මගින්

රුධිරය මගින්

සම්ප්‍රේෂකයේ ස්වභාවය

රසායනික හා විද්‍යුත්

රසායනික

ප්‍රතිචාරය

ස්ථානීයයි.

විසිරිතය

ප්‍රතිචාරය ඇරඹීම සඳහා කාලය

ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වේ.

සෙමෙන් ක්‍රියාකාරී වේ.

ප්‍රතිචාරයේ කාල සීමාව

කෙටි

දිගු

 

 

4. සරලතම ස්නායු පද්ධතිය දරන සත්ත්ව වංශය වන්නේ,

    • නිඩාරියාවන්

 

5. නිඩාරියාවන්ගේ ස්නායු පද්ධතියේ දළ සැකැස්ම කෙටියෙන් සඳහන් කරන්න.

    • එකිනෙකට සම්බන්ධ වූ නියුරෝන වලින් සෑදුනු විසිරිත ස්නායු ජාලයක් නිඩාරියාවන්ට ඇත.

 

6. සත්ත්ව දේහය වඩාත් සංකීර්ණ වන විට ස්නායු පද්ධතියේ වන විශේෂණය වීම් මොනවාද?

    • නියුරෝන කාණ්ඩ – ස්නායු ලෙසත් බොහෝ විට ගැංග්ලියා හා මොළය ලෙසත් සංවිධානය වේ.

 

7. ප්ලැටිහෙල්මින්තේස් වංශිකයන්ගේ ස්නායු පද්ධතියේ ඇති ව්‍යුහ වන්නේ,

    • පූර්ව ප්‍රදේශයේ ඇති ගැංග්ලියා යුගලක්, අන්වායාම උදරීය ස්නායු රජ්ජු 2 ක් (සරල ඉනිමං සැලැස්ම)

 

8. ප්ලැනේරියාවන්ගේ අක්ෂි ලප වල කාර්යය කුමක්ද?

    • ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කිරීම

 

9. ඇනෙලිඩා හා ආත්‍රොපෝඩාවන්ගේ ස්නායු පද්ධතියේ සංඝටක වන්නේ

    • තරමක සංකීර්ණ මොළයක්
    • උදරීය ස්නායු රැහැන්
    • උදරීය ස්නායු රැහැන් වල ඛණ්ඩිතව සැකසුණු ගැංග්ලියා.

 

10. එකයිනොඩර්මේටාවන්ගේ ස්නායු පද්ධතියේ ව්‍යුහය කෙටියෙන් දක්වන්න.

    • ස්නායු වලයක් සහිත අරීය ස්නායු රැහැන්.

 

11. කෝඩේටාවන්ගේ ස්නායු පද්ධතියේ ඇති ප්‍රධාන කොටස් 2 මොනවාද?

    • මධ්‍ය ස්නායු පද්ධතිය
    • පර්යයන්ත ස්නායු පද්ධතිය

 

12. කෝඩේටාවන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියේ සංඝටක වන්නේ,

    • මොළය හා සුෂුම්නාව

 

13. කෝඩේටාවන්ගේ පර්යයන්ත ස්නායු පද්ධතියේ සංඝටක වන්නේ,

    • ස්නායු හා ගැංග්ලියා

 

කෙටි සටහන:-

වංශය

සංවිධානය

උදාහරණ

නිඩාරියා

ස්නායු දැල/ ජාලය

හයිඩ්‍රා (Hydra)

ප්ලැටිහෙල්මින්තේස්

මොළය, අන්වායාම ස්නායු රැහැන්

ප්ලැනේරියා (Planaria)

ඇනෙලිඩා

මොළය, උදරීය ස්නායු රැහැන්, ඛණ්ඩික ගැංග්ලියා

කූඩැල්ලා

ආත්‍රපෝඩා

මොළය, උදරීය ස්නායු රැහැන්, ඛණ්ඩික ගැංග්ලියා

කැරපොත්තා

එකයිනොඩර්මේටා

ස්නායු වලය හා අරීය ස්නායු

තාරකා මාළුවා

කොඩේටා

මොළය, සුෂුම්නාව (පෘෂ්ඨීය ස්නායු රැහැන) ස්නායු හා ගැංග්ලියා

හූනා

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.