බෝර් ආකෘතිය මගින් කක්ෂයක් විස්තර කෙරෙන n නම් වූ එක් ක්වොන්ටම් අංකයක් හඳුන්වා දෙන ලදි. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ආකෘතිය , පරමාණුවක ඉලෙක්ට්‍රෝන සැරිසරන කක්ෂයක් විස්තර කිරීම සදහා ගණිතමය වශයෙන් ව්‍යුත්පන්න කරන ලද n, l, හා ml යන ක්වොන්ටම් අංක 3ක් ද ඉලෙක්ට්‍රෝනයේ බැමීම විස්තර කිරීමට ms නම් තවත් ක්වොන්ටම් අංකයක්ද භාවිතා වේ.
ප්‍රධාන ක්වොන්ටම් අංකය (n)
මෙය 1 2, 3,. . . . . ලෙස පූර්ණ සංඛ්‍යා වේ. මෙමගින් ඉලෙක්ට්‍රෝනය පරමාණුව තුල කුමන ප්‍රධාන ශක්ති මට්ටම තුල පවතී දැයි නිරූපණය කරයි. n හි අගය වැඩිවත්ම කාක්ෂිකය වඩා විශාල වන අතර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දුරස්ථව ගතකරන කාලය වැඩි වේ.
උද්දිගංශ ක්වොන්ටම් අංකය/කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය (l)
මෙමගින් ඉලෙක්ට්‍රෝනය අයිති කුමන උපශක්‍ති මට්ටමට දැයි නිරූපණය කරයි. l හි අගය ප්‍රධාන ශක්තිමට්ටම් අංකය (n) මත රඳා පවතියි. l සදහා n – 1 ත් 0ත් අතර ධන පූර්ණ සංඛ්‍යාවක් ලබා ගත හැක.
n හි අගය කුමක් වුවද,
l = 0 s කාක්ෂික
l = 1 p කාක්ෂික
l = 2 d කාක්ෂික
l = 3 f කාක්ෂික නිරූපණය කරයි
චුම්භක ක්වොන්ටම් අංක ( m/ml)
මින් යම් උපශක්ති මට්ටමකට අයත් ඉලෙක්ට්‍රෝන පවතින කාක්ෂික නිරූපණය කරයි. ml හි අගයන් +l, 0, -l අතර ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් වේ.
l = 0 ml = 0
l = 1 ml = -1, 0 ,1
l = 2 ml = -2, -1, 0, 1 ,2
l = 3 ml = -3, -2, -1, 0, 1, 2, 3
භ්‍රමණ ක්වොන්ටම් අංකය (ms )
මෙමගින් ඉලෙක්ට්‍රෝනයේ බැමීම සිදු වන දිශාව නිරූපණය කරයි.ඒ සදහා +1/2 හෝ -1/2 යොදා ගනියි.
+1/2 මගින් දක්ෂිනාවර්තව පරිභ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ද , -1/2 මගින් වාමාවර්තව පරිභ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ද නිරූපණය කරයි.
උදා : 4S1 ~ { 4, 0, 0, + 1/2 } හෝ { 4, 0, 0, -1/2 }
3p1 ~ { 3, 1, 0, +1/2 } හෝ { 3, 1, 0, -1/2 }
{ 3, 1, -1, +1/2 } හෝ { 3, 1, -1, -1/2 }
{ 3, 1, 1, +1/2 } හෝ { 3, 1, 1, -1/2 }
මේ අනුව පරමාණුවක ඕනෑම ඉලෙක්ට්‍රෝනයක් n, l, ml , ms යන ක්වොන්ටම් අංක 4 මගින් දැක්විය හැක.එය ක්වොන්ටම් අංක කුලකය වේ.එමෙන්ම පරමාණුවක වූ කිසියම් ඉලෙක්ට්‍රෝන 2ක් සදහා මෙම අගයන් සියල්ල සමාන විය නොහැක. n, l ml සමාන වුවද ms වෙනස් වේ. මෙය පව්ලි බහිෂ්කාර නියමයෙන්ද කියවේ.
{ n, l, ml, ms }
ප්‍රධාන ක්වොන්ටම් අංකය(n) |
උද්දිගංශ ක්වොන්ටම් අංක(l) |
චුම්භක ක්වොන්ටම් අංක(ml) |
භ්‍රමණ ක්වොන්ටම් අංක(ms) |
කාක්ෂික වල e ගණන |
ප්‍රධාන ශක්ති මට්ටමේ ඇති මුලු e ගණන |
1 |
0 |
0 |
±1/2 |
2 |
2 |
2 |
0 |
0 |
±1/2 |
2 |
8 |
|
1 |
-1 0 +1 |
±1/2 ±1/2 ±1/2 |
6 |
|
3 |
0 |
0 |
±1/2 |
2 |
18 |
|
1 |
-1 0 +1 |
±1/2 ±1/2 ±1/2 |
6 |
|
|
2 |
-2 -1 0 1 2 |
±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 |
10 |
|
4 |
0 |
0 |
±1/2 |
2 |
32 |
|
1 |
-1 0 +1 |
±1/2 ±1/2 ±1/2 |
6 |
|
|
2 |
-2 -1 0 1 2 |
±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 |
10 |
|
|
3 |
-3 -2 -1 0 1 2 3 |
±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 ±1/2 |
14 |
විශේෂ කරුණු
- ප්‍රධාන ක්වොන්ටම් අංකය n වූ කවචයක් හරියටම n උපකවච සංඛ්‍යාවක් දරයි.
උදා : n = 1 1s
n = 2 2s 2p
n = 3 3s 3p 3d
- එක් එක් උපකවචයක නිශ්චිත කාක්ෂික සංඛ්‍යාවක් අන්තර්ගතය.
s – 1
p – 3
d – 5
f – 7
- ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන කවචයක ඇති මුලු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n2 වේ.
පහත සබැදුමෙහි පරමාණුක වර්ණාවලි කිහිපයක ප්‍රායෝගික දර්ශන අන්තර්ගත වේ.(අන්තර්ගතය ඉංග්‍රීසි බසින්),
Results
#1. X කිරණ සොයාගනු ලැබුවේ කවරකු විසින් ද?
#2. තරංග ආයාමය 305nm වන ෆෝටෝන මවුලයක ශක්තිය වනුයේ, (ප්ලාන්ක් නියතය = 6.62 × 10^-34 m^2 kg / s ආලෝකයේ ප්‍රවේගය = 3 × 10^8 ms^-1 )
#3. ලාම්පුවක් දෘෂ්‍ය ආලෝකයේ නිල් කලාපයෙහි (470 nm) තත්පරයට 6.0 J ශක්තියක් නිපදවයි. ෆෝටෝන 1.0 × 10^20 ජනනය කිරීම සදහා ලාම්පුව කොපමණ කාලයක් දැල්විය යුතු ද?
#4. පරමාණු වල ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් සංකල්පය සමග වඩාත් ම කිට්ටුවෙන් සම්බන්ධ වී ඇත්තේ මින් කුමන විද්‍යාඥයා ද?
#5. පහත දි ඇති පරමාණුවලින් කුමක්, එහි වායුමය අවස්ථාවේ දි ඉලෙක්ට්‍රොනයක් ලබා ගත් විට විශාලතම ශක්ති ප්‍රමාණය පිට කරයි ද?