විද්‍යා අංශයජීව විද්‍යාව7.2.3 - ජාන තාක්ෂණයේ භාවිත පිළිබඳ යාවත්කාලීන වෙයි.

7.2.3 – ජාන තාක්ෂණයේ භාවිත පිළිබඳ යාවත්කාලීන වෙයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

GMOs භාවිතය

 

1.ප්‍රවේණිකව විකරණය කළ ජීවියෙකු යනු?

  • ජාන ඉන්ජිනේරු ශිල්ප ක්‍රම මඟින් අතිරේක ලක්ෂණයක් හඳුන්වාදෙනු ලබන කාරකයා
  • වෙනත් විශේෂයක ජාන ඇතුලු කිරීමෙන් ප්‍රවේණිකව ජාන වෙනස් කරන ලද නව ප්‍රභේදයකට අයත් ජීවීන්

 

2.ප්‍රවේණිකව විකරණය කල ආහාර යනු?

  • ප්‍රවේණිකව විකරණය කල ජීවීන් මගින් ලබාගන්නා ආහාර හා සත්ත්ව ආහාර

 

3.ජීවීන් ක්ලෝනිකරණය GMO නිපඳවීමෙන් ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ කෙසේද?

  • ක්ලෝනකරණයේ අරමුණ කිසියම් වැදගත් DNA කොටසක සංඛ්‍යාව වැඩි කර ගැනීම වන අතර එහිදී ඊට සම්බන්ධ DNA අණුව ධාරක සෛලයක් තුල ගුණනය වීමට ඉඩ සලස්වයි.
  • නමුත් GMO නිපදවීමේ අරමුණ ධාරකයාට අතිරේක ලක්ෂණ‍යක් ඇතුලු කිරීමෙන් ප්‍රවේණිකව වෙනස් නව ප්‍රභේදයක ජීවීන් නිර්මාණය කිරීමයි.

 

4.GMO සෑදීමේ ප්‍රධාන පියවර පිළිවෙලින් දක්වන්න.

  1. සුදුසු ජානයක් හඳුනා ගැනීම.
  2. ජානය විසංගමනය හා පිරිසිදු කිරීම.
  3. ක්ලෝනිකරණයෙන් ජානය ප්‍රගුණනය
  4. අදාල ජානය පරීක්ෂණ නල තුල විකරණය
  5. විකරණය කළ ජානය ක්ලෝනිකරණය මඟින් ප්‍රගුණනය
  6. ප්‍රතිග්‍රාහක සෛල තුලට පරිණාමනය
  7. ඇතුලු කරන ලද ප්‍රයෝජනවත් ජානය ප්‍රකාශනය වේ දැයි සොයා බැලීම.
  8. විකරණය කළ ජානය ස්ථායී ලෙස සමෝධානය වීම අධීක්ෂණය
  9. වෙනත් බෝග හා සත්ත්ව ප්‍රභේද වලට නව ගති ලක්ෂණය හඳුන්වා දීමට පිළිමුහුම් කිරීම.

 

5.ජාන තාක්ෂණයේ භාවිත වර්තමානයේදී දක්නට හැකි ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් දක්වන්න

  • කෘෂිකර්මාන්තයේදී
  • වෛද්‍ය ක්ෂේත්‍රයේදී
  • කර්මාන්ත ක්ෂේත්‍රයේදී

 

 

කෘෂිකර්මාන්තයේදී GMO වල භාවිත

6.පිරිමැසුම් දායක තිරසාර කෘෂිකර්මාන්තයක් කරා ළඟාවීම උදෙසා සපුරාලිය යුතු ප්‍රධාන අවශ්‍යතා 2ක් දක්වන්න.

  • වැයවන නිෂ්පාදන පිරිවැය අඩුවීම.
  • වඩා වැඩි භෝග අස්වැන්නක් ලබා ගත හැකි වීම.

 

7.ඉහල අස්වැන්නක් ලබා ගැනීම සඳහා හරිත විප්ලවය මඟින් ලබා දුන් පිලියම් මොනවාද?

  • වැඩි අස්වැන්නක් ලබා දෙන භෝග හඳුන්වා දීම.
  • කෘත්‍රිම පොහොර හඳුන්වා දීම.
  • පලිබෝධනාශක හඳුන්වාදීම.

 

8.ප්‍රවේණිකව විකරණය කරනුයේ තනි ශාක සෛලයක් වුවද එම තනි සෛලයට ශාකයක් පුනර්ජනනයට හැකිවන්නේ ශාක සෛල වල ඇති කිනම් ගති ලක්ණයක් නිසාද?

  • ශාක සෛල වලට පූර්ණ සමූල ජනන විභවයක් ඇති නිසා

 

9.කෘෂිකර්මාන්තයේදී බෝග අස්වැන්න වැඩි කිරීමෙහිලා ජාන තාක්ෂණය මගින් ලද වඩාත් වැදගත් දායකත්වයන් මොනවාද?

  • පලිබෝධ හා රෝග වලට ප්‍රතිරෝධී ශාක නිපදවීම.
  • වල් නාශක වලට ප්‍රතිරෝධී ශාක නිපඳවීම.
  • පාරිසරික ආතතින්ට ප්‍රතිරෝධී ශාක නිපඳවීම.
  • ඉහළ පෝෂක අගයක් සහිත භෝග නිපඳවීම.

උදා:

      • විටමින් A වලින් පොහොසත් රන් සහල් නිපඳවීම.
      • Canola oil තුල ට්‍රයිග්ලිසරයිඩ අන්තර්ගතය වැඩි කිරීම.

 

 

පලිබෝධ වලට ප්‍රතිරෝධී ශාක

10.වර්තමානයේදී පළිබෝධකයින්ට ප්‍රතිරෝධී ශාක නිපදවීමට අදාල ප්‍රෝටීනය ලබා ගනු ලබන ජීවියා නම් කර එම ජීවියා අයත් රාජධානිය දක්වන්න

  • Bacillus thuringiensis
  • බැක්ටීරියා රාජධානිය

 

11.වර්තමානයේදී වඩාත් පුළුල්ව වගා කරන පළිබෝධ ප්‍රතිරෝධී GM ශාක 3ක් නම් කරන්න.

    • කපු
    • බඩ ඉරිගු
    • කැනෝලා

 

Image result for bt crops examples

 

12.Bt විෂ මගින් ප්‍රධාන වශයෙන් විනාශ කරනු ලබන්නේ කුමන ක්ෂේත්‍ර වලට අයත් කෘමි පළිබෝධකයින්ද?

    • ලෙපිඩොප්ටෙරා
    • කොලීයොප්ටෙරා

 

13.Bt විෂ අඩංගු භෝග මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේද? හේතු දක්වන්න.

  • සුදුසුය.
  • Bt toxin මගින් ක්ෂීරපායින්ට බලපෑමක් සිදුවන බව මෙතෙක් සොයාගෙන නොමැති නිසා හා
  • Bt toxin ජෛවවිෂ නිසා ජෛවහායනයට ලක් වීම නිසා

 

14.Bt බඩ ඉරිගු (Bt corn) වැඩි වශයෙන් වගා කරනුයේ කුමන ප්‍රයෝජන සඳහාද?

  • ජෛව ඉන්ධන සඳහා
  • සත්ව ආහාර සඳහා

 

15.Bt භෝග හිතකර කෘමීන් සඳහා සුරක්ෂිතද? හේතු දක්වන්න.

  • සුරක්ෂිත වේ.
  • එම Btවිෂ අඩංගු වනුයේ ශාක පටක තුල බැවින් මරණයට පත් වනුයේ මෙම ශාක පටක හා ඍජුව සම්බන්ධ වන ශාක පළිබෝධකයින් පමණක් වන නිසා

 

16.දිගු කාලීනව මෙම Bt ශාක භාවිත කිරීම ගැටලු සහගත වීමට කරුණු 2ක් ඉදිරිපත් කරන්න.

  • කෘමීන් එකම විෂට දිගුකාලීනව නිරාවරණය වූ විට එම විෂට ප්‍රතිරෝධයක් සහිත කෘමීන් විකසනය වීම
  • Bt බෝග වල පරාග කණිකා වලවිෂ අඩංගු බැවින් ඒවා අදාල වගා ක්ෂේත්‍රයෙන් ඉවතට ව්‍යාප්ත වී අහඹු ලෙස අධිග්‍රහණය වූ භෝග තුලද Bt විෂ අඩංගු වීම නිසා ඉලක්ක නොවන කෘමීන්ටද අනතුරු ඇතිවීමේ විභවයක් පවතී.

 

17.ප්‍රධාන වශයෙන් බඩ ඉරිගු වලට හානි කරන කෘමි පළිබෝධකයින් කවුරුන්ද?

  • බඩ ඉරිගු කරල් පණුවා
  • යුරෝපී බඩ ඉරිගු ගුල්ලා
  • බඩ ඉරිගු මුල් පණුවා
  • කපුගෙඩි පණුවා

 

Image result for bt toxin

 

Image result for bt toxin

 

 

රෝග වලට ප්‍රතිරෝධී ශාක

18.Rings spot වෛරසයට ප්‍රධාන වශයෙන් ගොදුරු වන ශාක ප්‍රභේද මොනවාද?

  • පැපොල් ප්‍රභේද
  • පුහුල් ප්‍රභේද
  • වට්ටක්කා ප්‍රභේද

 

19.ජාන ඉන්ජිනේරු විද්‍යාව මගින් නිපදවූ රෝග වලට ප්‍රතිරෝධී ශාක හා එම අදාල රෝග සඳහා උදාහරණ 2ක් දක්වන්න.

    • Rings spot වෛරස් රෝගය නොසෑදෙන එම වෛරසයට ප්‍රතිරෝධී භෝග ප්‍රභේද නිපඳවීම
      (උදා: පැපොල් ප්‍රභේද, පුහුල් ප්‍රභේද වැනි කුකර්බිට් කුලයේ ශාක)
    • අර්තාපල් පශ්චිම අංගමාරය රෝගයට ප්‍රතිරෝධී භෝග නිපඳවීම
      (උදා: අර්තාපල් ප්‍රභේද)

 

 

කර්මාන්ත වල භාවිත

20.කර්මාන්ත වලදී GMO භාවිතයෙන් අත් වන වාසි මොනවාද?

  • පරිවේෂි උෂ්ණත්ව හා පීඩන වලදී සිදු කළ හැකි වීම.
  • අඩු ශක්ති ඉල්ලුම.
  • පාරිසරික බලපෑම අවම වීම.

 

21.GMO භාවිතයෙන් නිපදවූ ප්‍රථමයෙන් අනුමත කළ එන්සයිමය කුමක්ද?

  • කයිමොසීන් (රෙනින්/රෙනට් )

 

22.GMO වලින් නිපදවන එන්සයිම වර්ග මොනවාද?

  • කයිමොසීන් – විකරණය කළ යීස්ට් මගින් නිපදවන කිරි කැටි ගැසීමට භාවිතා කරන එන්සයිමයකි.
  • ඇමයිලෝමෝල්ටේස් – විකරණය කළ Bacillus sp මගින් නිපදවයි.

 

23.GM E.coli මගින් නිපදවන පැණිරසකාරකයක්‌ නම් කරන්න.

  • Aspartame

 

 

වල් නාශක වලට ප්‍රතිරෝධී ශාක.

24.සුපිරි වල් පැළෑටි යනු මොනවාද?

  • එකම වල් නාශකය නැවත නැවත භාවිතා වූ විට, එම විශේෂ වල් නාශකයට ප්‍රතිරෝධී බව වර්ධනය වූ වල් පැළෑටි සුපිරි වල් පැළෑටි ලෙස හැඳින්වේ.

 

25.ක්ෂේත්‍රය තුළ වල් නාශක වලට ඔරොත්තු දෙන භෝග (HTCs) සකස් කරනු ලැබීම වාසි සහගත වනුයේ ඇයි?

  • ඉසින ලද වල් නාශකයට භෝගය ප්‍රතිරෝධී වූ විට භෝගයට හානියකින් තොරව සියලු වල් පැළෑටි නැසීමට හැකියාව ඇත.
  • ගොවීන්ට වල් පැළෑටි ගැටලුවක් බවට පත් වේදැයි බලා සිටිය හැකි බැවින් වල් නාශක අවශ්‍ය නම් පමණක් භාවිතා කළ හැක.මෙය වල් නාශක භාවිතය අඩු කරයි.

 

26.එක් වල් නාශකයකට ප්‍රතිරෝධීතාවයක් සහිත භෝගයක්, එම වල් නාශකයටම ප්‍රතිරෝධීතාව සහිත GM භෝගයකට පසුව වගා කළහොත්, එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද?

  • මුල් භෝගයෙන් ඉතිරි වූ බීජ ප්‍රරෝහණය වී වල් පැළෑටි බවට පත් වන අතර, ඒවා එම වල් නාශකයෙන් මර්දනය කළ නොහැක.

 

27.ඉහත ගැටලුව මගහරවා ගැනීමට ගත හැකි පිළියමක් යෝජනා කරන්න.

  • වෙනස් වල් නාශක දරාගත හැකි භෝග සමඟ භෝග මාරුව අත් හදා බැලීම.

 

28.වල් නාශක වලට ඔරොත්තු දෙන ජනප්‍රිය භෝග වර්ග සඳහා උදාහරණ දෙන්න.

  • “Roundup Ready ” භෝග

  • “Liberty link”
  • “In Vigor”

 

29.”Roundup Ready “හෝග කිනම් වල් නාශකයට ප්‍රතිරෝධී ලෙස සකසා තිබේද?

  • ග්ලයිපොසේට්

Image result for genetically modified roundup ready soybean

 

30.”Roundup Ready “භෝග කිහිපයකට උදාහරණ ලබා දෙන්න.

  • බඩ ඉරිඟු, කපු, කැනෝලා, සෝයා බෝංචි, බීට් රූට්, තිරිඟු

 

31.”Liberty link” හා “In Vigor” යන හෝග කිනම් වල් නාශකයට ප්‍රතිරෝධී ලෙස සකසා තිබේද?

  • ග්ලුෆොසිනේට්

 

32.ග්ලුෆොසිනේට් වලට ප්‍රතිරෝධී භෝග සඳහා උදාහරණ ලබා දෙන්න.

  • කපු, බඩ ඉරිඟු , කැනෝලා ,සෝයා ,බීට් ,වී

 

33.බ්‍රොමොක්සිනෝල්වලට ඔරොත්තු දීමට විකරණය කළ කපු කිනම් නමකින් හැඳින්වේද?

  • BXN කපු

 

 

වෙනත් වැදගත් ලක්ෂණ සහිත GM ශාක.

34.මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවලට අනුව කැනෝලා, අර්තාපල්, සෝයා බෝංචි හා තක්කාලි යන භෝග වල නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය වැඩි කර ඇත්තේ කෙසේදැයි පැහදිලි කරන්න..

  • ට්‍රයිග්ලිසරයිඩ් සංඝටකය වැඩි කළ සහ ජීරණය කළ නොහැකි ශාක ෆයිටේට් බිඳ හෙලා පොස්ෆරස් නිදහස් කරන ෆයිටේස් එන්සයිමය වැඩි කරන ලද GM කැනෝලා ප්‍රභේද හඳුන්වා දීම.
  • අඩු ඇමයිලෝස් සහ වැඩි ඇමයිලොපෙක්ටීන් අන්තර්ගතයක් සහිත GM අර්තාපල්.
  • බීජ තුළ වැඩි කළ ඔලෙයික් අම්ල අන්තර්ගතයක් ඇති සෝයා බෝංචි.
  • රසය වැඩි කිරීම සඳහා ඵල ඉදීම ප්‍රමාද කළ සහ මෘදු වීමේ සීඝ්‍රතාවය අඩු කළ GM තක්කාලි

 

Image result for gm tomato

 

35.රසය වැඩි කිරීම සඳහා ඵල ඉදීම ප්‍රමාද කළ සහ මෘදු වීමේ සීඝ්‍රතාවය අඩු කළ GM තක්කාලි නිෂ්පාදනය සඳහා ජාන ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන ඇත්තේ කෙසේද?

  • ජානයේ ප්‍රභවය තක්කාලි ම වන අතර ප්‍රාරම්භකයේ (promoter) දිශානතිය වෙනස් කිරීම මඟින් ජානයේ කොටසක් ප්‍රතිවර්තීය දිශාවකට පිටපත් කර ඇත.

 

Image result for reverse PG gene in tomato

 

36.වැඩි කළ ප්‍රෝවිටමින් A මට්ටම් සහිත රන් සහල් නිෂ්පාදිත සඳහා කහ වර්ණකය ලබා ගැනෙනුයේ කුමන ජීවියෙක්ගෙන්ද?

    • ශාක ව්‍යාධිජනක බැක්ටීරියාවක් වන Pantoea ananatis ගෙන්.

Image result for diagram how is golden rice made

 

37.පාරිසරික ආතති දරා ගැනීමට ප්‍රවේණිකව විකරණය කළ හැකි ශාක අතුරින්, වාණිජකරණයට ලක් කර ඇති ප්‍රභේද මොනවාද?

  • බඩ ඉරිඟු
  • සෝයා බෝංචි

 

 

 

 

 

වෛද්‍ය විද්‍යාවේ භාවිත.

38.වෛද්‍ය ක්ෂේත්‍රයේදී ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන්ගේ භාවිත සඳහා උදාහරණ සපයන්න

1.මානව ඉන්සියුලින් හා වෙනත් චිකිත්සක නිපදවීමට.

    • ප්‍රවේණිකව හැසිරවූ E.coli භාවිතයෙන් මානව ඉන්සියුලින් නිපඳවීම.
    • යීස්ට් තුළ නිපදවන ප්‍රතිසංයෝජිත එන්නතක් ලෙස හෙපටයිටීස් B නිපඳවීම.
    • ආහාරයට ගත හැකි එන්නත්. (දැනට පරීක්ෂා මට්ටමේ පවතින සංකල්පයකි.)

Image result for human insulin production

2.පටක ප්ලස්මිනෝජන් සක්‍රියකය (tPA) හෘදයාබාධ වලට හා ආඝාත රෝගයට ප්‍රතිකාර කිරීමට යොදා ගැනීම.

3.ජාන චිකිත්සාව/ මානව ජාන හුවමාරුව.

4.GM කෘමීන්, කෘමි වාහකයන් නිසා සෑදෙන රෝග පාලනයට යොදා ගැනීම.

    • මැලේරියා පරපෝෂිතයන්ට තම ආහාර මාර්ගයට ඇතුළු වීමට ඉඩ නොදෙන සේ GM මදුරුවන් හැසිරවීම.
    • පුරුෂ වන්ධ්‍ය ජානය දරන GM පිරිමි වඳ කෘමීන් සමූහ සැකසීම හෙවත් “වඳ කෘමි තාක්ෂණය” හඳුන්වා දීම.

Image result for malaria genetically modified mosquitoes

5.සෛල රෝපණ තුළ වගා කරනු ලබන GM ක්ෂීරපායි සෛල මගින් නිස්සාරණය කරන VIII සාධකය හිමෝෆීලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගැනීම.

Image result for GM himophilia

 

39.සුරක්ෂිත ඖෂධ යනු මොනවාද?

  • GMO භාවිතයෙන්, අඩු පිරිවැයකින් මහා පරිමාණව නිෂ්පාදනය කල හැකි, ලාභදායී ඖෂධ.

 

40.සත්ත්වයන්ගෙන් නිස්සාරණය කරගත් ඉන්සියුලින් දියවැඩියා රෝගීන්ට ලබා දීමේදී මතුවූ අර්බුදකාරී තත්ත්ව මොනවාද?

  • ඉන්සියුලින් නිස්සාරණයට ඇති ප්‍රභවයේ සීමිත ප්‍රමාණය නිසා නිෂ්පාදන පිරිවැය ඉතා වැඩි විය.
  • සත්ත්වයන්ගෙන් නිස්සාරණය කරගත් ඉන්සියුලින් දියවැඩියා රෝගීන්ට විවිධ අතුරු බලපෑම් ඇති කරන ලදී.
  • එකී ඉන්සියුලින් මානව ඉන්සියුලින් වලට සමාන නොවන බැවින් ඒවායේ ඵලදායීතාව අඩු විය.

 

41.අහාරයට ගත හැකි එන්නත් සංකල්පය සාර්ථක වුවහොත් එමගින් අත්වන වාසි සඳහන් කරන්න.

  • අඩු පිරිවැයකින් සුරක්ෂිත එන්නතක් නිපදවීය හැකි වීම.
  • එන්නත් ලබාදීම වේදනා රහිත වීම.
  • ගබඩා කිරීම ප්‍රධාන ගැටලුවක් නොවන බැවින් ලෝකයේ ඌන සංවර්ධිත ප්‍රදේශ සඳහා විශේෂයෙන් වැදගත් වීම.

 

Image result for GMO medicine for human

GM chickens lay eggs rich with cancer-killing proteins

 

 

 

 

සෞඛ්‍ය ගැටලු

42.GMO භාවිතය නිසා පැන නැගී ඇති සෞඛ්‍ය ගැටලු මොනවාද?

  • මීයන් වැනි සතුන් සහභාගී කරගත් ඇතැම් පරීක්ෂණවලදී ඇතැම් සෞඛ්‍ය ගම්‍යාර්ථ පෙන්වා දීම. එහිදී ආමාශය, අක්මාව, වෘක්ක වැනි පටකවලට හානි වීම් මෙන්ම මරණද වාර්තා වීම.
  • GM ආහාර පරිභෝජනය හෝ GM භෝගවල පරාග ආශ්වාස කිරීම නිසා ආසාත්මිකතා වර්ධනය වීම.
  • ආගන්තුක DNA ධාරක සෛල තුල ඒකරාශී වීම නිසා විකෘති ඇති වීමෙන් සමහර ආසත්මිකාරක, විෂ හෝ පිළිකා ජනක ඒවා විය හැකිය.
  • සලකුණු ජාන ලෙස භාවිත වන ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන වල තිරස් ජාන හුවමාරුව සිදු විය හැකි වීම.

 

Image result for gmo health problems

 

 

පාරිසරික ගැටලු

43.GMO භාවිතය නිසා ඇති විය හැකි පාරිසරික ගැටලු මොනවාද?

  • කෘමීන්ට ඔරොත්තු දෙන GM භෝග වල විෂ ද්‍රව්‍ය අහම්බෙන් අධිග්‍රහණය වීම නිසා ඉලක්ක නොවන කෘමින්ටද හානිකර වීම.
  • උදා:- GM බෝගයකින් ලබා ගත් පරාග ඇතිල්ලූ Milk weed පත්‍ර ආහාරයට ගත් මොනාක්‌ සමනලයාගේ කීටයන් මිය ගිය බව පෙන්වා දී ඇත.
  • පරපරාගනය මගින් ආගන්තුක ජාන එම භෝගයේම GM නොවන ප්‍රභේදවලට හෝ එහි වල් දර්ශ වලට මාරු විය හැකි නිසා කාබනික හෝ GMO නොවන ගොවිතැන දුෂණය වීමට හැකි වීම.
  • Bt ජාන, වල් දර්ශ ශාක වෙත හුවමාරු වූ විට එම වල් ශාක මත යැපෙන කෘමින් මිය යෑමද පාරිසරික ගැටලුවකි.
  • වල්නාශක ප්‍රතිරෝධී ජාන වල් පැලෑටිවලට හුවමාරු වූ විට ඒවා එම වල් නාශකය භාවිත කර පාලනය කළ නොහැකි සුපිරිවල් පැලෑටි බවට පත් වීම.
  • ජාන දුෂණය (ස්වභාවිකව වැඩෙනශාක තුල ආගන්තුක ජාන පැතිර යෑම)
  • GM බෝග ගොවින් මෙන්ම පාරිභෝගිකයන්ද පිළිගනු ලැබූ විට GM බෝග ප්‍රමුඛත්වයට පත් වීම නිසා බෝග විවිධත්වය අඩු වීම නිසා පරිසරික බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම.
  • බෝග විවිධත්වය අඩු වීම, බෝග ජාන සංචිතයෙන් ජාන ඉවත් වීමට දායක වීම.

 

44.සුපිරි වල් පැලෑටි විකසනය මග හරවා ගත හැකි ක්‍රමයක් සදහන් කරන්න.

  • වෙනස් වල් නාශක වලට ඔරොත්තු දෙන ලෙස බෝග මාරුවෙන් මාරුවට වගා කිරීම.

 

Image result for gmo environment problems

 

Image result for glyphosinate

 

 

සමාජ ආර්ථික ගැටලු

45.GMO භාවිතයෙන් ඇති විය හැකි සමාජ ආර්ථික ගැටලු මොනවාද?

  • ජෛව කොල්ලය – ඉහළ ජෛව විවිධත්වයක් ඇති ප්‍රදේශ හෝ රටවල ජෛව සම්පත් හා සම්ප්‍රදායික දැනුම, ඒ රටවල් මගින් බලය පැවරීමකින් තොරව ජෛව තාක්ෂණ සමාගම් මගින් රැගෙන යාම.
  • GM බෝග වල අයිතිය පේටන්ට් බලපත්‍රලාභීන් හිමිකර ගෙන විශාල මුදල් වලට එම බීජ විකිණීම නිසා දුප්පත් ගොවින්ට බීජ මිලට ගැනීමට වත්කමක් නොමැති වීමෙන් දුප්පත් පෝසත් ගොවින් අතර පරතරය පුළුල් වීම.
  • වෙළදපොලේ GM නොවන ලෙස ලේබල් කර ඇති නිෂ්පාදනද බොහෝ විට GM වලින් දුෂණය වී තිබීම.
  • ස්වභාවයේ පවතින ජාන අඩංගු බෝග සහ ජෛව විද්‍යාත්මක සම්පත් සඳහා පේටන්ට් නිකුත් කිරීම සදාචාරාත්මකව නිවැරදිද යන්න ගැටලුවකි.

 

 

කාටජිනා ගිවිසුම

46.කාටජිනා ගිවිසුමේ අරමුණ කුමක්ද?

  • නූතන ජෛව තාක්ෂණයේ ප්‍රතිඵල ලෙස නිපදවු,
  • ප්‍රවේණිකව විකරණය කළ ජීවීන් (GMO) හෝ සජීවී විකරණය කළ ජීවීන්ගෙන් (LMO) විය හැකි,
  • විභව අවදානමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම.

 

47.ජෛව විවිධත්ව සම්මුතිය මගින් ජෛව තාක්ෂණය අර්ථ දක්වන්නේ කෙසේද?

  • ජෛව විද්‍යාත්මක පද්ධති, සජීවී ජීවීන් හෝ ඔවුන්ගේ ව්‍යුත්පන්න භාවිතා කරමින්,
  • විශේෂිත ප්‍රයෝජන සඳහා නිපැයුම් හෝ ක්‍රියාවලි,
  • සෑදීම හෝ විකරණය කරන ඕනෑම තාක්ෂණයකි.

 

48.කාටජිනා ගිවිසුම මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සිදු කෙරෙන්නේ මොනවාද?

  • නව ජෛව තාක්ෂණ නිපැයුම් වල දී පරිසරයට හෝ මානව සෞඛ්‍යයට බලපාන ඕනෑම විය හැකි විභව අවදානමක් මඟහරවා ගැනීමට දැඩි පාලන පියවර අනුගමනය කිරීම.
  • දේශ සීමා හරහා පරිවහනයට, සංක්‍රමණයට, පරිහරණයට, ජෛව විවිධත්ව සංරක්ෂණයට හා තිරසර භාවිතය මත හානිකර බලපෑම් ඇති කළ හැකි LMOs භාවිතය පාලනය.
  • සංවර්ධනය වන ජාතීන්ට ආර්ථික වාසි වලට එරෙහිව මහජන සෞඛ්‍යය තුලනය කිරීමට ඉඩ සැලසීම.
  • LMO ආනයනය හෝ අපනයනය කිරීමේදී ක්‍රමානුකූල නීති පද්ධතියකට යටත් විය යුතුය.
  • Bio safety clearing house (BCH) ස්ථාපනය කිරීම මගින් ගිවිසුම ක්‍රියාවට නංවන පාර්ශව වලට විද්‍යාත්මක, තාක්ෂණික, පාරිසරික, නෛතික තොරතුරු හුවමාරු කිරීම මගින් සහය වීම.

 

49.LMOs නැව් ගත කිරීමේදී ඒ සමඟ තිබිය යුතු ලේඛනයේ අඩංගු කළයුතු වැදගත් තොරතුරු මොනවාද?

  • LMO පිළිබඳ හඳුන්වා දීම.
  • ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු ලබා ගැනීමට සම්බන්ධ විය යුත්තේ කවුරුන් සමගද යන්න.
  • ඒවා ආරක්ෂිත ආකාරයට පරිහරණය කරන්නේ කෙසේද යන්න.

 

50.කාටජිනා ගිවිසුමට අදාළ ක්‍රියාකාරීත්වයක් සම්බන්ධීකරණය සඳහා වගකිව යුතු ආයතන ලෙස ශ්‍රී ලංකාවේ නම් කර ඇත්තේ කුමන ආයතනයද?

  • පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය.

 

 

ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව.

51.ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව කෙටුම්පත් කර සම්පූර්ණ කරන ලද්දේ කුමන ආයතනයක් විසින්ද?

  • පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය/ මහවැලි සංවර්ධන හා පරිසර සම්පත් අමාත්‍යංශය.

 

52.ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුවේ අරමුණ කුමක්ද?

  • නූතන ජෛව තාක්ෂණය හා එහි නිපැයුම් හේතුවෙන් විය හැකි අවදානම් අවම කිරීම තහවුරු කිරීම.

 

53.ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව මඟින් ජෛව විවිධත්ව සංරක්ෂණයට අදාළව සිදු කරන්නේ මොනවාද?

  • ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාටජිනා ගිවිසුමට අනුකූලව පෙර පරිස්සම් වීමේ ප්‍රවේශය මත පදනම් වීම.
  • දේශ සීමා හරහා පරිවහනය නියාමනය කිරීම.
  • නීතිරීති, තාක්ෂණික මඟ පෙන්වීමේ නිර්ණායක කළමණාකරණ මණ්ඩල ස්ථාපනය හා අධීක්ෂණ යාන්ත්‍රණ මඟින් ජෛව විවිධත්වය, මානව සෞඛ්‍ය හා පරිසරය උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරීම.

 

54.ශ්‍රී ලංකාවේ ජෛව සුරක්ෂිතතා රාමුව මඟින් ප්‍රකාශිත ප්‍රතිපත්ති 2 මොනවාද?

  • ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය.
  • ජෛව සම්පත් සඳහා ප්‍රවේශය, තිරසර භාවිතය හා ප්‍රතිලාභ බෙදාගැනිම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය.

 

55.ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තියේ අරමුණ කුමක්ද?

  • ජෛව තාක්ෂණයෙන් උපරිම යහපත අත්කර ගැනීමත්,
  • මානව සෞඛ්‍යයට හා පරිසරයට ඇති විය හැකි අනතුරු අවම කරමින් ප්‍රමාණවත් ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කිරීම.

 

56.ජෛව සම්පත් සඳහා ප්‍රවේශය, තිරසර භාවිතය හා ප්‍රතිලාභ බෙදාගැනිම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ අරමුණ කුමක්ද?

  • ජෛව සම්පත් සංරක්ෂණය හා තිරසර භාවිතය,
  • ඒවායේ ප්‍රතිලාභ සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතුව භුක්ති විඳීම.

 

57.ඉහත ප්‍රතිපත්ති නෛතිකව පනවා තිබේ ද?

  • නැත.

 

58.මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය 2022 වන විට ජෛව සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

  • ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම.
  • ජෛව සුරක්ෂිතතා ප්‍රධාන සැලසුම ක්‍රියාත්මක කිරීම හා ජෛව සුරක්ෂිතතාව නීති සම්පාදනය කිරීම.
  • නව තාක්ෂණය සඳහා අනතුරු තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
  • අනතුරු තක්සේරු කිරීම සඳහා ඇති ඉඩ ප්‍රමාණය ශක්තිමත් කිරීම.
  • දේශීය ජෛව විවිධත්වය හා දේශීය භෝග GMO වලින් දූෂණය වීමෙන් ආරක්ෂා වීමට නෛතික උපකරණ දියුණු කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • ජෛව සුරක්ෂිතතාව පිළිබඳ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ධාරිතාව වැඩි කිරීම.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet