විද්‍යා අංශයජීව විද්‍යාව5.4.1 - ප්‍රතිශක්ති ආකාර පිළිබද විමසීම. (II කොටස)

5.4.1 – ප්‍රතිශක්ති ආකාර පිළිබද විමසීම. (II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

පරිචිත ප්‍රතිශක්තිය/ අනුවර්තී ප්‍රතිශක්තිය

 

1.පරිචිත ප්‍රතිශක්තිය යනු කුමක්ද?

  • දේහයේ ඇති විවිධ T හා B වසා සෛල සතු විශිෂ්ට ආරක්ෂණ ප්‍රතිචාර යොදා ගනිමින් ආක්‍රමණික ආගන්තුක කාරකවලින් (ව්‍යාධිජනක වැනි ) දේහය ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාවයි.

 

2.සත්ත්ව රාජධානියේ පරිචිත ප්‍රතිශක්ති හැකියාව ඇත්තේ කාහටද?

  • පෘෂ්ඨවංශීන්ටය.

 

3.පරිචිත ප්‍රතිශක්තියේ ලක්ෂණ මොනවාද?

  1. විවිධ ආගන්තුක අණු වලට ඇති විශිෂ්ටතාවය
  2. සත්ත්වයෙකුට තමාගේම අණුවලින්, තමාගේ නොවන අණු වර්ග වෙන් කර හඳුනා ගැනීම
  3. කලින් වතාවකදී මුණ ගැසුණු ව්‍යාධිජනකයන් පසුව සිදුවන මුණගැසීමකදී ප්‍රබල සහ වඩා වේගවත් ප්‍රතිචාර දැක්වීමට හැකි මතකය (ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකය )

 

4.T හා B වසා සෛල යනු මොනවාද?

  • ආගන්තුක කාරක වලට එරෙහිව සක්‍රිය වූ විට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇති සෛල වේ.

 

5.ඒවායේ සමානකමක් හා වෙනස්කමක් සඳහන් කරන්න.

  • සමානකම – ඇටමිදුළුවල ඇති මූලික සෛල වලින් සම්භවය වේ.

  • වෙනස්කම් – T සෛල පරිණතිය සඳහා තයිමසයට සංක්‍රමණය වේ.B වසා සෛල මූලික සෛල තුළදීම පරිණතිය සම්පූර්ණ කර ගනී.

Differential Diagnosis High Res Stock Images | Shutterstock

 

6.ප්‍රතිදේහජනක යනු මොනවාද?ඒවාට නිදසුන් මොනවාද?

  • T වසා සෛල හා B වසා සෛල හරහා ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් උත්තේජනය කිරීමේ හැකියාව ඇති සහ උත්තේජිත ප්‍රතිචාරයේ ප්‍රතිඵලය ලෙස සෑදෙන විශිෂ්ට සෛල හෝ ප්‍රතිදේහ සමඟ ප්‍රතික්‍රියා කළ හැකි ද්‍රව්‍ය වේ.
    • නිදසුන් –
      1. වෛරසවල ප්‍රෝටීන,
      2. බැක්ටීරියා ධූලක,
      3. බැක්ටීරියා සෛලබිත්ති,
      4. කශිකා වැනි ව්‍යුහ වල රසායනික සංඝටක,
      5. නොගැළපෙන රුධිර සෛල,
      6. බද්ධ කරන ලද පටක කොටස්

 

7.ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහකයක් යනු කුමක්ද?

  • T හා B වසා සෛල ද්විතීක වසා පටක වෙත ළඟා වීමට පෙර ඒවායේ ප්ලාස්ම පටලයේ ඇතිවන විශිෂ්ට ආගන්තුක ආක්‍රමණ හඳුනා ගත හැකි විවිධ වූ විශිෂ්ට ප්‍රෝටීනමය ප්‍රතිග්‍රාහක අණු වේ.

 

 

8.එපිටෝපයක් යනු කුමක්ද?

  • B සෛල සතුව ඇති විශිෂ්ට ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහකයකට සම්බන්ධ වන, ප්‍රතිදේහජනකයේ ඇති කුඩා ළඟා විය හැකි ප්‍රදේශයකි.

 

9.පරිචිත පද්ධතියේදී T හා B සෛල මඟින් සිදු කරන ප්‍රතිශක්ති ප්‍රතිචාර ආකාර මොනවාද?

  1. සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර
  2. දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර

 

10.සෛල විෂ T සෛල අර්ථ දක්වන්න.

  • විශිෂ්ටව සංවේදී වූ T වසා සෛල,
  • ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වී,
  • ප්‍රගුණනය වී සාදන T වසා සෛල ක්ලෝනයෙන්,
  • දුහිතෘ සෛල කොටසක් කෙටි ජීවිත කාලයක් ඇති සෛල බවට,
  • විභේදනය වේ.
  • ප්‍රතිදේහ ජනකයේ සෛල සෘජුවම මරාදමයි.

 

11.සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර වැදගත් වන්නේ,

  1. ආසාදිත සෛල
  2. පිළිකා සෛල හා
  3. බද්ධ ආගන්තුක සෛල වලට එරෙහිවයි.

 

 

12.දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරවල වැදගත්කම දක්වන්න.

  • රුධිරය හා වසා තුල සිටින විශිෂ්ට ධූලක හා ව්‍යාධිජනකයන් අක්‍රීය කිරීම හා උදාසීන කරයි.

 

13.දේහ තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරවලදී ප්‍රතිඵල වන සෛල/අණු මොනවාද?

  • ප්ලාස්ම සෛල හා ප්‍රතිදේහ
  • B මතක සෛල

Memory Cell Images, Stock Photos & Vectors | Shutterstock

 

 

14.ප්‍රතිදේහ යනු කුමක්ද?

  1. විභේදනය වූ වසා සෛල වන ප්ලාස්ම සෛල මගින්,
  2. විශිෂ්ට ප්‍රතිදේහ ජනකයට එරෙහිව ස්‍රාවය කරන,
  3. ප්‍රෝටීන වන අතර,
  4. ප්‍රතිදේහ ජනකයට සම්බන්ධවී ඒවා උදාසින කිරීම, විනාශ කිරීම හෝ නිශේධනය කිරීම.

 

 

15.ප්‍රතිදේහ B වසා සෛලවල ඇති ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක මෙන් හැඩයට සමාන ව්‍යුහයක් පැවතියද ඒවායේ වෙනස්කම දක්වන්න.

  • පටලයට බැදී තිබෙනවාට වඩා ස්‍රාවී වේ.

 

 

16.පරිචිත ප්‍රතිශක්තියේදී T හා B වසා සෛල වල කාර්යභාරය නම් කරන්න.

  1. ප්‍රතිදේහ ජනකය හදුනා ගැනීම ,ඒ සමග සම්බන්ධ වීම හා සංවේදී වීම.
  2. කාරක සෛල බවට ගුණනය හා විභේදනය.
  3. ආක්‍රමණිකයන් ඉවත් කිරිම.
  4. ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකය සැපයීම.

 

17.ප්‍රතිදේහ ජනක ඉදිරිපත් කරන සෛල වල කෘත්‍ය කුමක්ද?

  • T වසා සෛල වලට හදුනාගැනීමට ප්‍රතිදේහ ජනකීය කුඩා ප්‍රෝටීන කැබලි T වසා සෛලවලට ඉදිරිපත් කිරීම.

 

18.ආධාරක T වසා සෛලවල වැදගත්කම දක්වන්න.

  1. ආධාරක T වසා සෛලවලින් ලැබෙන සංඥා මගින් ආසාදිත සෛල විනාශ කිරීමට සයිටොටොක්සික් T සෛල සක්‍රිය කිරීම.
  2. B වසා සෛලවලින් ප්‍රතිදේහ නිපදවිම ආරම්භ කිරීම සක්‍රීය කිරීම.

 

 

19.T වසා සෛල කාරක ආකාර මොනවාද?

  1. සයිටොටොක්සික් T සෛල
  2. ආධාරක සෛල

 

Memory Cell Images, Stock Photos & Vectors | Shutterstock

 

20.සයිටොටොක්සික් T සෛල ආක්‍රමණිකයන් ඉවත් කරන්නේ කෙසේද?

  • ධූලක ප්‍රෝටීන භාවිතා කර ව්‍යාධිජනකයන් මගින් ආසාදිත සෛල මරා දමයි.

 

210 Plasma Cell Stock Photos, Pictures & Royalty-Free Images - iStock

 

21.B වසා සෛල කාරක ආකාරය කුමක්ද?

  • ප්ලාස්ම සෛල

 

210 Plasma Cell Stock Photos, Pictures & Royalty-Free Images - iStock

 

22.මතක සෛල වල වැදගත්කම දක්වන්න.

  • එකම ප්‍රතිදේහජනකය ජීවිතයේ පසු කලක හමු වූ විට ප්‍රබල හා වඩා වේගවත් ප්‍රතිචාර දැක්වීම.

 

 

Adaptive immunity antigen recognition Y Y Y Y Y Y Y Y Y invading - ppt  download

 

T-cell. Activation and lysis of the leukocytes. - Stock Illustration  [43395029] - PIXTA

https://www.msdmanuals.com/professional/multimedia/video/v14003896

 

 

Differences between active and passive immunity - Online Science Notes

 

23.සක්‍රීය ප්‍රතිශක්තිය අර්ථ දක්වන්න

  • ව්‍යාධිජනකයෙකුට එරෙහිව දේහය තුළ ක්‍රියා කරන T හා B වසා සෛලත්,
  • ඉන් ප්‍රතිඵල වන යම් ව්‍යාධිජනකයෙකුට විශිෂ්ට T හා B මතක සෛලත් මගින් හට ගන්නා,
  • දිගු කල් පවත්නා ප්‍රතිශක්තිය යි.
  • ස්වභාවිකව සිදුවන ව්‍යාධිජනක ආසාදනයකදීත් , කෘතීම ප්‍රතිශක්තිකරණයේදීත් විකසනය ‍වේ.

 

24.ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය අර්ථ දක්වන්න.

  • ව්‍යාධිජනකයන්ගේ ස්වභාවික ආසාදන වලට ප්‍රතිචාර ලෙස,
  • විවිධ රෝග වලට එරෙහිව විකසනය වන,
  • දිගු කල් පවත්නා ප්‍රතිශක්තිය යි.

 

25.කෘතීම සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය සදහා උදාහරණ ලියන්න.

  • මිනිස් ක්ෂය රෝගයට එරෙහිව භාවිත කරන BCG එන්නත

 

26.අක්‍රිය ප්‍රතිශක්තිය පවතින්නේ කුමන කාල සීමාව තුලද ?

  • සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා

 

27.අක්‍රිය ප්‍රතිශක්ති අකාර දෙක සදහන් කරන්න

  • ස්වභාවික අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය
  • කෘතීම අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය

 

28.මවගෙන් දරුවට අක්‍රිය ප්‍රතිශක්තිය හුවමාරු වන්නේ කෙසේද ?

  • මවගේ රුධිරයෙන් භ්‍රෑණ රුධිරය
  • මව් කිරි ලබාදීමේදී කොලෙස්ට්‍රම් හා මව් කිරි

 

29.කෘතීම අක්‍රිය ප්‍රතිශක්තිය යොදා ගන්නා අවස්ථා සදහන් කරන්න.

  • පිටගැස්ම වල උග්‍ර තත්ව සදහා
  • සර්ප දෂ්ට කිරීම් වලදී

 

30.අසාත්මිකාරක සදහා උදාහරණ සදහන් කරන්න.

  • පරාග
  • දුවිලි
  • සමහර ආහාර
  • සමහර ප්‍රතිජීවක
  • මී මැස්සන්ගේ හා බඹරුන්ගේ විෂ

 

31.ආසාත්මික රෝග ලක්ෂණ සදහන් කරන්න.

  • කිවිසුම් යෑම.
  • නාසයෙන් දියර ගැලීම.
  • ඇස්වලින් කදුළු ගැලීම.
  • ශ්වසන අපහසුතා

 

32.ස්වයංප්‍රතිශක්ති රෝග සදහා උදාහරණ දෙන්න

  1. මදුමේහතාව 1 
  2. බහු ජාරඨ්‍යතාව
  3. රුමැටික් ආතරයිටිස්

 

33.ස්වයං ප්‍රතිශක්ති රෝග සදහා හේතු මොනවද ?

  • ප්‍රවේණි සාධක
  • ස්ත්‍රී/ පුරුෂ බව
  • හදුනා නොගත් පාරිසරික උත්ප්‍රේරක

 

34.ප්‍රතිශක්ති ඌනතා රෝගයක් නම් කරන්න.

  • AIDS

 

 

 

 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom